පිච්චෙනවා මචං

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    oakImage-1603985177355-mediumSquareAt3X.jpg
     
    • Like
    Reactions: Solo Rider

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    පපුව පිච්චෙනවා මචං. මම මොනව කරන්නද? මගේ අම්ම මේ ලෝකෙන් යනකොට මමත් යනවා. අම්ම නැතිව ජීවත් වෙන්න තිබුන එකම කෙනත් මට නැති වෙනවා. මේ වේදනාවල් කිසිම කෙනෙකුට වෙන්න එපා. මට පුලුවන් විදියට හැමෝටම සැළකුවා.

    උඹ අම්මා ගැනත් දාලා තියෙන නිසා දෙයක් කියන්නම්, ඒ මනුස්සයා උඹට මේ ලෝකෙ එලිය බලන්න දීලා පොඩි කාලෙ ඉදන් කවල පොවලා ලොකු කරලා උඹව හදල තියෙන්නෙ නිකන් උඹට හිතිච්ච දවසක මැරිලා යන්න ඉඩදෙන්න බලාගෙන නෙමෙයි, ඒක තේරුම් ගන්න උත්සහා කරපන්, ජීවත් වෙලා ඒ මනුස්සයගෙ legacy එකට සාධාරණයක් කරපන්.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    උඹට ගැලපෙනවද දන්නේ නෑ.නිකන් අදාල වෙයි වගේ හිතලා මේකත් දැම්මේ.පොඩ්ඩක් වෙලාව තියේනම් බලහන්.ඉස්සරම එලකිරියෙන්ම අරන් මැෂිමේ Save කරගත්ත නිසදැසක් මේක..

    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි...

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්...

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද ?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්...

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්..






    තව මචන් තාම රිලීස් කරන්න සෙට් වුණේ නැති සිංදුවක් තියෙනවා.ඒකත් අමාරුවෙන් අහපන් පුළුවන් නම් හෙඩ්සෙට් ගහගෙන සද්දේ උපරිම දාගෙන.නැත්තම් ඒකේ පද පේලිය විතරක් බලහන්.
    ( ලයික් කමෙන්ට් බෙල් බටන් සබ්ස්ක්‍රයිබ් එව්වා නම් කරන්න යන්න එපා මම නිකන් අප්ලෝඩ් කරපුවා නිසා )
    හැමදාම නිතර දෙවේලේ රේඩියෝ ටීවී වල අඬන සිංදු ඇහෙන එක වෙනුවට කියලා හදලා දාපු එකක් ඕක

     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මැරියන්....
    අම්මා හෝදපු කදු ගනන් රෙදිවල
    අනලා කවපු පිගන් ගනන් බත් වල
    උබ වෙනුවෙන් නිදිමරපු රැයවල් වල
    උබ වෙනුවෙන් හලපු කදුළු වල
    උබ එනකම් මග බලපු වාර වල
    ණය ගෙවලා ඉවර නම් තප්පරයක්වත්
    පරක්කු වෙන්නේ නැතුව මැරියන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,424
    113
    එකමත් එක රටක
    තව අවුරුද්දකින් විතර ත්‍රෙඩ් එකක් දාපං මොනවද හිතෙන්නේ කියලා. ඕව හරි යනවා කාලයත් එක්ක.
    හැම එකාටම ඔය වගේ දේවල් වෙන්ව බන්. ඒ වෙලාවට ඕනවට වඩා social media වල දුක කියන්න, අසරණ සොදුරු පෙම්වතාගේ චරිතේ වගේ කරන්න යන්න එපා හැගීම් වලට වහල් වෙලා. දැන් තියන තාක්ෂනෙත් එක්ක පස්සේ කාලෙක මම කරපු ගොන් කම් කියලා හිතෙයි. පස්සේ ඒවා බලද්දී උබට එක්කෝ හිනා යයි නැත්නම් ලජ්ජා හිතෙයි. 🤟
    හැමදේම ඕනවට වඩා ඇගට ගන්න එපා.. උබත් වැඩි කල් ඉන්නේ නෑ . බොහෝ දුරට තව දවස් 20 000ක් ඇතුලත උබත් නෑ, මාත් නෑ . මේ කිරියේ ගොඩක් උනුත් නෑ . ඒ 20 000 නුත් දවස් 6000ක් විතර නිදාගන්නවා . ඕවා වැඩිය හිතන්නේ නැතුව ඉස්සරහ ගැන හිතපන් බන්.. නැත්නම් ආරදේ කාලේ ! ✌️
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    අඩෝ පිටු තුනක් තියෙනව අදයි දැක්කෙ

    ආ මේ සින්දුව අහපන් , ඊයෙ රිලීස් කලේ උඹටම.



    ------ Post added on Mar 26, 2021 at 8:34 PM

    අවසානයෙ දුක උරුම චූවා පමනි.
    ------ Post added on Mar 26, 2021 at 8:35 PM