පියවි ඇසින් ඔබ්බට : 01

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
පියවි ඇසින් ඔබ්බට : 06

ගිය ආත්මේ බිරිය මේ ආත්මෙදිත් පස්සෙන් ඇවිත් “මා අරන් මිස යන්නේ නැහැලු”



aw0902151.jpg


තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ… ආදි වශයෙන් පටිච්ච සමුප්පාදයේ සඳහන් වෙයි. ආශාව නිසා දැඩිව අල්ලා ගැනීම ද දැඩිව අල්ලා ගැනීම නිසා භවයක පිළිසිඳ උපත ලැබීම ද සිදු වී ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝකවීම, හැඬීම් වැළපීම්, දුක් දොම්නස්වීමට සිදුවීම මේ කි‍්‍රයාවලියයි.
මේ සියල්ල අවිද්‍යාව හෙවත් නොදැනීම හේතු කොට ගෙන ලබන්නා වූ ඵලයන්ය. තණ්හාව නිසා සිතේ සිතුවිලි ගොඩ ගසා ගැනීමෙන් මේ දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් නැවත නැවත් ඉපදෙමින් සංසාර ගමන දිගුවෙයි.
මේ අප දන්නා හඳුනන මහත්මයකුට එළඹ ඇති සංසාරික කරදරයක සංවේදී කතාවකි.
ඔහු මහනුවර දිස්ති‍්‍රක්කයේ කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. පනස් හත් හැවිරිදි විවාහකයෙකි. ඔහුගේ බිරිය ද රජයේ රැකියාවක් කරන අතර ඔහු ව්‍යාපාරයක නියුතුව සිටී. මිනිස් ඇසට නොපෙනෙන පුද්ගලයකු ඔහු ගේ හිසට අත මිට මොළවා පහර දෙයි. පපුවට, පිටට දැලට පහර දෙයි.
හිස කෙස්වලින් හා කනෙන් අදී. නාසය තුළ පිහිටි මවිල්වලින් අදී. මෙය ඔහුට මහත් වේදනාවක් ගෙන දෙයි. හිරිහැරයක් වී පවතී. දිනක් කළුතර බෝ සමිඳුන් සෙවණේ දී මා මුණ ගැසුණු ඔහු තමන්ගේ දුක්ඛ දායක කතාව දිග හැරියේ මෙසේ ය.
“මේ සිද්ධිය පටන් අරගෙන දැනට අවුරුදු දහ අටක් වෙනවා. මම පුදුම දුකක් විඳින්නේ. මගේ ළඟ යම් කෙනෙක් නිතර ම සමීපව ගැවසෙන බව මට දැනෙනවා. හිටි හැටියේ මගේ හිස කෙස්වලින් අදිනවා. නාසය ඇතුළේ මවිල්වලින් අදිනවා. අත මිට මොළවා පහර දෙනවා.
දැන් මේකට ලංකාවේ යන්න තියෙන හැම දේවාලයකටම ගියා. කරන්න තියෙන හැම තැනකටම ගියා. ශාස්ත‍්‍ර කියන තැන්වලට ගියා. හඳහන් බලන තැන්වලට ගියා. හින්දු කෝවිල්වලට ගිහින් හින්දු ක‍්‍රමයේ පුද පූජා කළා. පල්ලිවලට ගිහින් කි‍්‍රස්තියානි ක‍්‍රමයේ පූජා විධි කළා. මුස්ලිම් ආගමේ හැටියටත් කළා.
භාවනා ක‍්‍රමවලින් සිත දියුණු කළ යෝගී වරුන් ළඟටත් ගියා. පිරිත් බලයෙන් සෙත් ශාන්ති කරන තැන්වලටත් ගියා. ඒ අය බොහෝ දෙනෙක් කියන්නේ නම් එක ම කතාවයි. “පුදුම ලස්සන කාන්තාවක් මගේ පිටුපසින් සිටිනවා” යැයි එක් යෝගී ස්වාමින් වහන්සේ නමක් කීවා. තවත් තැනකින් කීවා “හරියට හින්දි නිළියක් වගේ ලස්සන තරුණ කාන්තාවක් හින්දි ඇඳුමෙන් සැරසී සිටිනවා” ය කියා. අඳුනකින් බලන තැනකට ගියා ම ඒ අඳුන බලන එක්කෙනා පුදුම වුණා. ඒ කාන්තාවගේ ලස්නනට. “පුදුම ලස්සනක්. හරිම ලස්සන කාන්තාවක් ඔබේ ළඟ ඉන්නවා” ය කියා.
මේ ළඟ දී තවත් තැනකට ගියා. එතැනින් මගෙන් ඉල්ලුවා රුපියල් ලක්ෂ තුනක්. මේක පූරව කර්මයක් සමඟ එකට පවතින සිද්ධියක්. ඇය ඉවත් කරන්න නම් රුපියල් ලක්ෂ තුනක් ඕනෑ ය කීවා.
ඒ මුදලින් දඹදිව සිද්ධස්ථානවල පහන් ගෙවල් හදනවා”ය කියා. මට ඒ තරම් මුදලක් වැය කරන්න අපහසුයි කීවාම කීවා “එහෙම නම් මාස දෙකක් විතර ආරණ්‍ය ගත වී භාවනා කරන්න” කියා. මට ඒ දෙක ම කරන්න බැහැ. අවුරුදු දහ අටක් හම්බ කරපු සෑම සතයක් ම මේකටමයි වියදම් කළේ.
මගේ ළඟ ලක්ෂ තුනක් තියා රුපියල් තිස් දාහක්වත් දැන් නැහැ. භාවනා කරන්න යන්නත් බැහැ. මම කරන ව්‍යාපාරය අතහැරියොත් නැවත ඒක පටන් ගන්න බැහැ. මම කරන ව්‍යාපාරය වෙන කෙනෙක් පටන් ගත්තොත් ඒ වෙළෙඳ මාර්ගය මට අහිමි වෙනවා.
ඊට පස්සෙ මෙහෙණින් වහන්සේ නමක ගෙන් තුන් වේලක් පිරිත් කියවා උපදෙස් ගත්තා.
මට මෛතී‍්‍ර භාවනාව කරන්න උපදෙස් දුන්නා. මටත් සියලු සත්ත්වයනටත් මෛතී‍්‍ර කොට අවසානයේ මගේ ළඟ ඇසුරු කරන මේ අමනුෂ්‍ය බලවේගයට අවංකවම මෛතී‍්‍ර කරන්න උපදෙස් දුන්නා. මම උදේ හවස එසේ මෛතී‍්‍ර කළා.
එතකොට මට රිදවන එක නතර වුණා. ඉතා ම සියුම් සුවදායක කුරුලු පිහාටුවක් වගේ එකකින් මගේ ඇඟ පිරිමදින්න වුණා. හරිම සනීපදායක පරිදි මගේ ඇඟ අත ගානවා වගේ දැනුණා. ඒත් ව්‍යාපාරයේ කටයුතු නිසා සමහර වෙලාවට මෛතී‍්‍ර භාවනාව මඟ හැරුණා.
එතකොට නැවතත් මගේ හිස කෙස්වලින් අදින්නත් පහර දෙන්නත් පටන් ගත්තා. මොනවා කළත් කොහොම හරි කරන පිළිවෙත මඟ හැරෙන්න වැඩ සිද්ධ වෙනවා.
සුප‍්‍රසිද්ධ හාමුදුරු නමක් ළඟට මම ගියා. “ඕවා බොරු විකාර. ඕවා හිතින් මවාගත්ත විකාර” කියා මට දොස් කිව්වා.
දැන් මගේ බිරියටත් මා එපා වෙලා වගෙයි. අවුරුදු දහ අටක් ම මේක පස්සෙම දුවනවා. මේක මගේ මානසික අමාරුවක් ය කියා ඇය කේන්තියෙන් බණිනවා.
“ඉතින් ඔය ඔබේ ළඟ සිටින සුරූපී කාන්තාව කව්ද කියා ගුප්ත ශාස්ත‍්‍රවලින් කීවේ නැද්ද” මම ඔහු ගෙන් ඇසුවෙමි.
“හැම තැනින් ම වගේ කියන්නේ එක ම කතාව. මම මීට පෙර භවයෙ උතුරු ඉන්දියාවේ ඉපදිලා හිටියාලු. සාමාන්‍ය පවුලක ඉපදී ඉගෙන ගෙන උතුරු ඉන්දියාවේ අමරිත්සාර් ප‍්‍රදේශයේ ප‍්‍රධාන පරිපාලන නිලධාරියකු ලෙස රස්සාව කළාලු. අමරිත්සාර්වල ඉතාම ධනවත්, කුලවත්, බලවත් පවුලක ලස්සන තරුණියක් හිටියාලු.
ඇය සික් ජාතික තරුණියක්. ඇගේ නම පටේල් සිං. ඇය මට ආදරය කළාලු. ඇගේ පවුලේ අය ධනවත් බලවත් වුණත් මගේ රාජකාරි මට්ටම නිසා විරුද්ධ වෙලා නෑ. අප දෙදෙනා අතරේ විවාහය සිදුවෙලා. අපි දෙන්නා ඉතා ම ආදරයෙන් හා සන්තෝසයෙන් අන්‍යොන්‍ය බැඳීමකින් ජීවත් වෙලා. ඉතා ම පී‍්‍රතිමත් පවුල් ජීවිතයක් ගත කරලා.
අවුරුද්දක් විතර ඉතා ම සන්තෝසයෙන් ජීවත් වෙද්දී අපේ පවුලට තවත් තුන්වැන්නෙක් සම්බන්ධ වෙන තැනට කටයුතු යෙදී තියෙනවා.
ඒ කියන්නේ දරුවෙක් ලැබෙන්න, ඇය ගර්භනී බවට පත්වෙලා. හිටි හැටියේ ම ඇගේ කුසට මාස ගණන සම්පූර්ණ වෙන්න කලින් දරු උපත සඳහා අමාරු වෙලා.
ප‍්‍රදේශයේ තියෙන ඉහළ ම රෝහලට ඇය ගෙන ගිහින්. දරුවා ප‍්‍රසූත වී තියෙන්නේ මළදරු උපතක් ලෙසින්. ඇගේ අධික රුධිර වහනය නතර කරන්න බැරිවෙලා. මගේ බිරියගේ රෝගී තත්ත්වය උත්සන්න වෙලා. මගේ අත අල්ලා ගෙන ම ඇය මරණයට පත්වෙලා.
ඇය අවසන් මොහොතේ මා ගැන දැඩි ආදරයකින් කනගාටු වෙලා තියෙනවා. “අනේ! මම මැරුණා ම මගේ මහත්තයා මේ ලෝකයේ තනි වෙනවා නේද? මගේ මහත්තයාට සලකන්නේ කවුද?” කියා ඇය මා ගැන දැඩි ආදරයකින් තමයි අවසන් හුස්ම හෙලා තියෙන්නේ.
ඒ අතරේ මම ඇය ගැන ම දුක් වෙවී සිටියා මිසක් වෙනත් විවාහයක් කරගෙන නැහැ.
එහෙම කාලයක් ඉඳලා මාත් දුකෙන් ම මරණයට පත්වෙලා. ඊට පස්සෙ මං ලංකාවේ උපත ලබා තියෙනවා. මේ අතරේ මං ඉන්නේ කොහේද කියා සොයමින් සිටි පටේල් සිං ගේ ආත්මයට මං ඉන්නා තැන හමුවෙලා. මෙයට අවුරුදු දහ අටකට කලින් එක්තරා දිනයක ඇයට මා මුණ ගැසිලා.
ඒ වන විට මම විවාහකයෙක්. තාත්තා කෙනෙක්. දැන් ඇය මගේ සමීපයේ ම සැරිසරනවා. “මාව අරගෙන මිසක් යන්නේ නැතිලු.”මම දැන් දෙලොවක් අතර දුක් විඳිනවා. මේ සිද්ධිය කරදරයක් වෙලා.
මගේ වර්තමාන පවුල් ජීවිතයටත් අවුල්කාරී සිද්ධියක් වෙලා. මගේ වර්තමාන බිරිය මේ ගුප්ත ශාස්ත‍්‍ර පිළිගන්නෙත් නැහැ. පටේල් සිං මා අත හැර යන්නෙත් නෑ.”
“පහුගිය ආත්මයේ බිරිය ඉතා ම බලවත් ආත්මයක් බවයි වැටහෙන්නේ. ඉතා ම සුරූපී දුටුවන් මන බඳින ශරීර විලාසයක් පෙන්නුම් කරන නිසා අප‍්‍රසන්න පේ‍්‍රතාදි අමනුෂ්‍ය ආත්මයක් යැයි හිතන්නත් බැහැ. ඇය නාග කන්‍යාවියක් දැයි වෙලාවකට හිතෙනවා” යි මගේ හිතවතා ඔහුගේ සංවේදී කතාව අවසන් කළේය.
කෙසේ නමුත් බුදු දහමට අනුව කෙනකු මරණාසන්න මොහොතේ දැඩි ලෙස සිතින් අල්ලා ගෙන සිටි අවසාන සිතුවිල්ල ඊළඟ ප‍්‍රතිසන්ධියට සෘජුව ම බලපාන බව මෙයින් මොනවට පැහැදිලි වෙයි.
“තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ”


:shocked::shocked:

:yes::yes::yes:
 
  • Like
Reactions: MNV

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
පියවි ඇසින් ඔබ්බට : 07

අඳුරන්න බැරි ද? මං කර්ලිනාහාමි උපාසකම්මා



aw0906281.jpg


බුදු දහමේ විමුක්ති මාර්ගය දේශනා කොට ඇත්තේ දාන, ශීල, භාවනා යන ති‍්‍රවිධ කුසල කි‍්‍රයා අනු පිළිවෙළට ය. කෙනෙක් තමන් ගේ ශක්තිය අනුව දන් පැන් දෙමින් පෝයට සිල් සමාදන් වෙති.
තවත් කෙනෙක් තමන් සතු දෙයින් බිඳක් සොලවන්නට අකමැතිව අනුන්ගේ යහපත පිණිස කිසිවක් නොදී පෝ දිනට පමණක් පන්සලට ගොස් සිල් සමාදන් වී නිවන් දකින්නට මාන බලති.
තවත් කෙනෙක් තමන් ගේ ජීවිත කාලය ම කට්ට කපටි කෛරාටික කමින් රැකියාවේ දී පවා වැටුපට සරිලන සේවයක් නොකොට විශ‍්‍රාම ගිය පසු දාන ශීලයෙන් තොරව කෙළින් ම විපස්සනා භාවනාව සොයා යති.
මෙයින් කීයෙන් කී දෙනෙක් නිවැරදිදැයි ඔවුන්ගේ ම හදවත්වලින් ම විමසා දත යුතුය. දානයෙන් තණ්හාව අඩු කරමින් සීලයෙන් කය වචන සංවර කැර ගනිමින් භාවනාවෙන් සිත කෙලෙස් තුනී කරමින් යා යුතු මඟට වන් අය පවා අතර මඟ මිය ඇදුණ ද තමන් හුරු පුරුදු කළ දේ සසර ගමන සඳහා පාරමිතා වෙයි.
කෙසේ වෙතත් භාවනාවෙන් සිත පිරිසුදු කැර ගැනීමෙන් තොරව ක‍්‍රමයෙන් ශාන්ත වූ සුවය උදා කැර ගත නොහැක්කේ ම ය. අසූ හාර දහසක් වෙහෙර විහාර ඉදිකොට මහා සාසනික සේවයක් කළ ධර්මාශෝක අධිරාජයාට පවා අපාගත වන්නට සිදු වූ බව කව්රුත් දන්නා සිද්ධියකි. එසේ නම් අප ගැන කවර කතා ද?
තමන්ට හැකි අයුරින් දන් පැන් දෙමින් සතර පෝයට සිල් සමාදන් වෙමින් කල් ගෙවූ උපාසිකාවක ගේ කතාවකි මේ.
අද අතුරුගිරියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ සිටින ගස්නාවේ ඤාණානන්ද හිමියෝ එවකට වැඩ වාසය කළේ හඟුරන්කෙත ප‍්‍රදේශයේ ආරණ්‍යයකය. ඒ ආරණ්‍ය සේනාසනය ද ගල්දූව ආරණ්‍ය සේනාසන සංස්ථාවට ම අයත් වූවකි.
හඟුරන්කෙත ආරණ්‍ය සේනාසනය ආසන්නයේ නිවසක පදිංචි වැඩිහිටි උපාසිකාවක් වූවා ය. ඇය මේ ආරණයේ වැඩ වසන යෝගාවචරයන් වහන්සේට මහත් ශ‍්‍රද්ධාවෙන් හා භක්තියෙන් යුතුව සිව්පසයෙන් සංග‍්‍රහ කළා ය. ඇය ග‍්‍රාමවාසී විහාරස්ථ ස්වාමීන් වහන්සේ පි‍්‍රය කළේ නැත.
මේ උපාසිකාව වයස්ගතව ඔත්පල වූවාය. එහෙත් යහනේ සිට පවා දරුවන් ලවා ආරන්්‍යවාසී භික්ෂුන් වහන්සේට දාන මානයෙන් පූජා කැර වූවාය.
මේ අතර ගල්දූව ආරණ්‍ය සේනාසනාධිපති කඩවැද්දුවේ ශී‍්‍ර ජිනවංශ නාහිමියන්ගේ උපන් දින පිංකම සඳහා හඟුරන්කෙත ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේ ගල්දූව බලා පිටත් වූහ. එදින ම රාතී‍්‍ර උපාසිකාව මිය ගියා ය.
උපාසිකාවගේ මරණයේ අවසන් කටයුතුවල ආගමික වතාවත් සඳහා ආරණ්‍යවාසි භික්ෂුන් නොසිටි බැවින් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ වැඩමවා පාංශුකූල චාරිත‍්‍ර සිදු කැරිණි.
ගල්දූවේ පිංකම අවසන් වී ඤාණානන්ද හිමියන් ඇතුළු පිරිස ආපසු ආරණ්‍ය බලා වැඩම කරවද්දී ආරණ්‍යයට නුදුරෙහි ඉඩමක අලුත් මිනී වළක් මත සුදු රෙදි වියනක් රඳවා ඇති අයුරු දැක ඤාණානන්ද හිමියෝ එම පාංශුකූල රෙදි කඩ ද රැගෙන ආරණ්‍යයට වැඩම කළහ.
එදින හැන්දෑවේ මිය ගිය උපාසිකාවගේ දහ අට හැවිරිදි මුණුපුරෙකු ප‍්‍රලය වී නිවසේ වැඩිහිටියනට බැන වදින්නට වීය. ගෙදර අය ඇදුරෙකු ගෙන්වන්නට කතා බහ වෙද්දී මුණුපුරා මිදුලට පැන ආරණ්‍ය සේනාසනය කරා දුවන්නට වීය. නිවැසියෝ ද ඔහු පසු පසින් දුව ගෙන ආහ.
ඤාණානන්ද හිමියන් වෙත පැමිණි මුණුපුරා කේන්තියෙන් වෙව්ල වෙව්ලා තම මවුපියන්ටත් අනිකුත් වැඩිහිටියන්ටත් දෝෂාරෝපණයෙන් බැන වදින්නට වීය.
“බලන්න ස්වාමීන් වහන්ස! මුං මගේ මරණයේ කටයුතු කළේ මම බලා පොරොත්තු වුණ හැටියට නෙවෙයි. මගේ පාංශුකූලය දුන්නේ ගමේ පන්සලට. මං ඒකට කැමති නෑ මං මුංගෙන් පළිගන්නවා. පළිගන්නවාමයි” කියන්නට වීය.
මේ තරුණයාට ආවේශ වී සිටින්නේ කවුදැයි ඤාණානන්ද හිමියන්ට වැටහී ගියත් ඒ බව නොඅඟවා ප‍්‍රශ්න කරන්නට වූහ.
“මේ කව්ද? කතා කරන්නෙ?”
“ඇයි හාමුදුරුවනේ! මා අඳුනන්නේ නැද්ද? මං කර්ලිනා උපාසකම්මා.”
“ඇයි? උපාසකම්මේ මේ ළමයාට කරදර කරන්නේ?”
“හාමුදුරුවනේ! මට මෙයාගෙ ඇඟට විතරයි ඇතුළු වෙන්න පුළුවන්. ඒකයි මේ දරුවගෙ ඇඟට ආවෙ. මං අනිත් උංගෙන් පළිගන්නවා.”
“අනේ! අනේ! උපාසකම්මා සිල් සමාදන් වෙලා දන් පැන් දීලා බණ දහම් ඉගෙන ගත්තේ වෛර කරන්න ද? පළිගන්න ද?”
“ඉතින් හාමුදුරුවනේ! මුං මගේ පාංශුකූලය දුන්නේ පංසලටනෙ.”
“හරි හරි උපාසකම්මගෙ පාංශුකූලය අපිටත් ලැබුණනෙ.”
“ඔව් ඔව් මං දන්නවා. මං දැක්කා ඔබ වහන්සේ වළ උඩ තිබුණු රෙදි හතර රියන අරගෙන එනවා. ඒ වුණාට මට මේගොල්ලන්ගෙ වැඩ ගැන කේන්තියි හාමුදුරුවනේ.”
“ඔන්න ඔය තරහ මරහ හිතින් අයින්කර දාන්න. නැත්නම් තමුන්ටමයි ඒක නරක.”
“එහෙම නම් හය මාසෙන් දෙන දානය මේ ආරණ්‍ය සේනාසනයට දෙන්න ඕනෑ” යි කීවාය.
ඒ හය මාසයේ දානය ආරණ්‍ය සේනාසනයට දෙන බවට එතැන සිටි ඥාතිහු පොරොන්දු වූහ.
“හැබැයි ඒ දානයේ දී අට පිරිකර දෙකක්, ගොටු අතු දෙකක්, සෙරෙප්පු දෙකක් පූජා කරන්න ඕනෑ”යි උපාසක අම්මාගේ ආත්මය නියමයක් ද කළාය.
“ඇයි? උපාසක අම්මේ මේ දෙක දෙක පූජා කරන්න නියම කළේ” යි ඤාණානන්ද හිමියෝ ප‍්‍රශ්න කළහ.
“හාමුදුරුවනේ ඒ වැඩිපුර එක දඬුවම් වශයෙන් මං නියම කළේ”
“හොඳයි දැන් මේ ඇත්ති ඉන්නේ කොහේද?”
“අර මගේ මිනිය භූමදාන කළ තැනට ටිකක් එහායින් තියෙන ගල උඩ තමයි මම ඉන්නේ.”
“හොඳයි! දැන් හය මාසෙ පින්කමේ දී අපි මොනවාද කරන්න ඕනෑ.” හාමුදුරුවෝ නැවතත් ප‍්‍රශ්න කළහ.
“මම කන්න කැමති දේවලින් හොඳට දානෙ දීලා අර කලින් කියාපු විදිහට පිරිකර දෙක දෙක පූජා කරන්න ඕනෑ. දානෙ දවසට කලින් දවසෙ රෑ මම ඉන්න ගල උඩට ඇවිත් පේ‍්‍රත තටුව තියන්න ඕනෑ. ඒක කරන්න ඕනැ මගේ බාල දුව.”
“හා හොඳයි. හය මාසෙ පින්කමට තව වැඩි කාලයකුත් නැහැනෙ. මේ ඇත්ති දැන් මේ ළමයාගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්නැ” යි ඤාණානන්ද හිමියෝ පැවසූහ.
ඒ සමඟ ම තරුණයා ප‍්‍රකෘතිභාවයට පත්වීය. දෑස් පිස දමමින් සිදු වූයේ කුමක් දැයි නොදැන විමතියෙන් වට පිට බලන්නට වූයේ ය. පැමිණ සිටි පිරිස ඔහු කැඳවා ගෙන ගෙදර ගියහ. එයින් පසු කාලයක් ම මේ තරුණයාට ආච්චි අම්මා ආවේශ වූයේ නැත.
හය මාසයේ පින්කම් දිනය උදා වීය. මිය ගිය අම්මා ගේ නියමය පරිදි බාල දියණිය පේ‍්‍රත තටුව ලෙස ආහාර පිඟානක් සකසා කලින් කී ගල මතට ගෙන ගොස් තැබුවා ය.
පසු දා උදේ ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ස්වාමීන් වහන්සේ උදෙසා දානය පිළියෙල කැර ගොස් පූජා කළහ. දන් ශාලාවට වැඩම කළ ස්වාමීන් වහන්සේ දානය ලබා ගෙන තම තමන් වැඩ සිටින කුටිවලට වැඩම කළ අතර ඤාණානන්ද හිමියෝ අනූමෙවෙනි ධර්ම දේශනය සඳහා දන් ශාලාවේ නතර වූහ.
පිරිස පන්සිල්හි පිහිටුවා මියගිය මෑණියන්ට පුණ්‍යානුමෝදනය කිරීම සඳහා දුන් දානයත්, මවු ගුණත්, මේ පින්කම්හි ආනිසංසත් දේශනා කොට අවසාන වන විට ම අර තරුණයා වහාම නැගිට ළඟ සිටි තවත් යහළු තරුණ ළමයකුගේ අතින් ඇද ගෙන කැලේ කඩා ගෙන දුවන්නට වීය.
ඉතා ම වේගයෙන් දුව ගෙන ගිය තරුණයා ගොස් ඇත්තේ පේ‍්‍රත තටුව තැබු ගල උඩට ය. “මේ බලපං මුන් මට කෑම බෙදලා තියෙන හැටි. හොඳට බලා ගනිං මේ පිඟානෙ තියෙන දේවල්” යැයි එකින් එක පෙන්වා ආපසු දන් ශාලාවට දෙදෙනා ම දුව ගෙන ආවෝ ය. ඔවුන් සොයා ගෙන යන්නට පිටත් වූ පිරිස ද ආපසු හැරී පැමිණියහ. ස්වාමීන් වහන්සේ ද සිදු වූයේ කුමක්දැයි දැන ගැනීම සඳහා නතරව සිටියහ.
තරුණ මුණුපුරා යහළුවා සමඟ ඤාණානන්ද හිමියන් ඉදිරිපිට හිඳ ගත්හ. පවුලේ පිරිස ද එතැනට රැස්වූහ.
“හාමුදුරුවනේ! අපේ බාල දූගෙ වැඩත් හරිම බාලයි. මම මේ ළමයා ගල උඩට එක්කර ගෙන ගිහින් පෙන්නුවා. පේ‍්‍රත තටුව බෙදලා තිබුණෙත් පෙරේතකමෙන්. ඇපෙන් බේරෙන්න වගෙයි.
හාමුදුරුවනේ මම අඹවලට හරිම ආසයි. මේකි අඹ කෑල්ලක් බෙදලා තිබුණා මෙන්න මේ තරම් පුංචි කෑල්ලක්. (එසේ කීවේ අතේ සුළැඟිල්ල පෙන්වමිනි) ගෙදර වත්ත පුරාම තියෙන්නේ මම හිටවපු කොස් ගස්.
ඒ ගස්වල හොඳට කොස් හැදිලා තියෙනවා. මේකි මට එක ම එක වරකා මදුල යි බෙදලා තිබුණේ. ගස්ලබු කෑල්ලත් ඒ වගේ ම යි. හාමුදුරුවනේ! මට ඒ කෑම කන්න බෑ. අපි කරන්නේ ඒවා අත ගාලා සතුටු වෙන එක යි. ඒකවත් සතුටු වෙන්න පුළුවන් විදිහට තියලා නැහැ.”
“හා හොඳයි. හොඳයි. දැන් අපේ උපාසකම්මාට ඒ පෙරේත තටුවලින් වැඩක් නෑ. මේ දානයෙන් අපි සතුටු වෙලා පින් අනුමෝදන් කළානෙ. දැන් ඒ පින් ලැබුණානෙ” යි හාමුදුරුවෝ පැවසූහ.
“එහෙමයි හාමුදුරුවනේ! මට පින් ලැබුණා. මම ආයෙත් මේ දරුවාට කරදර කරන්නේ නැහැ. මම දැන් හොඳ තැනකට යනවා. එහෙනම් මට අවසරයි හාමුදුරුවනේ” යි කියා ස්වාමීන් වහන්සේට වැඳ අවට සිටි පිරිස දෙස බලා බාල දියණිය දෙස මඳක් අමනාපයෙන් මෙන් බලා “මං යනවා, මං යනවා” යැයි කී තරුණයා වෙව්ලා යළිත් ප‍්‍රකෘතිතාවයට පත් වූයේ ය.
ඒ පින් ලබා ගිය උපාසකම්මා ගේ ආත්මය වෘක්ෂ දේවතාවියක් වූ බව ද ගස්නාවේ ඤාණානන්ද හිමියෝ අප සමඟ පැවසූහ.


:shocked::shocked::shocked: