පිටසක්වල දෙවිවරු

Sep 4, 2018
77
16
0
පිටසක්වල දෙවිවරු

පිටසක්වල ජීවීන් තමයි අපේ දෙවිවරු විදියට අදහන්නේ. වානරයින්ගෙ ඉඳන් මානවයා දක්වා තිබුන පනින්න අමාරු පිම්ම පැන්නුවේ ඔවුන්. ජීවය මැව්වේ ඔවුන්. විනාශ කරන්න්ත් ඔවුන්. අපි ඔවුන්ගෙ පරීක්ෂණාගාරෙ මීයො විතරයි.

ජීවයට සුදුසු ග්‍රහලෝකයක් හම්බ වුණාම ඒකේ ජීවයක් ඇති කරවනවා. ඒ ජීවය ටික ටික පරිණාමය වෙනවා ඔවුන් බලාගෙන ඉන්නවා. (පරිණාමය සහ අනුවර්තනය කියන එක අපිට දෑහින් බලාගන්න පුලුවන්. ඉස්සර මදුරුවො බිත්තර දැම්මේ පිරිසිදු වතුරෙ විතරයි. දැන් ටොයිලට් වලක ඉඳුල් වතුර වලක උනත් බිත්තර දානවා. මදුරු මර්දනයට පාවිච්චි කරපු රසායන ද්‍රවය වලටත් ඔවුන් ප්‍රතිරෝදී දැනටම. මදුරු පරම්පරා දහස් ගානක් යනකොට ඔවුන් ඒ තත්ව වලට හුරු වෙනවා. මිනිසුන්ගෙ එහෙම දෙයක් දකින්න බැරි මිනිස් පරම්පරාවක් කියන්නෙ අඩු තරමෙ අවුරුදු 30ක්, මදුරු පරම්පරාවක් සුමානයයි. ) ඔවුන්ට අවශ්ය ජීවීන් මේකෙ ඇතිවෙන්න සලස්වනවා. ඒ වගේම පරීක්සනය ඇවටිල් වේගෙන එනවනම් ඊට හේතු උන ජීවින් නැති කරල දාන්නත් ඔවුන් පසුබට වෙන්නෙ නෑ, ඩයිනෝසරයො වඳ වෙන්නෙ ඒ විදියට. අවුරුදු ලක්ෂ ගණනකට කලින් මානවයා මේ ලෝකෙ ඇති කරන්නෙත් ඔවුන්මයි. වානරයා සහ මානවයා අතර සම්බන්ධයක් ඇති කරන එකෙක් දකින්න නෑ. ඒ වගේම මානවයා සහ වානරයා අතර බුද්ධියේ පැහැදිලි වෙනසක් තියෙනවා. ඉතින් තමන්ගෙ අලුත්ම නිෂ්පාදන වුන මේ බුද්දිමත් ජීවියව මේ මහ පොලොවෙ දෙපයින් හිටෙව්වෙ ඔවුන්. තමන් සතු බලගතුම ආයුධය වෙන බුද්ධිය පාවිච්චි කරල ඔවුන් මේ ලෝකෙ බලවත්ම ජීවින් කොට්ටාසය වෙන හැටි අපේ පිටසක්වල දෙවිවරු බලන් හිටියා. මිනිසා ශිෂ්ඨාචාර වෙන තරම් බුද්ධිය දියුණු වුනාට පස්සේ ඔවුන් ආපසු ආවා. ලෝකයේ විවිධ පැති වල හිටපු ජන කොට්ටාස වලට තමන්ගේ දැනුම ලබා දුන්නා. ඒ ඇසුරින් ඔවුන් නිර්මාණ කලා දෙවිවරුත් ඒ නිර්මාණ වලට උදව් පදව් කලා.



මේ දෙවිවරු වෙච්ච පිටසක්වල ජීවීන් මේ කාලය වෙනකොට පෘථිවියට ආවා ගියා. තමන්ට හැමදේම ලබාදුන්න මේ පිරිසව මිනිසුන් දේවත්වයෙන් අදහන්නට පටන් ගත්තා. කාලයත් සමග ඒ ශිෂ්ඨාචාර විනාශ වුනා. විනාශ කලා කිව්වොත් නිවැරදියි. තමන් දුන්න දැනුම රඳවාගෙන සිටි තැන්, පිරිස්, දෙවිවරුන් විසින් විනාශ කරනු ලැබුවා. ඉතිරිවුණ මිනිසුන් ලෝකය පුරා විසිර ගියා. යුදෙව්වෝ කියන්නෙ දෙවිවරු බිහි කරපු බුද්ධියෙන් උසස්ම ජන කොටසක්. මැදපෙරදිග කාන්තාරයේදි ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කලේ මේ දෙවිවරු. මේ කාලසීමාවෙන් පස්සේ දෙවිවරු ඔවුන්ගේ අවධානය වැඩිය යොමු කලේ නෑ මේ ග්‍රහ ලෝකයට. ශිෂ්ඨාචාර විනාශයෙන් පස්සේ කාලයක් යනකොට ආපහු මිනිසුන් බලවත් වුණා. ඔවුන් නොයෙකුත් මහාද්වීප වලට ගිහින් බෙදුනා. රටවල් හැදුනා. කාලය ගත වුණා. මිනිස් බුද්ධියෙන් ළඟා කරගත්තු කාර්මික සහ විද්‍යාත්මක ඤාණය ඔස්සේ ඔවුන් මුහුද තරණය කලා. ගොඩබිම තරණය කලා, අහස තරණය කලා. විදුලිය හොයාගත්තා. රේඩියෝව නිෂ්පාදනය කලා. ගිණි අවි නිෂ්පාදනය කලා. න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය කලා.


මේ බුද්ධියෙන් උසස් මානවයාට පෙනෙන්නට නැවත පෘථිවියට එන්නට දෙවිවරු කැමති වුණේ නෑ. කලින් ඔවුන් ඒ වැරැද්ද කලා, ශිෂ්ඨාචාර විනාශ කිරීමත් ඒකෙ ප්‍රතිඵලයක් තමයි. ඉතින් මෙවර ඔවුන් මානවයාට තම දැනුම ලබා දෙන්න තමන්ගේ නියෝජිතයො යොදාගත්තා.

20 වෙනි සියවසේ පළවෙනි අර්ධය තුල ලෝක යුද්ධ දෙකක් කරලා තමන්ගෙ පළවෙනිම න්‍යෂ්ඨික අවි කීයය පාවිච්චි කරලා තිබුනා. විසිවෙනි සියවස පටන්ගනිද්දිත් කොටන තුවක්කු වලින් වෙඩි තියාගනිමින් හිටි මානව වර්ගයාට න්‍යෂ්ඨික තාක්ෂණය දුන්නේ දෙවිවරු. තමන් තෝරගන්නා පෘථිවි නියෝජිතයො පිරිසකට ඔවුන් ලබා දෙනවා මානව වර්ගයා වෙත ලබා දිය යුතු දැනුම. නමුත් න්‍යෂ්ඨික අවිය නිසා මානවයා විනාශ වෙන්න ඉඩ තිබෙන බව දැන සිටියත්, බුද්ධියෙන් උසස් මානවයා තමන්ම විනශ වෙන ලෙස වැඩ නොකරන බව ඔවුන් දැන සිටියා.

ඉතිහාසය දිහා බැලුවොත් අපට බලාගන්නට පුළුවන් මේ කාර්මික දියුණුව එක්වරම උදා වුනා වගේම මිනිසෙකුගේ ජීවිත කාලය තුල පුදුම විදියට දියුණු වෙනවා. උදාහරණයක් විදියට මිනිසාගේ තාක්ෂණික දියුණුවේ ප්‍රධාන අංගයක් වෙන ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ඉස්සරහට යන්න ප්‍රධාන හේතුවක් වුනේ ට්‍රාන්සිස්ටරය. ට්‍රාන්සිස්ටරයට පෙර තිබුනු වෑල්ව් වලින් ළඟා විය හැකි එක්තරා සීමාවක් තිබුණා. මේ සීමාව පනින්න උදව් කලේ දෙවිවරු. ඒ සෙම්කන්ඩක්ටර් තාක්ෂණය අපේ ලොවට එවලා. ට්‍රාන්සිස්ටරයෙන් ඇරඹුන ඒ ගමන 60 70 80 90 00 දශක වලදී හිතාගන්නට බැරි තරම් දියුණු වුනා. ලෝකයේ හැම ක්ෂේත්‍රයකටම මේ තාක්ෂණය රිංගුවා. මිනිසාට තමන්ගෙ ග්‍රහ ලෝකයෙන් පිටට කවදාවත් යන්න ලැබෙන්නෙ නෑ මේ තාක්ෂ්ණය නොවන්නට. වෑල් ටියුබ් හොයාගත්තු කාලයේ උපන්න මිනිසුන් අදටත් ජීවත් වෙනවා. නමුත් ඔවුන්ටත් පස්සෙ උපන්න සෙමිකන්ඩක්ටර් තාක්ෂ්ණය අද ඉන්න තැන?



පුරාණ මිනිසා ආහාර ජලය වාතය යන සාධක තුන මතම යැපුණට අද මිනිසා එහෙම නෙමෙයි. ඉලෙක්ට්‍රොනික තාක්ෂ්ණය මත අපේ ශිශ්යාචාරය යැපෙන තැනට පත් වෙලා තියෙනවා දැන්. ලෝකයේ සියළුම ඉලෙක්ට්‍රොනික උපකරණ අඩපණ කරන සූර්ය සුළඟකින් පවා අපේ ශිෂ්ටාචාරයට සැලකියයුතු බලපෑමක් කල හැකියි. මේ ඉලෙක්ට්‍රොනික යුගය ආරම්භ වී අඩ සියවසක් ඇතුලත තත්වය. තව අඩ සියවසකට පසු පරිගණක නොමැතිව මිනිසාට හුස්ම ගැනීමටත් නොහැකි තත්වයක් උදා වනු ඇත.

ලෝකයේ පැවැත්මට තර්ජනයක් වූ ඩයිනසෝරයන් විනාශ කලාක් මෙන්, ලෝකයට අතවත් නොතියා මානවයා විනාශ කිරීමට පොටක් දෙවිවරුන්ට පෑදෙනු ඇත.
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    tenor.gif
     

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    දැන් මේ කතාව කියන්නේ කවුද ? පිටසක්වල කෙනෙක්ද?

    :dull::dull::dull::dull::cool:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Chariots of the Gods පොතේ තියෙන කතාව නේද. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඉතිහාසෙ වෙච්ච ඇතැම් සිද්ධි දිහා බලනකොට මේක බොරු වෙන්න බැහැයි කියලත් හිතෙනවා
     
    • Like
    Reactions: Dhanushka.N

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Chariots of the Gods පොතේ තියෙන කතාව නේද. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඉතිහාසෙ වෙච්ච ඇතැම් සිද්ධි දිහා බලනකොට මේක බොරු වෙන්න බැහැයි කියලත් හිතෙනවා

    මොකක්ද ඒ පොත? මොනාද ඒකෙ කියන්නෙ? නවකථාවක්ද?
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොකක්ද ඒ පොත? මොනාද ඒකෙ කියන්නෙ? නවකථාවක්ද?

    51pBiTfnAsL._SX302_BO1,204,203,200_.jpg

    නෑ බන් මේ වගේම කතාවක් තියෙන්නේ පිටසක්වල ජීවීන් මිනිස්සුන්ව පාලනය කරපු හැටි, ලෝකෙ පුරාම ශිෂ්ඨාචාර හදන්න උදව් කරපු හැටි එහෙම තියෙනව. ලෝකෙ පුරාම තියෙන පැරණි ශිෂ්ඨාචාර වල පිරමිඩ එහෙම දකින්න තියෙන්නෙ ඒකලු.
     
    • Like
    Reactions: Pessimist

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    එහෙමද. බලලා නම් නැහැ

    හොයාගෙන බලන්න පුළුවන් නම් alien film set එකේ prequel එකක්. Aliens වලට වඩා වෙනස්. ලස්සන story එකක් තියෙනව. ඕකෙ ම 2 වෙනි එක ආවා එක නම් වැඩක් නැ. Normal alien movie එකක් වගේ.
     
    Last edited: