පියයුරු පිළිකාව ගැන දැනුවත් වෙමු
පියයුරු පිළිකාව
පියයුරු පිළිකාවක් යනු කුමක්ද?
පියයුරෙහි ග්‍රන්ථි හා නාලවල අසාමාන්‍ය ලෙස සෑදෙන සෛල බෙදීමකි.
පියයුරු පිළිකාවක් සෑදීමේ වැඩි අවදානම කාටද?
පියයුරු පිළිකා සෑදෙන්නේ එම අවදානම් සාධක ඇති අයට පමණද?
නැත. පියයුරු පිළිකා සහිතව හඳුනාගන්නා බොහෝ දෙනෙකුට එම අවදානම් සාධක නැත. තවද අවදානම් සාධක ඇති සියළු දෙනාට පියයුරු පිළිකා නොසෑදෙයි.
පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ කවරේද?
පියයුරු වල ඇති සියළු ගැටිති පිළිකාද?
නැත. ඒවායින් බොහොමයක් හානිකර නොවන ඒවාය.
පියයුරු පිළිකාවක් කලින් හඳුනාගැනීම වැදගත් වන්නේ ඇයි?
ප්‍රාථමික අවධියේ හඳුනාගත් විට සාර්ථකව ප්‍රතිකාර කර ජීවිතය යථා තත්වයට පත්කර ගත හැක.
පියයුරු පිළිකාවක් ඔබට කලින් හදුනාගත හැකිද?
හැක. ස්වයං පියයුරු පරීක්ෂාව මගින්.
පියයුරු පරීක්ෂා කළ යුත්තේ කවදාද?
පියයුරු පිළිකාවක් කලින් හඳුනාගත හැකි ක්‍රම මොනවාද ?
කාන්තාවන් මාසිකව තමන් විසින්ම කරගන්නා ස්වයං පියයුරු පරීක්ෂාව. ඊට අමතරව මැමෝග්‍රැෆි පරීක්ෂාව, අල්ට්රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂාව, සියුම්ඉඳිකටුවකින් පියයුරු සෛල ලබාගෙන කරන පරීක්ෂාව ආදි ක්‍රම ද ඇත.
රෝග ලක්ෂණයක් හඳුනාගත්විට ඔබ කළ යුත්තේ
කුමක්ද?
ඔබේ ප්‍රදේශයේ සුවනාරි සායනය වෙත යන්න/ රජයේ හෝ පෞද්ගලක රෝහලක වෛද්‍යවරයකු හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වන්න/ ඔබට ආසන්නව පිහිටි රෝහලේ ශල්‍ය වෛද්‍ය හෝ පියයුරු සායනයට යන්න.
සුවනාරි සායනයක් යනු කුමක්ද?
ප්‍රදේශයේ ක්ෂේත්‍ර සායන වලදී හෝ රෝහල්වලදී කාන්තාවන් සඳහා පවත්වන සායනයකි. මෙමඟින් නිරෝගී කාන්තාවන්ගේ පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ වෙනත් රෝග හඳුනාගැනීමට සේවාවන් සපයයි.
වෛද්‍ය නයනා ද අල්විස් විසින් පියයුරු පිළිකාව පිළිබඳ කල සාකච්ජාව..
පියයුරු පිළිකා කලින් හඳුනාගෙන සාර්ථක ප්‍රතිකාර මඟින් සහ පියයුරු නැවත සකස්කිරීමෙන් ඔබගේ සුන්දරත්වය සහ ජීවිතය රැකගත හැකිය.


පියයුරු පිළිකාව
පියයුරු පිළිකාවක් යනු කුමක්ද?පියයුරෙහි ග්‍රන්ථි හා නාලවල අසාමාන්‍ය ලෙස සෑදෙන සෛල බෙදීමකි.
පියයුරු පිළිකාවක් සෑදීමේ වැඩි අවදානම කාටද?- පවුලේ මව හෝ සොයුරියකට පියයුරු පිළිකා සෑදී ඇති කාන්තාවන්
- පියයුරු රෝග පෙර ඉතිහාසයක් සහිත කාන්තාවන්
- දරුවන් නොමැති හෝ දරුවන් ලැබීම පමාවූ කාන්තාවන් (අවු. 35 ට පසු පළමු දරු උපත සිදුවී ඇත්නම්)
- කලින් වැඩිවිය පැමිණීම (අවු. 11ට පෙර)
- ප්‍රමාදව ආර්තවහරණය සිදුවීම (අවු. 55ට පසු)
- වෛද්‍ය උපදෙසින් තොරව ඊස්ට්‍රජන් හෝමෝනයට අඩංගු පෙතිවලට දිගුකාලීනව නොකඩවා නිරාවරණය වූ කාන්තාවන්
- ආර්තවහරණයෙන් පසු අධික ලෙස බර වැඩිවූ කාන්තාවන්
පියයුරු පිළිකා සෑදෙන්නේ එම අවදානම් සාධක ඇති අයට පමණද?නැත. පියයුරු පිළිකා සහිතව හඳුනාගන්නා බොහෝ දෙනෙකුට එම අවදානම් සාධක නැත. තවද අවදානම් සාධක ඇති සියළු දෙනාට පියයුරු පිළිකා නොසෑදෙයි.
පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ කවරේද?- පියයුරුවල අළුතින් ඇතිවූ අසමමිතික බවක්
- පියයුරෙහි වලගැසීමක්
- ගැටිත්තක්, පියයුරෙහි සමෙහි වෙනස් වීමක් (දොඩම් ලෙල්ලක මතුපිට, දදයක් හෝ ඝනවීමක්)
- තනපුඩුවේ ගිලියාමක් හෝ වෙනසක්
- තනපුඩුවේකිරි නොවන වෙනත් දියර පිටවීමක්
- පියයුරුවල අසාමාන්‍ය වේදනාවක්
පියයුරු වල ඇති සියළු ගැටිති පිළිකාද?නැත. ඒවායින් බොහොමයක් හානිකර නොවන ඒවාය.
පියයුරු පිළිකාවක් කලින් හඳුනාගැනීම වැදගත් වන්නේ ඇයි?ප්‍රාථමික අවධියේ හඳුනාගත් විට සාර්ථකව ප්‍රතිකාර කර ජීවිතය යථා තත්වයට පත්කර ගත හැක.
පියයුරු පිළිකාවක් ඔබට කලින් හදුනාගත හැකිද?හැක. ස්වයං පියයුරු පරීක්ෂාව මගින්.
පියයුරු පරීක්ෂා කළ යුත්තේ කවදාද?- සෑම කාන්තාවක්ම මසකට වරක් පියයුරු පරීක්ෂාව කළ යුතුය.
- මාස්ශූද්ධිය සිදුවන කාන්තාවන් මාස්ශූද්ධිය අවසානයෙන් සතියකට පසුව තම පියයුරු පරීක්ෂා කළ යුතුය.
- මාස්ශූද්ධිය නතර වු කාන්තාවන් සෑම මසකම නිශ්චිත දිනයක් පියයුරු පරීක්ෂාවට යොදා ගත යුතුය.
පියයුරු පිළිකාවක් කලින් හඳුනාගත හැකි ක්‍රම මොනවාද ?කාන්තාවන් මාසිකව තමන් විසින්ම කරගන්නා ස්වයං පියයුරු පරීක්ෂාව. ඊට අමතරව මැමෝග්‍රැෆි පරීක්ෂාව, අල්ට්රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂාව, සියුම්ඉඳිකටුවකින් පියයුරු සෛල ලබාගෙන කරන පරීක්ෂාව ආදි ක්‍රම ද ඇත.
රෝග ලක්ෂණයක් හඳුනාගත්විට ඔබ කළ යුත්තේකුමක්ද?
ඔබේ ප්‍රදේශයේ සුවනාරි සායනය වෙත යන්න/ රජයේ හෝ පෞද්ගලක රෝහලක වෛද්‍යවරයකු හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වන්න/ ඔබට ආසන්නව පිහිටි රෝහලේ ශල්‍ය වෛද්‍ය හෝ පියයුරු සායනයට යන්න.
සුවනාරි සායනයක් යනු කුමක්ද?ප්‍රදේශයේ ක්ෂේත්‍ර සායන වලදී හෝ රෝහල්වලදී කාන්තාවන් සඳහා පවත්වන සායනයකි. මෙමඟින් නිරෝගී කාන්තාවන්ගේ පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ වෙනත් රෝග හඳුනාගැනීමට සේවාවන් සපයයි.
වෛද්‍ය නයනා ද අල්විස් විසින් පියයුරු පිළිකාව පිළිබඳ කල සාකච්ජාව..
පියයුරු පිළිකා කලින් හඳුනාගෙන සාර්ථක ප්‍රතිකාර මඟින් සහ පියයුරු නැවත සකස්කිරීමෙන් ඔබගේ සුන්දරත්වය සහ ජීවිතය රැකගත හැකිය.



Last edited:
