පිච්චෙන යුනිට් ගාන බලන විදිය

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මේක තමයි මගේ පලවෙනි පෝස්ට් එක. කස්ටියම හොදයිද බලන්නකෝ..

    ලගදී විදුලි බිලත් වැඩි වෙනවනේ ඉතින් ඉට කලින් ගෙදර තියෙන බඩු වලට වැයවෙන යුනිට් ගාන දැනගෙන ඉන්න එක හොදයි නේද?
    යුනිට් ගාන තීරනය වෙන්න අපි පාවිච්චි කරන විදුලි ප්‍රමානයට අනුව. විදුලි ප්‍රමානය කියන්නෙ කොච්චර ශක්ති ප්‍රමානයක් අපි විදුලිය මගින් ලබාගන්නවද කියන එකයි. නිවසේ විදුලිය මැන ගැනීමට කිලෝ වොට් පැය (kilo Watt hour – kWh) කියන ඒකකය පාවිච්චි කරනවා.
    මේ කිලෝ වොට් පැය 1 කට අපි යුනිට් එකක් (1 kWh = 1 Unit) කියන්නෙ. අපි කිලෝ වොට් 1 ක ක්ෂමතාවයක් ඇති උපකරනයක් පැය 1 ක් ක්‍රියත්මක කරොත්, වැය වෙන විදුලි ප්‍රමානයට තමයි ඔය යුනිට් 1ක් කියලා කියන්නෙ. ඒ කියන්නේ විදුලි උපකරනයක ක්ෂමතාවය, ඒ උපකරනය පාවිච්චි කරන කාලයෙන් ගුණකලහම, ඒ උපකරනය සදහා වැයවෙන විදුලි ප්‍රමානය ලැබෙනවා කියන එකනේ.
    100 W බල්බ් එකක් දවසට පැය 6 ය ගානේ දවස් තිහක් පාවිච්චි කරා කියලා හිතමුකො එතකොට ඒකට වැයවෙන යුනිට් ගාන හොයන්නේ මෙහෙම
    1 බල්බයේ ක්ෂමතාවය 100W බෙදීම 1000 = කිලෝ වොට් 0.1
    2 පාවිච්චි කරපු කාලය 6 * 30 = 180
    3 යුනිට් ප්‍රමානය 0.1 * 180 = යුනිට් 18


    මේ සූත්ත්‍රය හැදෙන්නේ මෙහෙම
    1 බල්බයේ ක්ෂමතාවය/ 1000 (කිලෝවොට් එකක් කියන්නේ වොට් 1000 ක් නේ)
    2 පාවිච්චි කරපු කාලය හදන්නේ පාවිච්චි කරපු පැය ගණන දින ගණනින් වැඩි කරලයි.
    3 යුනිට් ප්‍රමානය ගන්නේ 1 පියවරේදී ලබාගත්ත උත්තරේ 2 පියවරේදී ලබාගත්ත උත්තරෙන් වැඩි කරලයි.

    මේ වැඩේ අන්ඩර දෙමල වගේනම් මෙන්න මේ කැලිකියුලේටරේ පාවිච්චි කරලා ගාන හදාගන්න පුලුවන්.

    http://easycalculation.com/physics/electromagnetism/energy-consumption.php

    ඉතින් මේක බලලා නිකන් පිච්චෙන යුනිට් ගාන ටිකක් අඩු කරගන්න හිතමුද?

    හොදයි නම් ඔය රෙප්ද, මොනවදෝ දෙන්නකෝ..
    මට ඕකට solution එකක් තියනවා,http://www.elakiri.com/forum/showthread.php?t=1543091
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Work
    මචන් last bill එකේ reading එකයි දැන් තියෙන ගානයි අතර වෙනස නෙමේද unit ගාන වෙන්නේ ?