රට වනසපු අරගල බේසික පුතාලා මෙහෙ වරෙව් සිස්ටම් චේන්ජ් කලාමද මෙහෙම වෙන්නේ කියාපියව්

කාර්යාල සහායක පන්තිය (lll) සේවකයකුගේ වැටුප නව වැටුප් වර්ධකයට පසු දෙලක්ෂ විසිතුන් දහස් හත්සිය හැටතුනක් දක්වා ඉහළ ගොස් ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සදහන් වේ.ඒ අනුව, එම කාර්යාල සහායක සේවකයකුගේ වැටුප රුපියල් 59,129කින් වැඩි වී ඇත.මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ නියෝජ්‍ය අධිපතිවරයකුගේ දළ වැටුප 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු රුපියල් දාහත් ලක්ෂ විසිඅට දහස් හාරසිය දහනවයක් දක්වා වැඩි වන බව එහි සඳහන් වේ.ඒ අනුව, නියෝජ්‍ය අධිපතිවරයකුගේ වැටුප් වැඩි වීම රුපියල් හත් ලක්ෂ පනස්එක් දහස් හත්සිය පනස්හතකි.නියෝජ්‍ය අධිපතිවරයකුට 2024 සාමූහික ගිවිසුමට පෙර පැවැති දළ වැටුප වූයේ,
මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණියේ සහකාර අධිපතිවරයකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු දළ වැටුප දොළොස් ලක්ෂ හැටහත් දහස් එකසිය හැත්තෑවකි.එම ගිවිසුමට පෙර ඔවුන්ගේ දළ වැටුප වූයේ, හත් ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑතුනකි.ඒ අනුව, එම නිලධාරීන්ගේ වැටුප් වැඩි වීම පන් ලක්ෂ පනස් දහස් තුන්සිය අනූහතකි.එසේම, මාණ්ඩලික පන්තිය (IV) නිලධාරියකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු දළ වැටුප දස ලක්ෂ හතළිස් නව දහස් හාරසිය තිහකි.මාණ්ඩලික පන්තිය (III) ( 2 ) ශ්‍රේණියේ නිලධාරියකුගේ වැටුප එම වැටුප් වර්ධකයෙන් පසු අට ලක්ෂ අනූතුන් දහස් හත්සිය පහකි.සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අසා තිබූ ප්‍රශ්නයකට අදාළව අගමැතිවරයා මෙම පිළිතුර සභාගත කළේය.
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
මහ බැංකු පියන්ගේ පඩිය රු. 2,23,000යි - අගමැතිගෙන් හෙළිදරව්වක්
3/07/2024 12:36:00 PM
කාර්යාල සහායක පන්තිය (lll) සේවකයකුගේ වැටුප නව වැටුප් වර්ධකයට පසු දෙලක්ෂ විසිතුන් දහස් හත්සිය හැටතුනක් දක්වා ඉහළ ගොස් ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සදහන් වේ.ඒ අනුව, එම කාර්යාල සහායක සේවකයකුගේ වැටුප රුපියල් 59,129කින් වැඩි වී ඇත.මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ නියෝජ්‍ය අධිපතිවරයකුගේ දළ වැටුප 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු රුපියල් දාහත් ලක්ෂ විසිඅට දහස් හාරසිය දහනවයක් දක්වා වැඩි වන බව එහි සඳහන් වේ.ඒ අනුව, නියෝජ්‍ය අධිපතිවරයකුගේ වැටුප් වැඩි වීම රුපියල් හත් ලක්ෂ පනස්එක් දහස් හත්සිය පනස්හතකි.නියෝජ්‍ය අධිපතිවරයකුට 2024 සාමූහික ගිවිසුමට පෙර පැවැති දළ වැටුප වූයේ,
රුපියල් නව ලක්ෂ හැත්තෑහය දහස් හයසිය හැටදෙකකි.මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණියේ සහකාර අධිපතිවරයකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු දළ වැටුප දොළොස් ලක්ෂ හැටහත් දහස් එකසිය හැත්තෑවකි.එම ගිවිසුමට පෙර ඔවුන්ගේ දළ වැටුප වූයේ, හත් ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑතුනකි.ඒ අනුව, එම නිලධාරීන්ගේ වැටුප් වැඩි වීම පන් ලක්ෂ පනස් දහස් තුන්සිය අනූහතකි.එසේම, මාණ්ඩලික පන්තිය (IV) නිලධාරියකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු දළ වැටුප දස ලක්ෂ හතළිස් නව දහස් හාරසිය තිහකි.මාණ්ඩලික පන්තිය (III) ( 2 ) ශ්‍රේණියේ නිලධාරියකුගේ වැටුප එම වැටුප් වර්ධකයෙන් පසු අට ලක්ෂ අනූතුන් දහස් හත්සිය පහකි.සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අසා තිබූ ප්‍රශ්නයකට අදාළව අගමැතිවරයා මෙම පිළිතුර සභාගත කළේය.
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න