උතුරු ඇමෙරිකාව
උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).
- භූමිප්‍රමාණය 24,709,000 කිමී2 (9,540,000 වර්ග සැත)
- ජනගහණය 528,720,588 (2008, 4 වැනියා)
- ජනගහණ ඝණත්වය 22.9/කිමී2 (59.3/වර්ග සැත)
- ජාතිකත්ව නාමය උතුරු ඇමෙරිකානු
- රටවල් 23
භාෂා ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ තවත් භාෂා
දකුණු ඇමෙරිකාව
දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.
වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවට, අප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවට, අප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.
- භූමිප්‍රමාණය 17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත)
- ජනගහණය 385,742,554 (2008, 5 වැනියා)
- ජනගහණ ඝණත්වය 21.4 per කිමී2 (56.0/වර්ග සැත)
- ජාතිකත්ව නාමය දකුණු ඇමෙරිකානු
- රටවල් 19