පෑන්ටි – කොණ්ඩම් – රට බීම හා නිල් චිත්‍රපටි

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    පෑන්ටි – කොණ්ඩම් – රට බීම හා නිල් චිත්‍රපටි

    පෑන්ටි – කොණ්ඩම් – රට බීම හා නිල් චිත්‍රපටි; මේ හතර එකතු වුනහම එතැන ඇත්තේ ඉතා භයානක පින්තූරයකි. ඩයිනමයිට් වෙඩි බෙහෙත් ජෙලිග්නයිට් හා ගින්දර එකතු කළොත් කොහොමද අන්න ඒවගේ සංකලණයකි.

    සාරධර්ම සහිත මේ ධර්ම ද්වීපය තුළ මේ එකතුව කළ හැක්කේ සාතන්ගේ කල්ලියේ මිනිසුන්ට ය. උන් සිට ඇත්තේ ලංකාඊනිව්ස් කාර්යාලයේ ය. ඉතින් එහෙම කාර්යාලයක් ගිනි නොතියා වෙන මොනවා කරන්න ද? මේ දිනමිණ පුවතින් අපට දමා ගසන ප්‍රශ්නයයි.

    පෑන්ටි භයානක නැත. අහිංසක කාන්තාවන් ද අදින බැවිනි. රට බීම ද වෙනම තිබුනහම භයානක නැත. සුපරි වෙළද සැල්වල ද තිබෙන බැවිනි. කොණ්ඩම් වැදගත් කාර්යයක් ඉටු කිරීමට ජනතාවට සහය වෙන භාණ්ඩයකි. අප රටක් හැටියට සමහර ප්‍රශ්නවලින් ජය ලබා ඇත්තේ එයට පින්සිදුවන්නට ය. නිල් චිත්‍රපටි පමණකි ටිකක් භයානක දෙයකට ඇත්තේ!

    ඒත් දිනමිණ උපාසිකාවකගේ සියුම් ආත්මයට රිදුම් දෙන්නේ මේ එකතුව දැක උපන් කම්පාව විසින් කරණ උද්දීපනය නිසා ය.

    ලංකාඊනිව්ස් කාර්යාලයේ වැඩ කරන මිනිසුන් විසින් රටබීමෙන් සප්පායම් වී තමන් විසින් ගෙන්වා ගත් කාන්තාවන්ට සමග නිල් චිත්‍රපට බලා උන් ගේ පෑන්ටි ගලවා ඊට පසු කොණ්ඩම් ද පාවිච්චි කර මොකද්දෝ අසභ්‍ය යමක් කර තිබෙන බව ඒවා එකතු කළ විට පෙනී යයි. දිනමිණ උපාසක අම්මා මේවා එකතු කිරීමට අසමත් වුවත් අපට නම් ඒවා එකතු කරගත්තහම එහෙම පින්තූරයක් මැවෙන එක වළක්වන්නට බැරි ය. සමහර විට ඒ අපගේ කුපාඩිකම නිසා යයි කෙනෙකුට කියන්නට පුලුවන. සමහරවිට උපාසික උපාසිකාවන්ට නම් එහෙම නොහිතෙන්නටත් ඉඩ තිබේ. බ්‍රහ්මචරියා රකින මිනිසුන්ගෙන් හා ගැහැණුන්ගෙන් පිරුණු ධර්ම ද්වීපයේ උදවියට මේවා එකතු කර ගැනීම ටිකක් අමාරු වෙන්නට වුව ඒ නිසා ඉඩ තිබේ.

    එහෙම එකක් වුනානම් එය කොහොම වාවන්න ද?

    විරුද්ධත්වය හිතා ගත හැකි ය.

    බස් එකක එක ලග යන විටක පවා ලග ඉන්නා ගැහැණිය තැවරුනොත් අයින් වීමට තැත් දරණ උපාසක පිරිමින් ගහන මෙවන් රටක එහෙම පිරිමියෙක් මොනම හේතුවක් නිසාවත් ඉවසන්නේ නැති ගැහැණුන් ඉන්නා මෙහෙම ධර්මද්වීපයක මෙය නම් ඉහිලුම් නොදෙන අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු ද?

    45000 ක් ගණිකාවන් සිටියදීත් උන් එකෙක් ලගට වත් යන පිරිමි පුලුටක් දකින්නට නැති රටක් වුනහම අපරාධය සහගහනම එකක් වන්නේ ය.

    ඇත්තටම මුන් ලග ආයුධ තිබුනා නම් තව ඉවසිය හැකිව තිබිණි. එහෙත් මෙවැනි මෙවලම් ලග තිබීම නම් කොහෙත්ම වාවන්නේ නැති තත්වයකි. පන්සලේ බණ මඩුවේත් උපාසක අම්මලා කතාකර කර හිටියේ මේ සොයා ගැනීම ගැන ය.

    අපට හිතුනේ මේ අවලම් වැඩ කරන්නට හැකිව ඇත්තේ මේ තහනම් භාණ්ඩ රටතුළ පැවතීම නිසා බව ය. මේ භාණ්ඩ හතරම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටත් පරිහරණය කරන අයට දඩ ගැසීමටත් කටයුතු කළොත් මොක ද? දිනමිණ පත්තරේ එහෙම ව්‍යාපාරයක් පටන් ගන්නේ නම් අපි බකප් එකක් දෙන්නට කැමැත්තෙන් සිටිමු.

    දිනමිණ පුවත වාර්ථාකළ නිර්භය උපාසික මාතාවට ඒ සදහා ඉදිරිපත්වීමට දිරිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

    දැන්නම් අප සාරධර්මවලින් පිරුණු උපාසික උපාසිකාවන්ගෙන් පමණක් සමන්විත වන ඒ සාධු දේශය අපේම ධර්මද්වීපය ගොඩනගන්නට ඉතා ලග ය. ඒ සද්කාර්යයට විරුද්ධවූ බොහෝ අය දැනටම රට හැර ගොසිනි. ඉතිරව ඉන්නා ටික දෙනාට ද ගිනි තියා නැත්නම් මුහුදට තල්ලු කර හෝ මේ ද්වීපය පිරිසිදු කර ගැනීම පැහැර හැරිය නොහැකි වගකීමකි.

    එතකොට ඉතිරිවන බහුතරයක් ජනතාවට සතා සීපාවෙකුට වත් අනතුරක් නොකර දැහැමින් සෙමෙන් මේ බුදුන්ගේ දේශයේජීවත්විය හැකි වන්නේ ය.
     

    ela kaviya

    Member
    Jul 7, 2010
    156
    24
    0
    එකමත් එක රටක
    දිණමින නෝන හැබැයි එක දෙයක් අමතක කලා. මේතරම් ලොකු ගින්නකටත් සම්පූර්ණයෙන් පිච්චුනේ නැති පෑන්ටි – කොණ්ඩම් – රට බීම හා නිල් චිත්‍රපටි මොනවද කියල කියන්න අමතක කලා. ඒකත් කිවුවනම් ඒක මේ රටේ කීදෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවද? :P
     

    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    maxaaa.. niyama kathawa.. oya oya kiyana dharmadweepe hadannane me deshapalakayo duk windagena api wenuwen kapa wenne... ane sadu...

    +reps
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    well said bro..
    I'm against eNews or anything connected to JVP for that matter..but burning them is not the solution.. and justifying it on panties:baffled::rofl: is.. well.. i can't think of anything to say..:rofl:

    +3rep
    (maybe this is the very first time i'm adding rep to someone going against govt.. but your post deserves rep;))