පියයුරු පිළිකාව ගැන දැනුවත් වෙමු

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,364
    613
    113
    Colombo
    පියයුරු පිළිකාව ගැන දැනුවත් වෙමු

    පියයුරු පිළිකාව



    :love: පියයුරු පිළිකාවක් යනු කුමක්ද?

    පියයුරෙහි ග‍්‍රන්ථි හා නාලවල අසාමාන්‍ය ලෙස සෑදෙන සෛල බෙදීමකි.



    :love: පියයුරු පිළිකාවක් සෑදීමේ වැඩි අවදානම කාටද?


    • පවුලේ මව හෝ සොයුරියකට පියයුරු පිළිකා සෑදී ඇති කාන්තාවන්

    • පියයුරු රෝග පෙර ඉතිහාසයක් සහිත කාන්තාවන්

    • දරුවන් නොමැති හෝ දරුවන් ලැබීම පමාවූ කාන්තාවන් (අවු. 35 ට පසු පළමු දරු උපත සිදුවී ඇත්නම්)

    • කලින් වැඩිවිය පැමිණීම (අවු. 11ට පෙර)

    • ප‍්‍රමාදව ආර්තවහරණය සිදුවීම (අවු. 55ට පසු)

    • වෛද්‍ය උපදෙසින් තොරව ඊස්ට‍්‍රජන් හෝමෝනයට අඩංගු පෙතිවලට දිගුකාලීනව නොකඩවා නිරාවරණය වූ කාන්තාවන්

    • ආර්තවහරණයෙන් පසු අධික ලෙස බර වැඩිවූ කාන්තාවන්


    :love: පියයුරු පිළිකා සෑදෙන්නේ එම අවදානම් සාධක ඇති අයට පමණද?

    නැත. පියයුරු පිළිකා සහිතව හඳුනාගන්නා බොහෝ දෙනෙකුට එම අවදානම් සාධක නැත. තවද අවදානම් සාධක ඇති සියළු දෙනාට පියයුරු පිළිකා නොසෑදෙයි.





    :love: පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ කවරේද?


    • පියයුරුවල අළුතින් ඇතිවූ අසමමිතික බවක්

    • පියයුරෙහි වලගැසීමක්

    • ගැටිත්තක්, පියයුරෙහි සමෙහි වෙනස් වීමක් (දොඩම් ලෙල්ලක මතුපිට, දදයක් හෝ ඝනවීමක්)

    • තනපුඩුවේ ගිලියාමක් හෝ වෙනසක්

    • තනපුඩුවේකිරි නොවන වෙනත් දියර පිටවීමක්

    • පියයුරුවල අසාමාන්‍ය වේදනාවක්




    :love: පියයුරු වල ඇති සියළු ගැටිති පිළිකාද?

    නැත. ඒවායින් බොහොමයක් හානිකර නොවන ඒවාය.




    :love: පියයුරු පිළිකාවක් කලින් හඳුනාගැනීම වැදගත් වන්නේ ඇයි?

    ප‍්‍රාථමික අවධියේ හඳුනාගත් විට සාර්ථකව ප‍්‍රතිකාර කර ජීවිතය යථා තත්වයට පත්කර ගත හැක.




    :love: පියයුරු පිළිකාවක් ඔබට කලින් හදුනාගත හැකිද?

    හැක. ස්වයං පියයුරු පරීක්‍ෂාව මගින්.






    :love: පියයුරු පරීක්ෂා කළ යුත්තේ කවදාද?


    • සෑම කාන්තාවක්ම මසකට වරක් පියයුරු පරීක්ෂාව කළ යුතුය.

    • මාස්ශූද්ධිය සිදුවන කාන්තාවන් මාස්ශූද්ධිය අවසානයෙන් සතියකට පසුව තම පියයුරු පරීක්ෂා කළ යුතුය.

    • මාස්ශූද්ධිය නතර වු කාන්තාවන් සෑම මසකම නිශ්චිත දිනයක් පියයුරු පරීක්ෂාවට යොදා ගත යුතුය.




    :love: පියයුරු පිළිකාවක් කලින් හඳුනාගත හැකි ක‍්‍රම මොනවාද ?

    කාන්තාවන් මාසිකව තමන් විසින්ම කරගන්නා ස්වයං පියයුරු පරීක්‍ෂාව. ඊට අමතරව මැමෝග‍්‍රැෆි පරීක්‍ෂාව, අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්‍ෂාව, සියුම්ඉඳිකටුවකින් පියයුරු සෛල ලබාගෙන කරන පරීක්‍ෂාව ආදි ක‍්‍රම ද ඇත.




    :love: රෝග ලක්ෂණයක් හඳුනාගත්විට ඔබ කළ යුත්තේ
    කුමක්ද?


    ඔබේ ප‍්‍රදේශයේ සුවනාරි සායනය වෙත යන්න/ රජයේ හෝ පෞද්ගලක රෝහලක වෛද්‍යවරයකු හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වන්න/ ඔබට ආසන්නව පිහිටි රෝහලේ ශල්‍ය වෛද්‍ය හෝ පියයුරු සායනයට යන්න.




    :love: සුවනාරි සායනයක් යනු කුමක්ද?

    ප‍්‍රදේශයේ ක්ෂේත‍්‍ර සායන වලදී හෝ රෝහල්වලදී කාන්තාවන් සඳහා පවත්වන සායනයකි. මෙමඟින් නිරෝගී කාන්තාවන්ගේ පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ වෙනත් රෝග හඳුනාගැනීමට සේවාවන් සපයයි.




    වෛද්‍ය නයනා ද අල්විස් විසින් පියයුරු පිළිකාව පිළිබඳ කල සාකච්ජාව..








    පියයුරු පිළිකා කලින් හඳුනාගෙන සාර්ථක ප‍්‍රතිකාර මඟින් සහ පියයුරු නැවත සකස්කිරීමෙන් ඔබගේ සුන්දරත්වය සහ ජීවිතය රැකගත හැකිය. :lol::lol::lol:
     
    Last edited: