පියවි ඇසින් ඔබ්බට : 01

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan thaman hoda deyak kaloth eke hoda vipaka denawa, naraka deyak kalotheke naraka vipake lebenawaaa... mama ada vidina sepak wenam eka mama kalin dawasaka karapu kusalayaka prthi vipakaya, mata dukak hith wedanawak nam eka mama karapu akusalayaka balapema...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මං මේ ඇඟට ආසයි මං මෙයා දාලා යන්නෙ කොහොම ද? ප්‍රේතයෙක් හඬයි

    හසිතා විසි අට හැවිරිදි සුරූපී තරුණියකි. ඇය දෙස වරක් බැලූ කෙනෙකු දෙවරක් නොව තුන් හතර වරක් හැරී බලන තරමට ම සුරූපීය. අද එසේ නම් ඇය දහහත් හැවිරිදි වියේ කොයි තරම් සුන්දර වස්තුවක් වෙන්නට ඇද්ද?
    ඇගේ පියා වෛද්‍යවරයෙකි, මව විදුහල්පතිනියකි. ගේ දොර අලංකාරය, යාන වාහන සම්පත්වලින් අඩුවක් නැත. හසිතා එක ම දියණිය නිසා දෙමව්පියෝ හැම සැප පහසුවක් ම සැලසූහ. ඇය වෙනුවෙන් පමණක් ම වෙන ම සේවිකාවක් පත් කොට තිබුණි. ජීවිතයේ කරදර දුක් කම්කටුලු මොනවාදැයි නොදන්න තරමට ම හසිතා සුඛෝපභෝගී වූවාය.
    මේ අතර ඔවුන්ගේ නිවස අලුත්වැඩියා කරන්නට කාර්මිකයෙකුට කොන්ත්‍රාත් දුන්නේය. ඔහුගේ ගෝලයා පියසිරි ය. දින කීපයක් ගත වන විට, දොස්තර මහතා සහ විදුහල්පතිනිය රැකියාවලට ගිය නිදහසෙන් පියසිරිත් හසිතා ගේ සේවිකාවත් අතර සම්බන්ධයක් ගොඩ නැගුණි. ඒ සම්බන්ධය හරහා පියසිරි ලබ්බට තැබු අත පුහුලට ද තැබීය. නාඹර හුරතල් හසිතා ද ඔහුගේ ග්‍රහණයට අසු වූවාය. දහ හත් හැවිරිදි සුරූපී කෙල්ල කිසිවෙකුට නොදන්වා පියසිරි සමඟ පලා ගියාය.
    aw-1.jpg

    පියසිරි විවාහකයෙකු බවත්, දරු දෙදෙනෙකුගේ පියෙකු බවත් හසිතාට දැන ගන්නට ලැබුණේ පසුවය.
    කුලියට ගත් කුඩා ගෙයක හසිතා සමඟ කල් ගෙවූ පියසිරිට මාසයක් පමණ ගත වන විට මතු වූ ආර්ථික ප්‍රශ්න විසඳන්නට ඔහු කළේ මේ සුරූපි හසිතා සල්ලිකාරයන්ට විකිණීමය. තමන් අමාරුවේ වැටුණු බව දැන ගත් ඇය පියසිරි ගෙදර නැති අවස්ථාවක ගෙදරින් පැන ආවාය. තම දෙමවුපියන් වෙත පැමිණ අඬා වැටුණාය. දියණිය මේ තත්ත්වයට පත්වීමට තමන් ද යම් තරමකින් වගකිවයුතු බව වටහා ගෙන සිටි දෙමවුපියන්ට ඇය බාර ගන්නවා හැර වෙනත් කරන්නට දෙයක් තිබුණේ නැත.
    මේ අතර හසිතා රාත්‍රි නින්දට ගිය විට කළුවරේ යම් කෙනෙක් ඇගේ සිරුර හූරන්නට විය. සිහිනෙන් බිය වී කෑ ගසාගෙන අවදි වූවාය. දරුණු යටි බඩේ වේදනාවකින් පෙළුණාය. ඇයට වෛද්‍ය ප්‍රතිකාර හා මනෝ වෛද්‍ය ප්‍රතිකාර සිදු කළත් සුවයක් නොවුණි. ඇදුරන් ගෙන්වා පිළිවෙත් කළත් එයින් ද සහනයක් නොලැබුණි.
    “සිළුමිණ” පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය කියවන හසිතාගේ මව එය තම ස්වාමි පුරුෂයාට යොමු කොට සිය දියණිය ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගෙන ගියාය.
    පළමු දිනයේ ශක්ති කිරණ එල්ල කරන විට හසිතා පැද්දෙන්නට වූවාය. ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වන ලෙස ද එය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිදු කළ යුතු බව ද මල් පහන් පූජා කොට තුන් සූත්‍රය සජ්ඣායනා කැර අවසානයේ “බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, ඒ බුදුගුණ බලයෙන් මම සුවපත් වේවා, මම සුවපත් වේවා, මම සුවපත් වේවා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා” යි සිත ඒකාග්‍ර වන තුරු මෙත් වඩන ලෙස ද උපදෙස් දුන්නේ ය. බෝධි පූජා පවත්වා නැවත එන්නැ යි කීවේය.
    ඊළඟට පැමිණි දිනයේ හසිතා ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.
    “කවුද මේ ශරීරයට ඇතුළු වී ඉන්නෙ?”
    භූතාත්මය පිළිතුරක් නොදී ගස්සාගෙන තරහෙන් මෙන් ඉවත බලා ගත්තේය.
    ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට දවාලන්නට විය. භූතාත්මය අඬන්නට විය.
    “කවුද මේ?” ගවේෂකවරයා තදින් ප්‍රශ්න කළේය.
    “මම... ප්‍රේතයෙක්”
    “ඇයි මේ ළමයාට හිරිහැර කරන්නෙ?”
    “හසිතා මගේ. මට මෙයාව අරගෙන යන්න ඕනෑ”
    “ඒ මොකද?”
    “මෙයා මගේ නිසා”
    “මෙයා තමුන්ගෙ බිරිය ද?”
    “නැහැ”
    “තමුන්ගෙ නංගි ද?”
    “නැහැ”
    “තමුන්ගෙ අම්ම ද?”
    “නැහැ”
    “එහෙනම් කවුද?”
    “මෙයා මමයි අරගෙන ගියේ”
    “උඹ පාහර බල්ලෙක්. මේ ළමයව රවටාගෙන ගිහින් අමාරුවේ දාලා. ජීවත් ඉන්දැද්දි බලු පාහර වැඩ කරලා දැනුත් ඒ වගේම වැඩ කරනවා නේද?”
    “..........” ප්‍රේතයා නිරුත්තර ය.
    “උඹ ඉන්නේ, අපායේ, මිනිස් ලෝකයේ දී කරපු අකුසල්වලට දඬුවම් විඳිනවා. ඒ මදිවාට මේ ළමයාට තවත් දුක් කරදර දෙනවා නේදැÓයි වේවැල් පහර දෙකක් දුන්නේය. “උඹව මම පුච්චනවා. නැත්නම් මේ ළමයාව අතහැර පලයං”
    “අනේ! මම අසරණයි. මට මොකුත් හිතාගන්න බෑ” යි අඬන්නට ගත්තේය.
    තවත් දින දහ හතරක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
    ඒ බෝධි පූජා පවත්වාගෙන යන විට තත්ත්වය තවත් උග්‍ර විය. රාත්‍රියට හසිතා තවත් සූරන්නට විය. ස්පර්ශ කිරීම් වැඩි විය. ඇගේ යටි බඩ සපා කා දත් පහරවල් සහිත තුවාලයක් ද ඇති විය. ඇගේ පියා මේ තත්ත්වය ගවේෂකවරයා වෙත දුරකථනයෙන් පැවැසීය. එසේ නම් බෝධි පූජා හතක් කොට වහාම එන්නැයි ඉක්මන් දිනයක් දුන්නේය.
    එදින ද හසිතාට ආමිෂ්ට වූ භූතාත්මය අඬන්නට වූයේය. ප්‍රේතයා අඬද්දී ම කිරණ ශක්තියෙන් දවාලීය. තව තවත් අඬද්දී තවත් දවාලීය.
    “උඹ දැන් මොකද කියන්නේÓයි ගවේෂකවරයා ඇසීය.
    “මම ආසයි මහත්තයා. මේ ගෑනිගෙ ඇඟට මම ආසයි. ඉතින් මම කොහොම ද දාල යන්නෙ?” යි ප්‍රේතයා කීවේය. ප්‍රේතයා ගේ ආසාවේ ප්‍රබලකම ඉන් පැහැදිලි විය.
    “එහෙම නම් මම දැන් අහන ඒවට හරියට උත්තර දෙන්න ඕනෑ.”
    “එහෙමයි”
    “උඹේ පවුලේ තොරතුරු කොහොම ද?”
    “මගේ ගෙදර මගේ ගෑනියි ළමයි දෙන්නයි ඉන්නවා.”
    “ඉතින් කාලකණ්ණියෝ ගෙදර ගෑනි ඉන්දැද්දි මේ ළමයාව ගෙනිච්චෙ මොකද?”
    “මේකිගෙ හුරතලේ, ලස්සන දැක්ක ම නොගිනිහින් කොහොම ද? අනිත් එක මගේ ආදායම් මාර්ගයත් ඒකනෙ.”
    “ඒ මොකක්ද?”
    “මම මේ වගේ ළපටි ලස්සන ළමයි හය දෙනෙක් රවටලා අරගෙන ගියා. ගෙනිහින් ටික දවසක් තියාගෙන ඉඳලා අඳුනන සල්ලි කාරයන්ට විකුණනවා රුපියල් දාහට දෙදාහට. මේ වගේ අය නම් පන්දාහටත් පුළුවන්. ඊට පස්සෙ මම අඳුනන මැඩම් කෙනෙක් ඉන්නවා කොළඹ. ගණිකා මඩමක් තියාගෙන. එයාට ගිහින් දෙනවා. මේකිවත් එහෙම ගිහින් දෙන්න ලැහැස්ති වෙලා ඉන්දැද්දි මේකි පැනලා ගියා.”
    “තමුසෙට මේ අපරාධවලට හෙණ ගැහැව්වෙ නැද්ද?”
    “................” භූතාත්මය නිහඬය.
    “උඹ මැරුණෙ මොනවා වෙලා ද?”
    “මේ වගේ අරගෙන ගිය ළමයෙකුගෙ අය්යා කෙනෙක් පිහියෙන් ඇනලා.”
    නැවතත් ශක්ති කිරණ එල්ල කොට පිච්චුවේය. හොඳට ම දුර්වල වන තුරුම පුච්චද්දී වේදනාවෙන් කෑ ගැසු ප්‍රේතයා” යන්නම්... යන්නම්... මම මේකිව අතහැරලා යනවා. දැන් ඇති. පුච්චන්න එපා” යි කීවේය.
    “උඹ දැන් මේ ළමයා ගැන තියෙන අදහස අතහැරලා යනවා ද?”
    “හරි... හරි... මම යනවා” යි ඉවත්ව ගියේය.
    එහෙත් දින කීපයකින් ප්‍රේතයා යළිත් හසිතාට හිරිහැර කරදර කරන බව කියා ඔවුහු නැවත පැමිණියහ.
    එදින ප්‍රේතයා දිෂ්ටි ගන්වා තදින් ම පිච්චුවේය. අවුරුදු ගණනාවකට නැගිටින්න බැරි වන අයුරින් දුර්වල වන පරිදි පිච්චුවේය. “එපා... එපා...” කියද්දී පිච්චුවේය.
    “කාලකණ්ණියා, උඹ ජීවත්ව ඉන්දැද්දි ජීවිත කීයක් අනාථ කළා ද? ඒ අය තෝ නිසා ජීවිත අවුල් කැර ගෙන දුක් විඳිනවා. හොඳ විවාහයක් කැර ගෙන සැප විඳින්න හිටපු මේ ළමයා ගෙ ජීවිතයත් කාලකණ්ණි කළා. තෝ කී සැරයක් අපිව රැවටුවාදැÓයි කියා ඉතාමත් දුර්වල වන තුරුම පිච්චුවේය.
    ප්‍රේතයා මලකට බන්ධනය කොට සොහොනකට ගෙන ගොස් දමන්නැයි හසිතා ගේ පියාට බාර දුන්නේය.
    තමන්ගේ හිතුවක්කාරකම ගැන පසුතැවෙන හසිතා දැන් ජීවිතය ගැන කලකිරී දැන් සිල් සමාදන් වන බව දැනගන්නට ඇත.
    හැඳි නොගා උයන කිරි හොද්දත්, නොගහා හදන දරුවාත් දෙක ම එක යැයි පැරැන්නන් කීවේ කට කහනවාට නොවේය.
    ළමයින්ට ම ඉඩ දී හුරතල් කරන මවුපියෝ ද මේවාට වගකිව යුතු ය.

    මතුගම මහින්ද විජේතිලක