ප්‍රතිසන්ධිය ලැබෙන තැන, වෙන්නේ කව්ද කියන possibilities අපේ අත්දැකීමෙන් ගෙස් කරලනේ එහෙම කියන්නේ.
අපේ අත්දැකීම සර්ව සම්පූර්ණද?
හැම දෙයක්ම බලන කෝනයට සාපේක්ෂව මනස්ගාතයක් කියන්න පුලුවන්. විද්‍යාව වුනත් හරය assumptions ටිකක්.
------ Post added on Apr 4, 2026 at 11:04 AM
ඩේට සයන්ස්, එල් එල් එම්, ආටිෆිශල් ජෙනරල් ඉන්ටෙලිජන්ස් කියන කාරණා ගැන ඔබට වැටහීමක් තියෙනවනෙ මගේ ප්‍රඥාවන්ත මිත්‍රයා. ඒ දේවල් අද වෙද්දි මනුස්සයො පාවිච්චි කරල තමන්ගෙ ජීවන ක්‍රියාවලීන් පහසු කරගනිමිනුත් යනවනෙ මිත්‍රයා.
ඉතින් කෙනෙක්ට පුළුවන් තව දුරටත් රොටෝස්කොපික් බ්‍රශ් එකක් පාවිච්චි කරල ආෆ්ටර් ඉෆෙක්ට්ස් වල ෆ්‍රේම් බයි ෆ්‍රේම් ඇනිමේශන්ස් කරන්නත්... නැත්තන් ආරම්භක ෆ්‍රේම් එකයි අවසාන ෆ්‍රේම් එකයි හදාගෙන ඒ දෙක ලබාදීල ඒ අතර ඇනිමේශන් එක දියුණු කරපු පද්ධතියක් මගින් ඉතා සුළු කාලයකින් ලබාගන්න.
ඔය උදාහරණයම තමයි ඔබගෙ ප්‍රශ්නයටත් ලබා දෙන්න පුළුවන්. මිනිස්සු පුප ඉරාගෙන අවුරුදු, දශක, සියවස්, කල්ප, පරම්පරා ගානක් එකතු කරපු දත්ත අද අපි බොරුයි කියල, කිසිම වැඩක් නෑ කියල විසික් කරල වෙනමම එකක් කරන්න යනව නම්.... ඔව් කරන්න පුලුවන් - හැබැයි භෞතික විද්‍යාත්මකව හඳුන්වා දෙන ක්ෂමතාවයට අනුව ප්‍රතිඵල ලබා දීමට යන කාලය ඉතාම අධිකයි වගේම, ලැබෙන ප්‍රතිඵලය බොහෝ දුරට අරකටම සමානයි.