පින් ඇති දූ පුතුන් උපදින යෝගයක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පින් ඇති දූ පුතුන් උපදින යෝගයක්

    සුත බවනාදිපති සිය තුඟ රැසේ හිඳ
    නැතහොත් තෙකොණේ හෝ සිවු කෙඳුරේ වත්ද
    සුර ගුරු සමඟ යෝගව සිටි නම් එසඳ
    සුත ලාබය වෙයි රුව ගුණ ඇති පබඳ


    ( ජාතක රත්නාකරය )


    පුත්‍රස්ථානාදිපති එනම් කේන්දරයේ පස්වැන්නට අදිපති ග්‍රහයා ස්වක්ශේත්‍රව (එනම් 5 වැන්නාදිපති 5 ම සිට ) , නැතහොත් කේන්ද්‍රයේ කේන්දර්ස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක ( එනම් කේන්දරයේ 1,4,5,7,9,10,11) ස්ථානයක ස්වක්ශේත්‍රව හෝ උච්චව සිට සුර ගුරු සමඟව යෝගව සිටී නම් ඔබට වංශය බබලවන උසස් ගතිගුණ ඇති දූ දරුවන් ලබන්නේය.

    එක් එක් රාශියට අධිපති ග්‍රහයෝ

    මේෂ රාශියට අදිපති ග්‍රහයා - කුජ ග්‍රහයා

    වෘෂභ රාශියට අදිපති ග්‍රහයා - සිකුරු ග්‍රහයා එහෙම නැත්තම් ශුක්‍ර කියලත් හඳුන්වනව


    මිථුන රාශියට අදිපති ග්‍රහයා - බුධ ග්‍රහයා

    කටක රාශියට - චන්ද්‍ර ග්‍රහයා

    සිංහ රාශියට - රවි ග්‍රහයා

    කන්‍යා රාශියට - බුධ ග්‍රහයා

    තුලා රාශියට - (සිකුරු ) ශුක්‍ර ග්‍රහයා

    වෘෂ්චික රාශියට - කුජ ග්‍රහයා

    ධනු රාශියට -ගුරු ග්‍රහයා

    මකර රාශියට - ශනි හෙවත් සෙනසුරු

    කුම්භ රාශියට - ශනි හෙවත් සෙනසුරු

    මීන රාශියට - ගුරු ග්‍රහයා