කැනඩාවේ පැල්ලම් වැටුණු විල
කැන්ඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා කියන ප්‍රාන්තයේ සිමිල්කමීන් නිම්නයේ තමයි මේ පැල්ලම් වැටුණු විල පිහිටා තියෙන්නේ. මේ පළාතේ ජීවත් වන ස්වදේශීය ජන කොට්ටාශයක් වන ‛ඔකනගන්’ හෙවත් ‛සිල්ක්ස්’ ජනතාව අනාදිමත් කාලයක සිට මේ විල දේවත්වයේ ලා වැඳුම් පිදුම් කරනවා. මේ විලේ බොහෝ ලවණ වර්ග ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් තැන්පත්ව තිබෙනවා. මේවා අතර මැග්නීසියම් සල්ෆේට්, කැල්සියම් සහ සෝඩියම් සල්ෆේට් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඊට අමතරව රිදී සහ ටයිටේනියම් ද සැලකිය යුතු ප්‍රමාණයකින් මෙහි තැන්පත්ව තිබෙනවා. ගිම්හාන කාලයේ දී මේ විලේ ඇති ජලය බොහෝ ප්‍රමාණයක් වාෂ්ප වී යනවා. මෙසේ වාෂ්ප වූවාට පසු මෙහි තැන්පත්ව ඇති ලවණ නිධි විවිධ වර්ණයන්ගෙන් මතුවී පෙනෙන්නට පටන් ගන්නවා. ඒවා පෙනෙන්නේ විල මත ඇති වුණු ලප ආකාරයෙන්. හොඳින් වියළී ගිය පසු මේ ලවණ නිධි අතර එහි මෙහි ඇවිද යන්නටත් හැකියාව තිබෙනවා. කෙසේ නමුත් කැනේඩියානු රජය අවවාද කරන්නේ ගෝත්‍රික ජනතාව වෙසෙන මේ ප්‍රදේශය දුර සිට නරඹනු විනා සමීපයට නොයන ලෙසයි
හොදයි කියලා හිතෙනවා නම් බම්ප් ඒකක් ාගෙන යන්න
මගේ අනේ ත්‍රේඩි බලන්න
1. අමුතු හෙන ගැහිලි
2. ඕරෝරා ගැන දැනගනිමු
3. මෙහෙම නෙලුම් දැකපු උන් ඉන්නවද
4. රුසියාවේ මොස්කව්
5. ගින්නක් නැතුවම දුමක් නගිනවා
6. ලෝකයේ භයානක චීන පන්සල
