පියාසරණ-මසුන්

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
පියා මැස්සා (Flying Fish)

18186729.jpg


Kingdom : Animalia
Phylum : Chordata
Class : Actinopterygii
Order : Beloniformes


පියා මැස්සන් (Flying Fish) නමින් හදුන්වන මෙම මසුන් Exocoetidae පවුලට අයත් වේ.
මෙහි මලු විශේෂ 64 ක් පමණ සිටින අතර එම විශේෂ, ගණ 7 - 9 කට බෙදා වෙන් කර ඇත.

65173383.jpg


නිවතන හා අර්ධ නිවර්තන උෂ්ණ කලාපිය සාගරයේ මෙම මසුන් විශේෂයෙන් ජීවත්වේ.
පෝෂණය සඳහා ප්ලවාග ප්‍රධාන වශයෙන් අහාරයට ලබාගනී.


99519989.jpg


මෙම මසුන්ගේ ඇති විශේෂම ලක්ෂණයක් වන්නේ සාමාන්‍ය වරල් වලට වඩා විශාලව ඇති ළය වරලයි.
තම විලෝපිකයන්ගෙන් බේරී සැඟව සිටීමට, කෙටි දුරවල් පියාසර කරමින් සාගරයේ මතුපිට පැන පැන යාමට මෙම වරල් ආධාර කරගනී.


flyingfish.jpg


මෙම එක පිම්මක් (Glide) සඳහා ජලය තුළින් ඉහළට පැනීමට පියා මැස්සන් තම වල්ගය තත්පරයක් තුල 70 වරයක් පමණ චලනය කරයි.
පසුව ඉහළට නැගීමට උපකාරී වන ලෙස යන්තම් ඇලයට තම ළය වරල් විහිදා ගනී.
පිම්ම අවසානයේ සාගරය තුලට ඇතුළුවීමට තම ළය වරල් හකුලා ගනී.
නැතහොත් එම පිම්මෙන්ම වෙනත් පිම්මක් සඳහා ඉහළට එසවීමට ජලය තෙරපමින් සාගරය තුලට තම වල්ගය පහත් කරයි.

flyingfish10.jpg

වායුගතික හැඩයක් ඇති තටුවේ වක්‍ර ආකෘතිය පක්ෂියකුගේ තටුවකට සමාන කල හැක.
මෙම මසුන් එක එල්ලේ පියාසර කිරීමෙන් හෝ
සුළං හා සාගර ප්‍රවාහ එකතු වීමන් සෑදෙන වාගැබකට දිශානතව පියාසර කිරීමෙන් ගුවනේ රැඳී සිටින කාලය වැඩි කරගැනීමට සමත් වෙති.


filesailfinflyingfish.jpg


වේගය උපරිම කරගැනීමට Exocoetus ගණයේ මසුන් හට එක් වරල් යුගලක් හා අනාකූල රේඛිත සිරුරක් පිහිටා ඇත.

cypselurus.jpg


උපරිම වෙලාවක් ගුවනේ රැඳී සිටීමට Cypselurus ගණයේ මසුන් හට වරල් යුගල දෙකක් හා පැතලි සිරුරක් පිහිටා ඇත.

79937299.jpg


1900 සිට 1930 දක්වා කාලයයේදී ගුවන්යානා නිර්මාණය කිරීමට යොදාගත හැකි ආකෘතින් ලෙස මෙම පියා මැස්සන් පිලිබඳව අධ්‍යනය කර තිබේ.


42537236.jpg


25122896.jpg


33541668.jpg


91378186.jpg