පියවි ඇසින් ඔබ්බට : 01

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නේ මා වෙන් කරන්න එපා මට මෙයා දමා යන්න බෑ – අම­&#3505

    “දිය ඇල්ල ගල්පර අතරින් පහළට ගලා බහින ලස්සන. බට පඳුර දිය ඇල්ල දිහාවට ඔළුව පහත් කැරගෙන සිසිලස උරා ගන්නව වගෙයි. දිය ඇල්ලත් බට පඳුරත් අතරෙ සුදු වැලි තීරයේ වාඩිවෙලා මමත් ඔහේ බලා ඉන්නවා. කොච්චර බලා හිටියත් මදි. දවල්ට මෙතැනින් නාගන්න මිනිස්සු එනවා. ඒත් හැන්දෑවට මෙතැන පාළුයි. ඒ පාළු ගතියට මම කැමතියි; කොයි තරම් කාලයක් හැන්දෑවට මම මෙතැනට ඇවිත් මේ සුන්දරත්වය වින්දද? අවුරුදු සිය ගණනක්” යැයි කියූ භූතාත්මය ‍ම්… ම්…. ම්… ම්… ම්… යැයි දෙපසට පැද්දෙමින් තාලයට නැළවෙන්නට වූවා ය.
    “හරිම සුන්දරයි නේද? ඉතින් ඉතුරු ටිකත් කියන්නැ” යි ආධ්‍යාත්මීය ගවේෂකවරයා කාරුණික වදනින් පැවසීය.
    “මම දොළෙන් මෙගොඩ වැලි තලාවෙ හැන්දෑවට වාඩි වෙලා ඉන්නවා. මේ අතරෙ දොළෙන් එගොඩ ග‍ල් තලාවට ආපු කපිල ගිටාරය වාදනය කරන්න වුණා. හරි ම මිහිරියි. හරිම මිහිරියි. එතැන ම තිබුණු අඩු පාඩුවක් සම්පූර්ණ කළා වගෙයි.”
    “ඉතින් ඉතින්”
    “මම කපිල ළඟට ඇවිත් එපා ළඟින් වාඩිවෙලා මේ සංගීත රාවය අහගෙන හිටියා. මට එයාව පෙනුණාට එයාට මාව පෙනෙන්නෙ නෑ. අවුරුදු සිය ගණනක් මගේ හිතේ තිබුණු පාළුව තනිකම මට අමතක වෙලා ගියා.”
    “ඔයා කවුද?”
    “මට මතක නෑ.” යි කියූ ඇය අඬන්නට වූවා ය.
    “ඇයි අඬන්නේ?”
    “අනේ මාව මෙයාගෙන් ඈත් කරන්න එපා. මට මෙයාව දාල යන්න බෑ….” යි කඳුළු පෙරමින් අඬන්නට වූවා ය.
    කපිල කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ නගරයක ජීවත් වන හතළිස් හැවිරිදි සිවිල් ඉංජිනේරුවරයෙකි. අවිවාහකයෙකි. කලකින් දැළි පිහියක් නුදුටු රැවුළ මුහුණ පුරා බලය පතුරුවා ගෙන සිටී. ඔහේ වැවෙද්දෙන් යැයි කපිල ඒ ගැන නොසිතති. ඔහු සිහි කල්පනාව නැතිව බලාගත් අත බලා සිටී. ස්ත්‍රියක ලෙස හැසිරෙයි. ස්ත්‍රී ඇඳුම් පවා ඇඳගෙන සිටී. කොටින් ම කියනවා නම් මුත්‍රා කරන්නේ ද ඇන තියා වාඩි වී ගෙන ය. තමන්ගේ ඇඳුම් ඇඳගෙන සිටින මල්ලී දෙස අක්කාත්, අම්මාත් බලා සිටින්නට බැරි තැන මනෝ වෛද්‍යවරුන් කරා ගෙන ගියහ.
    මනෝ වෛද්‍යවරුන් නියම කරන පෙති ගිලීම රෝගියා ප්‍රතික්ෂේප කරයි. ඒ නිසා දිගින් දිගටම බෙහෙත් පෙති බලහත්කාරයෙන් පොවන්නට සිදුවී ඇත. හිටි හැටියේ නිවසින් එළියට පැන දුවන්නට පටන් ගන්නා බැවින් ඔහු පසු පසින් දුවගොස් අල්ලා ගෙන ආ හැකි කෙනෙකු ආරක්ෂාවට තබන්නට ද සිදුව ඇත. වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් නොලැබුණු බැවින් අභිචාර විධිවලට යොමු වන්නට පවුලේ අයට සිදු විය.
    කපිල ගේ අක්කාත් මස්සිනාත් ‘සිළුමිණ’ පත්‍රයේ ‘සිත්මල්යාය’ අතිරේකයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවා එයින් දැනුවත් ව, ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කපිල රැගෙන ගියහ.
    ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසී කපිල පිළිබඳ විස්තරය පැවසූහ. මෙයින් අවුරුදු එක හමාරකට පෙර කපිල මාතලේ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක ගොඩනැ‍ඟෙන හෝටලයක් ඉදිකිරීමේ ඉංජිනේරු කටයුතු වල යෙදී සිටියදී අසිහියෙන් කටයුතු කිරීම නිසා නිවසට රැගෙන ආ බවත් එදා සිට මනෝ වෛද්‍ය ප්‍රතිකාර කළත් සුවයක් නොලද නිසා ආධ්‍යාත්මික ප්‍රතිකාර සොයාගෙන පැමිණි බවත් පැවසූහ.
    පළමු දිනයේ ශක්ති කිරණ එල්ල කරන විට ඉංජිනේරු කපිල වැනෙන්නටත්, කෑ ගසන්නටත් විය. ශක්ති කිරණ මගින් භූතාත්මය පාලනය කොට ගමේ පන්සලේ බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස දැන්වීය.
    දෙවැනි දිනයේ ද කපිලට ආවිශ්ට වූ භූතාත්මය මාතලේ ඉදිකරන හෝටලයට නුදුරින් ගලා බහින දිය ඇල්ල අසල දී කපිල ගේ සංගීත රාවයට වශීකෘත වූ බව කීවා ය. ගවේෂකවරයා තවදුරටත් ප්‍රශ්න කළේ ය.
    “සංගීත රාවයෙන් ඔබට දැනුණේ මොනවාද?”
    “කපිල සමාධිගත වෙලා වගේ ගිටාරය ඉතාම මියුරු අන්දමින් වාදනය කළා. මම ඒ සංගීත රාවය අහන්න හැමදාම ඒ වෙලාවට ආවා. මට
    හිතුණා කපිලට පෙනෙන්න එන්න ඕනෑ කියලා.”
    “ඇයි මීට කලින් කපිලට පෙනෙන්න ආවේ නැත්තේ?”
    “කලින් මට ඒ වගේ හැකියාවක් ශක්තියක් තිබුණේ නෑ. මේ මියුරු නාදයෙන් මගේ හිත පිනායන කොට මට අමුතු ශක්තියක් ගොඩනැඟුණා. ඊට පස්සේ මම එයාට පෙනෙන්න ම ඇවිත් එයා ළඟින් ම වාඩිවෙලා සංගීතය ඇහුවා. එයාත් මගේ දිහා බලා ගෙන ලස්සනට වාදනය කළා. එයයි මමයි කතා කරන්නත් පටන් ගත්තා. මම ලස්සන ගවුම්වලින් සැරසිලා ආවා. ඊට පස්සෙ එයා එක්ක එයාගෙ කාමරයටත් ආවා. අනිත් අයට මාව පෙනෙන්නේ නෑ. රාත්‍රි කාලය කපිලත් එක්ක කාමරයේ ඉඳලා මම පාන්දරින් ම යන්න යනවා. මේ විදිහට මම හැමදාම රෑට කාමරයට ආවා. අපි ශාරීරිකවත් සම්බන්ධකම් පැවැත්තුවා.”
    “ඔබ කපිලව හොයාගෙන ගියා මිසක් කපිල ඔබව හොයාගෙන ආවෙ නැද්ද?”
    “මම අමනුෂ්‍ය ජීවියෙක් බව කපිල දන්නෙ නෑ. එයා දවසක් කිව්වා අපේ ගෙදරට එනවා කියලා.”
    “ඒ මොකටද?”
    “මගේ අම්මාව මුණ ගැසී කතා කරන්න.”
    “ඉතින් ආවද?”
    “ඇයි මහත්තයා” මට කොයින්ද ගෙවල්. මම මනුෂ්‍ය තරුණියක් නොවෙයි නෙ. ඒ නිසා මම දවස් තුන හතරක් කපිල මුණ ගැහෙන්න පෙනෙන්න ගියේ නෑ. මම ඇල්ල ළඟට ආවොත් කපිල මගේ ගෙදර යමු කියලා එනවනෙ. හොරේ අහු වෙන නිසා මම දවස් තුන හතරක් එයාට පෙනෙන්න ආවෙ නෑ. මාව දකින්න නැතුව කපිල හෝන්තු වෙලා කෑමක් බීමක් නොගෙන කාමරයට ම වෙලා ඉඳලා. රැකියාව මඟ ඇරිලා. නොකා නොබී රැවුළත් වවාගෙන කවුරුන් එක්කවත් කතා නොකර ඉන්න කොට රක්ෂාව කරපු තැනින් ගෙදරට දන්වලා. ගෙදර අය ඇවිත් මෙයාව ගෙදර අරන් ගියා.”
    “ඉතින් මේ කාලෙ වෙච්ච දේවල් ඔබ දන්නෙ කොහොමද ආවෙ නැත්නම්?”
    “මම ආවා. කාටවත් නොපෙනෙන්න. ඇවිත් බලාගෙන හිටියා. මට හරිම දුක හිතුණා. ඒත් මට කරන්න දෙයක් නැහැ. කපිලව ගෙදර එක්ක ගෙන එන කොට මමත් ආවා.”
    ‍එහෙම ඇවිත් මොකද කළේ?”
    “මම කපිල ළඟට වෙලා හිටියා. එයාට පෙනෙන්නම හිටියා. එයා යාළුවන්ටත් පෙන්නුවා මේ ඉන්නේ මගේ ගර්ල් ප්‍රෙන්ඩ් කියලා. ඒ වුණාට යාළුවන්ට මාව පෙනෙන්නෙ නැහැ. ඊට පස්සෙ ගෙදර අය තොවිල් කරන්න ලැහැස්ති වුණා. ඇදුරෝ මාව අල්ලා ගනියි කියලා බයේ මම කපිලගෙ ‍ඇඟ ඇතුළට ගිහින් හැංගුණා. දැන් මෙයාගෙ ඇඟ ඇතුළට වෙලා ඉන්නවා.”
    “ඔබ කපිලට ආදරේද?”
    “ඔව් ගොඩාක් ම ආදරෙයි.”
    “ඔව් ‍කපිලට ආදරේ නම් ඔය වැඩේ කරන්න එපා. කපිල මනුෂ්‍යයෙක්. ජීවත් වෙන්නෙ වෙනම තලයක. ඔබ අමනුෂ්‍ය තලයක ජීවත් වෙන්නෙ. මනුෂ්‍යයන්ටයි අමනුෂ්‍යයන්ටයි එකට ජීවත් වෙන්න බෑ. ඔහොම සම්බන්ධකම් පැවැත්තුවොත් කපිල අසනීපෙන් මැරිලා යාවි. මෙයා ඔබ ළඟට ම එනවා ය කියා ස්ථිර නියමයක් නෑ. කර්මානුරූපව හොඳ ලෝකෙක ඉපදුණොත් ඔබට දැන ගන්නවත් බැරුව යාවි. ඔබ කරන්නේ හැඟීම්වලට වහල් වෙලා පාපයක්. කපිලට ආදරරේ නම් ඔබත් ඉහළ තලයකට ගිහින් ඉඳහිට ඇවිත් ආශිර්වාද කරලා යන්න.” “ඉහළ තලයකට යන්නෙ කොහොමද?”
    “අපි පින් කමක් කරලා පින් දෙන්නම්. පින් අනුමෝදන් වෙලා ඉහළ යන්න.”
    “කපිලට හොඳක් වෙනවා නම් මම කැමතියි.”
    “ඔබ සිද්ධස්ථානයකට යන්න කැමති ද?”
    “මට සිද්ධස්ථාන මතක නෑ.”
    “එහෙම නම් කැලණියට යන්න. කැලණියේ හොඳ අය ඉන්නවා.‍ ඒ අය සමඟ පිනට දහමට සිත යොමු කරන්න.”
    භික්ෂූන් වහන්සේ නිවසට වඩම්මා සාංඝික දානයක් පිරිනමා ඇයට පින් අනුමෝදන් කරන බවට කපිලගේ අම්මාත් අක්කාත් මස්සිනාත් පොරොන්දු වූහ.
    මනුෂ්‍ය ලෝකය කාම ලෝකයකි. දිව්‍ය ලෝක මෙන් ම සතර අපාය ද ‍කාම ලෝකයන් ය. ඒ සතර අපායට අයත් යක්ෂ, ප්‍රේතාදී භූතයෝ ද පංචේන්ද්‍රියයන් පිනවීමේ කාමාශා ඇත්තෝ ය‍. අධික වූ රාගයෙන් යුක්ත ව‍ුවෝ අවසාන චුති චින්තනයට එවැන්නක් සිහිපත් වුවහොත් මරණයෙන් මතු උපදින දුගතිගාමී වූ අමනුෂ්‍ය භවය ද රාගයෙන් ම යුක්ත වේ. ඔවුහු ස්ත්‍රීන්ට ආශා ඇත්තෝ ය. මේ හා සමාන වූ ස්ත්‍රීහු ද වෙති. ඔවුන් ද මරණයෙන් මතු එවැනි ම අමනුෂ්‍ය භව ලබා පිරිමින් කෙරෙහි ආශා ඇත්තෝ ය. මෙසේ උපදින පිරිමි භූතයෝ ස්ත්‍රීන්ට සමීප වෙති. තමන් කැමැති ස්ත්‍රීන්ට සමීප වන්නන්ගේ සම්බන්ධතා මිනිස් සිරුරට අහිත කැර බැවින් බොහෝ ස්ත්‍රීහු රෝගාබාධවලට ලක්වෙති. භූත විද්‍යාවේදී මෙම දෝෂය, කළු කුමාර දෝෂ යැයි හඳුන්වති. එපමණක් ද නොව මෙම දෝෂය ස්ත්‍රී භූතයන්ගෙන් පිරිමිනට බලපාන විට මෝහිනී දෝෂ යැයි හඳුන්වති. මෙය ඈත අතීතයේ සිට ම මිනිසා විසින් හඳුනා ගනු ලදුව ඒවාට ප්‍රතිකාර පිළිවෙත් ද සොයා ගත්තේ ය.
    මෙයින් හඳුන්වනු ලබන්නේ එක ම රාග‍යක් නොවේ. ස්පර්ශ රාගය මෙන් ම රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග ආදියෙන් ඇලෙන්නෝ ද ඇලෙන්නියෝ ද සිටිති. මේවා ගැඹුරු වූ සියුම් වූ නුවණින් හඳුනාගත යුතු ය. නැතහොත් ඒ ජීවිත හැමදාම බෙහෙත් පෙතිවලට නියම වූ මැරෙන තුරු ම මානසික රෝගීන් යැයි හංවඩු ගැසී දුක් විඳින්නෝ වෙති. මේවා ස්නායු ගත රෝගයන් බවට නිගමනය කොට කොළයට තදින් බලපාන ඖෂධවලින් ප්‍රතික්‍රියාවලට ලක් වෙති.
    මානසික රෝගියා යනු මනස (සිත) රෝගයට ගොදුරු වූ පුද්ගලයා ය. එහෙත් ප්‍රතිකාර කරනු ලබන්නේ සිතට නොවේ. මිනිසා හෙවත් පුද්ගලයා නිර්මාණය වී ඇත්තේ නාම රූප දෙකෙනි. නාම රූප දෙකෙන් නාමය (සිත) රෝගී වූ විට රූපයට (රූප කලාපවලට -‍ ශෛලවලට) පමණක් ප්‍රතිකාර කිරීමෙන් නිට්ටාවට සුවයක් ලැබේ ද? සමහර මානසික රෝග බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවපත් වේ. ඒ ශරීරයේ භෞතික කොටස් පීඩාවට පත්වීමෙන් වැල‍ඳෙන රෝගාබාධයෝ ය. එහෙත් භෞතික නොවන අමනුෂ්‍ය බලපෑම්වලින් පීඩා විඳින රෝගියාට භෞතික ප්‍රතිකාරවලින් පමණක් සුවයක් ලැබේද? එසේ සුවපත් නොවූ, ජීවිත කාලයම පෙති ගිලිමින්, හෙවත් අකමැත්ත නිසා වෙනත් කෙනෙකු විසින් බලහත්කාරයෙන් පෙති ගිල්ලවමින් ජීවිත කාලයම අකර්මණ්‍ය වූ රෝගීන් කොයි තරම් සිටී ද?
    මෙහි දී සිදුවන්නේ අමනුෂ්‍ය බලවේගය විසින් මිනිසා විකෘති කොට සිදු කරනු ලබන කෑ ගැසීම්, දැඟලීම්, බඩු මුට්ටු පොළොවේ ගැසීම්, පලා යෑම්, වළක්වා ඔහු අකර්මණ්‍ය පුද්ගලයෙකු කිරීම ය. අමනුෂ්‍යයාට තමන්ට වුවමනා පරිදි මිනිසා මෙහෙයවන්නට අවශ්‍ය වන රූප (භෞතික) කොටස් බෙහෙත් පෙතිවලින් හෝ දරුණු අවස්ථාවල එන්නත් ශරීර ගත කිරීමෙන් රූපකාය විකෘති කොට අකර්මණ්‍ය කිරීමක් නොවේද? යක්ෂයෝ ප්‍රේතයෝ දෙවියෝ යැයි සත්ත්ව කොටස් නැතැයි ද ඔවුනට කළ හැකි ක්‍රියාකාරකම් නැතැයි ද නිගමනය කිරීම හරි ද? වැරදිද?
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එදා බල්ලෙක් දැන් භුතයෙක් වී පළිගන්න ඇවිත&#3530

    පාපී මිනිසා අසීමිත තණ්හාවෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් පෙළෙන්නේ ය. අසීමිත තණ්හාව නිසා ලද දෙයින් සතුටු වීමට හේ නොපෙළඹේ. ඉඩකඩම්, ගෙවල් දොරවල්, වස්තු සම්පත්වලින් ආඪ්‍ය වී සියල්ලන්ට ම වඩා ඉහළින් සිටින්නට අධිෂ්ඨාන කැර ගෙන ඒ මගෙහි හඹා යමින් කටයුතු කරයි. මිථ්‍යා දෘෂ්ටිය නිසා කර්මය හා විපාකය නොහඳුනයි. ඒ නිසා ඔහුගේ අධිෂ්ඨානය මිථ්‍යා
    aw-2.jpg
    අධිෂ්ඨානයකි. අනුන් සතු දේ කූට උපායෙන්, වංචාවෙන් හා සොරකමෙන් තමන් සතු කැර ගැනීමට සැලසුම් කරයි. පව පින නොදන්නා ඔහු ළඟ මෛත්‍රිය හා කරුණාව නැත. සහෝදරකම, ඥාතිකම, මිතුරුකම, යටපත් කොට ගෙන ඔහුගේ සිත බලවත් වන්නේ අනුන්ට දුක් විපත් ඇති කොට හෝ අනුන් සතු දෑ තමන් සතු කැර ගැනීමට කටයුතු කරයි. එහි දී ඒ පාප කර්මයේ විපාකය මෙනෙහි නොවේ, මෙනෙහි නොකරයි. මෙනෙහි වීමට පාපී සිත ඉඩ නොදේ. නිරයට හෙවත් නරකාදියට ම පාර කපා ගනී.

    සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා ‍රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය, යැයි මහා නිරය අටකි. අධර්මිෂ්ඨයෝ සංජීව නිරයේ ඉපිද බුර බුරා නැගෙන ගින්නෙන් දැවෙමින්, තියුණු මුවහත් ආයුධවලින් කැපුම් කෙටුම් ලබමින් නොමැරී අනේක විධ දුක් විඳී. මෙහි එක් දිනක් මිනිස් අවුරුදු වලින් අවුරුදු අනූ ලක්ෂයකි. පරමායුෂ මිනිස් අවුරුදු කෝටි දොළොස් ලක්ෂ අනූ හය දහසකි. (12960000000000) මේ අඩු ම දුක් විඳින නිරයයි. සය වැනි නිරය දක්වා දුක් වේදනා සහ ආයුෂ ක්‍රමයෙන් වැඩි වේ. සය වැනි නිරය තාපයයි. මිනිස් ජීවිතයේදී බලය හා නිලය ලැබීමෙන් රාජ්‍ය බලය යොදා, රාජකාරි නිල බලය යොදා අගතිගාමී වීම, හිමි දේ අහිමි කිරීම්, බොරු නඩු පැවරීම්, දඬුවම් කිරීම්, මහජනයාට හිංසා පීඩා කිරීම්, දුක් දීම්, බිය ගැන්වීම් ආදිය කළවුන් මෙහි ඉපිද ගිනියම්ව රත් පැහැ ගැන්වූ යවුලින් ඇමිණි ඇමිණී බුර බුරා නැගෙන ගිනිජාලා මැද දුක් විඳී, මෙහි එක් දවසක් මිනිස් අවුරුදුවලින් නවසිය විසි එක් කෝටි හැට ලක්ෂයකි. පරාමායුෂ මිනිස් අවුරුදු පන්සිය තිස් ප්‍රකෝටි අසූ හතර ලක්ෂ දහසය දහස් කෝටියකි. (53084160000000000) ප්‍රතාප තිරය හා අවීචි මහා නිරය අනිකුත් සියලු නිරයන්ට වඩා දුක් දෙයි. බොරුවෙන් අගතියෙන් නඩු විභාග කළ අය, බොරු සාක්ෂි දීමෙන් හා අනුබල දීමෙන් මිනිසුන් දුකට පත් කළ අය, අනුන්ගේ හා රජයේ දේපළ වංචාවෙන්, බලයෙන්, ප්‍රයෝගයෙන් තමන් වෙත හිමි කැර ගත් අය මේ නිරයන්හි ඉපිද දුක් විඳී, ගිනියම් ව දිළිසෙන පර්වත, ගිනියම් යකඩ බිත්තිවලින් සතර දෙසින් නැගෙන ගිනිදැල් වලින් දැවෙමින් අනේක දුක් විඳී, ප්‍රතාපයේ පරමායුෂ අර්ධ කල්පයකි, ගණනින් කිව නොහැකි ය. අවීචියේ පරමායුෂය අන්තඃ කල්පයකි. ප්‍රමාණයෙන් කිව නොහැකි ය. එක් නිරයක් වටා තවත් ඔසුපත් නිරය දහසයකි. අට මහා නිරය වටා ඔසුපත් නිරය එකසිය විසි අටකි. අනුන් දුකට පත් කරන්නෝ, මේවායේ උපදිති.
    වාද්දුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ සුගතදාස හතළිස් පස් හැවිරිදි දෙදරු පියෙකි. ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ කොන්ත්‍රාත් කරුවෙකු වූ ඔහු යමක් කමක් උපයාගෙන දියුණු වී සිටියේය. හිටි හැටියේ ඔහුට රාත්‍රී නින්ද නොයන රෝගයක් වැලඳිණි. ඒ සඳහා විවිධ වෛද්‍ය ප්‍රතිකාර ලැබූව ද මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබූව ද සුවයක් නොවුණි. මේ අතර ඔහු සමඟ කාලයක් තිස්සේ එකට වැඩ කළ සේවකයෝ ද ඔහු අතහැර යන්නට වූහ. කොන්ත්‍රාත් ගෙන ඉදි කළ ගොඩනැගිලි අයිතිකරුවන් ගෙන් වැඩ අවසන් කොට ලැබිය යුතු මුදල් නොලැබී යන්නට විය. මෙසේ අසනීප වීමටත්, දියුණුව කඩා වැටීමටත් හේතු සොයා ගන්නට සුගතදාස ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියේය.
    පළමු දිනයේ පරීක්ෂාවේ දී සුගතදාස සිහි නැතිව ගොස් අප්‍රාණිකවම වැටුණේ ය. ඔහු තුළ භූතාත්මයක් ක්‍රියාත්මක වන බවත් එය ප්‍රලය කොට ගැනීමට තරම් ඔහුගේ ශරීර ශක්තිය දුර්වල බවත් වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන්නේය.
    ඊළඟ දිනයේ ද සුගතපාල ප්‍රලය විය. එදින ඔහු හිස පහත් කොට ගෙන දිව එළියට දමා සෙම හළමින් හිස දෙපසට වන්නට විය. ගොරවන්නට විය. විටක උඩ බලාගෙන හූ කියන්නට විය. ඔළුව වැනුවා ම මිසක කතා කළේ ම නැත.
    එදින මේ කුමක් දැයි නිගමනය කරන්න තරම් කරුණු හෙළිදරව් නොවූයෙන් තවත් සතියක් බෝධි පූජා පවත්වන ලෙස ද ඒ බෝධි පූජා කළ යුතු ආකාරය ද පැහැදිලි කැර දුන්නේය.
    සතියකින් පසු සුගතදාස නැවත ආවේ ය. දෙවැනි වරට බෝධි පූජා තබන විට ඔහුට රාත්‍රි හොඳින් නින්ද ගිය බවත්, ඔහුගේ තුරුලේ මවිල් සහිත කෙනෙකු නිදා සිටි බවත්, හිස දෙපසට වනමින් සිටි බවත් ස්පර්ශයෙන් දැනුණු බවත් ගවේෂකවරයාට කීවේ ය. එදින ද සුගතදාස ප්‍රලය වුවද කතා කළේ ම නැත. මේ ගැන විමසිලිමත් වූ ගවේෂකවරයා කතා කළ හැම වතාවකට ම භූතාත්මය හිස දෙපසට වහනවා මිසක වචනයෙන් පිළිතුරු නොදුන් බැවින් වෙනත් සන්නිවේදන ක්‍රමයක් භාවිත කළේය. ඒ සිතින් සිතට අදහස් හුවමාරු කැර ගැනීමය. එය සාර්ථක විය.
    “ඔබ කව්ද?”
    “භූතාත්මයක්”
    “භූතයෙක් වීමට පෙර සිටියේ මනුෂ්‍ය ලෝකයේ ද?”
    “ඔව්!”
    “ඔබ එදා කව්ද?”
    “බල්ලෙක්”
    “දැන්?”
    “භූතයෙක්”
    “භූතයෙක් කියන්නේ ප්‍රේතයෙක් ද යක්ෂයෙක් ද?”
    “දන්නෙ නෑ”
    “ඔබ දැන් සිටින ස්වරූපය?”
    “විශාල බල්ලෙකුගේ හැඩ රුව”
    “ඔබ මේ සුගතදාසගේ ශරීරයට ඇතුළුවුණේ කොහොම ද?”
    “ඇතුළුවුණා නොවෙයි බන්ධනය කළා”
    “කවුද බන්ධනය කළේ?”
    “ඇදුරෙක්”
    “කාගෙ වුවමනාවට ද?”
    “ප්‍රියන්තගෙ වුවමනාවට”
    “ප්‍රියන්ත කියන්නෙ කවුද?”
    “මේ සුගතදාස ගෙ මස්සිනා”
    “ඇයි මස්සිනා ඒ වගේ දෙයක් කළේ?”
    “මේ සුගතදාසගේ කොන්ත්‍රාත් වැඩවල මුදල් ගනුදෙනු කළේ ප්‍රියන්ත. මස්සිනා නිසා විශ්වාසයට සුගතදාස මුදල් ගනුදෙනු කටයුතු ප්‍රියන්තට බාර දීලා තිබුණා.”
    “ඉතින්?”
    “කම්කරුවන්ට වැටුප් ගෙවීම්, මිලදී ගැනීම් කටයුතු කළේ ප්‍රියන්ත. මිනිහා ඒවයෙන් ගාණක් වංචා කළා. දැන් එයත් ලක්ෂපතියෙක්. අන්තිමේ මිනිහා වෙන ම කොම්පැණියක් දා ගත්තා. සුගතදාස ඉන්නේ මහ පාරට මුහුණ දාලා හදපු ගෙයක. ප්‍රියන්ත ඉන්නේ ඊට පිටි පස්සේ. දැන් ප්‍රියන්තගෙ ගෑනිටත් ඕනෑ වෙලා පාර අයිනෙ පදිංචි වෙන්න. ඒ නිසා ප්‍රියන්ත සුගතදාසගෙ ගෙයයි ඉඩමයි ගන්න හිතා ගත්තා. සුගතදාසගෙ බිස්නස් පාඩු කරලා, ලෙඩ කරලා මෙතනින් පන්නා ගෙන ඉඩම අයිති කර ගන්නයි ප්‍රියන්තගෙ අදහස. ඒකට තමයි මාව බන්ධනය කළේ?”
    “තමුන් දැනට ඒකට මොනවා ද කරලා තියෙන්නෙ?”
    “මම සුගතදාසගෙ වාහනයක් ගිනි තිබ්බා. තව වාහනයක් ‍කෝච්චියේ හැප්පෙව්වා. වැඩ පොළවල වැඩ කරන අය බය කරලා ලෙඩ කරලා යැව්වා. ඊ ළඟට සුගතදාස කොන්ත්‍රාත්වල මුදල් අර ගන්න ගියා ම ඒ කොම්පැනිවල අය එක්ක රණ්ඩු කරවනවා. සුගතදාසගෙ ඇඟට රිංගලා එහෙම රණ්ඩු කළා ම ඒ මිනිස්සු මුදල් ගෙවන්නෙ නැහැ තරහට. කොහොමහරි මූට පාඩු කරලා තනි කරලා මරා ගන්න ඕනෑ.”
    “ඇයි ඉතින් මෙච්චර කල් මරා ගන්න බැරි වුණේ.”
    “හැම පෝයකට ම සිල් ගන්නවානෙ. මම පුළුවන් තරම් උත්සාහ කළා මූට ජීවිතේ එපා කරවලා සිය දිවි හානි කරවන්න. ඒත් සිල් ගුණේ නිසා මට ඒක කර ගන්න බැරිවුණා.”
    “යකෝ බලු ආත්මයක ඉඳලා මැරිලා තවත් බලු වැඩම නේද කරන්නේ. බලාපිය මෙතන අම්මා කෙනෙකුයි දරු දෙන්නෙකුයි දුක් විඳිනවා. මේ අහිංසක මනුස්සයාගෙ ව්‍යාපාරත් පාඩු කරලා ඒ මිනිහගෙ ජීවිතෙත් නැති කරන්න ද උඹ හදන්නෙ?”
    “මට බණින්න එපා. මම කරන්නෙ මට බාරදුන්න වැඩේ.”
    “ඉතින් පවරපු වැඩේ නොකර ඉන්න බැරි ද?”
    “එහෙම බෑ. වැඩක් පැවරුවොත්, බාර ගත්තොත් ඒක නොකර ඉන්න බෑ. ඒ අපේ හැටි. බාර ගත්ත වැඩේ නොකර ඉන්නේ, බොරු කරන්නේ, මග අරින්නේ මිනිස්සු. එහෙම අය තමයි බල්ලන් වෙලා උපදින්නේ. ඒ නිසා මම දැන් බාර ගත්ත වැඩේ කරන්නම ඕනෑ.”
    “මම තමුන්ට නියම කරනවා ඔය ශරීරයෙන් ඉවත් වෙලා යන්න”
    “බැහැ… බැහැ… මට යන්න බැහැ”
    “යන්නෙ ම නැද්ද?”
    “නෑ…”
    එවර ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කළේ ය.
    “එපා… එපා… මම යන්නම්…. මම යනවා… යනවා…”
    යළිත් මේ ශරීරයට නොඑන පොරොන්දුව මත එම භූතාත්මය ශරීරයෙන් ඉවත් කොට නිදහස් කැර හැරියේය. සුගතදාසටත්, බිරියටත්, දරු දෙදෙනාටත් ආධ්‍යාත්මික පිළිවෙත් කීපයක් නියම කොට එයින් ඔවුන්ටත්, නිවසටත්, ව්‍යාපාරයටත්, ආරක්ෂා විධි පැනවීය
     
    • Like
    Reactions: dinchad

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මියගිය ආච්චි දුර්ගන්ධයක් පතුරවමින් මිනි&

    වැඩිහිටියෝ තමන් ගේ දූ දරුවන්ට, මුනුපුරු මිනිබිරියන්ට ආදරය කරති. අනාගතයේ දී තමන්ගේ දේපළ වස්තු සම්පත් පරිභෝග කරමින් ඔවුන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් හෝ වෙනත් අන්දමින් රටේ ඉහළින් වැඩඹෙනු දකින්නට ආශාවෙන් සිටිති. මිථ්‍යා දෘෂ්ටිය නිසා මැරෙන බවත් මරණින් පසු මේ සියල්ල අතහැර යා යුතු බවත් මරණයෙන් පසු තමන් වෙනත් පුද්ගලයෙකු (සත්ත්වයෙකු) වන බවත් මේ අයගේ සිහියට නොනැ‍ඟේ. “මම” “මම ම” වශයෙන් දිගට ම පවතී යැයි සිතා සිටිති. එයින් තමන් ගේ පරලොව දුගති ගාමී කැර ගනිති. ජීවත්වන අයටත් කරදරයක් බවට පත් වෙති.
    සඳුනි මහනුවර ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි පාසල් දැරියකි.
    ඇය රාත්‍රී නින්දෙන් හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වීමත්, මවුපිය දෙදෙනා නුරුස්නා ගතියත්, ඇගේ පිටුපසින් දුඟඳක් හැමීමත් නිසා මහත් පීඩාවට පත්ව සිටියාය.
    සඳුනි යන එන තැන ඇගේ පිටුපසින් මහත් වූ දුර්ගන්ධයක් පැතිරීම හේතුවෙන් පාසලේ සිසු සිසුවියන්ගේ පිළිකුලට පාත්‍ර වීමත් නිසා ඇය පාසල් ගමන ද අතහැර දැමුවාය.
    මෙය කායික හෝ මානසික ආබාධයක් නොවන බැවින් ඇගේ මවුපියෝ වෛද්‍යවරුන් කරා ඇය කැටුව නොගියහ. ‘සිළුමිණ’ පාඨකයන් වන මවුපියෝ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත දියණිය කැඳවාගෙන ගියාය.
    එහිදී ආධ්‍යාත්මික ගවේෂකවරයා සඳුනි පරීක්ෂා කිරීම සඳහා කිරණ ශක්තිය යොමු කළේය. එවිට අඬන්න පටන් ගත් සඳුනි ඒ සමඟම තද නින්දකට වැටුණාය.
    bhooth.jpg
    ඇය අවදි වූයේ ම නැත. ඇගේ ශරීර ගත ගුප්ත බලවේගය දුර්වල බව වටහා ගත් ගවේෂකවරයා පැන් ටිකක් මුහුණට ඉස ඇය අවදි කැර වීය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.

    ඊළඟට පැමිණි දිනයේ සඳුනි ආවිෂ්ට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය. එදින ද ප්‍රේත ජිවියා අඬන්නට පටන් ගත්තේ ය.
    “කවුද මේ අඬන්නේ?”
    “කරුණාවතී”
    “කවුද කරුණාවතී ය කියන්නෙ?”
    “මේ දෝනිගෙ අත්තම්මා”
    “ඉතින් ඇයි අඬන්නෙ?”
    “මිනිබිරී දාල යන්න බෑ. දාල යන්න වෙයි කියලා බයට අඬන්නෙ”
    “ඇයි මේ දෝනිගෙ ඇඟට රිංගුවේ?”
    “මේ දැරිවිව හදා වඩාගත්තේ මම. අම්මා තාත්තා රට ගිහින් හිටියා. මමයි හදා වඩා ගත්තේ. අවුරුදු අටක් ම මම ය හදා වඩා ගත්තේ. මම දෝනිට ආදරෙයි. මට දෝනිව අතහැරලා යන්න බෑ.”
    මේ මියගිය කරුණාවතී සඳුනි‍ගේ අම්මාගේ අම්මා ය. සඳුනිත් සමඟ මවු පිය දෙදෙනා විදේශ සංචාරයක යෙදෙද්දී අත්තම්මා මිය ගොස් ඇති බවත්, ඇය මිය යන අවස්ථාවේ ඈ ගැන අත්තම්මා අසා ඇති බවත්, “දෝනිව දකින්න ආසයි” කියා මැරෙන මොහොතේත් මතක් කැර ඇති බවත්, සඳුනිගේ මව ගවේෂකවරයා සමඟ කීවාය. ගවේෂකවරයා නැවත ප්‍රශ්න කළේය.
    “ඇයි මේ ළමයා පසුපසින් දුර්ගන්ධයක් හමන්නෙ?”
    “ඒ මගේ ඇ‍ඟෙන් නික්මෙන ගඳ” යැයි ප්‍රේතිය කීවාය.
    “ඇයි මේ ගඳ?”
    “මහත්තයා, මම ජීවත්ව ඉන්දැද්දි පින් දහම් කළේ නෑ. බොරු කීවා, අනුන්ට අපහාස කළා. ඒ පවට තමයි ඔය ගඳ හමන්නේ.”
    “ඔබ ළමයාට ආදරෙයි කිය කියා ළමයාගේ පස්සෙන් යනවා. ඔබේ ගඳ නිසා දැන් ළමයාගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වෙලා. ඒ බව දන්නවා ද?”
    “…..” ප්‍රේතිය නිහඬ ය.
    “ළමයාට ආදරේ නම්, ළමයාට ආදරේ කෙනෙක් නම් ළමයා ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන විදිහට වැඩ කරන්නේ නෑ නේද?”
    “………..” ප්‍රේතිය නිහඬ ය.
    “ඇයි මේ ළමයාත් මවුපියනුත් අතර නුරුස්නාකම් ගැටුම් ඇති කරන්නෙ?”
    “ඒ පළිගන්න.”
    “කාගෙන් ද?”
    “දූගෙයි බෑණගෙනුයි”
    “ඒ අය මොන වරදක් කළාට ද?”
    “මේ ගොල්ලො කුරුණෑගල හාමුදුරු කෙනෙක් ලවා මාව බැන්දුවා. ඒ තරහට මම පළිගන්නවා.”
    “බැන්දුවා නම් මෙතනට ආවේ කොහොම ද?”
    “ඒ හාමුදුරුවෝ මාව බඳින්න හදනකොට ම මම පැනලා ගියා. මුන්ව! රවටලා ඔන්න මම ප්‍රේතිව බැන්දයි කියලා හාමුදුරුවෝ මේ අයගෙන් සල්ලි කඩා ගත්තා. “
    “ඉතින් දූගෙනුයි බෑණගෙනුයි පළි ගන්නවා කියලා මේ ළමයටත් හිරිහැරයක්නෙ. කරදරයක්නෙ. ළමයාට ආදරේ නම් එහෙම කරනව ද?”
    “…….” ප්‍රේතිය නිහඬ ය.
    තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන්නේ ය. මෙසේ බෝධි පූජා පවත්වන්නට නියම කරන්නේ සිත ඒකාග්‍ර කොට ශ්‍රද්ධා, ශීල, සති, සමාධි ක්‍රමයෙන් ශක්ති ශරීරය ගොඩ නැංවීමට ය. ශක්ති ශරීරය පිරිහී ගිය විට ලෙඩ දුක් ඇති කිරීමේ හැකියාව අමනුෂ්‍යයන්ට ලැබේ. එහෙත් සමහරු බෝධි පූජා පැවැත්වීමට අකමැති ය. ඔවුන්ට අවශ්‍ය එක දවසෙන් සුවපත් වීමට ය. තමන්ගෙන් සිදු වූ අඩුපාඩු නිසා අමනුෂ්‍ය බලය වර්ධනය වන බව නොසිතයි. ප්‍රේත දෝෂ තියෙන නිවෙස්වල මස්, මාළු, කරවල, බිත්තර තෙල් බැඳුම් අහිතකරය. සමහරුන්ට ලෙඩා මළත් මස් මාළු නොකා බැරිය. රූපවාහිනිය ඉදිරියේ දවසෙන් පැය තුන හතර කාලය කන කාලකන්නින්ට තමන් ගේ පවුලේ ලෙඩා වෙනුවෙන් පැයක් හමාරක් බෝ මළුවක තෙරුවන් වඳින්නට, මල් පහන් පුදන්නට පිරිත් සූත්‍රයක් සජ්ඣායනා කරන්නට කම්මැළිය. ඒත් ඔව්හු බෞද්ධයෝ යැයි කියා ගනිති.
    බෝධි පූජා දින හතක් පවත්වා එන්නට උපදෙස් දුන්නත් ඔවුන් යළි පැමිණියේ නැත. මාස එකහමාරකට පසු සඳුනිගේ අම්මා “අනේ බුදු මහත්තයෝ අපට පිහිට වෙන්නැÓයි ගවේෂකවරයාට එස්. එම්. එස්. පණිවුඩයක් එව්වාය. එයට පිළිතුරක් නොලැබුණු බැවින් යළිත් දැරිය රැගෙන ආවා ය.
    සඳුනිගේ දෑත් දෙපා කොර වී ඇත.
    “ඇයි මේ ළමයාගේ අතපය කොර වෙලා?” ගවේෂකවරයා ඇසීය.
    “දන්නේ නෑ මහත්තයා”
    “ඇත්ත කියන්න බෝධි පූජා තිබ්බ ද?”
    “ඔව්”
    “බෝධි පූජා තිබ්බා නම් ළමයාගේ අතපය කොර වෙන්න විදිහක් නෑ. මාස එකහමාරක් මොනව ද කළේ? ඇත්ත කියන්නේ නැත්නම් මට ප්‍රතිකාර කරන්න බැහැ. ළමයාව අරගෙන යන්න. ඕනෑ තැනකින් ගිහින් ප්‍රතිකාර කරවා ගන්න. මගෙන් ප්‍රතිකාර වුවමනා නම් ඇත්ත කියන්න ඕනෑ. මාව රවටන්න හදන්න එපා.”
    “අනේ! මහත්තයා! බෝධි පූජා පැවැත්තුවේ නෑ.”
    “ඇයි ඒ?”
    “මහත්තයා කැමති නැහැ. රස්තියාදු වෙන්න බැරිලු.”
    “හා…. හා…. තම තමන්ගේ පාපකර්ම විපාක තමන් ම ගෙවන්න ඕනෑ. මට ගෙවන්න බෑ අනුන්ගේ පාප විපාක. ඒවාට තම තමන් කැපවෙලා වැඩ කරන්න ඕනෑ. තමන් ගෙ කර්ම විපාක ලෙඩ දුක් තව කෙනෙකුට එක පාරට ම පිහදාන්න බැහැ. මේ අතරේ බෝධි පූජා නොතියා තව තව වෙනත් දේවල් කළා නේද?”
    “ඔව් මහත්තයා. මගේ මනුස්සයා මේ ළමයා මන්ත්‍ර බලයෙන් වැඩ කරන හාමුදුරු කෙනෙක් ළඟට අරගෙන ගියා. එතැනදිත් දරුවාට අත්තම්මා දිෂ්ටි වුණා. එතැනදී දරුවගේ අතපය ඇඹරිලා කොර වුණා. හාමුදුරුවො කිව්වා ඒ පාර ළමයා දොස්තර කෙනෙක් ළඟට අරගෙන යන්න කියලා. ඉස්පිරිතාලෙන් කිව්වා මෙයාට ලෙඩක් නැහැ කියලා.”
    “මට බැහැ මේ ළමයගෙ වගකීම බාර ගන්න. තාත්තට ඕනෑ විදිහට ගිහින් සනීප කැර ගන්න පුළුවන් නම් සනීප කැර ගන්න. අනුන්ගෙ පව් මට බාර ගන්න බෑ. මේ අහිංසක ළමයා ගැන අනුකම්පා කරලා තමයි අද එන්න කිව්වේත්” යැයි කියන විට ම සඳුනි ප්‍රලය වූවාය.
    “ඔව්! ඔව්! මහත්තයා. අර මෝඩයා ආයෙත් මාව බන්දන්න හාමුදුරුවො ළඟට ළමයාව අරන් ගියා. ඔන්න මම වැඩේ මේ පාර හරියට ම කළා. තරහට.”
    “ඇයි මේ ළමයව කොර වුණේ”
    “මට කේන්ති ගියා මහත්තයා. මං මැරුණෙ පපුවෙ අමාරුවක් හැදිලානෙ. ඒ වෙලාවෙ මගෙත් අතපය ඇඹරිලා ගිහින් තමයි මළේ. ඒක වෙන්නැති.”
    “ඉතින් කරුණාවතී! අත්තම්මා මිනිබිරීට ආදරේ නම් තාත්තගෙ වැරදිවලට ළමයාට දුක් හිරිහැර කරලා හොඳ නැහැ නෙ. මම කියන දේ පිළිගන්නවා ද?”
    “ඔව් ඔව් ඔය කට්ටඩින්ගේ යන්ත්‍ර මන්ත්‍ර බලය සීමිතයි. ආධ්‍යාත්මීය ශක්තිය තියෙන්නේ මෛත්‍රීය පදනම් කරගෙන, ලෙඩාගෙවත්, භූතාත්මයේ වත් සිත් නොරිද්දා කරුණාවෙන් සුවපත් වේවා යන අදහසින් ම කරන දෙයක්. දැන් මේ ආත්තම්මත් මිනිබිරී ගැන කරුණා මෛත්‍රියෙන් හිතන්න ඕනෑ. මේ දැරියගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනෑ.”
    “හොඳයි මහත්තයා මාව හොඳ තැනකට යවන්න”
    “තමුන් කැමති කොතැනට යන්න ද?”
    “දළදා මාලිගාවට යන්නට කැමැතියි”
    “බෑ බෑ තමුන් වගේ ගඳ ගහන කෙනෙක් ඒ වගේ තැනකට යවන්න බෑ. මම මේ අයට කියන්නම් දානයක් දී පැන් වඩා අම්මාට පින් දෙන්න කියලා. ඒ පින් අනුමෝදන් වෙලා දැන් ඔය සිටින තත්ත්වයෙන් ටිකක් ඉහළට යන්න. එතැන කරන පින් දහම් දැක බලා සතුටු වෙලා ශ්‍රද්ධාව ඇති කරගෙන තවත් ඉහළට යන්න.”
    නිවසේ සාංඝික දානයක් දී මියගිය මවට පින් අනුමෝදන් කරන ලෙස උපදෙස් දුන්නේය.
    සඳුනි සුවපත් වූවාය. දානයෙන් පසු පැමිණි විට ප්‍රේත ජීවියා නාථ දේවාලය අසල බෝධිය ළඟට යැවීය.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ආදරේ නිසා මං ඇඟට රිංගුවා

    භාවනාව යනු සිත ශක්තිමත් කිරීමයි. (භාවේ නීතී භාවනා) අද භාවනාව පිළිබඳ විශේෂ උනන්දුවක් සමාජය තුළින් දක්නට පුළුවන. භාවනා කළ යුත්තේ ආරණ්‍යයක ය, සේනාසනයක ය, රුක්ඛ මූලයකය, ශුන්‍යාගාරයක ය. ප්‍රවීණ ගුරුවරයකු යටතේය.
    එහෙත් වර්තමානයේ විවිධ ස්ථානවල, වේදිකාවල පවා භාවනාව උගන්වන අයුරු දැක ගන්නට ඇත. මුදල් අය කොට පාඨමාලා වශයෙන් ද උගන්වන ස්ථාන ඇත. තවත් සමහරෙකුට භාවනාව විලාසිතාවක් වී ඇති අයුරු ද දැක ගන්නට ඇත.
    කෙසේ නමුත් ගුරු ඇසුරෙන් තොරව පොත්පත්වල සඳහන් අයුරු බලා ගෙන භාවනා කරන්නෝ ද සිටිති. භාවනා පුහුණුවේ දී දිනපතා ද, ගැටලු අවස්ථා පැන නැඟුණු විට ද ගුරුවරයා මුණ ගැසී කමටහත් ශුද්ධ කැර ගත යුතුය. එසේ නොකරන සමහරු සිතුවිලිවලට රැවටී නොමඟ ගොස් අවුල් කැර ගන්නා අවස්ථා ද ඇත.
    කෙසේ නමුත් උපන් දා සිට මරණය දක්වා අප මෙහෙයවන්නා වූ, කය, වචන හසුරුවන්නා වූ ඇසට නොපෙනෙන අතට හසු නොවන, කිසිදු යන්ත්‍ර සූත්‍රයකට හසු නොවන්නා වූ සුවිශේෂී ශක්ති බලවේගයක් වූ “සිත” සමඟ කරන්නා වූ ව්‍යායාමයක්, වැඩ පිළිවෙළක් වූ භාවනාව උතුම් ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික ක්‍රියාවලියක් මිස සෙල්ලමක් නොවේ.
    ඇය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. නමින් මල්කාන්ති ය. හතළිස් පස් හැවිරිදි ය. දෙදරු මවකි. ඇය පෞද්ගලික සමාගමක සේවය කරන්නීය. කෑම අප්‍රියාව හා සිහිනෙන් බිය වී තිගැස්සී අවදි වීම ඇයට තිබුණු රෝගාබාධයයි. එහෙත් ඇය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන, වැඩි මහල් දියණිය සමඟ ආවේ ස්වාමි පුරුෂයාගේ විකෘතියක් නිසාය.
    මල්කාන්තිගේ ස්වාමි පුරුෂයා සරච්චන්ද්‍ර ය. ඔහු පෞද්ගලික අංශයේ ගිණුම් ලිපිකරුවෙකි. මාස කීපයක සිට ඔහු බියසුළු ගතියකින් පෙළෙයි. වෙනදා මෙන් ගෙදර වියදමට මුදල් නොදෙයි. සවස 6 වන විට නිවසේ අඳුරු මුල්ලකට වී ගුලි ගැසී නිදා ගනියි.
    මේ තත්ත්වයෙන් වළක්වා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගොස් ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසුණි. ඇය සිය සැමියා ගේ ස්වභාවය පැහැදිලි කරන විට පැද්දෙන්නට වූවා ය. ඇය ප්‍රලය වී කතා කරන්නට වූවාය.
    “මාව එළවන්න හිතුවට මම නම් යන්නේ නෑ”
    “කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නෙ?”
    “……….” ඉන් එහාට කතා කළේ නැත. මල්කාන්තිගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කොට නැවත සාකච්ඡා කළේය.
    “ඇයි මහත්තයව එක්ක ගෙන ආවේ නැත්තෙ?” ගවේෂකවරයා ඇසීය.
    “එයා එන්නේ නෑ” මල්කාන්ති කීවාය.
    “එහෙම නම් මට කරන්න දෙයක් නෑ. අදාළ පුද්ගලයා නැතුව ප්‍රතිකාර කරන්න බෑ. මෙතැන සිදු කරන්නේ ආධ්‍යාත්මිය ප්‍රතිකාරයක්. ඒ තුළින් ඔහුගේ චිත්ත ශක්තිය ගොඩ නඟනවා. භූතාත්මවල බලපෑමට හසු වී දුර්වලව ඇති මානසික ශක්තිය ආධ්‍යාත්මික ප්‍රතිකාරවලින් ක්‍රමයෙන් ශක්තිමත් කරන්න ඕනෑ. අදාළ පුද්ගලයා නැතිව ඒ තත්ත්වය ගොඩ නඟන්න බෑ” යි පැහැදිලි කළේය.
    ketikatha.jpg
    “අනේ මහත්තයා එයාව නම් කොහොමවත් ගේන්න අමාරුයි. ඒකයි අපි ආවේ.”
    “ගමේ පන්සලට ගිහින් බෝධි පූජා දහහතරක් තියන්න. ඊට පස්සෙ මහත්තයව එක්ක එන්න උත්සාහ කරන්න” යැයි ද උපදෙස් දුන්නේය.
    බෝධි පූජා පැවැත්වීමෙන් අනතුරුව දියණිය පියා ළඟ අඬා වැලපී ඔහු කැඳවාගෙන එන්නට කැමති කැර ගත්තා ය. එහි පැමිණි සරච්චන්ද්‍ර හා ගවේෂකවරයා අතර සුහද සාකච්ඡාවක් ගොඩ නැඟුණි.
    “මොකක්ද මහත්මයා මේ ගැටලුව?”
    “මහත්මයා! මම මීට අවුරුද්දකට කලින් කෑගල්ලේ භාවනා ගුරුවරයෙකු ගෙන් භාවනා කරන්න ඉගෙන ගත්තාÓයි සරච්චන්ද්‍ර කීවේය.
    “ඔව් එයා තමයි ගෙදරට වියදම් කරන්න එපා. මේ වගේ භාවනා වැඩවලට වියදම් කරන්න කියලා මෙයාට උපදෙස් දීලා තියෙන්නේ” යි මල්කාන්ති ද කීවා ය.
    “ඔව්! ඔව්!! මම මගේ ගුරුතුමාගේ නියමයෙන් පිට වැඩ කරන්නේ නෑ”
    “ඒ ගුරුතුමා උගන්වන්නේ බෞද්ධ භාවනාව ද?”
    “නෑ එතුමා ආගම්වලට කොටුවුණ කෙනෙක් නොවෙයි. එතුමා නිදහස් යෝග ක්‍රමයක් උගන්වන්නෙ?”
    “ඒ ගුරුතුමා කොයි වගේ කෙනෙක් ද?”
    “එතුමා වලව්කාරයෙක්. ගිහි ගෙය කලකිරී වෙනම කුටියක් හදාගෙන භාවනා කරනවා. කුණ්ඩලිණිය වඩනවා. මේ දවස්වල එතුමා අසනීපෙන් ඉන්නේ. මම එතුමා මෙතැනට එක්ක ගෙන එන්න ද?”
    ඊළඟ දිනයේ ඒ භාවනා ගුරුවරයා ද කැටුව සරච්චන්ද්‍රත් මල්කාන්තිත් ආහ. ගුරුවරයා නිහතමානීය. ඇඟ ඉදිමී සුදුමැලි වී තිබුණි.
    ඒ ගුරුවරයා මධ්‍යස්ථානයට ඇතුළු වූ හැටියේ ම දිෂ්ටි වී කතා කරන්නට පටන් ගත්තේය.
    “උඹලට බෑ මාව එළවන්න. මම යන්නේ නෑ” යි මහ හඬින් හිනාවෙන්නට විය. “උඹ කවුද? උඹලට මාව අඳුනන්න බෑ” යි නැවත කියන විට ම ගවේෂකවරයා “උඹ කතා කරන්න ඉගෙන ගනින්” යැයි වේවැල් පාර දෙකක් දුන්නේ ය.
    “අනේ! අනේ! ගහන්න නම් එපා. මම ඇත්ත කියන්නම්.”
    “කියාපං උඹ කවුද?”
    “මම සිරිපාල”
    “සිරිපාල කියන්නේ කවුද?”
    “මම ඩ්‍රැයිවර්. මේ මහත්තයාගෙ වලව්වේ කාර් එක එළෙව්වේ මම. මම අසනීපෙකින් මළා. මේ මහත්තයට ආදරෙයි. එයාගෙ ඇඟට රිංගුවා.”
    “ඇයි අනුන්ගෙ ඇඟට රිංගුවේ?”
    “ඒ ලේ සුවඳට ඇදිලා ආවා.”
    “ඇයි මේ මහත්තයාට කරදර කරන්නෙ?”
    “ඒ අපේ හැටි. මමත් එහෙම තමයි”
    “තමුන් මේ ඇඟට රිංගලා මොනව ද කළේ?”
    “මම මෙයාට වද දෙනවා. එතකොට ලේ කෝප වෙනවා. එතකොට ලේ සුවඳ පිටවෙනවා. මම ඒ ලේ සුවඳ උරා බොනවා. ඒ අතරේ භාවනාව අවුල් කළා. ගෝලයන්ට වැරදි උපදෙස් දුන්නා.”
    “ඇයි ආදරෙන් ඉඳලා. වැඩ අවුල් කළේ?”
    “මෙයාගෙ ගෙදර අය බෝධි පූජා තියනකොට මට ඉන්න බෑ. ඒකයි හිරිහැර කළේ?”
    ගුරුවරයාට දෑස් පියාගෙන ඔහුට පුරුදු භාවනාවේ යෙදෙන්නට උපදෙස් දී ගවේෂකවරයා ඔහුට ශක්ති කිරණ එල්ල කළේය. භූතයා මෙල්ල විය.
    “දැන් ඉවත්වෙලා යන්න ඕනෑ”
    “බෑ බෑ මම නම් යන්නේ නෑ.”
    “එහෙනම් නම් ගුරුතුමාගෙ ඇ‍ඟේ ඉන්න පුළුවන්. හැබැයි වෙනත් අයගෙ ඇඟට රිංගන්න බෑ. තේරුණා ද?”
    “හොඳයි මම එකඟයි.”
    ප්‍රේත ජීවියා ශරීරයෙන් ඉව්ත කොට උපදෙස් නැවත දුන්නේ ය.
    “මහත්මයා බෞද්ධ පිළිවෙත් නොකළාට කමක් නෑ. මේ සරච්චන්ද්‍රත් සමඟ බෝධි පූජාවට යන්න. දවස් විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.
    “හැබැයි බෞද්ධ භාවනාව බලගතුයි. හොඳට මතක තියාගන්නැ” යි ද අවධාරණය කළේය.
    සති තුනකට පසු ඔව්හු නැවත පැමිණියහ. ගුරුවරයා දිෂ්ටි ගැන්වීය.
    “හඃ… හඃ… හා… මම නම් යන්නේ නෑ”
    “උඹව බල්ලෙක් වගේ පුච්චනවා” යි කිරණ ශක්තිය එල්ල කළේය.
    “අනේ! අනේ! එපා. මම යනවා. මීට පස්සේ භාවනාව අවුල් කරන්නෙත් නෑ. වැරදි උපදෙස් දෙන්නෙත් නෑ. මම කැලණි බෝධිය ළඟට යනවා” යි ඉවත්ව ගියේය.
    මේ යෝගියා ගේ ශරීරයට රියැදුරා ගේ ප්‍රේතාත්මය රිංගා ගෙන භාවනාව අවුල් කළේය. ඔහු ලවා ආධුනික යෝගීන්ට වැරදි උපදෙස් දී තිබුණි. දැන් සරච්චන්ද්‍රත්, මල්කාන්තිත්, ගුරුවරයාත් ප්‍රකෘති තත්ත්වයට පත්ව සිටිති
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මුදලාලිගෙන් මං පළිගන්නෙ නිකම් නොවෙයි බිස

    “තමන් මැරුණෙ මොනවා වෙලා ද?”
    දියවැඩියාවෙන් මාස හයක් එක් තැන් වෙලා හිටියා. එහෙම අසනීපවෙලා ඉඳලා මැරුණා.”
    “මාස හයක් ම එක් තැන් වෙලා හිටියේ මොකද?”
    “මම එළවපු ලොරියට ම යට වෙලා.”
    aw-1.jpg

    “ඒක පුදුම කතාවක් නෙ? තමන් ම එළවපු ලොරියට තමන් ම යටවුණේ කොහොම ද?”
    “ඒ වෙලාවෙ ලොරියෙ ගෝලයාට මම ලොරිය රිවස් කරන්න දුන්නා. මම ලොරිය පිටිපස්සෙ බිම ඉඳලා බැලුවා. ලොරිය එක පාරට ම වේගයෙන් පස්සට ඇවිත් මගේ ඇ‍ඟේ හැපුණා.”
    “ඇයි ගෝලයාට ලොරිය රිවස් කරන්න දුන්නේ?”
    “යාළුකමට”
    “ඒ කියන්නෙ තමන්ගෙ රස්සාවෙ වගකීම අනුන්ට පැවරුවා.”
    “හ්……….. ම්………”
    “ලොරිය කාගෙද?”
    “මේ ජයමාන්න මුදලාලිගෙ.”
    “ලොරියෙ ඩ්‍රැයිවර් කවුද?”
    “මම”
    “ගෝලයා කවුද?”
    “පියදාස”
    “ඇයි පියදාසට ලොරිය එළවන්න දුන්නෙ. මුදලාලි තමන්ට කිව්වද පියදාසටත් ඩ්‍රයිවින් උගන්නන්න කියලා.”
    “නෑ මුදලාලි කිව්වෙ නෑ. පියදාසටත් අත හුරුකර ගන්න ඕනැයි කිව්වා ම මම ඒකට ඉඩ දුන්නා හිතවත්කමට.”
    “ලොරියෙ හැපිලා කොයි තරම් කාලයක් අසනීපයෙන් හිටියා ද?”
    “මාසයක් විතර ඉස්පිරිතාලෙ හිටියා. ටිකට් කැපුවාම ගෙදර ඇවිත් සිංහල වෙද මහත්තයෙකුගෙන් කැඩුම් බිඳුම් වෙදකම් ගත්තා. ඒ වෙනකොටත් මට දියවැඩියාව තිබුණා. මාස හයක් ම එක් තැන් වෙලා දුක් විඳලා මැරුණා.”
    “තමන් ගෙ නම මොකක් ද?”
    “ගුණසේන”
    ජයමාන්න මුදලාලි මොරටුව ප්‍රදේශයේ දැව වෙළඳාම් කළ පනස් පස් හැවිරිදි විවාහකයෙකි. ඔහුගේ ව්‍යාපාරයට ඔහු සතු ලොරි රථ දෙකක් යොදවා තිබුණි. ඔහු ඇඟ පත වේදනාවෙන් පීඩා විඳීන්නට විය. ඔහුගේ ශරීරය කුඩා සතුන් වගයක් කනවා යැයි නිතර ම කියන්නට විය. ශරීරය පවා ලප හැදී තිබුණි මේ ලප හැදීමත් කැසිල්ලත් නිසා වෙනත් කටයුත්තක යෙදෙන්නට ඉඩකඩක් නොවීය. බිරිය පවා නුරුස්සන්නට විය. ලොරි රථ දෙක මේ වන විට හයවරක් පෙරැළී අබලන්ව අලුත්වැඩියා කරන්නට සිදු වී ඇත. අලුත්වැඩියා කොට ප්‍රවාහනයේ යෙදූවත් එදින ම යාන්ත්‍රික දෝෂයක් නිසා ධාවනයෙන් ඉවත් කරන්නට සිදු විය. ‍ලොරිය ගෙනා කොම්පැණියට බාර දී අලුත්වැඩියා කොට ආපසු ගෙනැවිත් ධාවනයේ යෙදෙව්වත් එදින ම වෙනත් දෝෂයක් මතු විය. දැන් ලොරි දෙක ම ධාවනයෙන් ඉවත් කොට ඇත. විකුණා දමන්නට උත්සාහ කළත් එය ඉටු වූයේ ද නැත. මෙසේ අතොරක් නැතිව දුක් කරදර කම්කටොළු පාඩු අසනීප දිගින්දිගට පැමිණීම නිසා විවිධ ආගමික පිළිවෙත් සිදු කළ ද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තොවිල් පවිල් සිදු කළ ද කිසි ම සහනයක් නොවීය.
    අවසානයේ “සිළුමිණ” පත්‍රයේ “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය කියවන ඥාතියෙකුගේ උපදෙස් මත ජයමාන්න මුදලාලි බිරියත්, ඒ ඥාතියාත් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගියේ ය. එහි දී ආධ්‍යාත්මික උපදේශකවරයා හමු වී සිය දුක් ගැනවිල්ල කීවේය.
    පළමු ආධ්‍යාත්මික කිරණ ශක්තිය එල්ල කරන විට ජයමාන්න සිහිසුන්ව වැටුණේය. මේ වන විට ජයමාන්න ශාරීරිකවද මානසිකව ද දුර්වලව සිටි බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
    ඊළඟ දිනයේ පැමිණි විට ජයමාන්න ප්‍රලය විය. ග‍ෙව්ෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
    “කව්ද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?Ó‍
    “මම ගුණසේන.”
    “ගුණසේන කියන්නේ කවුද?”
    “මේ මුදලාලිගේ ළඟ හිටපු ඩ්‍රැයිවර් කෙනෙක්.”
    “ඇයි ඉතින් මුදලාලිට කරදර කරන්නේ?”
    ‍මුදලාලි මට සැලකුවේ නෑ. මම ඒකට පළිගන්නවා. කොහොම හරි මරණවා. මරණවා මයි.”
    ‍Óඇයි ඔය තරම් දරුණු වෛරයක්?Ó‍
    ගුණසේන අසනීප වූ හැටිත්, ලොරියේ හැපුණු හැටිත්, මාස හයක් තිස්සේ එක් තැන්ව දුක් වින්ඳ හැටිත් භූතයා විස්තර කළේ ය. එය කලින් සඳහන් කළෙමු.
    මේ භූතයා ගේ පළිගැනීමේ වෛරී සිතුවිලි ඉතා දරුණු බැවින් තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේ ය.
    සතියකින් පසු ජයමාන්න නැවත පැමිණියේ ය. ගුණසේන ලොරියේ හැපී අසනීප වූ හැටිත් රෝගියාට සැලකූ හැටිත් ජයමාන්නගෙන් විමසුවේ ය.
    “මහත්තයා, මිනිහා තමන්ට බාරදීපු ලොරියෙන් ගෝලයාට ඩ්‍රයිවින් උගන්නන්න ගිහින් තමයි ඕක සිද්ධ කර ගෙන තියෙන්නේ. ඒත් මම මගේ මනුස්සකමට ඉස්පිරිතාලෙ ඉන්දැද්දිත් ගෙදර ආවට පස්සෙත් බලන්න ගියා. මාස්පතා එයාට ගෙවපු පඩිය දිගටමත් දුන්නා” යි තත්ත්වය පැහැදිලි කළේ ය.
    එදින ද ජයමාන්න දිෂ්ටි ගැන් වූ විට භූතාත්මය කතා කරන්නට පටන් ගත්තේ ය.
    “මරණවා මරණවා ම යි. මට නම් යන්න කියන්න එපා. පළිගන්නවා පළිගන්නවා ම යි. ව්‍යාපර පාඩු කරනවා, ලොරි පෙරළනවා” යි ප්‍රේත ජීවියා කියයි.
    “කොහොමද ව්‍යාපාර පාඩු කරන්නේ?”
    “ඇයි මෙයා ඇඟ කස කස ගෙදරට වෙලා ඉන්නවා. ගෝලයෝ හොරකම් කරනවා.”
    “ලොරි පෙරළන්නේ කොහොමද?”
    “ඩ්‍රයිවර්ගෙ ඇඟට රිංගලා මට වුවමනා විදියට කානුවක් බෝක්කුවක් උඩින් ගිහින් පෙරළනවා.”
    “එච්චරද කරන්න පුළුවන්?”
    “ඇයි වතුර බට හපාගෙන ඉඳලා හිල් කරනවා. බ්‍රේක් ඔයිල් බට හපා ගෙන ඉඳලා හිල් කරනවා. එහෙමත් පාඩු කරවනවා.”
    “ඇයි එහෙම කරන්නේ? ඇයි මුදලාලිව මරන්න හදන්නේ?”
    “තරහට… තරහට…”
    “ඇයි මේ තරම් තරහක්?”
    “මට සැලකුවේ නැති නිසා.”
    “තමන් ඔත්පලව ඇඳට ම වෙලා කොයි තරම් කාලයක් හිටියද?”
    “මාස හයක් විතර.”
    “ඒ කාලෙ කවුද තමන්ට සාත්තු සප්පායම් කළේ?”
    “මගේ නෝනා.”
    “නෑදෑයොත් උදව් කළා ද?”
    “නෑ එහෙම විශේෂ උදව්වක් කළේ නෑ.”
    “තමන්ට වෙන ආදායම් මාර්ග තියෙන්න ඇති නේද?”
    “නෑ නෑ මට වෙන කිසි ම ආදායමක් තිබුණේ නෑ.”
    “එහෙනම් රියැදුරු රස්සාව ම විතරයි තිබුණේ?”
    “ඔව්”
    “ඉතින් ඔත්පලව හිටිය කාලෙ ජීවත් වුණේ නෝනා රස්සාවක් කළාද?”
    “නැහැ”
    “පුදුමයිනෙ ඉතින් ජීවත් වුණේ කොහොමද?”
    “ජයමාන්න මුදලාලි මාසෙකට විතර සැරයක් ගෙනැත් දීපු මුදලකින් තමයි.”
    “දියවැඩියාව හැදිල ඉන්න කොට තුවාලත් තිබුණ ද?Ó‍‍
    “නැහැ”
    “ඒත් දියවැඩියාව නිසා දුර්වලවෙලයි මැරුණේ?”
    “ඔය දියවැඩියාව හැදුවෙ මුදලාලි ද?”
    “නැහැÓ‍
    “තමන් ගෙ ඇඟට ලොරිය රිවස් කළේ මුදලාලි ද?”
    “නෑ පියදාස”
    “පියදාසට ලොරිය රිවස් කරන්න දුන්නේ කවුද?”
    “මම…..මම……… දැන් කීපවතාවක් ම ඒක කිව්වා.”
    “අන්න හරි, දැන් කීපවතාවක් කියපු නිසා හොඳට මතකයිනෙ, මේ අනතුර සිද්ධ වුණේ තමන්ගේ ම වරද නිසයි නේද?”
    “ම්……ම්……..ඔව්………..නේ………. මහත්තයා මම වැරදියි.”
    “දැන් හොඳට මතක තියාගන්න ජයමාන්න මුදලාලි හුඟක් යුතුකම් කරලා තියෙනවා. ගුණසේන අතේ වරද තියෙද්දිත් තමන් මැරෙනකම් උදව් කළා.”
    “ඔව් මහත්තයා මම පිළිගන්නවා.”
    “එහෙම යුතුකම් කළ මුදලාලිට තමන් එක දිගට හතුරුකම් කළා. වාහන පෙරළුවා. අසනීප කළා. මැරීමේ වේතනාවෙන් හතුරුකම් කළා. ඒ වැඩ ඉතා ම අකෘතඥ දුෂ්ට වැඩ නේද?”
    “………………….” අමනුෂ්‍යයා නිහඬ ය.
    “තමන්ගේ වදර නිසාත් සංසාරෙන් කරපු පාපයක් නිසාත් තමන් දුක් වින්ඳා. වැරදි චේතනා නිසා දැන් මළ පෙරේතයෙක් වෙලා දුක් විඳිනවා. ඒත් මදිවාට යහපත් මිනිහෙකුට සතුරුකම් කරනවා. තමන්ට තව දුරටත් ඔය දුගතියේ ම අවුරුදු දස දහස් ගණනක් කර්ම විපාක ගෙවන්නයි වෙන්නේ.”
    “………………….” ප්‍රේතයා නිහඬව සිට අඬන්නට ගත්තේ ය.
    “මේ වගේ ස්වාමියෙකුට හතුරුකම් කරන්න තමන් මීට පස්සෙ පැත්ත පළ‍ාතෙ එන්න එපා” යි කියන විට ම ප්‍රේතයා ඉගිල ගියේ ය.
    ජයමාන්න මුදලාලිට කරුණු පැහැදිලි කොට මුදලාලිටත්, නිවසේ අනිත් අයටත්, නිවසටත්, ව්‍යාපාරයටත් ආරක්ෂා දමන්නට කටයුතු කළ යුතු බැව් අවධාරණය කළේ ය.
    “මහත්තයා ගුණසේන අතේ කොයි තරම් වැරැද්දක් තිබුණත් ම‍ගේ ළඟ දවසක් හරි වැඩ කළ සේවකයෙක් කියලා මගේ හිතේ තාමත් අනුකම්පාවක් තියෙනවා. ගුණසේනගෙ නමින් ගුණසේනගෙ ගෙදර සාංඝික දානයක් දීලා පින් අනුමෝදන් කරන්න මම අවශ්‍ය කටයුතු කරන්නම්. සම්පූර්ණයෙන් වියදම මම දරනවා.” යි ජයමාන්න මුදලාලි කීවේ ය.
    “බොහෝ ම හොඳයි මුදලාලි ඒ දානෙන් පස්සෙ එහෙනම් ආයෙත් එන්නකො” යි ගවේෂකවරයා පැවසීය.
    සාංඝික දානය පිරිනමා නැවතත් පැමිණි දිනයේ ගුණසේන ගේ ප්‍රාණකාරයා ගෙන්වා සුදු නෙළුම්මල් වට්ටියකට සම්බන්ධ කොට කැලණියට යැව්වේය.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඒ කාලේ සුද්දොත් මට ඔළුව නැමුවා…..වලව්වේ පරා&#3

    “උදේට ළදරු පාසල්වලට ළමයින් එක්ක එන අම්මලා ළමයින් ළදරු පාසලට දාලා හොර මිනිස්සුත් එක්ක, ත්‍රීවීල් කාරයොත් එක්ක මගේ වලව්වට ඇවිත් දවල් වෙනකම් ලැගලා ඉඳලා යනවා. ඉස්කෝලෙ යන කෙල්ලොත් කොල්ලොත් එක්ක එනවා. කොල්ලො විතරක්යැ සමහර කෙල්ලෝ කසාද බැඳපු මිනිස්සුත් එක්කත් එනවා.
    ලොකු ලොකු කොම්පැනිවල රස්සාවල් කරන එකීලත් ඒවයෙ ලොක්කොත් එක්ක ඇවිත් ලැගලා ඉඳලා යනවා. අරක්කු බොනවා. බැදපු මස් මාළු කනවා. මේක මගේ වලව්ව. අම්බලමක් මුඩුක්කුවක් නොවෙයි. මේවා දකින කොට මට උහුලගන්න බෑ” යි තිස්සට ආවිෂ්ට වූ ප්‍රේත ජීවියා කේන්ති ගිහින් කීවේ ය.
    “ඒ වගෙ වැඩවලට කොහොම ද වලව්වට එන්නෙ?” ආධ්‍යාත්මික උපදේශකවරයා ප්‍රශ්න කළේය.
    “මෙයා මගේ වලව්ව දෙකට බෙදලා එක පැත්තක දැන් හෝටලයක් පටන් අරගෙන. මම මූට ඕවා කරන්න ඉඩ දෙන්නේ නෑ. මම බොහෝ ම නම්බුකාර විදිහට ජීවත්වෙච්ච කෙනෙක්. එහෙනම් කො” යි ප්‍රේත ජීවියා බොහෝම ගාම්භීර ගතියක් පෙන්වමින් කීවේය.
    තිස්ස විජේවික්‍රම තිස් හැවිරිදි විවාහකයෙකි. ඔහු පවත්වා ගෙන යන හෝටලය තුළත් ඊට ම යාබද නිවසේත් වැසිකිළි ගඳක් වහනය වීමත්, එහි සේවකයන් හිටි හැටියේ බියවීමත් නිසා හෝටලය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ආහාරපාන ගැනීමට හෝ කාමර නවාතැන් සඳහා ගනුදෙනුකරුවන් නොපැමිණීම නිසාත්, නිවැසියන් රාත්‍රි හීනෙන් බිය වී කෑ ගැසීම නිසාත් මහත් දුෂ්කරතාවලට මුහුණ පා සිටියේය.
    එසේ ම රෝගාබාධවලට ගොදුරු වී දුකට පත්ව සිටියේය. මේ තත්ත්වයෙන් ගොඩ එන්නට විවිධ පිළිවෙත් ගණනාවක් සිදු කළත් සහනයක් නොලැබුණි. ‘සිළුමිණ’ පත්‍රයේ “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය කියවන මිත්‍රයෙකුගේ උපදෙස් මත තිස්ස මිත්‍රයා සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා පැමිණියේය.
    ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ඇතුළුවන විට ම ඔහු ගේ ඇඟ හිරිගඬු පිපී ගැහෙන්නට විය. ආධ්‍යාත්මික උපදේශකවරයා ඉදිරියේ දිෂ්ටි වැටි ඔළුව වනන්නට වූවා මිස වෙනත් ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය.
    ඊළඟ දිනයේ තිස්ස ප්‍රලය වීය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
    “කව්ද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නෙ?”
    “මාව මගේ වලව්වෙන් පන්නන්න ආයෙත් ආවා නේද?”
    “ආයෙත් ආවැයි කියන්නේ මීට කලින් මෙහෙට ඇවිත් නැහැනෙ.”
    “මෙහෙට නාවත් දේවාල හත අටකටම ගිහින් ලක්ෂ ගණනක් වියදම් කළා මාව පන්නන්න. මගේ වලව්වෙන් මාව පන්නන්න එහෙමත් පුළුවන් ද?”
    “ඉතින් මේ කවුද කියලා තව ම කිව්වෙ නැහැනේ.”
    Ketikatha.jpg
    “මම මෙයාගෙ සීයගෙත් සීයා.”

    “එහෙනම් බොහෝ ම පැරැණියෙක්, තමන් මේ හිරිහැර කරන්නේ පස්වැනි පරම්පරාවෙ දරුවෙකුට, මී මුනුපුරෙකුට.”
    “මුන් වගේ අය දරුවො නොවෙයි. පරම්පරාව නැති කරන්න උපන්න හතුරෝ” යි කියා ඉතා තද පරුෂ ලෙස ප්‍රේත ජීවියා තිස්සට බණින්නට විය. අසා සිට බැරි ම තැන ඔහු නිහඩ කර තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
    ඊළඟට පැමිණි දිනයේ ද තිස්ස දිෂ්ටි ගැන්වීය. ඔහුට බලපෑම් කරන භූතාත්මය වැදගත් ලෙස ජීවත් වූවෙකු බව වටහා ගත් උපදේශකවරයා ඔහුට ද නම්බුකාර දී කතා කළේ ය.
    “මොකක්ද ඔබතුමාට තියෙන ප්‍රශ්නය මේ මුනුපුරා එක්ක?” යැයි ගවේෂකවරයා ඇසීය.
    “අනේ! පුතේ! පුතා දන්නෙ නෑ මූ කරන දේවල්. මූ මගේ වලව්ව දෙකට බෙදලා එක පැත්තක හෝටලයක් දාගෙන.”
    “ඉතින් අද කාලෙ හැටියට ව්‍යාපාරයක් වශයෙන් එහෙම කළා ම මොකද?”
    “පුතේ! මම බොහෝ ම වැදගත් විදිහට ජීවත්වුණ කෙනෙක්. ඒ කාලෙ සුද්දොත් මට ගරු කළා. මාව දැක්ක ම අශ්වයා පිටින් බැහැලා ඔළුවෙ තියෙන තොප්පිය අතට අරගෙන සුද්දත් ගරු කළා. මගේ පරම්පරාවේ නම්බුව ඔය වලව්ව තමයි.
    දැන් ඒක හෝටලයක් කරගෙන මිනිස්සු ඒකට වල් ගෑනු ගේනවා. මස් බැදගෙන කනවා. ඒ විතරක් ද මගේ කාමරෙත් කුලියට දෙනවා. ඒකටත් වල් ගෑනු ඇවිත් ලගිනවා. ඉතින් මගේ පරම්පරාවෙ නම්බුව කෝ? වලව්වෙ නම්බුව කෝ? මූ මගේ නම්බුව නැති කළා.”
    “ඔය වලව්වෙ ඔබතුමා වගේ බලවේග තවත් ඉන්නවා ද?”
    “නෑ… නෑ… අපේ පරම්පරාවෙ අය නම් නෑ. වෙනත් අය අවට ඉන්නවා. උන් මට බයයි. වලව්ව ඇතුළට එන්නේ නෑ.”
    “ඉතින් දැන් මොකක්ද කරන්න කියන්නෙ?”
    “මූ මාව පන්නන්න අට වතාවක් උත්සාහ කළා. ඔය මෙතනට ආවෙත් ඒ අදහසින් ම තමයි. මාව එහෙම යවන්න බැහැ. මම යන්නෙත් නෑ.”
    “හොඳයි, අපි මුනුපුරා එක්ක සාකච්ඡා කරලා බලමු. ඔබතුමා ඔය ශරීරයෙන් ඉවත් වෙලා අහගෙන ඉන්නකෝ” යි භූතාත්මය ශරීරයෙන් ඉවත්කොට තිස්ස සමඟ සාකච්ඡා කළේය.
    තිස්ස ගේ සීයා ගේ සීයා (අත්තා – මුත්තා – නත්තා) වලව්වට ආදරෙන් සිටින බවත් බූදලය පිරිහෙනවාට අකැමැති බවත් ගවේෂකවරයා තිස්සට වටහා දුන්නේය.
    “මහත්තයා මට වෙන ආදායමක් නෑ. රස්සාවකුත් නෑ. මම ඕස්ට්‍රේලියාවට ගිහින් හෝටල් පුහුණුව, කළමනාකරණය පුහුණු වෙලා තියෙනවා. මේ වලව්ව නඩත්තු කැර ගන්නත් බැරි තත්ත්වයක යි මම ඉන්නේ. ඒ නිසා හෝටලයක් පටන් ගත්ත එක ඇත්ත.
    මම මේ බූදලය විනාශ කළේ නෑ. කිසි දෙයක් විකුණලත් නෑ. තාත්තලා නම් ඉඩකඩම් විකුණලා තියෙනවා. මට ඉතුරු වෙලා තියෙන්නේ මේ වලව්ව විතරයි” කියා තිස්ස තමන් සිටින තත්ත්වය පැහැදිලි කළේ ය.
    නැවතත් තිස්ස ගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගැන්වීය. ගවේෂකවරයා කතා කළේය.
    “දැන් මේ මුනුපුරා කියපු දේවල් අහගෙන හිටියා නේද?”
    “ඔව් හොඳට අහගෙන හිටියා.”
    “ඉතින් මේ ළමයත් ජීවත් වෙන්න එපායැ. ඒකනෙ මේ තමන් ඉගෙන ගත්ත රස්සාව කරන්නෙ.”
    “ඒක ඇත්ත.”
    “ඔබතුමා වැදගත් කෙනෙක් නෙ. වැදගත් පරපුරක නම්බුකාර කෙනෙක්, සුද්දොත් ගරු කළා කිව්වනෙ. ඔබතුමාට සුද්දොත් ඔළුව පාත් කරන්න තරම් වැදගත් නම් ඇයි ප්‍රේතයෙක් වෙලා.”
    “අනේ! ඒ මොකද?”
    “ඒක තමයි තණ්හාව. අපි මැරෙන කොට මේ භවය අතහැරලා වෙනත් භවයකට යනවා. භවය අතහැරලා යනවා නම් තමන් පාවිච්චි කළ ගෙවල් දොරවලුත් අතහැරලා යන්න ඕන. මේ වලව්ව ගැන ආසාවෙන් මළ නිසා ඒ වලව්වේ ම මළප්‍රේතයෙක් වෙලා උපන්නා.”
    “අනේ මට යන්න නම් කියන්න එපා. මට මගෙ වලව්වෙ ම ඉන්න ඉඩ දෙන්න.”
    “හොඳයි ඉන්න ඉඩ දෙන්නම්. වැදගත් විදිහට ඉන්න ඉඩ දෙන්නම්. හැබැයි වලව්වේ ඉන්න අයට කරදර කරන්න එපා.”
    “හොඳයි මම පොරොන්දු වෙන්නම්.”
    ගවේෂකවරයා ප්‍රේත ජීවියා තිස්සගේ ශරීරයෙන් ඉවත් කැර තිස්සට උපදෙස් දුන්නේය.
    “වලව්වේ ඉස්සරහ කාමරය, මේ මුත්තා හිටියා ය කියන කාමරය, හොඳට ශුද්ධ පවිත්‍ර කොට අලුතෙන් තීන්ත ගා ඒක බුදු කුටියක් බවට පත් කරන්න. හොඳ පිළිමයක් ඒ කාමරයට වඩමවන්න.
    මේ පැරැණි මුත්තා ගේ නම සොයා ගන්න. කාමරයේ උලුවස්සට ඉහළින් මුත්තා ගේ නම ලියා ඔහු අනුස්මරණ බුදු කුටිය කියා සඳහන් කරවන්න.”
    “ඊට පස්සෙ සෑම දිනකම උදේ හවස පන්සිල් සමාදන් වී සුවඳ මල් පහන් පූජා කරන්න. තුන් සූත්‍රය සජ්ඣායනා කර මෛත්‍රී භාවනාව වඩන්න. අවසානයේ දස දිසා පිරිත සත් වරක් කියා දෙවියන්ට පින් දෙන්න.
    මේ මුත්තාටත් පින් දී මෙවැනි වලව්වක් උරුම කැර දුන්නාට ස්තුති කරන්න. ඒ පින් බෙලෙන් මුත්තාට දිව්‍යාත්ම භාවයක් ලැබී මීට වඩා උසස් දිව්‍ය මාලිගාවක් ලැබේවා යි ප්‍රාර්ථනා කරන්නැ” යි උපදෙස් දුන්නේය. නැවත දිෂ්ටි ගන්වා මේ පාරම්පරික පැරැණි ඥාතියාට ඒ බුදු කුටියට ම වී ඉන්නැයි නියම කළේය.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    විහාරයේ දී දැකලා එදා ඉදන් පස්සෙන් ආවා

    ඉස්සර නම් අහන්නට ලැබුණේ ගැහැනුන්ගේ මායම්වලට රැවටී ඒ ගැහැනුන්ට කඹුරන පිරිමින් ගැන ය. එහෙත් අද බොහෝ විට අහන්නට දකින්නට ලැබෙන්නේ වෙට්ට පිත්තල පිරිමින් ගේ කට්ට කපටි කෛරාටිකකම්වලට හෙවත් මායම්වලට රැවටී අමාරුවේ වැටී ජීවිත කාලකණ්ණි කැර ගෙන දුක් විඳින, හූල්ලන, නඩත්තු ඉල්ලා උසාවි ගානෙ රස්තියාදු වන, සිය දිවි හානි කැර ගන්නා ගැහැනු දරුවන් ගැන ය. අප්පොච්චියේ බල පුළුවන්කාරකම හිතට ගත් විජය ඉලන්දාරියා ගේ හොර තක්කඩිකම් අන්තිමේ දී පිය රජතුමාටත් රටටත් හිසරදයක් වූ විට නියම පියෙක් ලෙස අල්ලා දඬුවම් කොට හිස ද අඩක් මුඩු කැර නැවක පටවා පිටුවාහල් කොට පන්නා දැම්මේ ය. බල පුළුවන්කාරකම් පිරිහී තැරියෙන් ගැලවුණු ඇට්ටියක් සේ තම්බපණ්ණි වෙරළේ හාමතෙන් හතර ගාතෙන් වැටී සිටිද්දී කුවේණි කෙල්ලගේ මායමට අසුවී නිවාස අඩස්සියට පත් වූයේ යැයි කියන කතාව ද ඉතිහාසයෙන් මකන්නට නුපුළුවන.
    අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේ ද මෑතක දී ප්‍රකාශ කළේ මිථ්‍යාදෘෂ්ටිය, විෂම ලෝභය හා අසීමිත තණ්හාවෙන් විකෘති වූ මිනිසුන් ගේ පාප ක්‍රියා නිසා දෙවියෝ පෘථිවියෙන් ඈත් ව ගොස් අමනුෂ්‍යයන් විසින් පොළෝ තලය වසාගෙන සිටිනු ලබන බව ය.
    කපටි කෙල්ලකගේ මායම්වලට රැවටී, සබ්බ සකල මනාවම කෙල්ල හූරාගෙන කොකා පෙන්වූ පසුව ගැහැනු සංහතිය ම එපා වී අවිවාහකව තමන්ගේ පාඩුවේ පැත්තකට වී සිටි අහිංසක පිරිමියෙකු, මැරුණත් ගැහැනු ගතිය ක්‍රියාත්මක කළ ප්‍රේතියක ගේ මායමට අසු වූ කතාවකි මේ.
    ජයවර්ධන කුරුණෑගල පදිංචි තිස් පස් හැවිරිදි අවිවාහකයෙකි, කෑම අරුචිය, නින්ද නොයෑම, රාත්‍රියට සිහිවිකල්ව නිරුවතින් ඇවිදීම, ඔහුට වැලඳී තිබුණු රෝගාබාධයන් ය.
    ඔහු ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණ ආධ්‍යාත්මික උපදේශකවරයා සමඟ තමන්ට පවතින රෝගාබාධ තත්ත්වය විස්තර කළේ ය.
    “මහත්මයා මම ජීවත්වෙන්නේ අම්මයි මල්ලියි එක්ක. අපේ ගෙදර ඉන්නේ අපි තුන් දෙනා විතරයි. අපේ ගෙය පිහිටි, ඉඩම විශාල යි. අවුරුද්දකට විතර කලින් දවසක් රෑ මම ඇ‍ඳේ නිදා ගෙන ඉන්න කොට (නින්ද ගොස් තිබුණෙ නෑ) මගේ ඇඳ ළඟට ආලෝකයක් ආවා. තරුවක් වගේ. ඇවිත් ආපහු මගේ ළඟින් ඈත් වෙලා හිමින් ගමන් කළා. කාමරයෙන් පිට වුණා. මමත් ඒ එළිය පිටුපසින් ගියා. එළිය ගෙයිනුත් පිටවුණා. මමත් දොර ඇරගෙන පස්සෙන් ගියා. අපේ ගෙට ටිකක් ඈතින් ගල් තලාවක් තියෙනවා. එතැන ලොකු ගහක් තියෙනවා. අර ආලෝකය ඒ ගහට ගියා. මමත් එතැනට ගිහින් ගල් තලාව මත ඉඳගත්තා. මේ ආලෝකය මම විතරක් නොවෙයි අම්මයි මල්ලියි දෙන්නත් දැකලා තියෙනවා. ඊට පස්සෙ මම රෑට ගෙදරින් පිට වෙලා ගිහින් තියෙන්නේ අසිහියෙන්. නිරුවතින්. මේ විදිහට යනකොට මේකට මානසික වෛද්‍යවරයෙකු මුණ ගැහිලා ප්‍රතිකාර ගත්තා. මාස කීපයක් ඒ බෙහෙත් බිව්වත් කිසි ම වෙනසක් වුණේ නෑ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පැත්තෙන් තොවිල් කීපයකුත් කළා. ඒත් යහපත් ප්‍රතිඵලයක් නොලැබුණු නිසා “සිළුමිණ” පත්‍රයේ පළවෙන ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපිය දැකලා ඔබතුමා හොයාගෙන ආවා” යි ජයවර්ධන කීවේ ය.
    ප්‍රථම අවස්ථාවේ රෝගියාට කිරණ ශක්ති එල්ල කරන විට ගැස්සි ගැස්සී පැද්දෙන්නට විය. ඉන් එහා විශේෂයක් නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.
    ඊළඟ දිනයේ දී ජයවර්ධන ප්‍රලය වී අඬන්නට විය. එක දිගට නොනවත්වා ඇඬුවා මිසක වෙනත් වචනයක් හෝ කතා නොකළ බැවින් ප්‍රලය වන භූතාත්මය වේදනාවෙන් දුර්වල වීම වළක්වා සන්සුන් කිරීම සඳහාත්, ජයවර්ධනගේ ව්‍යාකූල සිත ඒකාග්‍ර කිරීමටත් තවත් බෝධි පූජා දහ හතරක් පවත්වා නැවත එන ලෙස නියම කොට බෝධි පූජාවේදී සිදු කළ යුතු විශේෂ පිළිවෙත් කීපයක් ද නියම කළේ ය.
    තුන් වැනි දිනයේ ද ජයවර්ධන ප්‍රලය විය. දෑස් පියැවී ඉකි බිඳින්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම ආරම්භ කළේ ය.
    “ඔබ කවුද?”
    “අනේ! මට මෙතනින් යන්න කියන්න නම් එපා. මට මෙයා අතහැර යන්න බෑ.”
    “අහපු එකට උත්තර දීලා ඉන්නවා.”
    aw-1.jpg

    “අනේ! මට තදින් කතා කරන්න එපා.”
    “මේ ශරීරයට ඇතුළු වී සිටින ඔබ කවුද?”
    “මම කුමුදු”
    “ගම කොහේද?”
    “කළුතර”
    “මැරුණේ මොනවා වෙලා ද?”
    “අසනීප වෙලා”
    “මොකක්ද අසනීපය?”
    “දන්නේ නෑ. පපුව හිර වුණා වගේ දැනුණා. එච්චරයි මතක.”
    “ඉතින් මැරිච්ච කෙනෙක් මොකද මේ ජයවර්ධනගෙ ශරීරයේ?”
    “මම මෙයාට ආදරෙයි”
    “මෙයාව කලින් ආශ්‍රය කළා ද?”
    “නැහැ”
    “එහෙනම් මොකටද මෙයාට ආදරේ කරන්නෙ?”
    “මෙයා හැමදාම මගේ පස්සෙන් එනවා. ගල් තලාවට වෙලා වාඩිවෙලා කතා කර කර ඉන්නවා” යි පැවසූ ප්‍රේතිය “මට යන්න ඕනෑ… මට යන්න ඕනෑ…” යි ජයවර්ධනගේ ශරීරයෙන් පිටව ඉවත් ව ගියා ය. ජයවර්ධන පියවි සිහියට පැමිණ වටපිට බලන්නට විය. බෝධි පූජා නොනවත්වා දිගට ම පවත්වාගෙන යන ලෙස උපදෙස් දී නැවත දෙසතියකින් පැමිණෙන ලෙස ද උපදෙස් දුන්නේ ය.
    ඊළඟ දිනයේ ද පැමිණි විට ජයවර්ධන ප්‍රලය වූයේය. ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡා කළේ ය.
    “ඇත්ත කියන්න. කවුද මේ?”
    “මම වෙන කවුරුවත් නොවෙයි. කුමුදු ම තමයි.”
    “මොකක්ද මේ පටලැවිල්ල. කුමුදු කළුතර. ජයවර්ධන කුරුණෑගල දෙන්නට දෙන්නා කලින් හඳුනන්නෙත් නැත්නම් මොකද්ද මනුස්ස, අමනුස්ස සම්බන්ධය?”
    “මහත්මයා මම කළුතර. ජීවිතේ අතරමඟ දහසක් සිහින අතරේ හිටි හැටියේ පපුව හිරවෙලා මැරුණා. ඊට පස්සෙ මම ගෙදරට වෙලා ඉඳලා ටික දවසකින් කන්දෙ විහාරයට ආවා. එතැන මිනිස්සු වන්දනා කරන කොට, පුද පූජා කරන කොට, දාන මාන දෙන කොට මමත් අතහිත ගසා සාදු කියන කොට මටත් යම් යම් ශක්ති ලැබුණු බව දැනුණා. මේ අතරෙ දවසක් මේ ජයවර්ධනත් කන්දේ විහාරයට වඳින්න ආවා. මෙයා හිටියෙ හරිම විරහ වේදනාවකින්. ආදරේ කරපු, විය පැහැදම් කරපු කෙල්ල ගිය නිසා පිටුපාලා අවිවාහකව ඉන්න කෙනෙක් බව මට දැනුණා. මෙයාව දැක්කම මගේ හිත මෙයාට කැමැත්තක් දක්වලා බැඳීමක් ඇල්මක් ඇති වුණා. මම මෙයාගෙ පස්සෙන් ආවා.”
    “මෙයාගෙ ගෙදරට ටිකක් දුරින් හොඳ පරිසරයක් තිබුණා. ලස්සන ගල්තලාවක්. එතැන විශාල අතුපතර විහිදුණු ගහක්. මම එතැනට වෙලා හිටියා. රාත්‍රියට ගෙදර අය නිදා ගත්තා ම මම මෙයා ගෙ කාමරයට ගිහින් ආලෝකයක් මවා ගන්නවා. මෙයා ඒ ආලෝකය පස්සෙන් ගල්තලාවට ආවා. දෙවැනි දවසෙ ඉඳලා ආවෙ කාමරයේ ඉඳලා ම නිරුවත් වෙලා. එතැනට ඇවිත් මා දිහා බලා ඉන්නවා.”
    “එතකොට තමුන් මොනව ද කළේ?” ගවේෂකවරයා ඇසීය.
    “මම මෙයාගෙ ළඟට ඇවිත් තුරුලු වෙලා ඉන්නවා එතකොට මෙයා පියවි සිහියෙන් ඔබ්බට ගිහින් මාව බදාගෙන ඉන්නවා. ඒ වෙලාවට මෙයාට මාව පෙනුණෙ මනුස්ස දුවක් හැටියට. අනේ! මහත්තයා මට මෙයාව ඕනෑ. මට මෙයාව අතහැරලා යන්න නම් බෑ.”
    “තමන් මෙයාගෙ ගෙදරට ගියේ නැද්ද?”
    “ඇයි මම කිව්වේ, මෙයා ගෙ කාමරයට ගිහින් එක්ක ගෙන ආවා. ඒ මිසක් ඒ ගෙදර නතර වුණේ නෑ. අනේ! මහත්තයා මම මෙයාට ආදරෙයි. අපි දෙන්නාව වෙන් කරන්න නම් එපා” යි ප්‍රේතිය ඇවටිලි කළාය.
    “මොකක්ද මේ වැඩේ තේරුම? මනුස්සයෙකුටත් අමනුස්සයෙකුටත් එකට ජීවත්වෙන්න බැහැ.”
    “ඔව් මට තේරෙනවා මම මෙයාගෙ දිවි තොර කරලා මගේ ළඟට ගන්නවා.”
    “ඇයි මෙච්චර දවස් ඒක බැරි වුණේ?”
    “අනේ! මන්දා. මෙයාගෙ වෙලාව හොඳ ඇති.”
    “එහෙම කරන්න දෙන්න බෑ. මෙයා ජීවත්ව ඉන්න කෙනෙක්. තමන්ට මෙයත් එක්ක එකතු වෙන්න බෑ.”
    “හිඃ… හික්… හී… අනේ! අනේ! මහත්තයාට නොතේරෙන දේවලුත් තියෙනවා.”
    “මම කියන්නෙ තමුන් මෙයාව ලෙඩ කරලා මැරුවත් මෙයා තමුන් ළඟ ම උපදිනවා ය කියලා නියමයක් නෑ. එයාගෙ අන්තිම චුති චිත්තය අනුව කොහේ යාවි ද කියලා කාටවත් කියන්න බැහැ.”
    “මම ඕවා දන්නෙ නැහැ.”
    “තමන්ට මෙයා එක්ක එකතු වෙන්න බැහැ. ඒ නිසා මෙයාගෙන් අයින් වෙන්න.”
    “මෙයා මට කැමති නම්?”
    “ඔව් කැමති නම් පුළුවන්. අකැමැති නම් ඉවත් වෙලා යනව ද?”
    “ඔව්.”
    ජයවර්ධනට පියවි සිහිය ලබාදුන් ගවේෂකවරයා ඔහුට කරුණු පැහැදිලි කළේ ය.
    “මීට කලින් කෙල්ලකට රැවටිලා ඒ විරහ වේදනාවෙන් දුක් විඳිනවා. දැන් ප්‍රේතියකට රැවටිලා අසනීප වෙලා මැරෙන්න පාර කපා ගන්නවා.”
    “ඔව් මහත්තයා කලින් මා එක්ක යාළු වෙලා අවුරුදු ගාණක් ආශ්‍රය කරපු කෙල්ලට මම හුඟක් වියදම් කළා. ඉගෙන ගන්න වියදම් කළා. අඳින්න පලඳින්න අරන් දුන්නා. අන්තිමේ ඒකි ඉගෙන ගෙන මාව අතහැරලා වෙන කෙනෙක් එක්ක ගියා. මම ඒකෙන් සෑහෙන්න දුකක් වින්දා. ජීවිතේට ම ගෑනු එපා වුණා. මම පිනට දහමට යොමු වෙලා තනිකඩව ජීවත්වෙන්නයි තීරණය කළේ.”
    “ඉතින් දැන් ප්‍රේතියකට රැවටිලා. ඒ ප්‍රේතිය ඔබ මරාගෙන ප්‍රේත ලෝකයට අරගෙන යන්න හදනවා. දැන් ඔබට තීන්දු කරන්න ප්‍රේතිය සමඟ ප්‍රේත ලෝකයට යනව ද? නැත්නම් මනුස්ස ලෝකයෙ ඉන්නව ද? කියලා.”
    “අනේ මහත්තයා මට ජීවත්වෙන්න ඕනෑ. මේ කරදරෙන් නිදහස් වෙන්න ඕනෑ නිසානෙ ඔබතුමා හොයාගෙන ආවේ.”
    නැවතත් ජයවර්ධනගේ ශරීරයට ප්‍රේතිය ආවිෂ්ට කළේය.
    “කුමුදු”
    “ඇයි මහත්තයා”
    “ඇහුණා නේද ජයවර්ධන කියපු දේවල්”
    “ඔව් මම අහගෙන. මෙයා මාව රැවැට්ටුවා.”
    “නැහැ නැහැ මෙයා ඔයාව රැවැට්ටුවේ නෑ. ඔයයි මෙයාව රවට්ටාගන්න සූදානම් වුණේ”
    “ඔව් මහත්තයා මම පොරොන්දු වුණානෙ මෙයා අකමැති නම් ඉවත්වෙලා යනවා කියලා. අනේ! මට කළුතර බෝධියට යන්න ඕනෑ. මාව එතැනට යවන්න.”
    ප්‍රේතිය කළුතර බෝධියට යැවීය. ජයවර්ධනට ටික කාලයක් පදිංචිය වෙනස් කර වෙනත් තැනක පදිංචිව සිටින ලෙසත් දිනපතා භාවිතයට පිරිත් සූත්‍ර කීපයක් ද නියම කළේය.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    දැස් පෙනුනත් අන්ධයෙකු සේ සිටි සුගලා

    ආනන්තරිය පාප කර්මයක් කළ පුද්ගලයාට කල්ප ගණනක් ඒ පාපයේ විපාක ගෙවා අවසන් කරන තුරු අනුන් දෙන පිනක් අනුමෝදන්වන්නට නො හැකි ය.
    ආනන්තරිය පාප කර්මයක් කළ පුද්ගලයාට කල්ප ගණනක් ඒ පාපයේ විපාක ගෙවා අවසන් කරන තුරු තමන් අතීතයේ කළ කුසලයක් සිහිපත් කොට කුසල විපාකයක් විඳින්නට නොහැකි ය. හෙවත් තාවකාලිකව හෝ සතුටක් සහනයක් ලබන්නට නොහැකි ය.
    ගින්නක් මැද දැවෙන්නෙකුට හෝ ගිනියම් වූ යකඩ තහඩුවක් මත දැවෙන්නෙකුට හෝ ගිනියම් වූ යගුලියක් ගිලින ලද පුද්ගලයෙකුට හෝ ඒ වේදනාව ම මිස වෙනත් සුබදායී සහන සිතුවිල්ලක් සිතට ගොඩනඟා ගන්නට නොහැකි ය‍. ආනන්තරිය පාප කර්මයක් කළ පුද්ගලයා ද එසේ ම ය.
    ‍රංජනී මාතර ප්‍රදේශයේ පදිංචි හැට එක් හැවිරිදි විවාහක කාන්තාවකි. දෙදරු මවකි. ඇයට කලක සිට හරිහැටි නින්දක් නොවී ය. හීනෙන් බියට පත්ව සිරුර දහදියෙන් පෙඟී කෑ ගසා ගෙන අවදි වන්නී ය. මුළු ශරීරය ම ගින්නකින් දැවෙන්නාක් මෙන් පීඩා විඳින්නීය. කෑම අරුචියත් බඩ පුරවා දැමීමත් නිසා පීඩා වින්දා ය. වෛද්‍ය ප්‍රතිකාර, මනෝ වෛද්‍ය ප්‍රතිකාර, ආගමික වත්පිළිවෙත් ආදී කිසිවකින් සහනයක් නොලැබුවා ය.
    අන්තිමේ ‘සිළුමිණ’ පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝ‍ට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන තම ස්වාමි පුරුෂයා සමඟ පැමිණියා ය.
    පළමු දිනයේ රෝගියා පරීක්ෂා කිරීම සඳහා ආධ්‍යාත්මික උපදේශකවරයා කිරණ ශක්තිය එල්ල කළේ ය. රංජනී සිහිසුන්ව වැටුණා ය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.
    සති තුනකට පසු ඇය නැවත පැමිණියා ය. එදින ගවේෂණයේ දී රංජනී ප්‍රලය වූවා ය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ ය.
    “කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”
    “පිච්චෙනවා… පිච්චෙනවා… මහා ගින්නකින් පිච්චෙනවා”
    “කරුණාකර කියන්න මේ කවුද කියලා?”
    “මම… ගුණවතී”
    “කවුද ගුණවතී කියන්නේ?”
    “මේ ළමයාගෙ නැන්දම්මා”
    “ආ… එහෙනම් මේ නැන්දම්මා ලේලි වෛරයක් ද?”
    “අනේ… හ්… නෑ… පිච්චෙනවා මහත්තයෝ” ය. අඬන්නට වූවා ය.
    aw-1.jpg

    “කියන්න කියන්න ඇයි මෙයා ලෙඩ කරන්නේ?”
    “මට කෙල්ලව දාලා යන්න බෑ. කෙල්ල ළඟ ම ඉන්න ඕනෑ. මේ කෙල්ල ළඟ ඉන්න කොට පොඩි සහනයක් තියෙනවා. මට වෙන කොහේවත් ඉන්න බෑ. මෙයා ළඟ විතරයි ඉන්න පුළුවන්.”
    “එහෙම කියලා හරියන්නේ නෑ. මේ රංජිනීට අසනීපයි කියලා මෙතැනට ඇවිත් ඉන්නේ අපෙන් යම් සහනයක් බලාපොරොත්තුවෙන්. ඒ නිසා අපි රංජනීට පිහිට වෙන්න ඕනෑ. කරුණාකර මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න.”
    “අනේ… හ්… ඉවසන්න බෑ… පිච්චෙනවා” යි නැවත අඬන්නට වූවා ය. එක දිගට අඬන්නට වූවා ය. ඇඬිල්ලේ කෙළවරක් නැති බැවින් නැවත දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි කීවේ ය.
    බෝධි පූජා නිමවා නැවත සතියකින් ඇය පැමිණියා ය. එදින ද ඇය දිෂ්ටි ගන්වා සාකච්ඡා කරන්නට පටන් ගත්තේ ය.
    “බෝධි පූජාවට ගියා ද?”
    “ඔව් ගිහින් හැංගිලා හිටියා”
    “කොහේද හැංගිලා හිටියේ”
    “ඉතින් වෙන කොහේද මේ දුවගෙ ඇ‍ඟේ ම මිසක්.”
    “බෝධි පූජාවෙදි පින් අනුමෝදන් කරන කොට පිං ගත්තද?”
    “එපා… එපා… මතක් කරන්න එපා. ඒ වචනය ඇහුණු ගමන් පිච්චෙනවා. වේදනාව වැඩියි. මට ඇ‍ඬෙනවා” යි ඉකි බිඳිමින් අඬන්නට වූවා ය.
    “මොන වචනය ද?”
    “පින් කියන වචනය මට අහන්න බෑ. මට ඇ‍ඬෙනවා”
    “ඒ මොකද?”
    “මම ලොකු පාපයක් කරපු කෙනෙක්. මට පින් ගන්න බෑ. ගිනි ගොඩක ඉන්නවා වගේ දැවෙනවා.”
    “මොකක්ද ඔය තරම් ලොකුවට කරපු පාපය?”
    “අය්යෝ… අය්යෝ… හ්… ආ… ආ… අනේ… මහත්තයෝ මම මහා පව්කාරියක්. මම මගේ ම අම්මව මැරුවා.
    “මොනවා… තමුන්ව වදාපු හදාපු අම්මාව මැරුවා? තමන්ගෙ අනිත් ම මැරුවා?”
    “නෑ මහත්තයෝ” මිනිස්සු දෙන්නෙකුට සල්ලි දීලා මැරෙව්වා.”
    “ඇයි ඒ තරම් දරුණු පාප ක්‍රියාවක් කළේ?”
    “අපේ අම්මට විශාල ඉඩම් ප්‍රමාණයක් තිබුණා. මම විවාහ වෙන කොට මට එයින් ඉ‍ඩමක් දුන්නා. ඉතුරු ඉඩම් නංගි විවාහ වෙන කොට එයාට ලියා දෙන්නයි අම්මා හිතාගෙන හිටියේ. නංගිට විවාහ යෝජනාවක් ඇවිත් ඒකට කවුරුත් කැමැති වුණා. ඒත් එක්ක ම මට ඉතුරු ඉඩම් ගැන තණ්හාවක් ඇති වුණා. අම්මා මේ ඉඩම් නංගිට දුන්නොත් කියලා මට ඉරිසියාවක් ඇති වුණා. නංගිට ඉඩම් නොලියා අම්මා මළොත් ඒ ඉතුරු ඉඩම්වලිනුත් බාගයක් මට අයිති වෙනවා නේද කියලා හිතුණා. අපේ අම්මා හරිම නිරෝගියි. ඉක්මනින් මැරෙන්නෙත් නෑ. ඒ නිසා මිනිස්සු දෙන්නෙකුට කුලිය දීලා අම්මාව මැරෙව්වා. අනේ…හ්… පිච්චෙනවා… පිච්චෙනවා… මගේ මුළු ඇඟ ම ගිනි ගන්නවා.”
    එදින රංජනීගේ ස්වාමියාත් පුතුන් දෙදෙනාත් පැමිණ සිටි බැවින් මේ කතාව ඇත්ත දැ’යි ගවේෂකවරයා ඔවුන්ගෙන් ඇසී ය. මේ රංජනීගේ නැන්දම්මා යනු ඇගේ ස්වාමි පුරුෂයාගේ මෑණියෝ ය.
    “ඔව් මහත්තයා ගමේ මිනිස්සු අතරෙ එහෙම කතාවක් තිබුණා. අපේ ආච්චිව මගේ අම්මා තමයි මැරෙව්වේ කියලා” යි රංජනීගේ ස්වාමි පුරුෂයා පැවසීය.
    “අනේ… හ්… දැවෙනවා… දැවෙනවා… මගේ මුළු ඇඟ ම ගිනි ගන්නවා…” යි භූතාත්මය නැවතත් විලාප දෙන්නට වූවා ය.
    “මහා බරපතළ පාපයක් තමන් කර තියෙන්නේ. ඒ කැත දුෂ්ට පාපයට දැන් විපාක විඳිනවා. ඕක ආනන්තරිය පාප කර්මයක්.”
    “මං දන්නවා… මං… දන්නවා. ඒත් එදා ඒකෙ බරපතළකම ගණන් ගත්තේ නෑ. ඉඩම් තණ්හාව හිතේ තදින් බලපෑවා. අන්තිමට ඒ ඉඩම් වලින් තවත් බාගයක් මට අයිති ‍වුණා ය කියලා හිතට සතුටක් සැනසුමක් විඳින්න ලැබුණෙ නැහැ. මනසින් දුක් විඳලා දුක් විඳලා මැරුණා. මැරිලාත් වැටුණේ මහා ගින්නකට. උඩිනුත් දැවෙනවා. ඇතුළතිනුත් දැවෙනවා.”
    “ජීවත්වෙද්දී මලක් පහනක් පූජා කළේ නැද්ද?”
    “ඒවා හිතට එන්නේ නෑ. මතක් වෙන්නේ නෑ.” වෙන මොකුත් ම මතක් වෙන්නේ නෑ. ගින්නෙන් දැවෙන වේදනාව ම යි මතක් වෙන්නේ. පින් දහම් සිහියට එන්නේ නෑ.”
    නැවතත් බෝධි පූජ‍ා හතක් පවත්වා එන්නැයි නියම කළේ ය.
    බෝධි පූජා පවත්වා නැවත පැමිණි විට යළිත් දිෂ්ටි ගන්වා ප්‍රශ්න කළේ ය.
    බෝධි පූජාවට ගියා ද? මල් පහන් පූජා කරනවා දැක්කද?”
    “නෑ… නෑ… ඒ කිසි දෙයක් අහන්න දකින්න ලැබුණේ න‍ෑ”
    “ඒ මොකද?”
    “මේ දුවගෙ ශරීරයෙන් එළියට එන්න බ‍ෑ. බෝධීන් වහන්සේ ළඟ ඉන්න කට්ටිය මට ගහනවා. මම ආයෙත් දුවගෙ ඇඟට රිංගලා හැංගෙනවා.”
    “මේ රංජනීගෙ ඇඟට රිංගන්න කලින් කොහේද හිටියේ?”
    “සොහොනෙ”
    “එතනදි මොකද වුණේ?”
    “එතන ඉන්න එවුන් මට ගහන්න පටන් ගත්තා. ගුටි කන්න බැරි තැන ම තමයි මේ දුවගෙ ඇඟට රිංගුවේ.”
    “ඇයි ඉතින් මේ පුතාගෙ, අනිත් දුවගෙ, ඇඟට රිංගන්නේ නැත්තේ?”
    “අනේ මට ඒවා වැටහෙන්නේ නෑ. වෙන කිසි දෙයක් හිතෙන්නේ නෑ. පිච්චෙන වේදනාවමයි දැනෙන්නේ. මගේ මුළු ශරීරය ම ගිනි දැල්වලින් පිච්චෙනවා දැනෙනවා. මගේ හිත පිරිලා තියෙන්නේ ගිනි දැල්වලින් ම යි. අනේ… හ්…දැවිල්ලයි… පිච්චෙනවා… පිච්චෙනවා…”
    “දැන් තේරෙනවා නේද දැඩි තණ්හාවේ විපාක. තමන්ගේ අම්මවත් මරා…”
    “කියන්න එපා. කියන්න එපා… එතකොට තවත් ගිනි දැල් මතුවෙනවා. මගේ හිත දැන් ගිනියම් වුණා යකඩයක් වගේ තද රතුපාට ගිනි දැල්වලින් පිරිලා. අනේ… මහත්තයා ඒවා මතක් කරන්න එපා” යි කෑ ගසා හඬන්නට වූවා ය.
    “දැන් තමුන් මේ කරන්නේ තවත් බරපතළ පාපයක්.‍ තමන් කරපු ආනන්තරිය පාප කර්මයේ දරුණු විපාක විඳිනවා මදිවාට මේ ලේලිටත් දුක් දෙනවා. මේ‍කත් මහා අපරාධයක්. පාපයක්. මේ ලේලිටත් දුක් දීලා තමන් කරපු පාපයේ විපාක කාලය තවත් දික් වෙනවා. ගෙවලා අවසන් වෙන්නේ නෑ. අනාදිමත් කාලයක් තව තවත් දුක් විඳින්න වෙනවා. ඔය දුක වෙන කාටවත් ගෙවන්න බෑ.‍්‍තමන් කළ ආනන්තරිය පාප කර්මයේ විපාක තමන් ම විඳවන්න ඕනෑ. සංසාරයේ කොයි තරම් පින් දහම් කර තිබුණත් ආනන්තරිය පාප කර්මයේ දුක්ඛිත විපාක විඳින කොට ඒ අතීත කුසල විපාක යටපත් වෙනවා. මතු කරන්න බෑ. ඕක තමයි අවීචි මහා නිරයේ ගිනිදැල්වලින් දැවෙනවා ය කියන්නේ.”
    “අනේ … හ්… පිච්චෙනවා… පිච්චෙනවා…”
    ගුණවතී කළ පාපයට ගුණවතීගේ ප්‍රාණ කාරයා වශයෙන් ඔය දුක් විපාකය විඳින්න වෙනවා. ඒක තමයි කර්ම නියාමය. ඒක වෙන කෙනෙකුට බාර ගන්න බෑ. බාර දෙන්නත් බෑ. දැන් ඔය ලේලිගේ ශරීරයෙන් කරුණාකර ඉවත් වෙන්න. නැත්නම් ඔය ශරීරයෙන් ඇදලා එළියට අරගෙන පන්නා දමන්න වෙනවා. එතකොට ආයෙත් අනෙකුත් අමනුෂ්‍යයන්ගෙන් ගුටි කන්නත් වේවි. දැවෙනවා මදිවාට. ඒ නිසා දැන් මේ ශරීරයෙන් ඉවත් වෙන්නැÓයි මේ භූතාත්මය කළුතර බෝධි පරිශ්‍රයට යැව්වේ ය.

     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මං මැරුණේ නෑ….මියගිය අම්මා හීනෙන් දුවට කිය&#35

    ඇය වැදගත්කමින් ද ධනයෙන් ද පොහොසත් පවුලක දියණියකි. පවුලේ එක ම දරුවා ඇය යි. පදිංචිය මිනුවන්ගොඩ ය. මව බැංකු නිලධාරිනියකි. පියා දැව සංස්ථාවේ නිලධාරියෙකි. ඇය සිය මෑණියන් ඇමතුවේ අම්මි කියා ය. ආච්චි අම්මා ඇමතුවේ “අම්මා” කියා ය. ළදරු වියේ සිට ම ඇය “අම්මාට වඩාත් සමීප වූවාය. ආච්චි අම්මා හෙවත් අම්මා පිටස්තර පුද්ගලයින්ට “චන්ද්‍රා මැඩම්” නම් වූවාය. චන්ද්‍රා මැඩම් ගේ මේ මිනිබිරිය අමානි නම් වූවාය.
    චන්ද්‍රා මැඩම් පිනට දහමට නැඹුරු වූ උපාසිකාවකි, ඇය පන්සලට යන විට, බෝධි පූජාවට යන විට, අමානි ද නොවරදවා ම පසු පසින් ගියාය. වයස අවුරුදු හයේ හතේ දී වුව ද අම්මා සමඟ අමානි ද භාවනා කළාය. ළමා වියේ දී වුව ද ස්වාමීන් වහන්සේ නමක වෙතින් ධර්ම දේශනයකට සවන් දුන්නොත් එහි ඇති ගැටලු තැන් පිළිබඳ අමානි දහසක් ප්‍රශ්න නඟා දැනුම් තේරුම් ඇති කැර ගත්තා ය.
    කොළඹ බාලිකා පාසලක මූලික අධ්‍යාපනය ලැබු අමානි සාමාන්‍ය පෙළ සඳහා උසස් බාලිකා විදුහලකට ඇතුළත් වූවාය. නිවාඩු කාලය ආධ්‍යාත්මික කටයුතුවලට ම කැප කළා ය කීවොත් නිවැරදිය. මුලදී අම්මාගේ පසුපසින් ආගමික කටයුතු වලට ගියත් දැන් අම්මාට සිදුව ඇත්තේ මිනිබිරිය පසුපසින් යෑමටය. සිකුරාදා සවස කොළඹ සිට ගමට පැමිණෙන අමානි ඉරිදා දවස වනතුරු ගත කළේ භාවනා මධ්‍යස්ථානවල ය. අමානි අලව්වේ කන්දක භාවනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ජයසූරිය උතුමා සොයා ගෙන අම්මා සමඟ ගියාය. ඉන්දියාවේ සිට නුවරඑළියේ ගයත්‍රි කෝවිලට ස්වාමි මුරුගේසු නමැති යෝගියෙකු පැමිණ ඇති බව පුවත්පතකින් දුටු අමානි එහි ද ගියා ය. ස්වාමි මුරුගේසු භාවනා උපදෙස් දුන්නේ දෙමළ භාෂාවෙනි. අමානි දෙමළ දන්නේ නැත. එහෙත් ස්වාමිගේ දේශනය අමානිට වැටහුණාය. එය මනසින් මනසට සන්නිවේදනය වීමක් සේ ඇයට දැනුණි. ඇයට ගැටලු තැන් ඉංග්‍රිසියෙන් ප්‍රශ්න කොට ස්වාමිගෙන් නිරාකරණය කැර ගත්තා ය. ස්වාමිගේ දේශනයට සවන් දෙන්නට පැමිණි වැඩිහිටි උගතුන්ට ස්වාමි උපදෙස් දුන්නේ “මේ දරුවා වගේ වෙන්න” කියා ය.
    මේ ඔක්කොම අතහැර දා කැලේට යන්නට ඇත්නම් හොඳ යැයි ඇය නිතර මවුපියන් සමඟ කීවා ය. මේ අතර “චන්ද්‍රා මැඩම්” මිය ගියාය. අමානිගේ මාමලා කීපදෙනෙක් ම වෛද්‍යවරු බැවින් මේ හිතුවක්කාර (සිතූ දේ කරන) දැරිය ඔවුන්ට බලපෑම් කොට ආච්චි අම්මාගේ මිනිය බලන්නට මෝචරියට ද ගියා ය. පුදුමයි. ආච්චි අම්මාගේ මුහුණ රත්තරන් පාටින් දිලිසෙමින් තිබුණි. ඇය මැරී නැතැයි සිතූ අමානි ඇගේ දේහය අත ගා බැලුවා ය. තද සීතලක් හා තද දරදඬු ගතියක් අතට දැනුණු බැවින් ඇය මැරී ඇති බව පිළිගත්තාය. මිනිය කපන සැටි ද බලා සිටියාය.
    තමන් ගේ තනි නොතනියට භාවනා මධ්‍යස්ථාන කරා ගිය, අම්මිගේ තරවටුවල දී තමන් වෙනුවෙන් පෙනී සිටි, තමන් ගේ සමීප ඥාතිවරිය, එක ම හිතවතිය, ආච්චි අම්මා හෙවත් අම්මා ගේ වියෝගයෙන් අමානි ඇගේ දේහය ළඟ පෙරැළි පෙරැළි ඇඬුවා ය.
    piyavi-asin.jpg
    රාත්‍රි නින්දේ දී ‘අම්මා’ හීනෙන් පෙනී සිටියාය. “බබා අඬන්න එපා. මම මැරුණෙ නෑ. මම ඔයා ළඟ ඉන්නවා. ඔයාගෙ ඕනෑම ප්‍රශ්නයක් මට කියන්න. මම විසඳනවා.” යැයි කියා ඇගේ හිස අත ගා අතුරුදන් වූවාය. අමානිට ඒ තරම් ප්‍රශ්න තිබුණේ නැත. තිබුණු එක ම ප්‍රශ්නය හිටි හැටියේ අම්මිගෙන් බැණුම් අහන්නට වීම ය. අමානි කාමරයට ගොස් “අම්මේ අම්මි මට බණිනවා” යි කී සැණින් අම්මිගේ බැනිල්ල නැවතුණි. අම්මි අමානි ළඟට ඇවිත් කුළුපග වූවාය.

    දිනක් ධර්ම දේශනයකට සවන් දෙමින් සිටියදී අමානිට ත්‍රිලක්ෂණය පිළිබඳ අසන්නට ලැබුණි. එහි දී අනිත්‍යතාවය ගැන කියැවෙන විට හදවතේ සිට මොළය දක්වා විදුලි සැරයක් ගමන් කළා සේ ඇයට දැනුණි. සහෝදර සහෝදරියන් කිසිවෙක් නැති අමානි ගේ තනි නොතනිය ළඟ දැවටුණේ “ලකී” (බල්ලා) පමණි. ඌ හුරතල් කිරීමට හා වඩාගෙන සිටීමට පුරුදුව සිටි අමානි “මුන් මළ දාට දුක්වෙන්නට වේ” යැයි බලු හුරතලය ද අතහැර දැමුවාය.
    මේ වන විට ලංකාවේ පැවැති කලබලකාරී තත්ත්වය නිසා විශ්ව විද්‍යාල වසා දමා තිබුණි. විසිතුන් හැවිරිදි අමානි උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියා‍ව බලා ගියාය. එහි දී ජීව වෛද්‍ය විද්‍යා පර්යේෂණ පිළිබඳ උපාධියක් ලැබුවාය. අධ්‍යාපනයට අමතරව රැකියාවක ද නිරත වූ ඇය ඕස්ට්‍රේලියාවෙන් ගෙයක් හා වාහනයක් ද මිල දී ගත්තා ය.
    ඇය සංගීතයට හා කලාවට ද නැඹුරු චරිතයකි. මේ තාරුණ්‍යය තුළ ස්වභාවයක් වූ ප්‍රේම සම්බන්ධ එහෙම තිබුණේ නැද්දැයි මම ප්‍රශ්න කළෙමි. “තිබුණා. තිබුණා. මොකද නැත්තේ. ඒත් සතියකට දෙකකට වඩා පැවතුණේ නෑ. නිතර දුරකථනයෙන් කතා කරනවා. මේක මගේ භාවනා කටයුතුවලට බාධාවක් වුණා. කතා නොකළාම දහසක් ප්‍රශ්න අහනවා. මම උත්තර බඳින්න ඕනෑ. මේක නිදහසට බාධාවක්. මම අතහැර දැම්මා” යි විවෘතව ම පිළිතුරු ලැබුණි.
    “2004 දී අධ්‍යාපනය අතහැර ලෝකෙ වටේ ගියා. බුරුමය – තායිලන්තය මැලේසියාව වගේ බෞද්ධ රටවල භාවනා මධ්‍යස්ථාන සොයා ගියා. අජාත් චා හාමුදුරුවන්ගේ භාවනා උපදෙස් ගත්තා. ඉන්දියාවේ දකුණේ සිට උතුරට ගමන් කළා. ආශ්‍රම්වලට ගියා. සිඩ්නි නුවර දී “ශාන්ති වන සෙනසුනේ” සතියක භාවනාවකට ඇතුළත් වුණා. සතිය සති දෙක වුණා. මාසයක් වුණා. මාස දෙකක් වුණා. ඒ කාලය තුළ පුදුම සතුටක්, සහනයක්, සැනසිලි සුවයක් වින්දා” යි අතීතය අනාවරණ්‍ය කැරුණි. ලෝකය වටා ගවේෂණය සංචාරය මාස හයකින් නිමා කොට ඇය යළිත් මෙල්බන් නුවරට ආවා ය.
    මෙල්බර්න් නුවර දී මඩවල පුණ්ණජි හිමියන් මුණ ගැසී ධර්ම සාකච්ඡා පවත්වා ආධ්‍යාත්මික දියුණුවට ජීවිතය කැප කරන්නට ඉටා ගත්තාය. “මෙච්චර වියදම් කොට ඉගැන්නුවේ ඕකට දැයි මවුපිය දෙදෙනා දුරකථනයෙන් ප්‍රශ්න කරන විට “අම්මලා දකින්න කැමැති පීඩාවට පත් දුවක් ද? සතුටින් සැනසිල්ලෙන් ඉන්න දුවක් දැයි අමානි ප්‍රශ්න කළ විට මවුපියෝ නිහඬ වූහ.
    අමානි නැවතත් බුරුමයට ගියාය. ඉන්දියාවේ භාවනා මධ්‍යස්ථානවල අනිවාර්යයෙන් සතියට එක් දවසක් සම්පූර්ණයෙන් “මුනි වත” රැකිය යුතුය. අමානි බුරුමයේ දී අටසිල් සමාදන් වී සම්පූර්ණ මාස තුනක් “මුනිවත” රැක්කා ය. දැන් අමානි සම්පූර්ණයෙන් හිස මුඩ කළ සුදු අඳින උපාසිකාවකි.
    පැවිදිවීම සඳහා ලංකාවට එන්නට බලාපොරොත්තුව සිටි ඇය පුණ්ණජී හිමියන් ගේ උපදෙස් පරිදි හදිසියේ ම බුද්ධගයාවේ දී පැවිදි වූවා ය. දැන් ඇය මිනුවන්ගොඩ බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ ය. භික්ෂුණී කුසුමා, ගලිගමුවේ ඛේමාචාරි, දෙකඳුවල ධම්ම ශාන්ති මෙහෙණිවරු උපසම්පදාවට ආචාර්ය වූහ.
    ඔස්ට්‍රේලියාවේ ඇගේ නිවස “නිසල අරණ” නමින් ශුන්‍යාගාරයක් බවට පත් කළාය. “නිසල අරණ” නමින් ම තවත් ප්‍රදේශයක භාවනා මධ්‍යස්ථානයක් ද පිහිටුවිය. වස් කාලයට ලංකාවට පැමිණීම සිරිතක් කොට ගත්හ.
    මේ අතර ලංකාවට වැඩම කළ අවස්ථාවක උන්වහන්සේ ගේ ඥාතියෙකු සතු අක්කර පහක ඉඩමක් ඔහුගේ මෑණියන්ට පිං පිණිස උන් වහන්සේට පූජා කළේය. මෝල්කාවේ, කරව්ව ප්‍රදේශයේ නිහඬ පරිසරයක පිහිටි මේ ආරණ්‍යය ද “නිසල අරණ” යැයි නම් කරනු ලැබුණි.
    මේ වන විට කරව්වේ නිසල අරණේ නේවාසිකව භාවනා කරන්නට උපාසිකාවෝ පැමිණෙන්නට වූහ. එහෙත් ඔවුන් අතර නිතර අඬදබර ආරාවුල් හටගන්නට විය. මේ පිරිස සමඟ ආධ්‍යාත්මීය කටයුතු කැර ගෙන යනවාට වඩා මෙහෙණින් වහන්සේට සිදු වූයේ නඩු විසඳන්නට ය. විශ්වාස කළ නොහැකි තරමින් අස්වාභාවික ලෙස ඇති වූ මේ අසමඟි ආරාවුල් පිළිබඳ මෙහෙණින් වහන්සේ දෙවරක් සිතා බැලූහ.
    මේ අතර මිනුවන්ගොඩ කෙනෙකු තමන් ගේ පෞද්ගලික ප්‍රශ්නයකට පේනයක් අහන්නට දේවාලයකට ගියේ ය. එහි දී දේව ගැතියාට චන්ද්‍රා මැඩම් ආමිශ්ට වූවාය. “මම දැන් කතරගම බෝධීන් වහන්සේ ළඟ පත්තිනි දේව මණ්ඩලයේ දේවතාවියක් වී ඉන්නවා. අපේ ගෙදර අයට යම් ප්‍රශ්නයක් වූ විට මා සිහිපත් කරන්නැ” යි කියා පණිවුඩයක් දුන්නාය. ඒ මාර්ගයෙන් බෝධි චිත්තා මෙහෙණින් වහන්සේට ද මේ පණිවුඩය ලැබුණි.
    මේ ආරණ්‍යයට එන උපාසිකාවන් අසමගියට ලක් වී නොරැඳී පිටව යෑම පිළිබඳ ප්‍රශ්නය බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ සිය “අම්මා” සිහිපත් කොට විසඳුමක් පැතූහ. දින කීපයක් ගත වන විට ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයකට යෑමට ද මඟ පෑදුණි.
    බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ තවත් උපාසිකාවක් සමඟ ඒ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියහ. එහිදී වෙනත් කෙනෙකුට ප්‍රලය වූ භූතාත්මයක් කතා කරන්නට වූවාය.
    “උඹලට ඕක කරගෙන යන්න මම ඉඩ දෙන්නේ නෑ” යි බොහෝ ම තද ස්වරයකින් ඒ භූතාත්මය කතා කළා ය.
    “කාට ද උඹ බං කියලා කතා කරන්නෙ?” යි ඊටත් වඩා සැරෙන් මෙහෙණින් වහන්සේ ප්‍රශ්න කළහ.
    “නෑ… නෑ…. මම එහෙම කතා කළේ ඔබ වහන්සේට නොවෙයි. අනිත් එවුන්ට.”
    “ඇයි තමුන් එහෙම කරන්නෙ?”
    “මගේ ඉඩමේ මට ඕනැ දෙයක් කරන්න පුළුවන්.”
    “තමුන් කවුද?”
    “මම සොපි නෝනා.”
    “කවුද සොපි නෝනා කියන්නෙ? මම අඳුනන්නෙ නෑ”
    “මම තමයි ඔය ඉඩමේ අයිතිකාරි.”
    “මොන ඉඩමේ ද?”
    “ඔය ආරණ්‍ය හදා ගෙන ඉන්න ඉඩම.”
    “එහෙම වෙන්නෙ කොහොම ද? තමුන් මළාට පස්සෙ තමුන්ගෙ පුතාලා ඉඩම වෙන කෙනෙකුට විකුණලා. ඒ ගත්ත එක්කෙනත් තව කෙනෙකුට විකුණලා. එයත් විකුණලා. තුන් වැනි අයිතිකාරයා තමයි ඉඩම මට පූජා කළේ.”
    “එහෙම පුළුවන් ද? මගේ ඉඩම කාටවත් විකුණන්න. ඔය ඉඩමෙ අයිතිකාරි මම.”
    “මොකක්ද ඔය මම,මගේ කියන්නේ‍. සොපි නෝනා මළා නම් ඒ “මම” කියන එක්කෙනා ඉවරයි. “මම” මැරෙන කොට “මගේ” කමත් ඉවරයි.
    “ඔය බණ මම දන්නේ නෑ. මගේ ඉඩමෙ කාටවත් ඉන්න දෙන්නෙ නෑ.”
    “තමුන්ට මොනව ද කරන්න පුළුවන්.”
    “මම තමයි ඔතනට එන අයව අසමගි කරලා පන්නන්නේ.”
    “හැබෑ ද? වෙන මොනව ද පුළුවන්.”
    “ඔය ඉඩමෙ කිසි ම ගහක කොළක මලක් පිපෙන්න දෙන්නෙ නෑ. ගෙඩියක් හැදෙන්න දෙන්නෙ නෑ. දැන් ඔබ වහන්සේත් ඇවිත් අවුරුදු තුන හතරක් වුණා. ඉඩමෙ තියෙන කොස්, පොල්, අඹ, රඹුටන්, ජම්බු, ගස්වල ගෙඩි හැදුණා ද? ගෙඩි කෑව ද? නෑ නේද?”
    “ඔව් සොපි නෝනා කියන්නේ ඇත්ත තමයි. ඒ වුණාට ඉඩම අයිතියි කියලා සොපි නෝනත් සැපක් සතුටක් විඳිනව ද? නෑ නේද? සොපි නෝනා ඉඩම ගැන තණ්හාවෙන් ඔය ඉපදිලා ඉන්නේ ප්‍රේත ආත්මයක. ලෝභයෙන් ද්වේෂයෙන් දැවි දැවී දුක් විඳිනවා. ඉඩම් හිමිකාරියක් වෙලා ඉඳලා දැන් ප්‍රේතියක් වෙලා ඉපදිලා දුක් විඳින්න ලැජ්ජා නැද්ද?” සොපි නෝනාට පුළුවන්නම් ඔය තරම් හැකියාවක් තියෙනවා නම් මට ඔය ඉඩමේ මලක් පුප්පලා පෙන්නන්න. ඇත්තටම මමත් මලක් දැක්කෙ නෑ තමයි. අර ළිඳට යන පාරෙ තියෙන සූරියකාන්ත පඳුරෙ මලක් පුප්පලා පෙන්නන්න. පෙන්නුවොත් සොපි නෝනා ඔය දුක් විඳින තත්ත්වයෙන් මුදවනවා. හොඳ තැනකට යවනවා.”
    “ඒ… ඔය ඇත්තම ද? ඒ කොහොම ද?”
    “සොපි නෝනා නමින් දානයක් දීලා පින් අනුමෝදන් කරනවා.”
    “හාමුදුරු දහනමකට අටපිරිකරක් එක්ක.”
    “ඔව්”
    “හොඳයි. ඔබ වහන්සෙ අනිද්දා ආරණ්‍යයට යන කොට බලන්න. මෙච්චර කල් මල් නොපිපුණු පඳුරෙ මලක් පිපිලා නැද්ද? කියලා.”
    “හරි. අපි හාමුදුරුවරු වඩම්මලා දානයක් දෙනවා ඔය කියපු හැටියට. ඒත් අපි කොහොම ද සොපි නෝනා ඉඩම අතහැරලා යනවා කියලා විශ්වාස කරන්නෙ? මොකක්ද යන බවට සලකුණ?”
    “මෙහෙණින් වහන්ස! මම බොරු කියන්නෙ නෑ. මම මේ විඳින දුකෙන් මුදවනවා නම් දානෙට සූදානම් වෙනකොට. ඔය ළිඳට යන පාරෙ තියෙන පිනි ජම්බු ගහේ දැනට අවුරුදු විසි පහක් තිහක් තිස්සේ එක මලක් එක ගෙඩියක් පිපුණා ද? නැහැනෙ. දානෙ දෙන දවසෙ හවසට ගිහින් බලන්න පාරට නැමුණෙ අත්තෙ එක මලක් නොවෙයි මල් පොකුරක්ම නැද්ද කියලා. මම ඉඩමෙන් පිටවෙලා කතරගමට යනවා.”
    බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ පොරොන්දු පරිදි සාංඝික දානයක් පිරිනැමූහ. ඊට පසු දින උදේ සොපි නෝනාගේ පොරොන්දුව මතක් වී එය බලන්නට ගියහ. ඇත්තට ම මෙතෙක් මලක් ගෙඩියක් නොහැදුණු පිනි ජම්බු ගසේ පහත ම අත්තේ මල් පොකුරක් සෑදී තිබුණි.
    දැන් ආරාමයේ කටයුතු හොඳින් සිදු වේ. උපාසිකාවෝ සමගියෙන් භාවනා කරති. තවත් මෙහෙණින් වහන්සේලා පැවිදි වී සිටිති. දායකයන් විසින් අලුතින් භාවනා කුටි ඉදිකරමින් පවතී.
    අමනුෂ්‍යයෙකුට ස්වකීය ශක්තියෙන් අජිවී ගසක මලක් පුබුදන්නට පුළුවන්දැයි ඔබ සිතනු ඇත. මම ද ඔබ මෙන් ම සිතමි. ඇයි? බැරි ද? එතැනයි ගැටලුව. සිතට භෞතික ශක්තීන් මෙහෙයවන්නට බැරි ද?
    (තොරතුරු ලබා දීමට ක්‍රියාකළ ප්‍රවීණ මාධ්‍යවේදී දෙනගම සිරිවර්දන මහතාට ස්තුතිය.)
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මයොමිගෙ අම්ම තාත්තත් එයාට ඕනැ විදිහට නටන&#3530

    “තමන්ගේ ම වැරැද්ද නිසා අද දුක් වෙනවා. තමන්ගෙ වැරැද්ද තමන්ට පෙනෙන්නෙ නෑ කියන්නේ ඕකට තමයි, මෝහයෙන් අන්ධ වෙලා. මෝහය නමැති ඝන අන්ධකාරයෙන් සිත වසා ගෙන. ප්‍රේතාත්මයක ඉඳගෙනත් ඊර්ෂ්‍යාව, වෛරය.”
    “ඔය බණවලින් මට වැඩක් නෑ. මං මෙයා මරාගෙන යනවා. නැතුව නම් මම යන්නේ නෑ. මට යන්න කියන්නත් එපා” යි ප්‍රේත ජීවියා ‘හූ’ කියා ගෙන ඉවත්ව යෑමත් සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පුරා නිහැඬියාව රජ කරන්නට විය.
    උපුල් ජයසිංහ ජාඇල පදිංචි හතළිස් එක් හැවිරිදි විවාහකයෙකි. ගණකාධිකාරීවරයෙකි. අහිංසක නිහඬ චරිතයකි. ඔහු ගේ බිරිය ප්‍රියානි ය. ඇය, දෙදරු මවකි. ඔවුන් පදිංචි නිවසේ රාත්‍රියට සද්ද බද්ද නිතර ඇසෙන්නට විය. නිවස පුරා ඉතා පිළිකුල් දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. ශ්‍රියානි ගේ ගර්භාෂයේ ගෙඩි එකින් එක කීපයක් වරින්වර සැත්කම්වලින් ඉවත් කරන්නට සිදුවිය. රාත්‍රියට සිහිනෙන් බිය වී ගැස්සී ඇහැරීම පවුලේ කාටත් කරදරයක් විය. දරු දෙදෙනා ද නිතර අසනීපවලින් පීඩා වින්දහ. කොයිතරම් මුදලක් ගෙදර ගෙනාවත් දවසෙන් දෙකෙන් වැය වී යෑම ද ගැටලුවක් විය. මේ ශාරීරක පීඩාවලටත්, බාහිර කරදරවලටත් විවිධ ප්‍රතිකාර, ශාන්ති කර්ම, පුද පූජා විධි ඉටු කළත් සුවයක් සැනසුමක් නම් නොවී ය.
    මේ දුක් කරදරවලින් නිදහසත් නැති තැන “සිළුමිණ” පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවා දැනුම්වත් වූ කමල් ශ්‍රියානිත් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණ ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසී විස්තරය පැවැසීය.
    උපදේශකවරයා උපුල්ගේ ශරීරයට ශක්ති කිරණ එල්ල කරන විට ඔහු අසල සිටි ශ්‍රියානි සිහිසුන්ව වැටුණා ය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.
    ඊළඟ දිනයේ ගවේෂණයේ දී ද ශ්‍රියානි දිෂ්ටි ගැන්වී ප්‍රලය වූවා ය. යටි ගිරියෙන් හූ කියා කෑ ගසන්නට වූ අතර “මට යන්න බෑ… මට යන්න බෑ… මම යන්නෙ නෑ…” යි කියවන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
    “කවුද මේ කෑ ගහන්නෙ?”
    “මම මයෝමි”
    aw-1.jpg

    “කවුද මයෝමි කියන්නෙ?”
    “මුගේ ගෑනි, මුගේ කලින් ගෑනි මම. මූ මාව අනාථ කළා. මගේ දරුව ව අනාථ කළා. මට මුගෙන් පළිගන්න ඕනැ. මූව මරාගෙන මිසක් මම නම් යන්නෙ නෑ. මට යන්න කියන්නත් එපා” යි ප්‍රේතිය කෑ ගසන්නට වූයෙන් තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි නියම කළේය.
    ඊළඟ දිනයේ පැමිණි උපුල් හා ශ්‍රියානි සමඟ ගවේෂකවරයා කලින් දිනයේ කියැවුණු කලින් විවාහය පිළිබඳ සාකච්ඡා කළේය. උපුල් විස්තරය පැහැදිලි කළේය.
    “මහත්තයා මේ මයෝමි මගේ කලින් විවාහයේ බිරිය. එයාගේ තාත්තා මුදලාලි කෙනෙක්. ඒ පවුලේ එකම දරුවා මයෝමි. අපි දෙන්නා විවාහ වෙලා ජීවත්වුණේ මයෝමිට ම අයිති ගෙදරක. මයෝමි සල්ලිකාරියක් නිසා අහංකාරයි, සංකරයි. විලාසිතාවලට හරියට වියදම් කළා. එයාට වුවමනා වුණේ නිතර පාටිවලට යන්න. ඩාන්ස් කරන්න. මම ඒවාට කැමැති වුණේ නැහැ. මට වුවමනා වුණේ මගේ රස්සාව කරගෙන කාටවත් හිංසාවක් නැතුව ජීවත්වෙන්න. මයෝමි තනිවම පාටිවලට යන්න පටන් ගත්තා. අපි දෙන්නාට දරුවෙක් හිටියා. ඒ දරුවටත් වඩා මයෝමිට ලොකු වුණේ විලාසිතා. ජේත්තුව, කොළඹ ජීවිතවල හැටි. ඔය අතරේ මයෝමිගෙ අනියම් සම්බන්ධයක් ඇති වුණා. මම මයෝමිට අවවාද කළා. එයා කාගෙවත් අවවාද පිළිගන්නා ජාතියේ ගෑනියක් නොවෙයි. හැම දේකදීම “මම නිවැරදි ය, මම හරි ය, මම දන්නවා ය, මට වඩා දන්න කෙනෙක් නැහැ” යි කියලා හිතාගෙන ඉන්න අහංකාර මෝඩ චරිතයක්. මම දරුවා ගැන හිතලා මෙයාගෙ ගමන් බිමන් හැම දෙයක්ම ඉවස ගෙන හිටියා.
    අන්තිමට හොර මිනිහව ගෙදරට ම ගෙන්නා ගත්තා. ගේ එයාගෙ නෙ. ඒ ලොකුකම හිතේ තිබුණු නිසා ඒ ගෙදර එයාට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා හිතා ගත්තා. අද රටේ මිනිස්සු හිතා ගෙන ඉන්නේ අහිංසකකම නෝන්ජල් කමක් විදිහටනෙ. මේ මයෝමිත් හිතා ගෙන හිටියේ මගේ අහිංසකකම, ඉවසීම, නිහඬකම, බයාදු නෝන්ජල්කමක් විදිහට. ඒක නිසා හොර මිනිහව ගෙදරට ම ගෙන්න ගන්න පටන් ගත්තා ම මම ගෙදරින් පිටවෙලා ගියා. මමත් හොඳ වැටුපක් ලබන එකවුන්ටන් කෙනෙක්. මටත් ආත්ම ගෞරවයක් තියෙනවානෙ මහත්මයා. මම එයාගෙන් අයින් වුණා. දික්කසාද වුණා.
    මයෝමි අර මිනිහත් එක්ක ම ජීවත්වුණා. හැබැයි ඒ මිනිහත් මයෝමිව කසාද බැන්දෙ නෑ. සමහර විට මිනිහටත් කසාද බිරිය හිටිය ද දන්නෙ නෑ. කොහොම වුණත් මිනිහා මයෝමිව කසාද බැන්දෙ නෑ. මයෝමිගෙ අම්මා තාත්තා දෙන්නත් එයාට ඕනැ විදිහට නටන්න ඉඩ දීලා ඔහේ බලාගෙන හිටියා. මයොමිගෙ අම්මා දරුවව හදන්න බාර ගත්තා. මයෝමි තමන්ගෙ හිතේ හැටියට ජීවත්වුණා. ඒත් වෙන මොකක්දෝ හේතුවක් උඩ අර මිනිහා මයෝමිට පිහියෙන් ඇනලා මැරුවා. ඒක සිද්ධ වුණේ 2001 අවුරුද්දේ. මිනිහා තවමත් හිරේ.
    මමත් 2003 අවුරුද්දේ මේ ශ්‍රියානිව කසාද බැන්දා. දැන් අප දෙන්නාට දරුවො දෙන්නෙකුත් ඉන්නවා. මමයි ශ්‍රියානියි මගේ කලින් දරුවව බලන්නත් යනවා. මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒත් 2010 අවුරුද්දෙ ඉඳලා අපට කරදර එකින්එක දිගටම එන්න පටන් ගත්තා. කරපු ප්‍රතිකර්මවලින් වැඩක් වුණෙත් නෑ. ඒකයි ඔබ තුමා හොයා ගෙන ආවේ’යි උපුල් මයෝමි ගේ කතාව පැහැදිලි කළේ ය.
    නැවත ශ්‍රියානි දිෂ්ටි ගැන්වීය.
    “මුන් තමයි මාව මැරෙව්වේ. මුන් නිසා තමයි මම මැරෙන්න සිද්ධ වුණේ” යි ප්‍රේතිය කීවාය.
    “ඒ කොහොම ද? මේ උපුල් ද තමුන්ව මැරෙව්වේ?”
    “ඔව් උපුල් නිසා තමයි, මූ මා ගැන සැලකිල්ලක් දැක්වූවේ නෑ. පාටිවලට යන්න ආවේ නෑ. මූට මට වඩා උගේ රස්සාව ලොකු වුණා. මූ උගේ රස්සාව බදාගෙන හිටියා. ඒක නිසයි මට මෙහෙම සිද්ධ වුණේ?”
    “ඔය හේතු නිසා තමුන් උපුල්ට ආදරේ කළේ නෑ?”
    “ඔව්, මම මූට ආදරේ කළේ නෑ.”
    “හොඳයි, මේ උපුල් ඔය ගෙදරට වෙන ගෑනියෙක් ගෙනාව ද?”
    “නෑ”
    “එහෙම වෙනත් ගෑනියෙක් ගෙනාවා නම්?”
    “එහෙනම් මම දෙන්නට ම ගහල පන්නනවා. ඒවා කොහේද මාත් එක්ක.”
    “හොඳයි, තමුන් ඔය ගෙදරට වෙන මිනිහෙක් එක්ක ආවා?”
    “ඔව්. මම මගේ ගෙදරට එක්ක ආවා.”
    “උපුල් ඒ මිනිහට ගහල පැන්නුව ද?”
    “නෑ‍”
    “උපුල් මොකද කළේ?”
    “මාව අතහැරලා යන්න ගියා.”
    “තමුන් අලුත් මිනිහත් එක්ක ජීවත් වුණා?”
    “ඔව්”
    “එයාට ආදරේ කළා?”
    “ඔව්”
    “උපුල්ගෙන් දික්කසාද වෙලා අලුත් මිනිහව කසාද බැන්ද ද?”
    “……………….” ප්‍රේතිය නිහාඬ ය.
    “තමුන් අලුත් මිනිහට ආදරේ කළා. එයා අන්තිමට මොකද කළේ?”
    “……………….” ප්‍රේතිය නිහඬ ය.
    යහපත්, ගුණවත්, වැදගත්, මහත්තයව අතහැරලා ගෙදරට ගෙන්න ගත්ත හොර මිනිහා අන්තිමට තමුන්ට පිහියෙන් ඇනලා මරා දැම්මා නේද?”
    “ම්…. ම්… හ්ම්….”
    “අර පාටි – ඩාන්ස් – විලාසිතා…. ඔක්කොම ඉවරයි නේද?”
    “ඉහි…. ඉහි… ඉහි…” ප්‍රේතිය හඬන්නට වූවා ය.
    තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස ද හැකිනම් මයෝමි ගේ මව ද කැඳවාගෙන එන ලෙස ද උපදෙස් දුන්නේ ය.
    එදින උපුල් හා ශ්‍රියානි සමඟ මයෝමිගේ මෑණියෝ ද පැමිණියහ.
    ශ්‍රියානි දිෂ්ටි ගැන්වීය.
    “කවුද මේ?”
    “මම මයෝමි”
    “අර ගුණවත්, යහපත්, ස්වාමි පුරුෂයා අතහැර හොර මිනිහෙක් ගෙන්න ගෙන උගේ අතින් පිහි ඇනුම් කා මැරුණු මයෝමි ද?”
    “ම්… ම්… හ්ම්…”
    “අද කවුද මේ අලුත් කෙනෙක් ඇවිත් ඉන්නෙ?”
    “ඒ මගේ අම්මා”
    “දැන් ඉතින් ඔය තරහ වෛර අතහරින්න ඕනෑ.”
    “බෑ… බෑ… මූ මගේ දරුවව බලන්නෙ නෑ.”
    “ඇත්ත ද අම්මේ මෙයා කියන්නෙ?” යි මයෝමිගෙ අම්මා ගෙන් ගවේෂකවරයා ඇසීය.
    “අනේ නෑ මහත්තයා. මේ උපුල් පුතයි ශ්‍රියානි දුවයි මාසෙකට දෙතුන් සැරයක් දරුවව බලන්න එනවා. දැන් දරුවට වයස අවුරුදු පහළොවක් වෙනවා. දරුවත් තාත්තට ආදරෙයි.” මයෝමිගේ අම්මා පිළිතුරු දුන්නාය.
    “ඇහුණා නේද? තමන් ගෙ ම අම්මගෙ කටින් කියවුණු දේවල්?”
    “…………..” ප්‍රේතිය නිහඬ ය.
    “සංකර විදිහට හැදිලා. හිතුවක්කාර විදිහට වැඩ කරලා. අන්තිමේ නිස්කාරණේ ජීවිතෙත් නැති කැර ගත්තා. ඒ මදිවට මේ උපුල් මහත්තයාගෙ පවුල් ජීවිතේට ඊර්ෂ්‍යා කරලා නේද මේ කරදර කරන්නෙ?”
    “…………” ප්‍රේතිය නිහඬ ය.
    “දැන් පෙරේතියක් වෙලා ඉපදිලා දුක් විඳිනවා මදිවට තවත් පව් සිද්ධ කැර ගන්නවා. ඔය දුගතිගාමී ආත්මයේ තවත් අවුරුදු ලක්ෂ පනහක් දුක් විඳින්න ද කල්පනාව?”
    “අනේ! ඔව් දුවේ! අපි දූ වෙනුවෙන් කොයිතරම් පින් දහම් කළා ද? ඇයි මේ පහත් තැනක ඉපදිලා දුක් විඳින්නෙ?” මයෝමිගේ අම්මා කඳුළු පිරි දෙනෙතින් යුතුව කීවා ය.
    “දැන් තමුන් තමන්ගෙ අතින් සිදුවුණ වැරදි මෙනෙහි කරලා ඔය තරහ මරහ අතහැරලා හොඳ තැනකට යන්න කල්පනා කරන්න. අනුරාධපුරය වගේ පුණ්‍ය භූමියකට ගිහින් පින් දහම්වලට අතහිත දෙන්න කල්පනා කරන්න.”
    “හොදයි මම කැමැතියි.”
    ප්‍රේතිය අනුරාධපුරයට යැව්වේ ය
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඇයි සුනීතා මේ ළමයා ළඟටම එන්නේ

    තමන්ට හෝ අනුන්ට හෝ මේ දෙපාර්ශවයට ම හෝ යහපත පිණිස කුසල් හි යෙදුණෝ සුගත ගාමීව උපදිති. අයහපත පිණිස අකුසල්හි යෙදුණෝ දුගතිගාමීව උපදිති. කෙසේ වුව ද මරණාසන්න අවස්ථාවේ චුති සිතට අරමුණු වන අතීත ක්‍රියාකාරකමක් අනුව ඊළඟ ප්‍රතිසන්ධිය සිදුවන බව බෞද්ධයෝ දනිති.

    කොයි තරම් දාන ශීලාදී පුණ්‍ය කර්මයන්හි යෙදුණ ද මරණාසන්නයේ දී ලෝභය, ද්වේශය හා මෝහය මූලික වී අරමුණු වන අතීත ක්‍රියාවක් ප්‍රබලව සිටීමෙන් එසේ සිදුවේ. දාන ශීල පුණ්‍ය ක්‍රියා සමඟ භාවනාමය කුසල ක්‍රියාවන් හි යෙදී සිත ශක්තිමත් කැර ගත් පුද්ගලයා ඒ තත්ත්වය වළක්වා ගනී.

    ජීවත්ව සිටින අය කෙරෙහි හෝ දේපළ සම්පත් කෙරෙහි හෝ ඇල්මෙන් මිය ගිය කෙනෙකු තමන් ද දුගතියක ඉපිද තමන්ට උදව් කළ කෙනෙකුට අයහපත් ව ක්‍රියාත්මක වීමේ සිද්ධියකි මේ.

    සම්පත් කොළඹ නාගරික ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. කිසිවෙකුට වරදක් හිරිහැරයක් පාඩුවක් නොවන පරිදි ජීවත් වූ ඔහු ආගම දහම කෙරෙහි නැඹුරු වූයේ මස් මාළු කරවල බිත්තර පවා ආහාරයට නොගෙන කරුණාව මෛත්‍රිය හුරු පුරුදු කළ අයෙකි. හිටි හැටියේ ම ඔහුට කෑම අරුචියක් හට ගත්තේ ය. ආහාරයක් වශයෙන් ඔහුට පානය කළ හැකි වූයේ කිරි පමණි. හේ දවසින් දවස ම කායිකව දුර්වල වන්නට වූයේ ය.
    සම්පත් නිදා ගෙන සිටින විට ඔහු නිදා සිටි යහනේ කවුදෝ කෙනෙක් වාඩි වී සිටින බව ඔහුට දැනෙන්නට විය. සමහර අවස්ථාවල ඇඳ ළඟ තවත් කෙනෙකු සිට ගෙන සිටින බව දැනෙන්නට විය. ගමනක් යන විට ඔහු පසු පසින් කවුදෝ කෙනෙක් පැමිණෙන බව දැනෙන්නට විය. ඔහු උදේ සවස තෙරුවන් වන්දනා කරන විට ඒ ස්ථානයේ ඇති ජනේලයට පිටින් සිට කවුදෝ කෙනෙක් බලා සිටින බව ඡායාවක් මෙන් පෙනේනනට විය.

    මෙසේ ටික කාලයක් ගත විය. දිනක් රාත්‍රියේ සම්පත් පුරුදු පරිදි නින්දට ගියේ ය. නින්දත් නොනින්දත් අතර සිත තැන්පත් වන විට ඔහු ඇඳෙන් ඉහළට ඇදී යන්නාක් මෙන් දැනිණ. ඔහු දැන් සිටින්නේ ඇඳට ඉහළිනි. ඔහු ඇඳ ඉහළ සිට ඇඳ දෙස බැලුවේ ය. ඇඳ උඩ තම ශරීරය නිද්‍රා ස්වරූපයෙන් පවතී. ඔහුට යළිත් තම ශරීරයට රිංගා ගැනීමට අවශ්‍ය විය.

    එහෙත් එසේ කළ නොහැකි විය. කවුදෝ ඔහු අල්ලා ගෙන නිවසින් පිටතට ඇදගෙන යන බව දැනේ. ඔහුගේ සිරුර මත ඔහුගේ මිය ගිය පුංචි අම්මා හිඳගෙන ඔහු මෙසේ අහසේ පාවෙමින් ගෙන යන බව දැනෙයි. දිනක් නිවසට ඉහළ ඉඩමේ කෙළවර අහසේ පාවෙමින් සිටියේය. තවත් දවසක් නිවස පිළිකන්නේ අහසේ පාවෙමින් සිටියේ ය. මෙසේ දින කීපයක් නිවසින් පිටත තම ඉඩමේ පිටතට නොගොස් අහසේ පාවෙමින් සිටියේ ය.

    යළි දිනයක ඔහු ශරීරයෙන් ඉහළට ඇදෙන්නට විය. එය වළක්වා ආපසු තම ශරීරයට රිංගා ගන්නට උත්සාහ කළ ද ඔහුට ආපසු ශරීරය සමඟ එකතු වෙන්නට නොහැකි විය. ඇඳට උඩින් පාවෙමින් තිබෙන තම ශරීරය ඉතා සියුම් හා සැහැල්ලු බව ඔහුට දැනේ. ඒ මත හිඳ ගෙන සිටින පුංචි අම්මා ඔහු කැඳවා ගෙන යයි. නිවසෙන් පිටතට ආවේය.

    එසේ ආවේ දොර ජනෙල් වසා තිබෙන නිවසේ බිත්තියක් විනිවිද ගෙන ය. ඒ සඳහා කිසි ම වෙහෙසක් හෝ අපහසුවක් ඔහුට නොදැනුණු බව මතකය. නිවසෙන් පිට වී ඉඩමෙන් ද පිට වී අහසේ පාවෙමින් ගමන් කරන බව ඔහුට පෙනේ. ඔහු පහත බැලීය. කළුබෝවිල නගරයේ මාර්ගය දෙපසින්, ගොඩනැගිලිවලත් විදුලි පහන් දැල් වෙමින් තිබේ. ඉඳ හිට වාහන ගමන් කරන බව ද පෙනේ.

    විශාල ප්‍රදේශයක භූ®මි භාගයක් පුරා පැතිර පවතින දකුණු කොළඹ මහ රෝහල් පරිශ්‍රය පෙනේ. දැන් නුගේගොඩ දෙසට ගමන් කරයි. ඇන්ඩර්සන් පාර හන්දිය පැහැදිලිව පෙනේ. පාර දෙපස ම පිහිටි ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ල හා සියලු ම වෙළෙඳ ගොඩනැඟිලි දිස්වේ. ඔහු කොහුවල සුසාන භූමිය අසල නතර විය. සුසාන භූමියේ ගේට්ටුවෙන් ඇතුළු විය.

    සුසාන භූමියේ සිටි විශාල පිරිසක් ඔහු වටා එක් රොක් වන්නට වූහ. ඔව්හු විවිධ පුද්ගලයෝ වූහ. සමහරු ඉතා විරූපීය. ඔහු දැන් සිටින්නේ සුනීතා පුංචි අම්මාගේ සොහොන් කොත ළඟය. ඔහුට බියක් දැනිණි. ඔහුට මෙතැනින් පලා යන්නට උවමනා විය. වටා රැස්වී සිටින සමහරු ඔහුගේ අතින් අදී. ඔහු විශාල උත්සාහයක් ගෙන ගේට්ටුව අසලට ආපහු ආවේය.

    සමහරු ඔහු නතර කැර ගන්නට මෙන් ඇතුළට අදිති. ඉතාම පීඩනයට පත්ව, වෙහෙසක් දරමින්, දඟලා යන්තම් එළියට පැන ගත්තේ ය. ඉතා ම වේගයෙන් ආපසු නිවෙස කරා ආවේය. දැන් පුංචි අම්මා ඔහු සමඟ නැති බව දැනේ.

    ඇය සොහොනේ නතර වන්නට ඇතැයි සිතේ. දැන් නිවසේ දොරවල් වසා ඇත. ඇතුළු වන්නේ කෙසේද? බියක් සිතට දැනේ. ඇතුළු වන්නට නොහැකි වුණොත් කුමක් සිදුවේද? ඔහු මහත් වෙහෙසක් දරා නිවසට රිංගා ගත්තේ ය. කාමරයට ගියේ ය. වහාම තම ශරීරය තුළට ඇදී ගියේ ය.

    ඔහු ශරීරයට රිංගා ගෙන අවදි විය. කෑගැසුවේ ය. අම්මාට කතා කළේ ය. මේ රෑ දෙගොඩ හරියේ පුතාගේ කෑ මොර දීමෙන් බියපත් වූ මෑණියෝ ද ඔහුගේ කාමරයට පැමිණ විදුලි පහන් දැල්වූවා ය. සම්පත් බියෙන් වෙවුලති. ශරීරය දහදියෙන් තෙමී ඇත. සම්පත් බියපත්ව සිදු වූ සියලු විස්තර කීවේය.

    එදා රාත්‍රිය පහන් වන තුරුම කල්පනා කළේ ය. කොහුවල සොහොන් භූ®මිය තුළදී ඔහු වටා මළවුන් එක් රැස් වූ හැටි. සමහරු වියරු සිනා පළ කළ හැටි. සමහරු දත් විලිස්සා ගෙන පැමිණි හැටි. සමහරු ඉතා අප්‍රසන්න පෙනුමෙන් පෙනී හිටි හැටි. මුන් අමනුස්සයෝ ය. ප්‍රේතයෝ ය. ප්‍රේතියෝ ය. මල යක්ෂයෝ ය. යක්ෂණියෝ ය. සම්පත් කල්පනා කළේ ය. මේ ජීවත්ව සිටිද්දී අනුන්ට ඊර්ෂ්‍යා කළ එවුන් ය.

    වංචා දූෂණ කළ එවුන් ය. රැකියා කළ ස්ථානවලට පවා වංචා කළ එවුන් ය. වේලාවට රැකියාවට නොගොස් ගන්නා වැටුපට පවා වංචා කළ එවුන් ය. තණ්හාවෙන් අනුන් සතු දේ කඩා වඩා ගත්තෝ ය. රාජ්‍ය දේපළ සොරා ගත්තෝ ය. ජනතාවට වංචා කළෝ ය. ජනතාව රවටා බොරු පොරොන්දු දී ඒවා ඉටු නොකොට කොමිස් අල්ලස් ගත් දේශපාලනඥයන් පවා මළ ප්‍රේතයන් වී ඉපිද එහි සිටි බව මතකය.

    ඔවුන් සමඟ වංචා දූෂණ කළ කොන්ත්‍රාත්කරුවෝ ද නිලධාරීහු ද එහි සිටියහ. ඔව්හු සා පිපාසාවෙන් පෙළි පෙළී උගුර තෙමා ගන්නට දිය බිඳක් නැතිව දුක් විඳින බව දැනුණි.

    ඉතින් එහෙම නම් මේ තරම් දැහැමි ව ජීවත් වන, මස්, මාළු, කරවල, බිත්තර, උම්බලකඩ පවා ආහාරයට නොගන්නා මට මෙසේ සිදුවන්නේ ඇයි දැයි තමන්ගේ සිත සමඟ තර්ක කළේ ය. පසුදා සිට යළිත් මස් මාළු කන්නට තීරණය කළේ ය. ඔහු එසේ ම සිදු කළේ ය.

    එහෙත් සුවයක් නොදැනුණේ්ය. සුනීතා පුංචි අම්මා ඔහු කැඳවා ගෙන සොහොනට කැඳවා ගෙන යන්නට විය. ඔහු මහත් වෙහෙසක් දරා ආපසු එයි, පසු ගිය ජූනි 01 වැනි දා උදේ අම්මා අවදි වී පුතාට තේ එකක් හදාගෙන පුතාගේ කාමරයට ගියා ය. සම්පත් ඇඳේ නැත. නාන කාමරයේ ද නැත. ඔහු ආ ගිය තැනක් නැත. දින දෙකක් පුරා ඔහු සෙව්වා ය. සම්පත් නැත.

    මේ අතර ඈත ප්‍රදේශයක පදිංචිව සිටි සුනීතාගේ පුතෙකුගෙන් පණිවුඩයක් ලැබුණි. සම්පත් එහි පැමිණ ඒ කිට්ටුව පිහිටි ආරණ්‍යයකට ඇතුළත්ව සිටින බව මෑණියන්ට ආරංචි විය.

    “අනේ! දෙයියනේ! මට සිටින එකම දරුවා?...” යැයි ඇය බියපත්ව වහාම එහි ගොස් හඬා වැලපී ඔහු ආපසු කැඳවා ගෙන ආවා ය.

    ඇය ‘සිළුමිණ’ පාඨකයෙකුගේ උපදෙස් පරිදි කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පුතා කැඳවාගෙන ගියේ ය.

    එහිදී සම්පත් වෙව්ලන්නට විය.

    “කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

    “මම... මම... මම...”

    “මම මම නෙවෙයි, ඉක්මනින් කියන්න?”

    “මම සු...නී...තා”

    “කව්ද සුනීතා කියන්නේ?”

    “සම්පත් ගෙ පුංචි අම්මා”

    “දැන් කොහේද සුනීතා ඉන්නේ?”

    “මං මැරුණා...”

    “මොනවා වෙලා ද මැරුණේ”

    “2003 වෙසක් පෝය දවසේ මේ ළමයි සල් උයනක් හැදුවා. මමත් උදව් කළා. මේ ළමයින්ට කෝපි ටිකක් වත්කර දෙන්න කියා මම කුස්සියට ගියා. කෝපි වත්කරන කොට හිටි හැටියේ මගේ පපුව තද වෙලා (හෘදයාබාධයක්) මළා. මගේ දරුවෝ පින් දහම් කරන්නේ නෑ. ඒ වෙලාවේ මගේ හිතට අතීත අකුසලයක් මතුවී පෙනුණා. වෛරයක් හිතුණා. මම දැන් සෙහොනේ ඉන්න මළ යක්ෂණියක්.”

    “ඉතින් ඇයි සුනීතා මේ ළමයා ළඟට එන්නේ, තමුන්ගෙ ළමයි ළඟට යන්න පුළුවන් නේද?”

    “වැඩක් නෑ... වැඩක් නෑ... උන් පිනක් දහමක් කරන්නේ නෑ. උන් හොඳ නෑ. උන් හදපු හැටි, උන්ට දස මාසයක් කුසේ දරාගෙන හිටි හැටි, ලේ කිරි කර පෙවූ හැටි, උන්ට උගන්නපු හැටි, උන් කල්පනා කරන්නේ නෑ. උන් මට පින් දෙන්නේ නෑ.

    මේ සම්පත් තමයි පින් දහම් කරන්නේ. මෙයාට පුළුවන් මාව මේ දුකෙන් බේරා ගන්න. මම සම්පත් පුතාට ආදරෙයි.. මම මෙයාව මම සිටින තැනට අරගෙන යනවා. හැමදාම උදේ 6 ට හවස 6 ට මම සම්පත් බලන්න එනවා. එයා බුදුන් වඳින හැටි බලා ඉන්නවා. මම සම්පත්ට ආදරෙයි. මම මෙයාව අරං යනවා.

    “සුනීතා! තමුන් මහා පාපයක් කැරගන්න හදන්නේ, සම්පත් ජීවත්ව හිටියොත් තමයි තමුන්ට පින් ලබා ගන්න පුළුවන්. දැන් සුනීතා මේ ශරීරයෙන් ඉවත් වී යන්න. අපි සුනීතාට පින් දෙන්න කියන්නම්.”

    “බෑ... බෑ... මට මෙයා දාලා යන්න බෑ... (හඬා වැළපෙයි)

    “එහෙම නම් දඬුවම් විඳින්නයි සිද්ධ වෙන්නේ...”

    ඔය හිස හත්කඩකට පලාවි, ගින්නෙන් පිළිස්සේවි.”

    “හොඳයි... එහෙනම් මම යන්නම්...”

    සම්පත්ට නැවත මස් මාළු කරවල බිත්තර තෙල් බැඳුම් වලින් වැළකී උදේ හවස බෞද්ධ පිළිවෙත් කරන්නට නියම කැරිණි. දින 21 ක් ආජීව අට්ඨමක ශීලය සමාදන් වී “මම බෝධි සත්ත්ව චර්යාවේ යෙදෙන්නෙක් මි” යි සිතා සිත ශක්තිමත් කොටගෙන උදේ හවස සජ්ක්‍ධායනා කරන්නට පිරිත් කීපයක් නියම කැරිණි. දානයක් දී පුංචි අම්මාට පින් දෙන්නට ද නියම කැරිණි.

    දැන් සම්පත් ඉස්සර මෙන් ම උදේ හවස බුදුන් වඳි. ඔහු පමණක් නොව මෑණියෝ ද මස් මාංශ භක්ෂණයෙන් වැළකී සිටිති. දැන් සම්පත් අහසින් ගමන් කරන්නේ නැත. කොහුවල සොහොන් භූ®මියට යන්නේ නැත. භූතයන් ගේ ග්‍රහණයට අසු වී දුක් විඳින්නේ නැත. පුංචි අම්මා ඔහු සොයා එන්නේ නැත. ඇය දැන් වෙනත් අය කරා යන්නට මාන බලනවා දැ’යි අපි නොදනිමු.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මවට පහර දුන් වරදට දඬුවම දෙපැයෙන්

    මේ 2010 ජූලි 11 වනදින සිළුමිණ පුවත්පතේ පලවූවකි.




    “අපරාධය” යන වචනය අර්ථ ගැන්වෙනුයේ වරද - නොකටයුතු දේ - නීති විරෝධි ක්‍රියාව - නීතියෙන් දඬුවම් කළ හැකි දෙය යනුවෙනි. “අපරාදේ” යන වචනය අර්ථ දක්වනුයේ නිකරුණේ - හේතුවක් නැතිව - යන අදහස් දැක්වීමට ය. මෙහි දී “අපරාධය” පිළිබඳ සලකා බලන විට වරද සහ නොකටයුතු දෙය ප්‍රධාන වේ. එය සමාජ සම්මතයෙන් සම්ප්‍රදායයෙන් හා සංස්කෘතියෙන් නොකටයුතු දෙයක් ලෙස තීරණය කොට ඇත. එසේ තීරණය වූ විට එවැනි දෙයක් සිදු කරන පුද්ගලයා ගෙන් බාහිර පුද්ගලයන්ට හා සම්පත්වලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා එය නීතියෙන් දඬුවම් කළ හැකි දෙයක් ලෙස තීන්දු කොට පාලකයෝ නීති රීති සකස් කරති. ඒ සඳහා දඬුවම් නියම කරති. මේ දඬුවම් නියම කිරීමේ දී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ ඒ පුද්ගලයා තුළ ඒ අපරාධය සිදු කිරීමට පහළ වූ චේතනාව යි. “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි” යි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද චේතනාව ම කර්මය වශයෙන් සලකා ගෙන ය.

    මෙහි දී කෙනෙකුගේ සිතේ අපරාධ චේතනාවක් පහළ වනුයේ ලෝභය - ද්වේෂය යන දෙකෙන් එකක් මෝහය සමඟ මිශ්‍ර වීමෙනි. කෙසේ නමුත් අපරාධයක් ක්‍රියාත්මක වීමේ දී ද්වේෂය ප්‍රධාන වෙයි. ඒ අපරාධය තවත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන්ට වේදනාවක්, පාඩුවක්, හිරිහැරයක්, හානියක් සිදු කරයි. එසේ ම විශ්ව ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව එම අපරාධ චේතනාව හටගත් පුද්ගලයාට ද අනිවාර්යයෙන් ම ඒ හා සමාන හෝ ඊට වැඩි ප්‍රතිවිපාකයක් ලබා දෙයි. එය තීන්දු වන්නේ සිතේ හටගන්නා චේතනාවේ ප්‍රබලතාවය අනුව ය. කර්මයකට විපාක දීම ඊට සුදුසු අවස්ථාවේදී විශ්ව ශක්තීන් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

    මිනිසා ගේ සිතෙන් නිකුත් කරන කුසල හා අකුල ශක්ති තරංග විශ්ව සන්නායක ජාලයක් ලෙස විශ්වය පුරා පැතිර පවතී. එහි අසීමිත තොරතුරු ගැබ් වී ඇත. කුඩා බිස්කට් එකක කොතරම් තොරතුරු රාශියක් ඇතුළත් කළ හැකි ද යන්න පරිගණක තාක්ෂණය යම්තමින් හෝ දන්නා කෙනෙකුට වටහා ගත හැකි ය. එසේ නම් විශ්වය පුරා පැතිර ඇති, ඊටත් වඩා සියුම් දෙයක ඇතුළත් විය හැකි ප්‍රමාණය සිතා ගත හැකි ය. එසේ ඇතුළත් වන ශක්ති ෂ;ශ්ෂයන් ගේ අඩංගු තොරතුරු අනිකුත් දේ සමඟ මිශ්‍ර නොවී තමන් කරා ම පැමිණීම අද පුදුමයට කාරණයක් නොවේ. සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයකින් ගුවනට නිකුත් වන කථා හෝ රූප වෙනත් කථා හෝ රූප සමඟ මිශ්‍ර නොවී නියමිත චැනලයෙන් සම්පේ‍්‍රෂණය කළ විට එසේ විවෘත කළ චැනලය කරා ම පැමිණෙන හැටි අද දුකතනය, රූපවාහිනිය හා පරිගණකය (අන්තර්ජාල) සමඟ කටයුතු කරන අයට වටහා ගත හැකි ය.

    මිනිසා ගේ මොළයෙන් උපදවනු ලබන චේතනා තරංග මේ සෑම තරංගයකට ම වඩා සියුම් ය. තියුණු ය. මිනිසා ගේ සිතෙන් නිකුත් වන චේතනා තරංගවල විවිධත්වය පවා අද නිර්ලියන් ඡායාරූප ක්‍රමයෙන් ඡායාරූප ගත කැර ඇත. කෙනෙකු වෛරයෙන් සිටින වේලාවේ ඒ ආවේගයේ ශක්ති තරංගවලත්, මෛත්‍රී සහගතව සිටින වේලාවේ ඒ ශක්ති තරංගවල වෙනසත් ඒ ඡායාරූප සටහන්වලින් දැක ගත හැකි ය.

    බුදු දහමට අනුව මිනිසා විසින් සැලසුම් කොට හෝ ක්ෂණිකව සිතා මතා කරනු ලබන ක්‍රියා කර්මයක් ලෙස ක්‍රියාත්මක වීමේ දී එය අරමුණු කොට උපදින සිතුවිලි ධාරාව පිටතට විකිරණය වේ. එය විශ්ව සන්නායක ජාලයට පිවිස තැන්පත් වේ. එය පසු අවස්ථාවක එය නිකුත් කළ ඒකකය වන ඒ මිනිසා කරා ම ආපසු ගමන් කරයි. එසේ නැවත ආපසු විකාශනය වීම කර්ම විපාකය ලෙස හඳුන්වයි. මිනිසා විසින් සසර දිගින් දිගට ගෙන යන “මම” ය, “ආත්මය” ය යැයි සිතා සිටින උපාදානස්කන්ධ සංයුතිය මේ චේතනා තරංග හා සම්බන්ධය. එය චේතනා තරංගවලට ද වඩා සියුම් ය. එයට ද ගමන් මාර්ග වන්නේත්, සම්බන්ධව පවතින්නේත් මේ සන්නායක ජාලය ම විය හැකි ය. මේ ඉතා සියුම් ශක්ති විශේෂයන් බැවින් අප ද ඉතා සියුම්ව කල්පනා කැර බැලිය යුතු ය.

    පුද්ගලයා විසින් ස්වකීය ජීවිතය තුළ දී සිය උපාදානාස්කන්ධ සන්නතියට එකතු කැර ගන්නා, මිශ්‍ර කැර ගන්නා, පින් පව් හෙවත් යහපත් අයහපත් ක්‍රියා පුරුදු ද අත්දැකීම් ද එම උපාදානස්කන්ධ සංයුතිය සමඟ ම ගමන් කැරේ. මෙසේ උපදවන කර්ම චේතනා තරංග ලෙස නිකුත් වී විශ්ව සන්නායක ජාලයට පිවිස ඒ ජීවිත කාලයේ දී ම ආපසු පැමිණ විකාශය වේ. මෙය “දිට්ඨධම්මවේදනීය” විපාකය ලෙස නම් කොට ඇත.

    මිනිසා අපරාධයේ දරුණුතම හා ඊට ලැබෙන ප්‍රතිවිපාකය දන්නවා නම් කිසි දවසක වැරදි කරන්නේ නැත. මිනීමැරුමක් නොවුණත්, බල අපරාධයක් ලෙස නීති පොත්වල සඳහන් නොවුණත්, සිතේ හට ගත් දරුණු ආවේගය පිට කැර ගැනීම සඳහා කලින් සැලසුම් නොකළා වූ ද එහෙත් සොබා දහම කම්පාවට පත්වන අයුරින් ක්ෂණිකව සිදු කළ වරදකට පැය කීපයක් ඇතුළත විපාක විඳීමට සිදු වූ කතාවකි මේ. විශ්ව ශක්තිය විසින් ක්ෂණිකව දඬුවම් කළ අවස්ථාවකි. දිට්ඨධම්මවේදනීය කර්ම විපාකයකි.
    සරත් කුඩා කල ම ඔහු ගේ පියා හදිසි අසනීපයකින් මිය ගියේය. වෙනත් නෑදෑයෙකු ගේ උදව්වක් නොලැබුණ ද, නෑදැයින් සිටියත් ඔවුන්ට ද ඒ තරම් හයියක් නොතිබුණු නිසා ද සුමනාවතී කාටවත් අතපාන්නට ගියේ නැත. කඩයප්පන් ටිකක් තම්බා ගමේ කඩවලට දැමීමෙන් ද, බීඩි කොම්පැණියෙන් කොළ ලබා ගෙන බීඩි ඔතා ඒ කොම්පැණියට ම දීමෙන් ද පනං හතරක් උපයා ගත්තේ පොඩි එකා හදා වඩා ගැනීමේ උවමනාවත් ධෛර්යයත් නිසා ම ය.

    පොඩි එකා ඉස්කෝලයට ඇතුළත් කිරීමත් සමඟ සුමනාවතීට වියදම්, අමාරුකම් ඉහළ ගියේ ය. ඒ සමඟම 71 කලබල කාලයේ බීඩි කොම්පැණිය ද වසා දමනු ලැබිණි. එයින් අධෛර්යමත් නොවූ සුමනාවතී ගල් වළේ ගල් කඩන්නට ගියාය. සුමනාවතී මෙසේ දහදුක් වින්දේ සරත් ගේ දෑස් පාදා උස් මහත් කොට මනුස්සයෙක් කිරීමට ය.

    එහෙත් සරත් ඉගෙනුමට ඒ තරම් උනන්දුවක් නොදැක් වූ අතර පාසල ඇරී ගෙදර ආ හැටියේ කොල්ලන් සමඟ කෙළි සෙල්ලමට ගියේය.

    ගෙදර දී පොතක් අතින් ඇල්ලුවේ නැත. දෑත්වල කරගැට නැගෙන තුරු ගල් වළේ ගල් කඩා හැන්දෑ වී ගෙදර එන සුමනාවතී කොලුවා ගේ කුස පුරවන්නට යමක් තම්බා කන්නට දී කුස්සියේ වැඩ අවසන් වන විට ඇගේ අතේ පයේ රුදාව, ඇඟේ මහන්සිය විසින් ඇය පැදුරු කඩමාල්ල මතට තල්ලු කරනු ලබයි. සරත්ට ගෙදර දී අමතර ඉගැන්වීමක් කැරවීමට හෝ පාසලේ වැඩ කටයුතු ගැන හොයා බැලීමට පවා ඇයට නුපුළුවන් විය.

    සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වූ සරත් අධ්‍යාපනයට ආයුබෝවන් කියා ගමේ කොලු රැළට එකතු විය. ඒ සමඟ ම දුම්පානයටත්, සුරා පානයටත් පුරුදු විය. ගමේ පෙදරේරුවකු වූ පියසේන බාස් උන්නැහේ තමන් ගේ අත්වැඩ කාරයා වශයෙන් සරත් කැඳවා ගෙන ගියේ දිනපතා හැන්දෑවට නියමිත කුලිය ද ලබා දුන්නේ ය. මුලදි මුලදී තමා උපයන මුදලින් සොච්චමක් හැන්දෑවට අම්මාගේ අතේ තැබුව ද පසුව ඒ හැම සතයක් ම මත්පැනට ම වියදම් කළේ ය. පියසේන බාස් ද ගෝලයාට අවවාද උපදෙස් දුන්නත් සුරාපානයෙන් සරත් වළක්වා ගන්නට ඔහුට ද නොහැකි විය.

    මේ අතර පියසේන බාස් ගේ නැගණිය ලලිතා සමඟ සරත් ගේ ඇයි හොඳයියක් ගොඩනැගී තිබුණි. සරත් ගේ හැටි දන්නා නිසා ම පියසේන බාස් මේ සම්බන්ධයට විරුද්ධ විය. එයින් ම සරත් ඔහු සමඟ අමනාප වී වැඩට යෑම ද අත් හළේ ය. සරත්ටත් ලලිතාටත් වෙනදා මෙන් මුණ ගැසී ඇයිහොඳයිකම් පවත්වන්නට නොහැකි තරම් වැට කඩොලු තර කැරිණි. දිනක් හැන්දෑවේ සරත් තම නිවසට ලලිතා කැඳවාගෙන ආවා ය. සුමනාවතී හිටි හැටියේ සිදු වූ මෙම ආගමනයෙන් අන්ද මන්ද වී ගිය ද කිසිවක් නොකියා ඉවසා දරා ගත්තා ය. වෙනදාට වඩා නෑඹිලියට හාල් හුණ්ඩු බාගයක් එකතු කළා ය. නැති බැරිකම් කොයි තරම් තිබුණ ද කඩේ වහන්නට පෙර දුව ගොස් ණයට කුකුළු මස් ටිකක් හා පපඩම් පැකැට්ටුවක් ද ගෙනාවාය. කෙසේ නමුත් ලලිතා ගේ පැමිණීම සුමනාවතීට අත් උදව්වක් විය. ඇය කුලී කුරක්කමට ගොස් වෙහෙස මහන්සිව ගෙදර එන විට ගෙදර වැඩ පොළ ලලිතාගෙන් ඉටු වී තිබීම ඇයට පහසුවක් විය. සරත් ද දින දෙක තුනක් හිතේ ආශාවට සිය තරුණ බිරිය සමඟ ගෙදරට වී සිටිය ද ඉන් පසු ගමේ හෝ යාබද ගමක කුලී වැඩක් සොයා ගියේ ය.

    ඔවුන් ජීවත් වූ නිවස පාරට මුහුණලා පිහිටි එකක් විය.”අම්මේ! හැමදාම අම්මාට ඔය තරම් දුක් මහන්සි වෙන්න බැහැනෙ. මගේ ළඟ ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් තියෙනවා. අපි මෙතැන පුංචියට තේ කඩයක් දාමු ද? අම්මටත් කඩයප්පන් ටික හදා දෙන්න පුළුවන්නෙ” යි දිනක් රාත්‍රී ලලිතා කළ යෝජනාවට සුමනාවතී ද එකඟ වූවාය.

    “අනේ! හොඳයි දුවේ! එහෙම නම් කොච්චර දෙයක් ද? දැන් මගෙත් නිතර වාත අමාරු, හන්දිපත් රුදාව. එදා ඉඳල ම දුක ම වින්දා මිසක හිතටවත් නිස්කාංසුවක් ලැබුණේ නැහැනෙ” යි සුමනාවතී ද එකඟතාව පළ කළා ය.

    ලලිතාගේ තේ කඩය ගමේ අයට ද එක්තරා පහසුවක් විය. එහි නිතර එකා දෙන්නා ගැවසෙන්නට වූහ. එහෙත් එතැන අසල්වැසි තරුණයන්ගේ ගැවසීම සරත් ගේ හිතට මොකක්දෝ කුහුලක් ගෙනාවේය. එහෙත් කඩයක් වුණා ම එහෙම නැතුවත් බැරි බව සිතා නිහඬ විය. සුමනාවතී සිය ලේලියට ඉත සිතින් ම උදව් කළ අතර, ගල් වළේ වැඩට නොගියත් ඉඳ හිට අහල පහළ කෙනෙකුගේ වැඩකට හෝ ගොවිතැන්වල ගොයම් කැපීමක් වැනි වැඩකට ගොස් තවත් අමතර මුදලක් උපයා ගත්තා ය. ඒ අතර සරත් කුලී වැඩකට ගියත් හැන්දෑවට ගෙදර එන විට බීමත්ව එන්නට පටන් ගත්තේ ය. බහින්බස් වීම් ද පටන් ගත්තේ ය. එහෙත් ලලිතා සියල්ල ඉවසා දරා ගෙන කටයුතු කළා ය.

    සරත් තාත්තා කෙනෙකු වෙන්නටත් තව මාස දෙකකට වඩා නැත. ගමේ කසිප්පු පොළට ද සූදු පිටිය ද නුදුරු බෝක්කුව උඩ රස්තියාදු කාරයන් ගේ සමාගමයට එක් වූ සරත් දැන් කුලී වැඩට යෑමට ද උනන්දුවක් නැතිව බීමට ම කාලය ගත කරන්නට පටන් ගත්තේ ය. නිතර ගෙදර අඩදබර රජ කරන්නට විය. පිඟන් පීරිසි පියාසර කරන්නට විය. යළිත් පවුලේ අඟ හිඟකම් හිස ඔසවන්නට විය. කඩයප්පන් වෙළෙඳාම ප්‍රමාණවත් නොවන තැනට පත් වූ පසු බැරිම තැන ලලිතා නගරයට යන කෙනෙකු ලවා සීල් බෝතලයක් ගෙන්නා ගෙන කාල අරික්කාල විකුණන්නට ද වූවා ය.

    දිනක් සරත් ලලිතාගෙන් අරක්කු කාලක් ණයට ඉල්ලුවේය. “ණයට දෙන්න හම්බ කරන මිනිහෙක් වෙන්න එපා” යැයි ඇගේ මුවින් පිට වෙන කොට ම

    “උඹ එහෙනං දැන් ගනුදෙනු කරන්නේ හම්බ කරන එවුන් එක්ක විතර දැ”යි ප්‍රශ්න කරමින් ලලිතාට පහර දෙන්නට විය. ඒ වේලාවේ කඩේ තේ බොමින් සිටි දෙදෙනෙක්

    “තිරිසනෝ! මේ ගැබ්බර එකීට ගුටි අනින්න උඹට ලැජ්ජා නැද්දැ”යි සරත් පැත්තකට ඇද දැම්මේය.

    මේ වන විට මිදුලේ එළා ගත් පොල් අතු ඉරුවක් වියමින් සිටි සුමනාවතී ද

    “ගෑනියෙක් ගෙ හම්බ කෙරුවාවෙන් ජීවත් වෙන බේබද්දෙකුට මොන ලැජ්ජාවක් දැ”යි කීවා ය. කෝපයෙන් හා ලැජ්ජාවෙන් පුපුර පුපුරා සිටි සරත් ගේ කෝප ගින්නට විසි කැරුණු ඒ බූමිතෙල් පහරින් එක් වර ම මිදුලට පැන්න සරත් ඇණ තියා ගෙන පිටුපා සිටි මෑණියන් ගේ පස්සා පැත්තට වේගවත් පා පහරක් එල්ල කළේ ය. උඩින් වීසි වී ගිය සුමනාවතී පාර අයිනේ කානුවට වැටුණේ ය. කඩේ සිටි අය ඇය ඔසවා ගොඩට ගන්නා විට සිය බයිසිකල් කටුව දෙපරැන්ද අස්සේ ගසා ගත් සරත් ගෙදරින් පිට වී ගියේ ය. කානුවට වැටුණු සුමනාවතීගේ අත මැණික් කටුව ළඟින් කැඩී ගිය අතර මුහුණ බෝතල් කටුවකට කැපී ලේ ගලන්නට විය. ඇය රෝහල කරා ගෙන ගියහ.

    බෝක්කුව උඩ රස්තියාදු ගසමින් සිටි පාප මිතුරන් ගේ සමාජයට ගිය සරත්, බෝක්කු කණ්ඩියට පය ගසා ගෙන බයිසිකලය මත ම වාඩි වී සිටියේය. මේ අතර ඉදිරිපසින් මීහරක් පට්ටියක් ගමන් කරමින් සිටි අතර මී හරක් දක්කාගෙන ආ කොලුවා

    “අයියේ! ඔය ඉස්සරහින් එන මීමා අනිනවා. අයින් වෙයල්ලා” යි අනතුරු ඇඟෙව්වේ ය. තරුණ පිරිස පාරෙන් ඉවතට පැන ගත්හ. සරත් බයිසිකලය මත ම නොසෙල් වී සිටියේ ය. හිටි හැටියේ නතර වූ මීමා කන් දෙක කෙළින් කොට හිස ඔසවා “උඹ චණ්ඩියෙක්දැ”යි අසන්නක් මෙන් සරත් දෙස මොහොතක් බලා සිටියේය. පැන්න ගමන් ඇන්නේ ය. ඇන ගෙන ඇන ගෙන ගියේ ය. ගව පාලයාටවත් නතර කරන්නට බැරි විය. ඌට ම ඇති වී නතර කළේ ය.

    සරත් ගේ දණහිසින් කකුළ එල්ලා වැටෙන්නට විය. කැඩුම් බිඳුම් ගණනාවක් සහිතව ඔහු ද රෝහල් ගත කැරිණි. ඒ රෝහලේ දී පරීක්ෂා කොට දණහිස පොඩි පට්ටම්ව ඇති බැවින් හම්බන්තොට මහ රෝහලට වහාම පිටත් කැර හැරියේය. එහි දී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරු සරත් ගේ කකුළ දණහිස ළඟින් කපා ඉවත් කළහ.

    දස මසක් කුස හොවා වදා උස් මහත් කළ ගෙදර බුදුන්ට පා පහර දී දෙපැයක් යන්නට මත්තෙන් දිට්ඨධම්මවේදනීය පාප කර්ම විපාකය ක්‍රියාත්මක වූ වග යි.

    මතුගම මහින්ද විජේතිලක
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔය පෙට්ටගම මට එපා උඹලා ඕක විකුණගෙන කාපල්ල&#353

    2010 ජූනි 27 සිළුමිණ පුවත් පතෙන් උපුටා ගැනුමකි මේ.

    කෙනෙක් තමන්ගේ ගේ දොර ඉඩකඩම්වලට දැඩි තණ්හාවෙන් බැඳී සිටියහොත් මරණයෙන් පසු අනිවාර්යයෙන් ම එම වස්තු ඇසුරු කොට ගෙන ම දුගතිගාමීව උපදිති. මෙහි දී “බැඳී සිටීම” යනු සිතේ හට ගත් දැඩි බැඳී මයි. එය “උපාදාන” ලෙස බුදු දහමේ සඳහන් වෙයි.

    1950 දශකයේ වයස් ගතව මිය ගිය මිත්තණියක ගේ භූතාත්මයක් පිළිබඳ ගවේෂණයක් පසුගියදා අපට අසන්නට ලැබිණි. ඊට හේතු වූයේ ඒ ගෙදර කාලයක් තිස්සේ තිබුණු පෙට්ටගම දැඩි මිලකට පරණ බඩු එකතු කරන්නෙකුට විකුණන්නට තීරණය කිරීමයි. ඒ ගැන ගෙදර අය සාකච්ඡා කරද්දී මේ මිත්තණිය මිණිපිරියකට ආවිශ්ට වූවාය.

    එහි දී අනාවරණය වූයේ රසවත් කතාවකි. ඒ මිත්තණිය විවාහ වීමට පෙර ළමාවියේ දී ම ගමේ රාලහාමි කෙනකු ඇසුරු කොට තිබුණි. ඇය වැඩිවිය පත් උත්සව දවසේ මේ රාලහාමි ද පැමිණ මගුල් කා ඇගේ මවට තෑගි බෝග දුන්නේය. මේ අතර කිසිවකුට නොපෙන්නට ඇයට යමක් තෑගි දුන්නේ ය. ඇය කිසිවකුටත් නොපෙනෙන්නට මේ තෑග්ග සඟවා ගෙන ආරක්ෂා කළාය.

    පසු කලෙක මේ නිවසේ කෙනෙකු සමඟ විවාහ වී පැමිණෙන විට ද ඒ ආදරණීය තෑග්ග ඇය සඟවා ගෙන ආවා ය. ඇය වයස් ගත වූ විට බුලත් හැපීම සඳහා භාවිත කළ බුලත් හැඹිලියේ එය සඟවා ගෙන, නිතර තමන් ළඟ තබා ගෙන සිටියාය. ඇය විසින් ම ඉඳිකොළවලින් වියා ගන්නා ලද මේ හැඹිලියේ ඇතුල් පැත්තේ සාක්කුවක් සකස් කොට ඒ තෑග්ග එහි සඟවා මසා තිබුණි.

    එදා ඇයට එම තෑග්ග දුන් රාලහාමි පසු කලෙක තමන් ගේ ඉඩකඩම් දේපොළ තම ළමාතැනීට හා දූ දරුවනට පවරා, එක් ඉඩමක් හා කුඹුරක් පන්සලකට පූජා කොට, එහිම පැවිදිව බණ භාවනා කොට අපවත් වී ඇත.

    රාලහාමි පැවිදිව අපවත්වීම පිළිබඳ මේ මිත්තණියට ආරංචි මාත්‍රයක් පවා ලැබුණේ ද නැත. එයිනුත් අවුරුදු හැත්තෑවකට පමණ පසු මේ මිත්තණිය මිය ගියාය. ඇගේ පැරැණි ඇඳුම්, කංහැන්ද හා හුණු කිල්ලෝටය සහිත බුලත් හැඹිලිය ද මේ පෙට්ටගමේ පරණ රෙදි කඩමාලු අතර කාලයක් තිස්සේ තිබිණි.

    මේ මිත්තණිය මිණිපිරියකට ආවිශ්ට වීමෙන් එය අනාවරණය වූයේ මෙසේ ය. “ඔය පෙට්ටගම උඹලා විකුණාගෙන කාපල්ලා. මට ඒකෙන් කාරියක් නෑ. ඒක උඹලගෙ මුත්තණ්ඩිගෙ පෙට්ටගමක්. මගේ ඒකට ආශාවක් නෑ. ඒ වුණාට ඔය පෙට්ටගමේ මගෙත් වටිනා වස්තුවක් ඇති.”
    “ඒ මොකක්ද අත්තම්මේ?” ඇගේ මුණුපුරෙකු ඇසුවේ ය.

    “පෙට්ටගම ඇරපල්ලා මං පෙන්නන්න” ඇය ආවිශ්ටව සිටි දැරිය කීවාය.

    නිවසේ අය පෙට්ටගම විවෘත කොට ඇයට ඉඩ දුන්හ. “මේක මගේ නෙවෙයි. මේක මගේ නෙවෙයි” කියමින් එහි තිබු පරණ ඇඳුම් එකින් එක ගෙන පෙට්ටගමෙන් ඉවතට දැමුවාය. “ආ... උඹලගෙ මුත්තගෙ පට ලේන්සුව... හිඞ... හිඞ... හිඞ...” යැයි ඒ වන විට කාවුන් විසින් කා දමා තිබුණු පරණ පටලේන්සුවක් ද හිනාවෙමින් ඉවතට දැමුවා ය. “මගේ හැට්ටෙ... මගේ චීත්තෙ...” යැයි කියමින් ඒවා ද ඉවතට දැමුවා ය. මේ අතර තිබූ කුඩා බුලත් හැඹිලිය දැක මහත් ආසාවෙන් එය අතට ගෙන පපුවට තද කැර ගත්තා ය.

    “මේන්න මගෙ වස්තුව“

    “ඔය මොන කෙහෙල්මලක් ද? පරණ හැඹිලි කබලක්නෙ” මුණුපුරා සිනාසුණේය.

    “අනේ! මෝඩයෝ උඹ දන්න කෙහෙල්මල. හීඞ... හීඞ... හී...” යි ඇය නැවතත් හැඹිලිය තුරුලු කැර ගත්තා ය.

    “කෝ... බලන්න...” යැයි එය උදුරාගත් මුණුපුරා හැඹිලිය විවෘත කැර බැලුවාය. එහි තිබුණු රිදී කංහැන්ද ගෙන “ආ... මහ ලොකු වස්තුව“ යැයි දැරිය අතට දුන්නේය.

    “මට එපා. මේක මට වැඩක් නැහැ” යැයි මේ වන විටත් රුපියල් දෙතුන් සියයක රිදී වටිනාකමක් ඇති කං හැන්ද ඇය ඉවතට විසි කළාය.

    “ආ... එහෙනම් මේක” යැයි හුණු කිල්ලෝටය ඇයට දුන්නා ය. “ඒක උඹ තියා ගනිං” යැයි ඉදිරියට පැන්න ඇය ඔහුගෙන් හිස් හැඹිලිය උදුරා ගෙන නැවත තුරුලු කැර ගත්තා ය.

    ඉන් පසු මෙසේ ආවිශ්ටව සිටි දැරිය එම හැඹිලිය සිය ගවුමට යටින් තන පටයේ සඟවා ගෙන හඬ හඩා ඇඳට ගොස් නින්දට වැටුණා ය.

    මේ පාසල් දැරියට හිටි හැටියේ කඩා පාත් වූ භූත උවදුර කුමක්දැයි පවුලේ උදවිය සාකච්ඡා කරන්නට වූහ. එදින ම හැන්දෑවට ගමේ පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා හාමුදුරුවන් ලවා පිරිත් ටිකක් කියවා ගෙන එමු යි මෑණියන් කළ යෝජනාවට පියාත් පුත්‍රයාත් කැමැත්ත දුන්හ.

    “ඔව්! ඔව්! ඒක හොඳයි. බොහොම හොඳයි.” නින්දේ සිටි දැරිය හීනෙන් මෙන් හඬ නඟා කියන හැටි ද ඔවුනට ඇසුණි.

    කතා කැර ගත් පරිදි එදින හැන්දෑවේ මේ පවුලේ අය දැරිය ද සමඟ පන්සල් ගියහ. විහාරාධිපති හාමුදුරුවෝ ම පැමිණ බෝධි පූජාව පවත්වා සෙත් පිරිත් දේශනය ආරම්භ කරන විට ම දැරිය වෙව්ලා ආවිශ්ට විය.

    “මොකද මේ? කව්ද මේ ළමයට හිරිහැර කරන්නේ?” හාමුදුරුවෝ ඇසූහ.

    “හාමුදුරුවනේ! මම මුතු මැණිකෙනෙ. ඔබ වහන්සේට මාව මතක නැද්ද?”

    “මොකද මතක නැත්තෙ? මට උපාසකම්මව හොඳට මතකයි.”

    “ඔව්! ඔව්! ඔබ වහන්සෙ මං මැරිච්ච දවසෙ පාංශුකූලෙටත් වැඩියනෙ. මටත් මතකයි. හැබැයි ඉතින් ඔබ වහන්සෙ එදා වැරැදි වැඩකුත් කළා. නේද!” ඇය හිනාවෙමින් පැවසුවාය.

    තරමක් කලබලයට පත් හාමුදුරුවෝ ඒ බව නොඅඟවා හෙමින් සැරේ “ඒ මොකක්ද උපාසකම්මේ?” යි ඇසූහ.

    “ඇයි? මතක නැද්ද? ඔබ වහන්සෙ මගෙ මිනිය ඉස්සරහින් තියා ගෙන මගේ දූලා පුතාලගෙ ගුණ වරුණෙම නෙ දේශනා කළේ, මගේ ගැන ඩිංගයි නෙ කීවෙ. මම ඔය පන්සලට වස් පිංකම්වල දී කඨින සිවුරුම හයක් පූජා කරල තියෙනවා අවුරුදු හයකදී. ඝංඨාර කුලුන හදන්න වැඩියෙන්ම උදව් කළේ මම. මම ලෙඩ්ඩුන්ට කොයි තරම් උදව් කරල තියෙනවද? ගමේ නාන ළිඳ හදන්න සිමෙන්ති අරන් දුන්නෙ මම. ඉතින් හාමුදුරුවනේ. ඒ වගේ පිංකම් මතක් කරනවා නම් මළගිය ප්‍රාණකාරයා සතුටුයි. ඒවා ඇහෙන කොට පින් සිතුවිලි ගොඩ නැඟෙනවා. දූ දරුවන්ගෙ ගුණ කිව්වාට කමක් නැහැ. ඒත් වැඩිපුර මතක් කරන්න ඕනැ මැරිච්ච පුද්ගලයා කරපු හොඳ වැඩ. එදා මගේ පාංශුකූලෙ දෙන වෙලාවෙ මමත් එතනට ආවා. මමත් අහගෙන හිටියා. හත් දවසෙ බණ අහන්නත් ආවා. ඒත් මට මතක් වුණේ මේ හැඹිල්ල මයි.” කියමින් පපුවට දෑත් තබා තද කැර ගත්තා ය.

    “කෝ දෙන්න අම්මේ ඔය හැඹිල්ල. ගන්න ඕක එළියට. මොකක්ද ඔය හැඹිලි කබලට තියෙන තණ්හාව?” පුතා කීවේ ය.

    “උක්කු බණ්ඩෙ උම, කෑ නොගහ හිටපං. උඹ පුදුමයි අද පන්සල් ආව එකත්. ඇයි පලයං වෙනදා වගේ කසිප්පු පොළට. කෙල්ල අසනීප වෙයි කියල බයට අද නම් පන්සල් ආවා නේද?” යි දැරිය පියා දෙස ඔරවා බැලුවා ය. පියා නිහඬ විය.

    “කෝ මට දෙන්න උපාසකම්මෙ බලන්නැ” යි හාමුදුරුවෝ ඉල්ලූහ.

    “හා... දෙඤ්ඤං... දෙඤ්ඤං...” යැයි දැරිය හැට්ටය අස්සට අත දමා සඟවා තබා ගෙන සිටි හැඹිල්ල එළියට ගෙන දෝතින් ම හාමුදුරුවන් අත තැබූහ.

    “මොකක්ද උපාසකම්මෙ මේ පරණ හැඹිල්ලක් නෙ” යි හාමුදුරුවෝ ද පැවසූහ.

    “මෙහෙට දෙන්න මම ඕකෙ වටිනාකම පෙන්නන්න” යැයි හැඹිල්ල ආපසු ඉල්ලා ගත්තා ය.

    සියලු දෙනා ම බලා සිටිය දී හැඹිල්ල ගෙන එය ඇතුළට ඇඟිලි දමා ඬයපොත්තෙන් ඉරුවා ය. “හීඞ... හීඞ... හී.... මේන්න මගේ වස්තුව“ යැයි රන් පවුමේ කාසියක් ආඩම්බරයෙන් පෙන්නුවා ය.

    “කෝ බලන්න” යැයි එය ඉල්ලා ගත් හාමුදුරුවෝ “ඔව්! ඔව්! බොහෝ ම වටිනවා. විලිසියානු රත්තරන් පවුමක්” යැයි කීහ.

    “ඔව්! ඔව්! රුපියල් පනහක් හැටක් වටිනවා” ඇය කීවාය.

    “නෑ... නෑ... උපාසකම්මෙ ඒ ඒ කාලෙ. දැන් ඕක රුපියල් තිස් හතළිස් දාහක් වටිනවා” යි හාමුදුරුවෝ පැවසූහ.

    “මම මේක පන්සලට පූජා කරනවා. ඕක විකුණලා පොරෝජං වැඩක් කරන්නැ” යි ඇය කීවා ය.

    “බොහොම හොඳයි. උපාසකම්මෙ අපි ඒ මුදල් වලින් පන්සල් ගේ රෙපයාර් කරන්නං. එහෙම කරලා උපාසකම්මට පිං අනුමෝදන් කරන්නම්.”

    “එපා... එපා... ඒවට වියදම් කරන්න එපා. අර පන්සල් ගෙයි වයස්ගතව වැඩ ඉන්න නායක හාමුදුරුවන්ට, ඔව්! අසනීපෙන් ඔත්පලව ඇඳට වැටිලා ඉන්න නායක හාමුදුරුවන්ට හොඳ දොස්තර මහත්තැන් කෙනෙකුට පෙන්නලා බෙහෙත් අරගෙන දෙන්න. හොඳ හොඳ පෝසනේ තියෙන විටමිං ආහාර අරන් දෙන්න. පස්සෙ නෙවෙයි, දැන් පිං අනුමෝදන් කරන්න. මට විතරක් නොවෙයි. අපේ ගමේ හිටපු ආරච්චිල මහත්තැන්ටත් පිං අනුමෝදන් කරන්නැ” යි පවුමේ කාසිය ගරු සරු ඇතිව දෝතින් ම පූජා කොට මහ හඬින් සිනා සී” සාදු සාදු සාදු” යි කීවා ය.

    දැරිය හොඳින් දෑස් ඇර පුදුමයට පත්ව වට පිට බලා පියවි සිහියට එළැඹුණා ය.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මං දුර්වලයි මනුෂ්‍ය ලෝකේදි පින් කළේ නෑ

    මතුගම මහින්ද විජේතිලකයන් විසින් රචිත මෙම කෙටිකතාව සිළුමිණ පුවත්පතේ පලවූයේ 2010 මස ජූනි 20වැනිදාය.

    සතර මහා භූත කොටස්වලින් සකස් වූ, සංසාර ගමනේ දිගින් දිගට ගෙන යන්නා වූ කර්ම ශක්තිය නිසා ඊට ගැළපෙන පරිදි නිර්මාණය කළා වූ ශරීරය අතහැර දමා මරණයේ දී ඉවත් ව යන චිත්ත සන්තානය හෙවත් නාම ස්කන්ධය ඊළඟ භවයේදීත් එසේ ම බොහෝ විට දකින්නට ලැබේ. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් භූතාත්මයක් ලබා සිටින බොහෝ දෙනකු තමන් හඳුන්වනු ලබන්නේ කලින් මිනිස් ආත්මයේ සිටි නමින් ම ය.

    එසේ ම ඉපැරැණි සෘෂිවරුන් විසින් සොයා ගනු ලැබූ, අක්ෂර ශක්තියෙන් නිර්මාණය කරන ලද මන්ත්‍ර ශාස්ත්‍රය මේ භූතාත්ම මෙහෙයවන්නට යොදා ගත් උපක්‍රමයක් විය. පැරැන්නෝ මේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් බොහෝ විස්කම් පෑහ. ලංකාවේ ද කොණ්ඩදෙනියේ හාමුදුරුවන් වැනි ශාස්ත්‍රඥයන් කළ විස්කම් අදද තවමත් සමාජ ව්‍යවහාරයේ පවතී.

    කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් තව කෙනෙකුගේ ලෙඩ දුක් සුවපත් කළහ. තවත් පාපී කෙනෙක් ඒ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ම තව කෙනෙකුට ලෙඩ දුක් කරදර ඇති කළහ.

    තව කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කොට ගෙන කෙනෙකුගේ ශරීරයට, නිවසට හෝ ඉඩමට ඇල්ම ඇති කැර ගෙන සිටින භූතයෙකු පලවා හැරියහ. එසේ ම තව කෙනෙක් භූතයෙකු මන්ත්‍ර බලයෙන් අල්ලා ගෙන ඔහු ලවා වෙනත් කෙනෙකුට ලෙඩ දුක් හානි සිදු කළහ.

    මේ අතර එවැනි මන්ත්‍රයක බලපෑමක් නැතිව භූතයෙක් ස්වකීය සිතේ පවතින ඇල්ම නිසා ද, පළි ගැනීමේ අදහසින් තරහ වෛර නිසා ද මිනිසුන්ගේ ශරීරවලට රිංගා ගෙන ද පිටතින් සිට ද හිරිහැර පීඩා පමුණුවති.

    මේ ඇතුල්කෝට්ටේ, අලකේශ්වර මාවතේ ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානයේ දී අනාවරණය වූ සිද්ධියකි.

    හෙන්රි ලලිත් ගේ මාමා ය. හෙන්රි මිය ගියේ මුහුණේ වම් පස හටගත් පිළිකාවකිනි. ඔහු දැන් සිය බෑණා වන ලලිත් ගේ සිරුරට ආවිශ්ටවෙමින් වරින් වර කටයුතු කරයි. අපි හෙන්රි සමඟ ම සාකච්ඡා කරමු.

    “මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ කව්ද?” මම ඇසීමි.

    “මම හෙන්රි” ලලිත් ගේ මුවින් පිට වෙයි.

    “ඇයි හෙන්රි මේ ලලිත්ට හිරිහැර කරන්නේ?”

    “මම හිරිහැර කරන්නේ නෑ. මේ ළමයා හොඳින් ඉගෙන ගෙන දියුණු වෙනවාට ඊර්ෂ්‍යාවෙන්, මේ ළමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර කෙනෙක් මේ ළමයට විනයක් කළා. මම මේක දැක්කා. වෙනත් භූ®තයෙක් මේ ශරීරයට රිංගා ගෙන හිරිහැර කරයි කියා මට හිතුණා. ඒ නිසා වෙනත් ප්‍රේතයෙක් රිංගා ගන්න කලින් මම මේ ළමයගෙ ශරීරයට රිංගා ගත්තා. මම තරහකට ඊර්ෂ්‍යාවකට නොවෙයි ආදරේටයි රිංගා ගත්තේ.”

    “ඒ වුණාට මේ හැසිරීම හිරිහැරයක්නෙ”

    “මට කරන්න දෙයක් නෑ. මේ අපේ ස්වභාවය”

    “හෙන්රිගේ ස්වභාවය, හෙන්රි ගේ තත්ත්වය මොකක්ද?”

    “මට තේරෙන්නේ නෑ”

    “ප්‍රේතයෙක් නේද?”

    ‘මට තේරෙන්නේ නෑ”

    “ඇයි? නොතේරෙන්නේ?”

    “මම දුර්වලයි, මනුස්ස ලෝකෙ ඉන්දැද්දි පින් දහම් කළේ නෑ”

    “ඇයි එහෙම වුණේ?”

    “මහත්තයා! මම කටයුතු කළේ එදා වාමාංශික නායකයොත් එක්ක. එදා මගේ ළඟ තිබුණෙ කොමියුනිස්ට් ධර්මය. බුද්ධ ධර්මය නොවෙයි. අපේ ධර්මයෙන් එදා අපි කිව්වෙ ධනවතුන් භංග වේවා කියලා. අපි එදා යමක් කමක් තියෙන අයට වෛර කළා. ඊර්ෂ්‍යා කළා. ඔවුන් භංගවේවා කීවා. බුද්ධ ධර්මයට අනුව දාන - ශීල - භාවනා කළේ නෑ.”
    “කව්ද? ඔබ ආශ්‍රය කළ වාමාංශික නායකයෝ?” මම හෙන්රිගේ භූතාත්මයෙන් ඇසීමි. ඔහු මිය ගිය පැරැණි වාමාංශික නායකයන් කීප දෙනෙකුගේ නම් සඳහන් කළේ ය.

    “දැන් ඔවුන් ඉන්නේ කොහේද?”

    “දන්නේ නෑ. මම දුර්වලයි. මට ඒ අය ගැන දැන ගන්න තරම් ශක්තියක් නෑ.”

    “හෙන්රි! ධනවතුන් බොහෝ දෙනෙක් ඔය වගේ ම ධර්මානුකූ®ල නොවී සේවකයින්ගේ ශ්‍රමය සූරා කමින්, ඊටත් වඩා බලවතුන් අල්ලා ගෙන රාජ්‍ය දේපළවලින් අසාධාරණ විදිහට ප්‍රයෝජන ගන්නවා. දූෂිත විදිහට අයුතු ලාභ ලබනවා. උන් ලෞකිකව සැප විඳිනවා. ඒක ඇත්ත. ඒ උන් ඉස්සර පින්වලට. මෝහය නිසා සාධාරණ නොවී අසාධාරණකම් කර ඊළඟට අපා ගත වෙනවා. අපේ අයත් උන්ට ඊර්ෂ්‍යා කර, වෛර කර, ඒ ද්වේෂ සහගත සිතුවිලි වලින් මැරී අපාගත වෙනවා. දැන් හෙන්රිටත් සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා අන්න ඒ යථාර්ථය තේරුම් අරගෙන දැන්වත් හිතේ තරහ මරහ තියාගන්න එපා. දැන් හිත පින් දහම්වලට යොමු කරන්න.” මම ඔහුට උපදෙස් දුනිමි.

    “ඒක තමයි මම උත්සාහ කරන්නේ, මේ ළමයාගේ ඇඟට වෙලා එහෙම පිනකට දහමකට උදව් වෙන්න ඕනෑ. ඒත් මේ ගොල්ලො මාව ඉවත් කරන්න හදනවා.”

    “ඒ කව්ද?”

    “අර මහත්තයා” යැයි තිසර නාගොඩවිතාන මහතා පෙන්වයි.

    “හෙන්රි! අපි හදන්නේ ඔයාව කළු දේවතාබණ්ඩාර දෙවියන් ලවා ජය ශ්‍රී බෝධීන් වහන්සේ ළ¼ඟට යවන්න. එතකොට පුළුවන් හෙන්රිට පිනට දහමට යොමු වෙන්න.

    අනුන් කරන පින්කම් දැකලාවත් සතුටුවෙන්න. එතැන දෙවියන් ගේ ආවතේව කටයුතුවලට සම්බන්ධ වෙලා කටයුතු කරන්නැ’යි තිසර නාගොඩවිතාන මහතා විස්තර කළේ ය.

    “ඔව්! මම කැමැතියි, ඒත් මේ ළමයව ආරක්ෂා කර ගන්නත් ඕනෑ.”

    “දැන් හෙන්රි ළඟ, හෙන්රිගෙ ආශ්‍රයේ වෙන කවුද ඉන්නේ?” යි මම ඇසීමි.

    “මම දන්නේ නෑ. මම දුර්වලයි”

    “වෙන කවුරුන් ගැනවත් දන්නේ නැද්ද?”

    “තාත්තා ගැන දන්නවා”

    “මොකක්ද තාත්තාගෙ නම?”

    “කරෝලිස්”

    “දැන් කරෝලිස් මෙතැන ඉන්නවාද?”

    “නෑ එයා මැරිලා... තාත්තා ඉන්නේ සිරීපාද අඩවියේ”

    “තාත්තා සිරීපාද අඩවියේ මොනවාද කරන්නේ?”

    “දන්නේ නෑ. තාත්තා ඉන්නේ සුමන සමන් දේවතාවුන් වහන්සේ ළඟ.”

    “තාත්තා ඒ තත්ත්වයට ගියේ කොහොමද?”

    “තාත්තා අපි වගේ නොවෙයි. පන්සල් ගියා. පින් දහම් කළා. සිල් සමාදන් වුණා. දුප්පත් අයට උදව් කළා. ඒ නිසා තමයි එයා ඒ තත්ත්වයට ගියෙ. මම දේශපාලන අදහස් නිසා නිතරම සිතේ ගොඩ නැඟුවේ වෛරී සිතුවිලි. ඒ නිසා දැන් දුක් විඳිනවා. මේ ළමයා පින් දහම් කරන නිසා මෙයා මාර්ගයෙන්වත් මේ අපා දුකෙන් මිදෙන්න හිතා ඉන්නවා.”

    “හොඳයි, හොඳයි, දැන් හිත හදාගන්න. පාපී සිතුවිලි අත හරින්න. ලලිත් දානයක් දී පින් අනුමෝදන් කරාවි. ඒ පින් ලබාගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යන්නැ’යි නාගොඩවිතාන මහතා පැවසීය.

    මෙයින් අපට පැහැදිලිවන්නේ තම තමන් දෘෂ්ටි ගතවන ආකාරය අනුව සිතේ පැල පදියම් වන අල්ලා ගැනීම්, සංසාර ගමනට ඉවහල් වන ආකාරයයි. මාක්ස්වාදයේ ආරම්භකයින්ටත් ආරම්භක ළමා තරුණ වයස්වල බුදු දහමේ ආභාෂය ලැබුණා නම් ඔවුන් ද දස රාජධර්මයට අනුව සාර්ථක වැඩපිළිවෙළකට පට වඩා වෙනස්ව ක්‍රියාත්මක වෙන්නට තිබුණි.

    ඉන් පසුව බිහිවූ දෙවැනි තුන්වැනි පෙළ නායකයෝ දුප්පත් වූ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වූ මිනිසුනට ඉගැන්වූයේ ද්වේෂය මිශ්‍ර වූ ක්‍රමයකි. එයින් ධනවත්හු බලවත්හු තව තවත් ස්ථාවර වූහ. දැනුදු එසේ ම ය.

    වර්තමානයේ ද තමන්ගේ ගොඩ වැඩි කැර ගැනීම එම අධිෂ්ඨානය කොට ගත් ප්‍රධානීහු දුප්පතුන් රවටමින් උපායශීලීව කටයුතු කරති. එහෙත් අවසානයේ අපා ගත වෙති.

    හෙන්රිගේ පියා සාමාන්‍ය සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩී ගමේ පන්සල ආශ්‍රය කරමින් පින් දහම් හි යෙදෙමින් හොඳ නරක තෝරා බේරාගෙන ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා දැහැමිව ජීවත්ව මරණයට පත් වූයේ ය.

    හේ ශ්‍රී පාද අඩවියේ දේවතාවෙකු වී ඉපැදුණේය. ඔහුගේ පුතා හෙන්රි දියුණු යැයි කියා ගන්නා සමාජ පරිසරයක් තුළ වැඩ කරන ජනතාව ඇසුරු කරමින් සමාජ අසාධාරණය ජය ගැනීම සඳහා ඇති නැති අයට වෛර කරමින් කටයුතු කළේය.

    ඒ පිරිසක් සමඟ සංවිධාන වූ අදහස්වලින් දවස පුරා චිත්ත සන්තාපය කිලිටු කැර ගැනීමේ ආදීනවත්වයෙන් අද ප්‍රේතාත්මයක් ලබා දුක් විඳී.

    වර්තමානයේ ද එසේම ය. පක්ෂ දේශපාලන ක්‍රමය නිසා එකම බඩවැල කඩා ගෙන උපන් තමන් ගේ ම සහෝදරයා සමඟ ද ගැටෙති. බලය හා තනතුරු සඳහා එක ම පක්ෂයේ අය ද ඇන කොට ගනිති. ගහ මරා ගනිති. මෙයින් වැඩි දෙනෙක් මරණයෙන් මතු ප්‍රේතාත්මවල ඉපිද අනන්ත දුක් විඳිති. නයි පොළගුන් වී උපදිති.

    කසල ගොඩවල කුණකටුවන් වී උපදිති. මෑත ඉතිහාසයේ එසේ මිය ගිය දේශපාලනඥයකු ගේ ආත්මය අද දුක් විඳින ආකාරය “මන්ත්‍රී ප්‍රේතයා හා භූතයෝ’ නමින් අප ලියූ පර්යේෂණ ග්‍රන්ථයෙහි සවිස්තරව දත්වා ඇත.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මගේ රාජකාරියට බාධ කරන්න එපා

    “උඹලට මාත් එක්ක හැප්පෙන්න බෑ” යි භූතාත්මය බොහෝ ම ගාම්භීරව කීවේ ය.
    “අනේ! අපට කවුරුත් එක්කවත් හැපෙන්න ඕනෑ නෑ” යි ආධ්‍යාත්මික උපදේශකවරයා ඊට පිළිතුරු දුන්නේ ය.
    “එහෙනම් මේ මොනව ද කරන්නෙ?”
    “දුකට පත් රෝගීන් සහනයක් පිහිටක් පතා ගෙන අප ළඟට එනවා. ඒ අයට පිහිටවීම තමයි අපි කරන්නේ”
    “ආ… එහෙම ද? එහෙනම් මුන්ටත් කියාපං මගේ රාජකාරියට බාධා නොකර තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නෙයි කියලා.”
    “මොකක්ද ඔය රාජකාරිය?”
    “රජ්ජුරුවෝ මට බාර දීපු වගකීමක් තියෙනවා. ඒ වගකීම ආරක්ෂා කිරීම තමයි රාජකාරිය.”
    “කවුද ඔය රජ්ජුරුවො?”
    “සිංහලේ මහ රජ්ජුරුවෝ”
    “මොකක්ද රජ්ජුරුවන්ගෙ නම?”
    “මම දන්නේ නෑ”
    aw-1.jpg

    “මේ ශරීරයට මේ අයගෙ ඉඩමට එන්න කිව්වෙ කවුද?”
    “හඃ… හඃ… හා… අනේ! අනේ! උඹලා හිතාගෙන ඉන්න හැටි, මුන්ට කොයින් ද ඉඩම්. මේ ඉඩම් ඔක්කොම මහ රජ්ජුරුවන්ගෙ, උඹලට අපට කොයින් ද මනුස්සයෝ ඉඩම්. මේ මුළු රට ම අයිති රජ්ජුරුවන්ට, අපි හැම දෙනා ම ඒ උත්තමයාගෙ යටත්වැසියෝ.”
    මෙසේ කියන්නේ රක්වාන ප්‍රදේශයේ පදිංචි ශ්‍යාමාට ආවිෂ්ට වූ භූතාත්මයකි. ශ්‍යාමා තිස් පස් හැවිරිදි විවාහක කාන්තාවකි. දෙදරු මවකි. ඇගේ තුනටියෙන් පහළ දකුණු පැත්ත අප්‍රාණික වීම නිසා කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලැබූව ද එයින් ඇය සුවයක් ලබා නැත. අංශබාධ රෝගියෙකු සේ කල් ගෙවයි. ඊට අමතරව හීනෙන් බියට පත් වී තිගැස්සී ඇහැරීම, ශරීරය පුරා පවතින දැවිල්ල ගතිය, ඇයට පීඩා ගෙන දුන් කාරණා විය. වෛද්‍ය ප්‍රතිකාර හා අභිචාර විධි වලින් සුවයක් නොලැබුණු නිසා “සිළුමිණ” පත්‍රයේ “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයෙන් කියැවෙන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇගේ සැමියා ඇය කැඳවාගෙන ආවේය.
    ආධ්‍යාත්මික ගවේෂකවරයා පළමු දින ඇය පරීක්ෂා කරන විට ඇය පැද්දෙන්නට වූවාය. ඉන් එහා විශේෂයක් නොවූ බැවින් දින විසිඑකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා එන ලෙස උපදෙස් දුන්නේ ය.
    සති තුනකට පසුව නැවත පැමිණියහ. එදින ශ්‍යාමාට කිරණ එල්ල කරන විට ඇය ප්‍රලය වූවා ය. කිහිලි කරුවක ආධාරයෙන් නැගිට සිටි ඇය ඉතා ගැඹුරු හඬකින් හිනාවෙන්නට වූවාය. එය ස්ත්‍රී කටහඬක් නොව පිරිමියෙකුගේ ගැඹුරු හඬකින් සිනාවීමක් සේ ඇසෙන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
    “කවුද මේ ශරීරයට ඇතුළු වී ඉන්නෙ?”
    “මම කවුද කියලා උඹලට වැඩක් නෑ. ඇයි මේ මාව අවුස්සා ගන්න හදන්නෙ? මට මගේ පාඩුවේ ඉන්න දීපල්ලා. මාව අවුස්සා ගෙන වැඩ වරද්දා ගන්න එපා.Óයි කියමින් ශ්‍යාමා කිහිලිකරුවන් සමඟ ම ඇද වැටුණාය. ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පුරා දෝංකාරය දෙමින් මහ හඬින් හූ හඬක් නඟමින් භූතාත්මය ඉවත්ව ගියේය.
    තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස ශ්‍යාමාට උපදෙස් ලැබුණි.
    ඊළඟ දිනයේ ද පැමිණි විට ශ්‍යාමා ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.
    “කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නෙ?”
    “හඃ… හඃ… හා… මම ද? මම ‘රන්හාමි”
    “කවුද මේ ශ්‍යාමාගේ ශරීරයට එව්වෙ?”
    “කවුරුවත් නොවෙයි අප්පෝ කතා කළ නිසා මම ආවා.”
    “කාට ද මේ අප්පො කිව්වෙ?”
    “අප්පො කිව්වේ ඔබ තුමාට. ඇයි දන්නේ නැද්ද මේ හබරගමුවෙ අපි වැදගත් අයට අමතන්නේ එහෙම තමයි.”
    “හොඳයි හොඳයි බොහොම ස්තුතියි.”
    “ඇයි අප්පෝ මා එක්ක හැප්පෙන්න හදන්නෙ?”
    “නෑ… නෑ… ඔබතුමා එක්ක හැප්පෙන්න කිසිම වුවමනාවක් අපට නෑ. මේ රෝගියෙක් සුවපත් කරන්නයි මම උත්සාහ කරන්නේ. ඇයි මේ රෝගියාට කරදර කරන්නෙ?”
    “ඇයි උන් මට කරදර කරන්නෙ. උන් තමයි මාව අවුස්සා ගත්තේ.”
    “මොකක්ද මේ අය කරපු කරදරේ?”
    “ඇයි මුන් කිව්වෙ නැද්ද? මුන් ඉන්න ඉඩමේ ගල් තලාවක් තියෙනවා. ඒක යට නිධානයක් තියෙනවා. ඒක අපේ රජ්ජුරුවන්ගෙ නිධානයක්. ඒක ආරක්ෂා කරන්න මටයි බාර දීලා තියෙන්නේ. මුන් මගේ රාජකාරියට බාධා කරනවා. කට්ටඩි ගෙනැල්ල නිධානය ගන්න හදනවා. එක වතාවක් කට්ටාඩි ගෙනැත් ඒ ගල් තලාව ළඟ අඩි අටක් යටට මුන් හෑරුවා. රත්තරන් පාට ලොකු පෙට්ටියක් මතු වුණා. එකෙක් වළට බැස්සා කඹයකුත් අරගෙන. කඹ දාලා උස්සන්නයි හැදුවේ, හඃ… හඃ… හා… ඌව වළ ඇතුළෙ ම සිහි නැතුව වැටුණා. ඌව ගොඩ ගනිද්දි පණ ගිහිල්ලා. ඇදුරා ලේ වමනය දාගෙන වැටුණා. ඌව ඉස්පිරිතාලෙ ගෙනිච්චා. එහෙදි ඌත් මළා. මේකිගෙ (ශ්‍යාමාගෙ) අයියා තමයි ඒ වැඩේට මුල් වුණේ. දවස් දහයයි ගතවුණේ ඌත් බෙල්ලේ වැළලා ගෙන මළා. මේකිගෙ තුනටියෙන් පහළ පණ නැති වුණා.”
    “තමුන් ද එහෙම කළේ?Óයි ගවේෂකවරයා ඇසීය. “නැතුව. නැතුව. ඒක මට පවරපු රාජකාරිය. මුන් දන්නේ නැතුවා ඇති මනුස්ස ලෝකෙ නීතිය. මිනිස්සුන්ට අයිති පොළව මතු පිට දේවල් බව. මේ වස්තුව රජ්ජුරුවන්ගේ. මුන්ට අයිති නෑ. මම මුන්ට ගන්න දෙන්නෙ නෑ. මම නාග වෙස් අරගෙන මේ ඉඩමේ සැරිසනවාÓයි කියනවාත් සමඟ ම ශ්‍යාමා බිම පෙරැළී නාගයෙකු මෙන් බඩ ගාන්නට වූවා ය. දෙඅත්ල හිස මත විහිදා නයි පෙණයක් සේ තබාගෙන බඩ ගාන්නට වූවා ය.
    “කවුද ඔය රජ්ජුරුවො?”
    “නම මතක නැහැ අප්පෝ”
    “දැන් අවුරුදු හාර පන්සීයක් අනුන්ගේ නිධානයක් බදාගෙන දුක් වින්දා මදි ද? ඔතැනින් මිදිලා යන්න අදහසක් නැද්ද?”
    “මේක මම බාර ගත්ත වගකීම. රාජකාරිය. මම මේ නිධානය ආරක්ෂා කරනවා. අපට පින් එපා අප්පෝ. මට ඕනෑ මේ වස්තුව ආරක්ෂා කැරගෙන ඉන්න.”
    “ඉතින් මේ ඉඩම මේ අයගෙ නෙ.”
    “ඔව් ඔව් ඒ වුණාට නිධානය මේ අයගෙ නොවෙයි. අන්න ඒක මුන්ට කියා දෙන්න.”
    ශ්‍යාමාගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කළ ගවේෂකවරයා ඇයට පියවි සිහිය ගෙන සාකච්ඡා කළේ ය.
    “නිධානයක් ගන්න ගිහින් ඒ ඇදුරන්ටත් පවුලේ සහෝදරයකුටත් විපත් සිදු වූ කතාව ඇත්ත ද?”
    “ඔව් මහත්මයා” යැයි ශ්‍යාමා එය පිළිගත්තාය.
    “ඒ සිද්ධියෙන් පස්සේ ද ශරීරයේ පැත්තක් අප්‍රාණික වුණේ?”
    “ඔව්”
    “ඉතින් ඔය වැඩ හිරේ යන වැරදි. පොළව යට තියෙන වස්තුව අපට අයිති නෑ.”
    “අනේ! මහත්මයා අපිව බේරා ගන්න”
    “හොඳයි, ඔය පොළව යට තියෙන නිධානය පිළිබඳ ආසාව අතහරින්න සූදානම් ද?”
    “ඔය නිධානවලට වඩා මේ මනුස්ස ජීවිතය වටිනවා මහත්මයා” යැයි ශ්‍යාමාගේ ස්වාමි පුරුෂයා ද කීවේය.
    “ඔව් මහත්මයා, ඔබතුමා කියන පිළිවෙතක් මම කරන්නම්” යැයි ශ්‍යාමා කීවාය.
    “හොඳයි, සිමෙන්ති මළු විස්සක් අරගෙන කොන්ක්‍රීට් දමා ඔය ගල් තලාව වසා දමන්න කැමති ද?”
    හිටි හැටියේ ම නැවතත් ශ්‍යාමාගේ ශරීරය තුළින් මතු වූ භූතාත්මය “මොනව ද අප්පෝ ඔය සිමෙන්ති කියන්නෙ” යි ඇසීය.
    සිමෙන්ති කියන්නේ, ශක්තිමත් බදාමයක් හදන කුඩු වර්ගයක්. ඒවා වෙළෙඳ පොළේ තියෙනවා. සිමෙන්තියි, වැලියි, අඟල් බාගයේ කළුගලයි මිශ්‍ර කොට වතුරෙන් අනා සකස් කොට දමන ශක්තිමත් බදාමයක්. ඒ මිශ්‍රණයට ‘කොන්ක්‍රීට්’ කියලා කියනවා. ඒ කොන්ක්‍රීට් තට්ටුවකින් ඔය ගල් තලාව සම්පූර්ණයෙන් වසා දමන්න මම මේ අයට උපදෙස් දෙනවා” යි ගවේෂකවරයා භූතාත්මයට විස්තර කැර දුන්නේ ය.
    “ඊට පස්සෙ?” භූතාත්මය නැවතත් ප්‍රශ්න කළේය.
    “ඊට පස්සෙ” ඒක උඩ බුදු පිළිම වහන්සේ නමක් වඩා හිඳුවා උදේ හවස වන්දනා කරන්න උපදෙස් දෙනවා.”
    “බොහොම හොඳයි අප්පෝ”
    “එහෙම නම් මීට පස්සෙ මේ අයට කරදර කරන්න එන්නෙ නෑ නේද?”
    “මම මුන්ගෙ ජරාව කන්න ගෙවල්වලට එන ජාතියේ කෙනෙක් නොවෙයි අප්පෝ. මම ප්‍රේතයෙක් නොවෙයි. ඊට වඩා බලගතු කෙනෙක්. මේ උදවිය මම ආරක්ෂා කරන නිධානය ගන්න උත්සාහ කරන්නේ නැත්නම් මම කිසිම කරදරයක් කරන්නේ නැහැÓයි කියූ භූතාත්මය ශ්‍යාමාගේ ශරීරයෙන් ඉවත්ව ගියේය.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මං කෑමට හරි ආසයි කෑම දැක්කම මට ඉවසගෙන ඉන්න &#3

    මිනිසා ජීවත්වීම සඳහා ධාවන තරගයක යෙදෙන්නාක් මෙන් මහත් කාර්යභාරයක් හිස මත පටවා ගෙන කාලය ගෙවයි. පවුලේ කෑම් බීම් ඇඳුම් පැලඳුම්, බෙහෙත් හේත්, අධ්‍යාපන අවශ්‍යතා, සමාජ යුතුකම් ආදිය ඉෂ්ට කරන්නට අවශ්‍ය වුවමනාවන් සඳහා මුදල් ඉපැයීම ම ප්‍රමුඛස්ථානයට පත්ව ඇත. එයින් එහා ලෝකයක් නැතුවා සේ ය. මේ දුෂ්කරතාවලින් නිදහස් වීමට කිසිසේත් නොහැකිව, බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කැර ගැනීමට නොහැකිව, සම්පූර්ණ කැර ගත නොහැකිව අතරමඟ මිය ඇදෙන්නට සිදු වේ. මේ තත්ත්වය බලවතාට ද, ධනවතාට ද, වෛද්‍යවරයාට ද නීතිඥයාට ද සාමාන්‍ය මිනිසාට ද දුප්පතාට ද කියා වෙනසක් නැත. වුවමනාවන්, ආසාවන් ඉටු කැර ගැනීම සඳහා දුවන ගමනේ අතරමඟ මැරී වැටෙයි.
    මරණාසන්න අවස්ථාවේ සිතට නැ‍ඟෙන ඉඩකඩම් දේපළ, දූ දරු ඥාතීන් පිළිබඳ ඇලීම් හෝ ගැටීම් සහිත චුති චිත්තය ඊළඟට භවයට මග පාදයි. දුගතිගාමී කරයි, එපමණක් ද නොව සමහර විට කෑමකට බීමකට ඇති වන දැඩි ආශාව පවා එහි දී ප්‍රමුඛත්වයට පැමිණිය හැකි ය. ඒ අවස්ථාවේ දී ධනය, බලය, තනතුරු, උගත්කම් උපාධි තුට්ටුවක් නොවටින තත්ත්වයකට පත් වේ. අප බෞද්ධයෝ යැයි සිතා ගෙන සිටියාට ද වැඩක් නැත. ඔහු හෝ ඇය ප්‍රායෝගිකව ම බෞද්ධයෙකු විය යුතු ය. තමන් ගේ ශරීරයේ පටන් සියල්ල ක්ෂණයක් පාසා වෙනස් වන ලෝක ධර්මතාව, අනිත්‍යතාව, වටහා ගෙන “මම” යැයි “මගේ” යැයි කියන්නේ මිත්‍යාවක් බව වටහා ගෙන තිබිය යුතුය, නැතහොත් දුගතිය. අනිවාර්යය වේ. එය දැනීමක් නොව යථාර්ථයෙන් ම අවබෝධයක් ම විය යුතු ය.
    සිරිමා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කාරියකි. හතළිස් පස් හැවිරිදිය. ඇයට දැඩි ඇඟපත රුදාවක් වැලඳී මාස ගණනක් ගත වුවද වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුවා ය. මේ කායික වේදනාවට අමතර ව සිරිමා පදිංචි නිවසේ රාත්‍රි කාලයට සද්ද බද්ද, යමෙකු නිවස තුළ ඇවිදින අඩි ශබ්ද, ඡායාවල් අසන්නට දකින්නට ලැබුණි. ඇය නිතර හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වන්නට ද වූවාය.
    ඇදුරන් ගෙන්වා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තොවිල් පවිල් සිදු කළ ද උපරීම මාසයකට වඩා සහනයක් වූයේ නැත, අන්තිමට ‘සිළුමිණ’ පාඨකයෙකු වූ ඇගේ සැමියා ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවාගෙන ගියේය.
    මේ වන විට සිරිමා ගේ නිවසේ තෙල් මිශ්‍ර ආහාරයක් සකස් කළොත් ඒවා උයා පිහා අවසන් කරන විට ම පාහේ ඒ ආහාර අතුරුදන් වන තත්ත්වයක් ද උදා වී තිබුණි. ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණි මේ යුවළ මෙසේ පවතින තත්ත්වය ආධ්‍යාත්මික උපදේශකවරයා වෙත පැහැදිලි ක‍ළහ.
    පළමු දින ගවේෂණයේ දී සිරිමා ප්‍රලය වී දෑසින් කඳුළු වගුරුවන්නට වූවාය. එදින ඉන් එහා අවදි වීමක් නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වන ලෙස ද ඒ කාලය තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ද ගුණය කෙරෙහි විශ්වාසයෙන් ද සිත ඒකාග්‍ර කොට ගෙන බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන්නේ ය.
    බෝධි පූජා අවසන් කොට මේ යුවළ නැවත පැමිණියහ. එදින ද සිරිමා ප්‍රලය වූවාය. ඇයට ආවිශ්ට වූ භූතාත්මය අඬන්නට වූවාය. එක දිගට නොනවත්වා අඬන විට විනාඩි පහක් පමණ අඬන්නට ඉඩ දී ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ ය.
    “හොඳයි, දැන් සෑහෙන වේලාවක් තමුන්ට අඬන්නට ඉඩ දුන්නානෙ. දැන් අපි ටිකක් කතා කරමු. කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නෙ?”
    “මම කුමුදිනී”
    “කවුද මේ කුමුදිනී කියන්නෙ?”
    “මේ පියල් පුතාගෙ අම්මා” යි සිරිමාගේ සැමියා දෙසට අත දිගු කරමින් කීවා ය.
    “එහෙනම් මේ සිරිමාගේ නැන්දම්මා නේද?”
    “ඔව්, ඔව්, ඔව් මම විදුහල්පතිනියක්. ඒත් බොහෝ ම දුක් විඳලයි මැරුණේ?”
    “ඒ කොහොම ද?”
    “මගේ උගුරේ පිළිකාවක් හැදුණා. හරියට කන්න බොන්න නැතුවයි මළේ. මම බොහෝ ම වැදගත් කෙනෙක් දුක් විඳලා මළාට”
    “ඇයි මේ වගේ වැදගත් කෙනෙක් දුගතිගාමීව උපන්නෙ?”
    “මම කෑමට හරිම ආසයි. කෑම දැක්කම ඉවසගෙන ඉන්න බැරිවුණා.”
    “ඇයි කන්න බැරි වුණේ?”
    “උගුරේ පිළිකාව නිසා. කෑම ගිලින්න බැරි වුණා. ගිලින්න අපහසුව නිසා කන්න බැරි වුණා. ඒකෙන් කෑමට ආසාව වැඩි වුණා. කෑම දැක්කම කෑම උයන සුවඳ දැනුණාම, පත්තරේ වුණත් කෑමවල පින්තූර දැක්කත් උහුලගන්න බැරි වේදනාවක් ආසාවක් ඇති වුණා.”
    “ඒක අසනීපය නිසා සිදුවුණ දෙයක් බව උගත් කෙනෙකු හැටියට වැටහෙනවා නේද?”
    “මං දන්නවා. මං දන්නවා. ඒත් මම විඳපු දුක දන්නෙ ඒ තත්ත්වයට පත් වුණ කෙනෙක් ම යි. හොඳට කාල බීල හිටපු කෙනෙකුට බඩගින්න දැනෙන කොට, කෑම දකින කොට ඇති වන ආසාව, වේදනාව, ඔය මහත්තයාලට තේරෙන්නෙ නෑ.”
    “හරි… හරි… ඉතින් මේ ගෙදර අයට හිරිහැරයක් වීම හොඳ නැහැ නේද?”
    “අනේ ඉතින් මම මොනවා කරන්න ද? මම කොහේ යන්න ද? මේ ගෙදර අය කනවා දකින කොට ඉවස ගෙන ඉන්න බෑ. ලේලි කෑම කන කොට ලේලිගෙ ඇඟිලි අල්ලගෙන ඉන්නවා.”
    “ඊයෙ අල භාජනේ තිබුණු අලවලට මොකද වුණේ?” ගවේෂකවරයා ඇසීය.
    “ඊයේ අල බඳින කොට සුවඳ ඉවසගන්න බැරි වුණා. ළිපෙන් බාලා මේසයට ගෙනිච්ච ගමන් මම කෑවා” ප්‍රේතිය කීවාය.
    “කොහොම ද කෑවේ?”
    “අතට අරගෙන කෑවා. හරිම රහයි.”
    “මොන කෑමවලට කැමති?”
    “තෙල් කෑමවලට මම හරිම කැමතියි.”
    “ඒ මොකද?”
    “ඒ තෙල් සුවඳ හරිම මිහිරියි.”
    “එතකොට කුමුදිනී විදුහල්පතිනිය පින් දහම් කළේ නැද්ද?”
    “ඇයි නැත්තෙ? මම හොඳට පින් දහම් කළා. සිල් සමාදන් වුණා. වන්දනාවෙ ගියා. දඹදිවත් සිද්ධස්ථාන වන්දනා කළා. පොතකුත් ලිව්වා.”
    “මහත්තයා?”
    “මහත්තයා මැරිලා”
    “මැරුණාය කියන්නේ මොකක්ද?”
    “මහත්තයා ශරීරය අතහැරලා වෙනත් භවයකට ගියා.”
    “එතකොට කුමුදුනී විදුහල්පතිනිය”
    “ම්… ම්… ම්… ම්”
    “ම්… ම්… කියන්න දෙයක් නෑ. ඔබත් දැන් මැරිලා. දැන් ඔබ කුමුදුනී නොවෙයි. හොඳට කල්පනා කර බලන්නැ” යි කී ගවේෂකවරයා සිරිමාට නැවත බෝධි පූජා හතක් පවත්වා එන ලෙස නියම කළේය. ඒ සමඟ ම භූතාත්මය අමතා ඇයට ද නොවරදවා ම ඒ බෝධි පූජාවලට ගොස් සහභාගි වන ලෙස ද නියම කළේය. එහිදී සිරිමා (ලේලිය) බෝධි පූජා පවත්වා අවසන් වන තුරු බුදු ගුණ අනන්තයි…
    දහම් ගුණ අනන්තයි…
    සඟ ගුණ අනන්ත යි… යනුවෙන් කියමින් බෝධීන් වහන්සේ පැදකුණු කරන ලෙස ද භූතාත්මයට නියම කළේ ය.
    සතියකට පසු සිරිමා නැවතත් පැමිණියාය. එදින ද ප්‍රලය වූවාය. ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡා ඇරඹීය.
    “කොහොම ද බෝධි පූජාවට ගියා ද?” ගවේෂකවරයා ඇසීය.
    “ඔව් ගියා”
    “දැන් කොහොම ද?”
    “දැන් සැහැල්ලුයි, වේදනාව අඩුයි”
    “අපි ඔබට පින් අනුමෝදන් කරන්නට දානයක් සූදානම් කරවන්නම්. ඔබ කැමති ආහාරවලින් ම ස්වාමීන් වහන්සේලාගේ දානයත් සකස් කරවන්නම්, ඔබ මොනවාට ද කැමති?”
    “කට්ටා කරවල බැදුමට ආසයි. කිරි හොද්දට. කිරි කොස් ව්‍යංජනයට, කතුරු මුරුංගා කොළ මැල්ලුමට කැකුළු හාලේ බතට කැමතියි.”
    ස්වාමීන් වහන්සේ දහ නමක් නිවසට වඩමවා අටපිරිකර සහිත දානයක් පිරිනමන ලෙස ද බුද්ධ පූජාවට හා සාංඝික දානයට අවශ්‍ය ආහාර වෙන් කොට, නැන්දම්මා කැමති ආහාර සමඟ ලොකු බත් පිඟානක් බෙදා එය ඇය ජීවත් වූ කාමරයේ තබා දොර වසා තබන ලෙස ද, එය ආහාරයට ගෙන සාංඝික දානයට ද අත ගසා පින් අනුමෝදන් වන ලෙස ද නැන්දම්මාට ආරාධනා කරන්නැයි සිරිමාට උපදෙස් දුන්නේය. බත් පිඟාන තබන කටයුත්ත රහසිගතව සිදු කරන ලෙස ද කීවේය.
    දානයෙන් පසු සිරිමා නැවත පැමිණියාය. එදින ද ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
    “දැන් කොහොම ද?”
    “දානය හොඳට සිද්ධ වුණා. මටත් දැන් බඩගිනි දැනෙන්නෙ නෑ. ඉස්සර වගේ කෑමට කෑදර ආසාව පහව ගියා. දැන් ධර්මය සිහිපත් වෙනවා. මම දහම් පාසලේ ළමයින්ට අභිධර්මයන් ඉගැන්නුවා. ඒවත් මතක් වෙනවා. චේතනාවට අනුව කර්ම රැස්වෙන හැටි වැටහෙනවා. ඒ වගේම පැන් වඩා මගේ නම කියා පින් අනුමෝදන් කරන විට මට ඇඳුමක් ලැබුණා. දැන් මගේ ඇ‍ඟෙන් සුවඳකුත් හමනවා. හරිම සැහැල්ලුයි.”
    “ඉතින් තව දුරටත් ලේලිගේ ඇ‍ඟේ ම ඉන්නවා ද?”
    “නෑ… නෑ… මම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යනවා. මගේ වේදනාව පහකොට සුවපත් කළාට මහත්තයාට පින් සිද්ධ වෙනවා. බුදු බව ම ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම යනවා” යි සිරිමා ගේ ශරීරයෙන් නැන්දම්මාගේ භූතාත්මය ඉවත්ව ගියා ය.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සුමනසිරි දැන් පලතුරු කන යකෙක්

    “මේ ලෝකය හැමදාමත් පවතිනවා. අපි ලෝකයට ආදරය කරන්න ඕනෑ. ලෝකයේ ජීවත්වන සෑම සත්ත්වයෙකුටමත් ආදරය කරන්න ඕනෑ. ලෝකයෙන් අපි ගත්ත දේවල් වලට නිතර ම ස්තුති කරන්න ඕනෑ. එතකොට අපට තව තවත් වැඩියෙන් ලැබෙනවා. ඒකයි මගේ ධර්මය.”
    “ලෝක සත්ත්වයාගේ යහපතට ඔබ මොනවා ද කරන්නෙ?”
    “මගේ ගෝලයෝ දෙසීයකට වඩා ඉන්නවා. ඒ අයත් එක්ක මම මිනිසුන්ට ළිං පොකුණු හදා දෙනවා. දුෂ්කර ප්‍රදේශවලට පාරවල් කපා දෙනවා. ඒ වගේ වැඩ කරනවා.”
    “ඔබට ලැබෙන දේවලට ලෝකයට ස්තුති කරනවා නම්, ඒ දේවල් වැඩි වැඩියෙන් ලැබෙනවා නම්, මේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය හොයා ගෙන ආවෙ ඇයි?”
    “ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. නිදියන කොට හිටි හැටියේ ගැස්සිලා ඇහැරෙනවා. දහවල්ට සිහිය නැතුව වැටෙනවා. ඇඟ පත දරුණුවට රිදෙනවා. වේදනා දෙනවා. මේ මොකද කියලා මටත් තේරෙන්නේ නෑ. ‘සිළුමිණ’ පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවන කොට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය හොයා ගෙන එන්න හිතුණා. ඉතින් ආවා.”
    ඔහු යෝගී වරයෙකි. හතළිස් අට හැවිරිදි ඔහු මැල්සිරිපුර ප්‍රදේශයේ ආශ්‍රමයක් පවත්වාගෙන යයි. කහ පැහැති ලෝගුවක් හැඳ සිටි ඔහු සමඟ ඔහුගේ ශිෂ්‍යයන් දහ දෙනෙක් ද පැමිණ සිටියහ. ඔවුහු ද කහ පැහැති ලෝගු ඇඳ සිටියහ.
    “ඔබේ ගුරුවරයා කවුද?” ආධ්‍යාත්මීය උපදේශකවරයා ඇසීය.
    ketikatha.jpg
    “මගේ ගුරුවරයා ඉන්නේ හිමාලයේ. එතුමා අවශ්‍ය උපදෙස් මගේ මනසට සන්නි‍වේදනය කරනවා” යි යෝගියා කීවේය.

    “ඇයි ඔබ පන්සලෙන් ඈත් වෙලා වෙන ම ආශ්‍රමයක් පවත්වා ගෙන යන්නෙ?”
    “මම ඉස්සර පන්සල් ගියා. පන්සලෙන් භාවනාව අගය කරලා බණ කියනවා. ඒ වුණාට භාවනා කරන්නේ නෑ. අපට භාවනා කරවන්නෙත් නෑ. ආමිස පූජා ම විතරයි කරන්නේ. ඒ නිසා මම තනිව භාවනා කරන්න පටන් ගත්තා. එහෙම භාවනා කරන කොට හිමාලයේ භාවනා කරන යෝගී වරයෙක් මගේ මනසට උපදෙස් දෙන්න පටන් ගත්තා” යි කීවේය.
    යෝගියා ගේ රෝග පරීක්ෂාවට ආධ්‍යාත්මීය කිරණ එල්ල කරන විට ඔහු සිහිසුන්ව වැටුණේ ය.
    “ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟ බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැ” යි ගවේෂකවරයා උපදෙස් දුන්නේය.
    “බෑ… බෑ… මහත්මයා මම බෞද්ධ පිළිවෙත් කරන්නේ නෑ.”
    “මෙතැන අපි නියම කරන්නේ බෞද්ධ පිළිවෙත්. තමුන්ගෙ ශරීරයට බලවත් භූත බලවේගයක් ඇතුළු වෙලා. බේරෙන්න ඕනැ නම් බෝධි පූජා තියන්න ඕනෑ. බෝධීන් වහන්සේට මල් පහන් පූජා කොට දස දිසා පිරිතත්, බණ පිරිතත් විසි එක්වර බැගින් සජ්ඣායනා කරමින් බෝධිය පැදකුණු කොට පැන් වඩන්න ඕනැ. නැත්නම් මට ප්‍රතිකාර කරන්න බැහැ වෙන තැනකින් ප්‍රතිකාර ගන්නැ” යි උපදෙස් දුන්නේ ය.
    යෝගියා බෝධි පූජා තියන්නට එකඟ විය.
    සති තුනකට පසු ඔහු නැවත ආවේ ය. එදින ශක්ති කිරණ එල්ල කරන විට ඔහු ප්‍රලය වී සිනාසෙන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
    “කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නෙ?”
    “මම සුමනසිරි, ඇයි මට ඉන්න නොදෙන්නේ. ඇයි මට කරදර කරන්නෙ?”
    “ඇයි තමුන් මෙයාට කරදර කරන්නෙ?”
    “තමුන් කවුද මගෙන් ප්‍රශ්න කරන්න. හඃ… හඃ… හා…” යි භූතාත්මය ශරීරයෙන් ඉවත්ව ගියේය.
    ගවේෂකවරයා යෝගියා ඇමතුවේ, “දැක්කා නේද? තේරුණා නේද තමුන්ට අමනුෂ්‍ය පීඩාවක් තියෙන බව. මේ ගෝලයොත් බලාගෙනනේ. ඒක නිසා තවත් බෝධි පූජා හතක් තියලා එන්න.”
    එසේ බෝධි පූජා පවත්වා නැවත පැමිණි දිනයේ ඔහු යළිත් ප්‍රලය විය.
    “මූ හිතා ගෙන ඉන්නේ මූ රහත් වෙලා ය කියලා. ලොක්කා වගේ ගෝලයො පිරිවරා ගෙන ඉන්නවා.”
    “ඉතින් තමුන්ට මොක ද?”
    “මමයි මේ ඉඩමේ අයිතිකාරයා. මේ ඉඩම අක්කර දෙකහමාරක්. මම ඉඩම හොඳට වැව්වා. ඒ අතරේ මම හදිසියෙ මළා. මම තනිකඩයා. අවිවාහකව හිටියේ, නෑයෝ මා ගැන සැලකිල්ලක් දැක්වූවේ නෑ. මම මළාට පස්සෙ නෑයෝ ඇවිත් ඉඩම වගා කළා. මම උන්ව පන්නා ගත්තා. උන් මගේ ඉඩම මූට දුන්නා. උන්ට පුළුවන් ද මගේ ඉඩම මූට දෙන්න. මම ඉන්නේ මගේ ඉඩමේ. මගේ නෑයෝ මේ ඉඩම මූට දුන්නේ මාව මේ ඉඩමෙන් ඉවත් කරන්න කියලා.”
    “ඉතින් ඉවත් කරන්න බැරි වුණා ද?”
    “මහත්තයා මට මේ ඉඩමෙන් එළියට යන්න බෑ. මම ඉන්නේ ඉඩමට ආශාවෙන්. ඉඩමට ඇලිලා වගේ. ඉඩම කියන්නේ ‘මම’ ය කියලා හිතෙනවා.”
    “ඕක තමයි තණ්හාවේ උග්‍ර ම අවස්ථාව. උපාදානය කියන්නේ ඔන්න ඔය තද ඈලීමට. ඔය ඇලීම තමන් තුළ පවතින තාක් මේ සංසාර දුකෙන් මිදෙන්න බෑ. ප්‍රේතයන් වෙලා ඉපදිලා අවුරුදු ලක්ෂ ගණන් දුක් විඳින්න වෙනවා.”
    “මම ප්‍රේතයෙක් නොවෙයි. යක්ෂයෙක්, මම මෙයා භාවනා කරන කොට ළඟට වෙලා ඉන්නවා. භාවනාව අමුතුයි. හුස්ම කඩ කඩ ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ. අන්න ඒ වෙලාවට මෙයාගේ සූක්ෂ්ම ශරීරය මතු වෙනවා. මම ඒකට රිංගලා ඇවිදිනවා. මූ හිතන්නේ ඒක මුගේ අධි මානසික බලයක් කියලා. මම මූට කිව්වා ආශ්‍රමයට කිට්ටුව ගහ ළඟ පලතුරු වට්ටියක් තියන්න කියලා. මෙයා ඒක කළා. මම යක්ෂයෙක් වුණත් ආහාරයට ගන්නේ පලතුරු. එතකොට මගේ ශක්තිය වැඩිවුණා.”
    “ශක්තිය වැඩි කැර ගෙන මොනවා ද කළේ?”
    “මම මෙයාගේ ගෝලයෝ ඉස්සරහ මෙයා ලවා විස්මිත වැඩ කෙරෙව්වා. ගෝලයන්ගෙ හිතේ මෙයාගේ භාවනාවේ දියුණු ශක්තිය කියලා. දවසක් මෙයා ගෝලයෝ ඉදිරියේ භාවනා කරන කොට පොළොවෙන් අඩියක් විතර උඩට පාවෙන්න යවලා පෙන්නුවා. ගෝලයන්ට හරි පුදුමයි. යෝගීවරයා අහසෙ පාවෙනවා කියලා. උනුන් වැඩි වැඩියෙන් පලතුරු පූජා තියන්න පටන් ගත්තා.”
    “දැන් ‍ඉතින් මෙයාට හිරිහැර කළා ඇති. ඉවත් වෙලා ගියොත් හොඳයි.”
    “මොනවා මගේ ඉඩම දාලා මම යන්නෙ මොකට ද? මූට යන්න කියන්න.”
    “මම අහන ප්‍රශ්නයට හරියට පැහැදිලිව උත්තර දෙන්න. තමුන් කවුද?”
    “මම මේ ඉඩමෙ අයිතිකාරයා සුමනසිරි”
    “සුමනසිරි මළාය කිව්වා නේද කලින්?”
    “ඔව් සුමනසිරි මළා. මම දැන් යක්ෂයෙක්. පළතුරු ආහාරයට ගන්නා යක්ෂයෙක්.”
    “අන්න හරි. ඔබ ඇත්ත කියනවා. සුමනසිරි මළා. ඔය ඉඩම සුමනසිරිගෙ. සුමනසිරි මැරෙන කොට ඒ අයිතියත් මැරෙනවා. දැන් ඔබට ඒ ඉඩම අයිති නෑ. දැන් තියෙන්නේ හිතේ ආශාව. ඒකත් අතහරින්න.”
    “ඔබතුමා කියන දේ මම අහන්නේ නෑ. මම එකඟ නෑ.”
    ගවේෂකවරයා විනාඩි පහක් පමණ ශක්ති කිරණ එල්ල කළේය.
    “එපා… එපා… පිච්චෙනවා… දැවිල්ලයි… දැවිල්ලයි…”
    “ඔය ඉඩමෙන් යනව ද නැද්ද?”
    “හරි ඉඩමෙන් එළියට යන්නම්.”
    “එහෙම බෑ. අනුරාධපුරයට යන්න ඕනෑ‍”
    “තීන්දුව හරි අසාධාරණයි.”
    “නෑ සාධාරණයක් කරනවා” යි කී ගවේෂකවරයා යෝගියා ගේ ශිෂ්‍යයන් ඇමතුවේය.
    “නායකයා බේරා ගන්න ඕනෑ නම් බෞද්ධ පිළිවෙත් කරන්න වෙනවා. පන්සල් ගැන කලකිරුණට පන්සිල් ගැන කලකිරෙන්න එපා. මේ ඉඩමේ අයිතිකාරයා මැරුණත් ඉඩමට ආශාවෙන් මැරුණු ඔහු ඔය ඉඩමේම ඉන්නවා. ඔහුව ඉඩමෙන් පන්නන්න සාධාරණ අයිතියක් නෑ. ඔහු යක්ෂයෙක් වුණත් ලේ මස් බුදින යක්ෂයෙක් නොවෙයි. ඔහු ආහාරයට ගන්නේ පලතුරු. එතැන ලොකු වෙනසක් තියෙනවා. අනිත් කාරණය මේ ඉඩම ඔබේ ගුරුවරයා භාර ගෙන තියෙන්නේ ඔහු ඉඩමෙන් පන්නා දමන පොරොන්දුවට. එතැන තියෙන්නේ ද්වේෂය. ඒ නිසා තමයි යක්ෂයා තමන්ගේ බලය හැකියාව යොදවලා ගුරුවරයා රැවටුවේ.
    අනිත් කාරණය තමයි හරිහැටි ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න යෑම. මේ ගුරුවරයා භාවනාව ආරම්භ කර තියෙන්නේ එහෙමයි. භාවනා කරන්නේ සද්ධා – ශීල – සති – සමාධි, යන පිළිවෙළටයි. භාවනා කරන්න කලින් කළ යුතු වැඩ කොටසක් තියෙනවා, ඒකට තමයි ‘පූර්ව කෘති’ කියන්නේ. පූර්ව කෘති කරන අතරේ මේ ශරීරය බුදුරජාණන් වහන්සේට හෝ තෙරුවනට ම හෝ තමන් අදහන දෙවි කෙනෙකුට හෝ බාර දෙන්න ඕනෑ. එහෙම නොකළා ම තමයි ඔය වගේ භූතයෝ රිංගන්නේ.
    මේ ඉඩමේ අයිතිය පිළිබඳ සිතින් දැඩිව අල්ලා ගෙන සිටින සුමනසිරි ගේ ප්‍රාණකාරයා නමින් භික්ෂුන් වහන්සේ විසි නමක් ආශ්‍රමයට වැඩම කොට සාංඝික දානයක් දෙන්න. අටපිරිකරක් පූජා කරන්න. පැන් වඩා පින් අනුමෝදන් කරන්න. හාමුදුරු කෙනෙකු ගේ අඩුපාඩුවක් නිසා මුළු මහත් සාසනයටම ගරහන්න එපා.
    බුදු දහමට අපහාස කරන්න කිසිවෙකුට අයිතියක් නෑ. ආශ්‍රමයේ බුදු පිළිම වහන්සේ නමක් තබා ගෙන වන්දනාමාන කරන්න. මැරුණු සුමනසිරිත් ජීවත්ව සිටියදී බෞද්ධයෙක්. ඔහුත් සතුටු වේවි, අපි යක්ෂයා අනුරාධපුරයට යවමු, හැබැයි නැවතත් බුදු දහමට අපහාස වන අයුරින් කටයුතු කළොත් යක්ෂයා ආපසු ඒවි. මේ තත්ත්වය ගුරුවරයාට පැහැදිලි කරන්නැ” යි ශිෂ්‍යයන්ට උපදෙස් දුන්නේ ය.
    “සාංඝික දානය දිනට ඊට අතහිත යොමු කොට පින් අනුමෝදන් වෙන්නැ” යි භූතාත්මයට උපදෙස් දුන්නේ ය.
    සාංඝික දානය පිරිනමා යෝගීවරයා ශිෂ්‍යයන් සමඟ නැවත පැමිණියේය. භූතාත්මය වැටකෙය්යා මලකට සම්බන්ධ කොට (ඔවුන් සමඟ) අනුරාධපුරයට යැව්වේ ය‍
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    දුවෙක් වෙලා මගේ කුසට ආවේ පොඩි අප්පු මාමාද?

    “මහත්මයා! මගේ නෝනාට ආතතිය, වෙලාවකට බලාගත්ත අතේ ඔහේ බලාගෙන ඉන්නවා. වෙලාවකට සුළු දේටත් තරහ වෙලා කේන්ති ගන්නවා. රෑට නින්දෙන් ගැස්සිලා කෑ ගහගෙන අවදි වෙනවා. කෑම අරුචියකින් පෙළෙනවා. ළඟින් දුර්ගන්ධයක් හමනවා. ඒ වගේම මේ පුතාට ඇවිදින්නත් බැහැ” යි තම තරුණ බිරියත් දොළොස් හැවිරිදි පුතාත් පෙන්වමින් ආධ්‍යාත්මීය උපදේශක වරයාට පැවසූ හේ උසස් පොලිස් නිලධාරියෙකි.
    “ඒ විතරක් නෙවෙයි මහත්තයා නිතර ම වගේ මගේ තොල කට වියැළෙනවා. ඒක මහා හිරිහැරයක් විදිහට දැනෙනවා. බෙල්ලේ ඉඳලා පිට කොන්ද දිගේ වේදනාවකුත් දැනෙනවා” යි ඒ රූමත් තරුණ බිරිය ශාන්ති සැමියා ගේ විස්තර කිරීම ඌන පූරණය කළා ය.
    තමන් ඉදිරියේ ඉඳ ගෙන සිටින ඇය වෙත ශක්ති කිරණ එල්ල කරන විට ම ශාන්ති සිහිසුන්ව වැටුණා ය. ඉන් එහා තවත් යමක් කිරීම සඳහා ඇගේ ශාරීරික හා මානසික දුර්වලත්වය බාධාවක් බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.
    සති තුනකට පසු ඔවුන් නැවතත් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ. එදින ශාන්ති ප්‍රලය වූවා ය. මහ හඬින් කෑ ගසන්නට වූවා ය.
    “මම යන්නෙ නෑ… මම යන්නෙ නෑ…. මට යන්න බෑ…. පළි ගන්නවා… මුන්ව නැති කරලා මිසක් මම යන්නෙ නෑ” යි ශාන්තිගේ ශරීරයට ආවිෂ්ට වූ භූතාත්මය මහ හඬින් කෑ ගසන්නට විය.
    තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා නියම කළේ ය.
    ඊළඟ දිනයේ ද ඇය ප්‍රලය වූවා ය. ඒත් වෙනදා තරම් ම දරුණු බවක් පෙන්වූයේ නැත. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
    “කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නෙ?”
    “අනේ! මහත්තයා මාව යවන්න නම් එපා. මට යන්න බෑ. මුන්ගෙන් පළි අරගෙන මිසක් මට නම් යන්න බෑ. මම මේකිගෙ අම්මා.”
    “මොකක්ද තමුන්ගෙ නම?”
    “මම විනීතා”
    මේ අතර ශාන්ති ගේ ශරීරය තුළින් තවත් පිරිමි හඬක් ද විනීතා ගේ කටහඬ අතරින් ම ඇසෙන්නට විය. විනීතාගේ හඬ යටපත් කොට ඒ පිරිමි හඬ මතු කැරගන්නට ගවේෂකවරයා කිරණ ශක්තිය එල්ල කළේය. එය මතුව ආවේය.
    “කවුද මේ?”
    “මම අප්පුහාමි”
    “කවුද අප්පුහාමි කියන්නෙ?”
    “මේ දුවගේ සීයා”
    “ඇයි මේ මිනිපිරීගේ ඇඟට රිංගුවේ?”
    “මම මිනිපිරීගෙ ඇඟට රිංගුවේ නෑ. මම මගේ දුවගෙ ඇඟටයි රිංගුවේ.”
    “කවුද දුව කිව්වේ?”
    “දුව කිව්වේ මගේ ම දුව විනීතා”
    “ඒක හරි වැඩක නෙ? දුවගෙ ඇඟට අම්මා රිංගලා. අම්මගෙ ඇඟට සීයා රිංගලා.”
    “ඔව් මහත්තයා මම මගේ දුව ළගට වෙලා ඉන්නවා.”
    “දුව දැන් ප්‍රේත ජීවියෙක්. ප්‍රේතාත්මයක්. එයාගෙ ඇඟට රිංගන්න එයාටත් ශරීරයක් තියෙනව ද?”
    “ඇයි ශරීරයක් නැත්තෙ? මිනිස්සුන්ගෙ පියවි ඇසට නොපෙනුණාට සියුම් ශරීරයක් තියෙනවා. ඔය කොණ්ඩෙ කඩාගෙන ශාන්තිත් එක්ක තරහෙන් පුපුර පුපුරා ඉන්නේ.”
    “මේක හරි වැඩක් නෙ. හරි ම සංකීර්ණ ප්‍රශ්නයක්. මහත්තයා, තුන් දෙනාත් එක්ක තවත් දවස් හතක් බෝධි පූජා පවත්වලා එන්නැයි” ගවේෂකවරයා ඔවුන්ට නැවතත් උපදෙස් දුන්නේය.
    ඊළඟ සතියේ පැමිණි විට ශාන්ති ගේ ශරීරයට කිරණ එල්ල කොට ඇගේ අම්මාගේ (විනීතාගේ) ආත්මය අවදි කොට ගත්තේ ය.
    “ඇයි මේ දුවට කරදර කරන්නෙ?”
    “මේකි උපන් දවසෙ ඉඳල ම මට දුක් කරදරමයි ආවේ. මේකිට මගේ ලේ කිරි කර දීලා හදා වඩා ගත්තත් මේකි උපන් දවසෙ ඉඳල ම මහා වදයක්, කරදරයක්, කරච්චලයක්. කිරි පොවලා තියනවා. මේ තියපු ගමන් ආයෙත් අඬනවා. කිරි ඉල්ලලා. දරුවෙක් කියලා ආදරයක් කරුණාවක් නූපදින තරමට ම මට වද දුන්නා. අන්තිමට බැරි ම තැන මගේ අම්මයි අක්කයි මේකිව හදා වඩා ගන්න අරගෙන ගියා. මේකි ලොකු මහත් වෙලාවත් එක දවසක් මට අම්මෙයි කියලා කීවේ නෑ. මම මේකිව බලන්න කියලා මුන් ගෙ ගෙදරට ගියාම මේ මිනිහත් (පොලිස් නිලධරයා පෙන්වමින්) මාව පන්නා ගත්තා. මට එන්න එපැයි කීවා. මම දැන් මුන්ගෙන් පළිගන්නවා” යි ප්‍රේතිය කීවා ය.
    ඊළඟට ගවේෂකවරයා ඒ භූතාත්මය යටපත් කොට අප්පුහාමි ගේ ප්‍රාණ කාරයා මතු කැර ගත්තේ ය.
    “මම මගේ දුවට ආදරෙයි. මම දුවව අතහැරලා යන්නෙ නෑ” යි ඒ ප්‍රේත ජීවියා කීවේ ය.
    “මේ… මේ… බොරු කියන්න එපා. ඇත්ත කියන්න ඕනෑ. නැත්නම් පුච්චනවා” යි ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කළේ ය.
    “හරි හරි අහන්න. මම ඇත්ත කියන්නම්.”
    “ඔව්! මට කියන්න මේ ශරීරවලට රිංගාගෙන මොනවද මේ කරන්නෙ?”
    “පළිගන්නවා, පළිගන්නවා”
    “කා ගෙන් ද?”
    “පොඩි අප්පුගෙන්”
    “කවුද ඒ පොඩි අප්පු කියන්නෙ? ඇයි එයාගෙන් පළිගන්නෙ?”
    “ඌ පරයා. ඌ මගේ ඉඩම් අයිතිකැර ගත්තා. මම අකාලෙ මැරුණා.”
    “කොයි කාලෙ ද?”
    “සුද්දන්ගෙ කාලෙ”
    “ඉතින් මොකද වුණේ?”
    “පොඩි අප්පුවා මගේ ඉඩම් බලෙන් අල්ලා ගත්තා. මම මැරුණේ හිතේ වේදනාවෙන් පොඩි අප්පුවා එක්ක තරහෙන්. වෛරයෙන්. ඌ ගැන ම වෛරයෙන්, ඌ ගැනම හිත හිතා මැරුණ නිසා උගෙන් පළිගන්න ඌ ළඟ ම උපන්නා. උගෙන් පළිගන්න ඌ පස්සෙන් ම ගියා. ඒත් මට ඌව අල්ලා ගන්න බැරි වුණා. මේ අතරෙ ඌත් මළා. ඌ මැරිලා මගේ දුවගෙ, බඩේ පිළිසිඳ ගත්තා.”
    “කවුද දුව ය කීවෙ? විනීතා ද?”
    “ඔව්, ඔව්, පොඩි අප්පුවා මැරිලා විනීතගෙ කුසේ කෙල්ලෙක් වෙලා පිළිසිඳ ගත්තා. මම දුවගෙ බඩට රිංගලා ඒ පිළිසිඳ ගත්තා එකාව නැති කරන්න උත්සාහ කළා. පොඩි අප්පුවා බලවත්. ඌ කෙල්ලෙක් වෙලා උපදින්න හිටිය කලලයෙන්වත් මට පළිගන්න බැරි වුණා. මම මගේ දුව ලවා පළිගන්න දුව තුළත් ඒ උපදින්න ඉන්න එකා ගැන වෛර ඇති කළා. කෙල්ල උපන්නාට පස්සෙ තරහ වෛර ඇතිවන විදිහට සැලැස්සුවා. විනීතා ලවා දුවට (ශාන්තිට) වෙනස්කම් කැරෙව්වා.”
    ගවේෂකවරයා මේ අප්පුහාමිගේ ප්‍රේතාත්මයට අවවාද කළේය. “අප්පුහාමි, මහා පව්කාර ප්‍රේතාත්මයක තමුන් දැන් ඔය ඉන්නේ. හොඳට කල්පනා කර බලනවා. එදා වෛරයෙන් මැරිලා දැනට අවුරුදු දෙසිය ගණනක් දුක් විඳිනවා. තවත් අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වේවි. තමන්ගෙ ම දුවගෙ බඩට රිංගලා මිනිපිරීගෙ කළලය මරන්න උත්සාහ කළා. ඊට පස්සේ අම්මවයි දුවයි වෛර කැරෙව්වා. තමුන් වෛරයෙන් පළි ගැනීමේ චේතනාවෙන් අකුසල් කරද්දී පොඩි අප්පු මිනිස් භවයේ උපන්නා. තමුන්ගෙම මිනිපිරී වෙලා උපන්නා. තමුන් තවමත් පෙරේතයෙක්. මෝඩ වැඩ අතහැරලා සුගතිගාමී වෙන්න හිතන්න.”
    “මම ඉස්සර සිල් ගත්තා”
    “තමුන්ගෙ සීලෙ හැටි පෙනෙනවා. කුණු ගඳ ගහන පෙරේතයෙක් වෙලා උපන්නෙ සිල් ගත්ත නිසා ද? දැන්වත් ඔය වෛරය අතහැරලා යහපත් තැනකට යන්න.”
    “මම මොනව ද කරන්න ඕනෑ”
    “තමුන් ඉවත්වෙලා යන්න කැමැති ද?”
    “ඔව්”
    “නිවසේ සාංඝික දානයක් පිරිනමා මවටත්, සීයාටත් පින් අනුමෝදන් කරන ලෙස ශාන්තිට උපදෙස් දෙන්නම්.”
    ශරීරගත ප්‍රේත ජීවීන් ඉවත් කොට ශාන්තිට ද කරුණු පැහැදිලි කළේය. “මියගිය අම්මාත්, සීයාත් කියපු දේවල් මේ මහත්තයා අහගෙන හිටියේ. ඔබ කලින් ආත්මයේ පිරිමියෙක්. ගැහැනු ආත්මයක් ලබා ගෙන අම්මගෙ (විනීතගේ) කුසෙන් උපන්නා. භූත බලවේගයක් අම්මගෙ ඇඟට රිංගලා ඔබත් අම්මාත් අතර තරහ වෛර ඇති කරලා. එහෙම නැතුව ඔබේ අම්මා ඔබට වෙනස්කම් කළා කියා හිතන්න එපා. දැන් අම්මා ගැන තිබුණු අමනාපකම් අතහරින්න. මේ ලැබුණු මිනිස් භවයේ වටිනාකම හිතන්න. අම්මා කෙරෙහි කරුණා මෛත්‍රී සිතුවිලි ඇති කැර ගන්න. ඒක විශාල කුසලයක් වේවි.”
    “ගෙදරට හාමුදුරුවරු දහ නමක් වඩම්මවා සාංඝික දානයක් පිරිනමන්න. අම්මාත්, සීයාත් වෙනුවෙන් අටපිරිකර දෙකක් පූජා කර පැන් වඩා ඒ දෙන්නාට පින් අනුමෝදන් කරන්නැÓයි ගවේෂකවරයා ශාන්තිටත් අගේ සැමියාටත් උපදෙස් දෙන විට ම ශාන්ති ගේ ශරීරය තුළින් විනිතා ගේ භූතාත්මය නැවත මතු විය.
    “එතකොට මහත්තයා පොඩි අප්පු මාමා මැරිලා මගේ කුසට ආවා ද? මගේ කුසෙන් දුවෙක් වෙලා උපන්නේ උන්දැ ද? අනේ මහත්තයා මගේ තාත්තා ජීවත්ව ඉන්දැද්දිත් පොඩි අප්පු මාමාත් එක්ක ජන්මාන්ත වෛරයි. මගේ තාත්තා මැරිලත් පළිගන්න කරපු දේවල් අහන්නත් පුදුමයි. අනේ! අනේ! සංසාරෙ හැටි. උන්දෑ කරපු දේවල් නිසා මගේ කුසෙන් උපන් දැරිවි එක්ක මාත් තරහ වෛරෙන් උන්නා. මහත්තයා මගේ දුවට කියන්න මට සමාවෙන්න කියලා” යි විනීතාගේ භූතාත්මය කීවාය.
    උපදෙස් පරිදි සාංඝික දානය පිරිනමා මවටත් සීයාටත් පින් අනුමෝදන් කොට ශාන්ති නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට සැමියා සමඟ ආවාය. පින් අනුමෝදන් වී ඒ වන විට දරුණු ගති අතහැර සාමකාමී තත්ත්වය පත්ව සිටි ප්‍රේත ජීවීන් දෙදෙනා මල් වට්ටි දෙකකට නංවා අනුරාධපුරයට යැවීය.
    කෙනෙකු මිනිස් ලොවට බිහිවන විට උරුමයෙන් ලැබුණු ඉඩකඩම් දේපළ හෝ හරි හම්බ කැර ගෙන මුදලට ගත් එවැනි දේපළ පැරණි මුතුන් මිත්තන් සේ ම අප ද මරණයේදී අත හැර යා යුතු බවත්, මේවා තණ්හාවෙන් උපාදාන කොට ගෙන මළොත් ඒ වස්තු සම්පත් ඇසුරු කොට ප්‍රේතයන් වී ඉපිද අවුරුදු දහස් ගණන් අනන්ත වූ දුක් විඳින්නට සිදු වන බවත් අප කවුරුත් වටහා ගත යුතුය. ඒත් සමඟ තරහ වෛර සිතේ පැල පදියම් කොට උපාදාන කැර ගෙන මළොත් පළි ගැනීමේ චේතනාවෙන් සංසාර ගමන දික් කැර ගෙන දැවි දැවී දුක් විඳින්නට සිදු වන ආකාරයත්, එසේ පළි ගැනීමට අමනුෂ්‍යයන් යොදා ගන්නා උපාය මාර්ගයනුත් මේ “අප්පුහාමිගේ” භූතාත්මය පිළිබඳ කල්පනා කරන විට වැටහේ.
    තණ්හාය ජායතී සෝකෝ

    තණ්හාය ජායතී භයං
    තණ්හාය විප්ප මුත්තස්ස
    තත්ථි සෝකෝ කුතෝ භයං
    තණ්හාව (ආශාව) නිසා ශෝක හටගනී. තණ්හාව නිසා බිය හට ගනී. ආශාවෙන් වෙන්වූවහුට ශෝකයක් නැත. (එසේ නම්) බියක් කොයින් ද?