පිටුපස සිට පිහියෙන් අනින අය කවදා හෝ රටටත් #
පිටුපසින් සිට පිහියෙන් අනින අය කවදා හෝ රටටත් එසේ පිහියෙන් අනිනු නිසැක බව ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඉදි කිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කෙළේය.
කොටි හිතවාදීන් සහ බටහිර බලවේගවලට අවශ්‍ය වී ඇත්තේ රටට හොඳ නායකයකු බිහිවීම නොව ඔවුන්ට කත් අදින ගැත්තකු පත් කර ගැනීම බව පැවසූ ඇමැතිවරයා එම කාර්යයට කර ගැසීමට සූදානම් නොමැති විපක්ෂ නායකවරයා තුන් කුළුඳුල් බිල්ලක් ඒ වෙනුවෙන් සොයමින් සිටින බවත් පෙන්වා දුන්නේය.
ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ දිවි නැම ජාතික ව්‍යාපාරයේ ප්‍රථම ජාතික සම්මේලනයට බොරැල්ල කැම්බල් පිටියේ දී ඊයේ (21) ඒක්වෙමිනි. තමන්ගේ නායකත්වය රැකගැනීමේ අවශ්‍යතාව මත සිටිමින් විපක්ෂ නායකවරයා 2010 දී තුන් කුළුඳුල් බිල්ලට ඉදිරිපත් කෙළේ හිටපු හමුදාපතිවරයා බව පැවසූ ඇමැතිවරයා ජාතික වීරයකු ලෙස ජිවිත කාලයම සිටීමට අවස්ථාව තිබුණු හිටපු හමුදාපතිවරයා මේ නිසාම ජාතියේම අගෞරවයට ලක් වූ බවත් ප්‍රකාශ කෙළේය.
මේ අය අනුගමනය කරන්නේ කැළේ ගසක් නසන්නට කැළේ ගසක් උපයෝගී කර ගැනීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ඇමැතිවරයා කැළේ ගස් එකක් නොව සියයක් පැමිණියත් මේ රට ඉදිරියට යන ගමන ආපසු හැරවීමට ජනතාව ඉඩ තබන්නේ නැති බවත් අවධාරණය කෙළේය. 2010 ජනාධිපතිවරණයේ දීත් මේ අය අනුගමනය කෙළේ මෙම ප්රතිපත්තියම බවත් 2015 දී බිල්ලට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි බලා ගත හැකි බවත් පැවසූ ඇමැතිවරයා රට පාවා දෙන එම මෙහෙයුමට පණ දෙන්නට මේ රටේ ජනතාව සූදානම් නොමැති බවත් පැවසීය.
අද ඇතැමුන්ට අමතකව ඇතත් මහින්ද රාජපක්ෂ මහතා 2005 දී බලයට පත් වන විට රට තිබූ තැන මේ රටේ පොදු ජනතාවට අමතක වී නොමැති බවත් නැවතත් රට එවන් තැනකට ගෙන යනු දැකීමට ජනතාවට අවශ්‍යතාවක් නොමැති බවත් ඇමැතිවරයා කීවේය.
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් ප්‍රධාන සර්වාගමික පූජ්‍ය පක්ෂය සහ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, අතාවුද සෙනෙවිරත්න, ඇමැතිවරුන් වන ඩග්ලස් දේවානන්දා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුසන්ත පුංචිනිලමේ, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.