පැලයක් සිටවමු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ශ්‍රී ලාංකීය සෞභාග්‍ය උදෙසා මම තේක්ක පැළ 4 සිටව්වෙමි, ඔබත් පැළයක් හෝ හැකි අයුරින් මේ වූ සත් ක්‍රියාවට දායක වන්න...

    :):):):)


    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි //


    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද
    මම ළමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි


    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්ට හැකි දේ නොම තේරෙයි මට
    පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස


    පෙර උන් අය සිටවූ අඹ ගස්වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම


    මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
    මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි

    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි




    ගී පද : එස් මහින්ද හිමි
    ගීත මියැසිය : රෝහණ වීරසිංහ
    ගායනය : අනූෂ නානයක්කාර සහ රෝහණ වීරසිංහ

    සිංදුව මෙතනින් ගන්න
    Code:
    http://www.mediafire.com/?ajczqni5zzg
    කවිය තිබ්බේ බුන්දියේ..
    Code:
    http://boondi4kids.blogspot.com/2010/07/blog-post_08.html
    මෙහෙමත් උන් ඉද්දි හරි කණගාටුයි

    capturezs.png

     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම මේ ක්‍රියාව අගය කරන්න පුලුවන් වැඩක්..
    ඒත් මචන්..

    බොහෝ දෙනෙකුට තියෙන ගැටළුව ඇවිත් මේ වගේ පැලයක් සිටවන්න තැනක් නැති එකයි..
    තෙක්ක පැලයක් කියා
    අඹ පැලයක් හරි සිටවන්න ඒ අයට ඉඩ නෑති එක ගැන හිතද්දියි.
    දුක..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    බොහොම හොඳ වැඩක්
    හැබැයි හිටෙව්ව වගේම පැළේ හොඳට බලාගන්නත් ඕනේ

    මම මේක කියන්නේ මේ Thread එක දාලා තියන යාලුවට නෙවෙයි
    හුඟක් කට්ටිය රැල්ලට පැල හිටවනවා
    අන්තිමට ඒ පැළේ දිහා ඇහැක් ඇරලාවත් බලන්නෙ නෑ
    ඒ පැළ වලට හුඟක් වෙලාවට වතුර දාන්නෙ සුනඛයො
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්තටම මේ ක්‍රියාව අගය කරන්න පුලුවන් වැඩක්..
    ඒත් මචන්..

    බොහෝ දෙනෙකුට තියෙන ගැටළුව ඇවිත් මේ වගේ පැලයක් සිටවන්න තැනක් නැති එකයි..
    තෙක්ක පැලයක් කියා
    අඹ පැලයක් හරි සිටවන්න ඒ අයට ඉඩ නෑති එක ගැන හිතද්දියි.
    දුක..

    එහෙම වෙන්නත් පුලුවන් ඉතින් , ඒ ගැන ඉතින් අපිට කරන්න දෙයක් නෑ , ජීවිත දුකක් කියන්නේ නිකන්ද
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Hugaakma watina thred ekak wagema kaaleena awashyathaawayak. oya - rep dena thattha kawda kiyala dannanathy un gana wada wennepa machan.Api innawa ubath ekka oona dekata.

    Continue d Good job!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යාළුවා. වැඩේ හොඳයි. එත් පැලයක් හිටවන්ඩ වෙනමම මොකටද විශේෂ දවසක්?. අපේ දරුවන්ගේ යහපත සදහා පැලයක් දෙකක් හිටවන එක මහා ලොකු දෙයක් නෙමේ. එත් ඕව හිටවලා කීයෙන් කීදෙනාද ඕවා ගැන බලන්නේ? TV එකේ කොච්චර පෙන්නනවද පැල හිටවනවා? එත් ඒවා මැරිලද පැල වෙලාද කියලා අපි කවදාවත් ඔය වැඩ වලින් දැකල නෑ. එක නිසා පැලයක් හිටවන එක ඕනෙම දවසක කරට කමක් නෑ. ඕවට පදවි ප්‍රාප්ති කියලා දවසක් ජාතික රුක් රෝපණ දවසක් කියලා ඕනේ නෑ. එකයි මගේ අදහස.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳ වැඩක්. ඒත් මේක එක දවසකට සීමා කරලා වැඩක් නෑ. කැලෑ විනාශ කරන තරමට ගස් හිටවන්නෙ නෑ නේ :(