මම ගොඩක් කාලෙකට කලින් කියෙව්වා අපේ තාත්තාගෙ පොතක්....ඒ පොත දැන් කියවන්න ආසයි ඒත් හොයාගන්නත් නෑ නම මතකත් නෑ...අංගංපොර ගැන තිබුනෙ මම මාරම ආසාවෙන් කියෙව්වා.... ලංකාවෙ හිටපු අංගංපොර වැඩෙඩෙක් ගැන ලෙව්කේ දිසාව කියලා....ඒකාලෙ මිනිහා කරපු වැඩ ඇහුවම හිතාගන්න බෑ....එකක් තිබුනා වැඩකාරයොන්ගෙ ස්කිල් එක මනින තරඟෙකින් මෑන් දිනපු ගේම් ටිකක්.....මුලින් අඩි 4-5ක් දිග ඇතෙක්ගෙ දලයක් අරගන උල තියන පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙ කොනෙන් හිල් 4ක් විදිනවා....විදලා යකඩ කූරු 2ක් හරහට දාල පොලොවෙ වලලනවා උල උඩට හිටින්න....වලලපු තැන අලි දාල පාගවනව...පස්සෙ උල තියන තැන උලෙන් අඟලක් විතරක් උඩට එන්න හාරනවා....ඒකෙ තෙල් ගාල තියෙන්නෙ....වැඩ්ඩට තියෙන්නෙ තනි අතේ ඇඟිලි දෙකකින් ඇදල දලේ උඩට අදින්න....ලෙව්කේ දිසාව විතරලු ඒක කරන්න පුලුවන් එකම වැඩ්ඩා....මිනිහා කඩුවෙන් කොච්චර වැඩ දානවද කියනවනම් කඩුව කරකන ස්පීඩ් එක පේන්නෙ නැතිලු....මිනිස්සු වට කරලා ඒකෙ මැද්දට ගිහින් කඩුවෙ තලේ පුරා සුඩු හුනු ගාල කඩුවෙන් වැඩ ටික දානවලු අන්තිමට බලනකොට වටේ ඉන්න හැම එකාගෙම බෙල්ලෙ හුනුලු....ලංදේසි කාරයි ලන්කාව ආක්රමනය කරල ඉන්න කාලෙ රෑට හොරෙන් එක පාරක් උන්ගෙ කෑම්ප් එකකට ගිහිල්ල ඇතුලෙ තිබුන තල් ගහක් උඩ ඉඳන් කපල ආවලු 4 තැනකින් වෙන් වෙන්නම ගහ වැටෙන්නෙ නැතිවෙන්න....උදේ උන් නැගිටල බලනකොටලු මීටර් වෙලාතියෙන්නෙ ගහ වෙන් වෙලා තියෙන්නෙ කියලා...ඊට පස්සෙ උන් එතනින් කෑම්ප් එක ගලවගන ගියාලු.....
මම දන්නෙ නෑ මේව බොරුද ඇත්තද කියල...ඒත් අපි පුරුදු වෙලා ඉන්නෙ ඇහැට දකින්නෙ නැති හැමදේම බොරු කියලා හිතන්නනෙ....ඉන්දියාවෙ රාජ්පුත් වල කෞතුකාගාරෙක තියනව ඉස්සර උන් පාවිච්චි කරපු කඩු හෙලි සෙට් එකක්....අත් වලට මැදිලා මිටවල් ඔක්කොම....මම බලන්න ගියා....ඒවා එකෙක්ට උස්සන්න බෑ මචං....මාත් වේට් ලිෆ්ටිං කරන එකෙක්....ඒත් මට උස්සන්න බෑ උංගෙ කඩුවක්වත්...හෙල්ලක් ගැන කතා කරන්න දෙයක් නෑ....