පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක් ඓතිහාසි&

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක් ඓතිහාසි&

පියාසර වස්තූන්වලින් පැමිණෙන පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක් ෙඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

අඩි 1,200ක් උසින් යුත් දිඹුලාගල පර්වතයේ විශාල ගලක් කේන්ද්‍රකොට මෙම නවාතැන්පොළ සකස් කොට ඇති අතර එහි ඇතුළත අඩි 10 – 10 ප‍්‍රමාණයෙන් යුක්ත වේ. උසින් අඩි 3ක් පමණ වේ.

මෙම කාමරය තුළ අඩි 10 – 4 ප‍්‍රමානයේ ගල් පුවරුවක විවිධ සංඥා අක්ෂර සටහන් කොට තිබේ. පුරාවිද්‍යාඥයන්ට පවා හදුනාගැනීමට නොහැකි බව පැවැසෙන මේ අක්ෂර අනුරාධපුරයේ රන්මසු උයනෙහි පිහිටි ගල් පුවරුවෙහි සටහන් කොට ඇති සංඥා අක්ෂරවලට සමානකම් දක්වන බව ගවේෂක කණ්ඩායමේ අදහස වේ.

මෙම නවාතැන්පළ පිටතින් දැකගන්නට නොමැති වුවද ගල් පර්වතය යටින් අඩි 2ක් පමණ උසින් යුත් දොරටුවකින් ඇතුළු වීමට හැකි වන සේ නිර්මාණය කොට තිබේ.

දුවිල්ලෙන් කාමරය පිරී පවතින හෙයින් සංඥා අක්ෂර පවා හදුනාගැනීමට නොහැකිය.

මීට වසර 30කට පමණ පෙර දිඹුලාගල පර්වතය මුදුනේ ඉදිකොට ඇති අහස් මාලිගය නුදුරින්ම මෙම ස්ථානය පිහිටා තිබුණත් කිසිවකුටත් මෙම නවාතැන් පළට ඇතුළු වීමට නොහැකි වී තිබේ.

මෙම ස්ථානය නීරික්ෂණය කිරීමට විදේශීය විද්‍යාඥයන් කිහිපදෙනකු පසුගියදා පැමිණි බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප ධර්මායතනයේ ලේඛකාධිකාරි මාදුරුඔයේ විජිත හිමියෝ පැවැසූහ.

මෙම ස්ථානය පිළිබද මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට ලක් නොවූ බවද මෙහි සටහන් කොට ඇති අක්ෂරව්ලින් සංඥාවක් පෙන්නුම් කරන බව පෙනෙන්නට තිබෙන බවද උන්වහන්සේ සදහන් කළහ.

රාත‍්‍රි කාලයේදී මෙම ස්ථානයට විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝකධාරා පැමිණෙන අයුරු ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂුන් වහන්සේට දැකගන්නට ලැබෙන බවත් මහ රහතුන් වහන්සේ 500 නමක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අතීතයේ වැඩවාසය කළ බව සදහන් වන නිසා මෙම පුණ්‍ය භූමියේ මෙවැනි අද්භූත සිද්ධීන් පවතින බව සදහන් කළ හැකිය.

Source : Lanka Cnews
 
  • Like
Reactions: ruwper

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    films වල aliensල එන්නෙ ඇමරිකාවට. ඇත්තටම උන් එන්නෙ ලංකාවටද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට හිතුනා ඔය ලොකු ටොක්ස් දීලා ඉතිහාසේ අර රජ්ජුරුවො, මේ රජ්ජුරුවො වැව හැදුවා දාගැබ් හැදුවා කියනකොට.. ඔය එන්නේ ඇත්ත හදපු උන්.. :P:P