පියා මැරීම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    බුද්ධාගමේ කියනවනෙ දෙමාපියන් මැරීම ලොකු පාපයක් කියල..

    උඹල දන්නෙ නෑ. මම මාර අහිංසක කෙනෙක්. මං වගේ කෙනෙක් අතින්ම මේ වගේ අපරාධයක් සිදු වනෙ තැනට කටයුතු සිද්ධ වෙන එකත් මාර විහිලුවක් නේද

    බුද්ධාගමේ කියන හැම දෙයක්ම ඇත්තද :confused:

    බුදුහාමුදුරුවන්ට ගල් පෙරලපු දේවදත්තත් දවසක පසේ බුදු කෙනෙක් වෙලා සසර ගමන නිමා කරනවලු

    අපේ තාත්ත කවුද බුදුන් එක්ක බලද්දි :D

    තව බුද්ධාගමේ කියනව පවක් ක්‍රියාවෙන් කලත් එකයිලු හිතෙන් කලත් එකයිලු. මේව ඇත්තද බං.. :confused:

    අපි මානසිකව වැටිල ඉන්න වෙලාවට, කේන්ති ගියාම එහෙම මාර දරුණු සිතුවිලිනෙ හිතට එන්නෙ. ඒ වුණාට අපි ඒව ඇත්තටම කරන්නෙ නෑනෙ :confused:
     
    Last edited:

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    බුදු දහම කියන්නේ ලෝකෙ ස්වභාව ධර්මය අපිට තේරෙන විදිහට කියා දෙන එකයි. නැතිව ඒක බුදු කෙනෙක්ගෙ නිර්මාණයක් නෙවෙයි. උදාහරණයක් විදිහට චලිතය පිළිබඳ නැත්නම් ගුරුත්වය ගැන ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් මහත්තයා කියන්න කලින් ඒ දේවල් ලෝකයේ පැවතුනානෙ. නැතුව කවුරුත් කාටුන්වල වගේ අහසෙ පාවෙමින් ගියෙ නැහැනෙ. අන්න ඒ වගේ බුදු දහම කියන්නේ ලෝකේ පවතින ධර්මතාවය අපේ ගොන් මොලවලට තේරෙන විදිහට කියා දෙන එක.

    බුදු දහමේ විදිහට සදාකාලික අපායවල් නැහැ ඔය දේවවාදී ආගම්වල කියනවා වගේ. එතකොට සරළවම කිව්වොත් ලෝකය දෙවියන් වහන්සේ කෙනෙක් මැවුවා කියන්නෙ නැහැ. මොකද ඒක ප්‍රාථමික කතාවක්. ලෝකය හැදුනෙ කොහොමද කියන දේට උත්තරයක් දීගන්න බැරි නිසා මනුෂ්‍ය මනසට දරාගන්න පුලුවන් විදිහට දීපු උත්තරයක් ඒක. එහෙම දෙවි කෙනෙක් ලෝකය මැවුවා කියන අයගෙන් කෙනෙක්ට අහන්න පුලුවන් දෙවියන් වහන්සේ මැවුවෙ කවුද කියලා. ඒවාට උත්තර නැහැනෙ එතකොට... මොක උනත්,

    බුදු දහමෙ කියන්නේ අනුරුද්ද ඔයා ඉඳගෙන ඉන්න පුටුව, ඔයාගේ තාත්තා, ඔයා මම වගේ මේ හැම දෙයක්ම හේතු ටිකක් ගානට සෙට් වෙලා සැකසිලා තියෙන නිසා විද්‍යාමාන වෙන ඵලයන් කියලා. උදාහරණයක් විදිහට ඔය ඉඳන් ඉන්න පුටුවෙ ඇණ ටික ගලවලා, ඕක කෑලි කරලා දැම්මොත් තවදුරටත් ඒක පුටුවක් ද ? නෑ.. එහෙම නැත්තං ඔය පුටුව අරන් ගිහින් අප්‍රිකාවේ ඉන්න තාමත් ශිෂ්ඨාචාර නොවුනු ගෝත්‍රිකයො පිරිසක් මැදට අතඇරියොත් උන්ට ඒක පුටුවක් ද? නෑ.. උන්ට ඒක අමුතු නුහුරු වස්තුවක්.. අල්ලලා අතගාලා තට්ටු කරලා ලෙවකාලා බලයි.. එතකොට කෝ පුටුව ? අන්න ඒ පුටුව කියන දේ තියෙන්නේ අනුරුද්ධ ඔයාගෙ මගෙ ඔලුව ඇතුලෙ. අන්න ඒකයි.. අම්මා කියන ඔයාගෙ අම්මාගෙ රූපය ඇවිත් ලේ, මස්, ඇට නහර වලින් හැදුනු එකක්, ඔයා ඒකට අම්මා කියන ගතිය හිතින් ගැටගහලා අල්ලන් ඉන්නවා, දැන් පාරෙ යන මිනිහෙක්ට ඔයාගෙ අම්මා අම්මා විදිහට ද පේන්නෙ? නෑ.. වයසක ගැහැණියක් විදිහට.. නැත්තං නොදන්න ගැහැණියක් විදිහට.. ඕක තමයි මේ ඇහැට පේන හරිය ගැන බුදු දහමේ තියරිය..

    එතකොට.. මේ පව් පින් ගත්තාම අනුරුද්ධ උඩ ගහන ගල් වගේ අපි මේ සංසාරය නැමැති පාරේ දිගට දිගට යනවා උඩට ගල් ගගහා ඒවා උඩ යමින් තිබිලා මොන වෙලාවෙ ඔලුවට පාත් වෙයි ද දන්නෙ නැහැ. අන්න ඒ දේ තමයි ඔය කියන්නේ. පියා මව මැරුවා කියලා කතෝලික ආගමේ වගේ සදාකාලික නිරයක යන්නේ නැහැ. නමුත් ඒක පුදුම පාපයක්, සෑහෙන දුකක් විඳින්න වෙනවා.

    මුගලන් හාමුදුරුවො බුදුවරු සෑහෙන ගානකට කලින් ගෑණිගෙ කීමට වයසක මවගෙන් හා පියාගෙන් බේරෙන්න අන්ධ අම්මා තාත්තා කැලේට ගෙනිහින් අනේ අපිට හොරු ගහනවෝ කියලා පොලුවලින් ගහල මැරුවා. පස්සේ කැලේ මැදින් යන මිනිස්සු රැළක් මේක දැකලා මේක කරපු උන්ට අහු වුනොත් කරන දේ මෙහෙමයි කියලා වෛරී සිතින් සංකාර වඩනවා, ඕකේ ඵලයක් විදිහට නරකාදි වල පැසෙමින් ඉඳලා නිවන ලබන භවයේදිත් ඇට කුඩු වෙන්නට පහර කාලා නිවන් දකින්නෙ, ඒ වගේම ඇට කුඩු වෙන්න පහර ගහන්නේ අර මවගෙයි පියාගෙයි කුණප දෙක දැකලා වෛරී සංකාර වඩපු අය.. ඔන්න ඕකයි බේසික් කතාව බුදු දහමෙ.. ගෙවලා ඉවර කරන්න පුලුවන්.. ලේසි නැහැ.. ඉක්මන් වැඩේ තමා සේරම දාලා මහණ වෙලා තමන් ගොඩ යන එක.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    අනුරාදයා කතොලික උනාට බුද්දාගම ගැන හොද දැනුමක් තියෙනවනේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෙදර උන්ට කාලේ හරි මූව මෙන්ටල් හොස්පිටල් යවන්න.. අර නංගිටයි අම්මටයි ජිවිතේ ෂුවර් නැති ලයින් එකක් දැන් තියෙන්නේ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අනුරාදයා කතොලික උනාට බුද්දාගම ගැන හොද දැනුමක් තියෙනවනේ

    image-url.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දේවදත්ත පසේ බුදු වෙනව කියල තියෙන්නෙ විඳෝල විඳෝල හෙන කල් ගිහිං බං :sorry:
    හිතුවත් එකයි කලත් එකයි නෙමේ. බලපාන්නෙ හිතේ ස්වභාවය වුනාට කරද්දි ඇතිවෙන හිතයි නිකං fantasize කරද්දි ඇතිවෙන හිතයි වෙනස්. කොච්චර කෙනෙක් මරණව හිතෙන් මවාගත්තත් ඇත්තට මරද්දි ඇතිවෙන හිතට සර්වසම හිතක් ඇතිවෙන්නෑ. :no:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෙදර උන්ට කාලේ හරි මූව මෙන්ටල් හොස්පිටල් යවන්න.. අර නංගිටයි අම්මටයි ජිවිතේ ෂුවර් නැති ලයින් එකක් දැන් තියෙන්නේ..

    අනුරාධය උඹට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ ඌ දන්නවා ඌට මානසික ලෙඩක් තියෙනව කියල.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනුරාධය උඹට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ ඌ දන්නවා ඌට මානසික ලෙඩක් තියෙනව කියල.
    මාත් දන්නවා මටත් තියනවා කියලා.. මම ඉතින් නැහැ කිව්වේ නැහැනේ. මගේ ඩොක්ටර්ගේ නමත් මම කිව්වනේ.. ඇයි වදේ.. මේ මොන මල කෝලමක්ද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මාත් දන්නවා මටත් තියනවා කියලා.. මම ඉතින් නැහැ කිව්වේ නැහැනේ. මගේ ඩොක්ටර්ගේ නමත් මම කිව්වනේ.. ඇයි වදේ.. මේ මොන මල කෝලමක්ද?

    :P
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛමන්වේති – චක්කං‘ව වහතෝ පදං

    ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි.

    (ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    බුදු දහම කියන්නේ ලෝකෙ ස්වභාව ධර්මය අපිට තේරෙන විදිහට කියා දෙන එකයි. නැතිව

    දෙයක් ඉගෙන ගත්තා. thanks
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    සිතුවිලි කියන දේ පාලනයක් තොරව අපි හැමෝටම පොදුවේ පහල වෙන දෙයක්. මටත් මගේ දෙමව්පියන් කෙරෙහි වෛර සිතුවිලි පහල වෙලා තියෙනවා. නමුත් ඒ සිතුවිල්ල සිතුවිලි මාත්‍රයක් පමණක් කරගන්න ඕන. ඒක තමන් විසින් කල යුතුම වැඩක්. අපි පුලුවන් තරම් ප්‍රඥාව වඩන්න ඕන අන්න ඒ තත්ත්වයන්ගෙන් මිදෙන්නයි. අපි අතින් ආනන්තරීය පාප කර්මයක් උනොත් ඒ වෙලාවේ මම හිටිය මානසික තත්ත්වය මේකයි කියලා බෙරෙන්න බැහැ. පෘතජන අපි බොහෝවිට ඉන්නේ නියම සිහියෙන් නෙමෙයි. නියම සිහිය තමන් විසින්ම පිහිටුවා ගත යුතු දෙයක්. සසර භයානකයි කියන්නේ ඔය සිහිය අපිට නිතරම පවත්වගන්න බැරි හේතු නිතරම යෙදෙන නිසයි. ඕවයින් මිදෙන එක උඹේ වගකීම. මොකද ලොකු දෙයක් උඹ කරගත්තොත් බුදුන්ටවත් උඹව ගොඩ ගන්න බැහැ. මම උඹෙගේ කලින් පෝස්ට් දැකලා තියෙනවා. උඹ මොලේ විකල් වෙච්ච එකෙක් නෙමෙයිනේ. හොද කල්පනාව තියෙන අපි වගේම එකෙක්. නමුත් උඹට මොකක් හරි ලෙඩක් ඇති. උඹ ඒකට උඹේ ජීවිතේ තීරණය කරන්න ඉඩ තියන්න එපා. උඹට ගොඩ එන්න පුලුවන් තැනකනේ උඹ තාම ඉන්නේ. උඹ පිස්සෙක්නම් උඹට මේ එළකිරි එන්න බැහැනේ. අනික බලපන් උඹ කෙල්ලෙක් ගැන සෙක්ස් ගැන එහෙම කතා කරද්දි කොච්චර උද්යෝගයකින්ද කතා කරන්නේ. උඹ මානසිකව මවාගත්තු තැනක ඉන්න සේයාවක් තමයි මට නම් පේන්න තියෙන්නේ. මුලින්ම ජීවිතේ තේරැන් ගන්න උත්සාහ ගනින් තමුන්ට වැටහෙන තරමට. ජීවය හටගන්න පවතින හා නැති වෙන ආකාරය ගැන පොඩ්ඩක් හොයාගන්න උත්සාහ කරපන්. උඹ ඔය හැංගිලා ඉන්න ජීවිතයෙන් එලියට වරෙන්. අවට ඇවිදලා හොදට හුස්මක්කටක් ගනින්. උදේම නැගිටපන් කාලකන්නියෙක් වගේ දවල් වෙනකන් නිදන් ඉන්න එපා. මූනකට හෝදලා පාන්දරම පොඩ්ඩක් වට පිටාවේ ඇවිදලා පොඩ්ඩක් දුවලා කරලා (ශාරීරක ආබාධයක් නැත්නම් ) හිතට ගතට ප්‍රබෝදයක් ගනින් මුලින්ම. අදේ 7 - 8 වෙලා ගෙවල් ලග පංසලට ගිහින් මිදුල අතුගාලා බුදුන් වැදලා කැමතිනම් හාමුදුරැ කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා සතුටු සිතින් ගෙදර ඇවිත් උදේට කාලා නාලා පිරිසිදුව හිටහන් මුලින්ම. පස්සේ බලමු අපි කොහොමද ආදායමක් හදාගන්නේ කියලා. දැනට ඔය සරල ටික කරලා හිටපන්.

    තාත්තව මරන්න ඕන කියලා හිතුවිල්ලක් ආපු ගමන්ම හිතපන් මං ඊට පස්සේ කොහාටද යන්නේ කියලා. යන තැන හිතින් මවාගනින්. අම්මා තාත්තා නිසාවත් කිසිම කෙනෙක් අපාගත විය යුතු නැහැ. අපාය කියන දේ ඔලුවට එන්නේ නැත්තනම් ගිනි පෙලෙල්ලක් ඇගිල්ලෙන් ලාවට අල්ලලා බලපන් කොහොමද දැනෙන්නේ කියලා. ඊට පස්සේ හිතපන් ඒකෙන් දැනනු වේදනාවයි ගිනි ගොඩක් ඇතුලට වැටුනම දැනෙන වේදනාවයි කොහොමද කියලා. දැන් උඹ තෝරගනින් උඹ යන තැන මොකක්ද කියලා. ඔය පොඩි උදාහරණයක් විතරයි. අපාය ඔයිට දරැණුයි.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Hospital wala inna un ne Elakiri eke inne ?

    බුද්ධාගමේ කියනවනෙ දෙමාපියන් මැරීම ලොකු පාපයක් කියල..

    උඹල දන්නෙ නෑ. මම මාර අහිංසක කෙනෙක්. මං වගේ කෙනෙක් අතින්ම මේ වගේ අපරාධයක් සිදු වනෙ තැනට කටයුතු සිද්ධ වෙන එකත් මාර විහිලුවක් නේද

    බුද්ධාගමේ කියන හැම දෙයක්ම ඇත්තද :confused:

    බුදුහාමුදුරුවන්ට ගල් පෙරලපු දේවදත්තත් දවසක පසේ බුදු කෙනෙක් වෙලා සසර ගමන නිමා කරනවලු

    අපේ තාත්ත කවුද බුදුන් එක්ක බලද්දි :D

    තව බුද්ධාගමේ කියනව පවක් ක්‍රියාවෙන් කලත් එකයිලු හිතෙන් කලත් එකයිලු. මේව ඇත්තද බං.. :confused:

    අපි මානසිකව වැටිල ඉන්න වෙලාවට, කේන්ති ගියාම එහෙම මාර දරුණු සිතුවිලිනෙ හිතට එන්නෙ. ඒ වුණාට අපි ඒව ඇත්තටම කරන්නෙ නෑනෙ :confused:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    සිතුවිලි කියන දේ පාලනයක් තොරව අපි හැමෝටම පොදුවේ පහල වෙන දෙයක්. මටත් මගේ දෙමව්පියන් කෙරෙහි වෛර සිතුවිලි පහල වෙලා තියෙනවා. නමුත් ඒ සිතුවිල්ල සිතුවිලි මාත්‍රයක් පමණක් කරගන්න ඕන. ඒක තමන් විසින් කල යුතුම වැඩක්. අපි පුලුවන් තරම් ප්‍රඥාව වඩන්න ඕන අන්න ඒ තත්ත්වයන්ගෙන් මිදෙන්නයි. අපි අතින් ආනන්තරීය පාප කර්මයක් උනොත් ඒ වෙලාවේ මම හිටිය මානසික තත්ත්වය මේකයි කියලා බෙරෙන්න බැහැ. පෘතජන අපි බොහෝවිට ඉන්නේ නියම සිහියෙන් නෙමෙයි. නියම සිහිය තමන් විසින්ම පිහිටුවා ගත යුතු දෙයක්. සසර භයානකයි කියන්නේ ඔය සිහිය අපිට නිතරම පවත්වගන්න බැරි හේතු නිතරම යෙදෙන නිසයි. ඕවයින් මිදෙන එක උඹේ වගකීම. මොකද ලොකු දෙයක් උඹ කරගත්තොත් බුදුන්ටවත් උඹව ගොඩ ගන්න බැහැ. මම උඹෙගේ කලින් පෝස්ට් දැකලා තියෙනවා. උඹ මොලේ විකල් වෙච්ච එකෙක් නෙමෙයිනේ. හොද කල්පනාව තියෙන අපි වගේම එකෙක්. නමුත් උඹට මොකක් හරි ලෙඩක් ඇති. උඹ ඒකට උඹේ ජීවිතේ තීරණය කරන්න ඉඩ තියන්න එපා. උඹට ගොඩ එන්න පුලුවන් තැනකනේ උඹ තාම ඉන්නේ. උඹ පිස්සෙක්නම් උඹට මේ එළකිරි එන්න බැහැනේ. අනික බලපන් උඹ කෙල්ලෙක් ගැන සෙක්ස් ගැන එහෙම කතා කරද්දි කොච්චර උද්යෝගයකින්ද කතා කරන්නේ. උඹ මානසිකව මවාගත්තු තැනක ඉන්න සේයාවක් තමයි මට නම් පේන්න තියෙන්නේ. මුලින්ම ජීවිතේ තේරැන් ගන්න උත්සාහ ගනින් තමුන්ට වැටහෙන තරමට. ජීවය හටගන්න පවතින හා නැති වෙන ආකාරය ගැන පොඩ්ඩක් හොයාගන්න උත්සාහ කරපන්. උඹ ඔය හැංගිලා ඉන්න ජීවිතයෙන් එලියට වරෙන්. අවට ඇවිදලා හොදට හුස්මක්කටක් ගනින්. උදේම නැගිටපන් කාලකන්නියෙක් වගේ දවල් වෙනකන් නිදන් ඉන්න එපා. මූනකට හෝදලා පාන්දරම පොඩ්ඩක් වට පිටාවේ ඇවිදලා පොඩ්ඩක් දුවලා කරලා (ශාරීරක ආබාධයක් නැත්නම් ) හිතට ගතට ප්‍රබෝදයක් ගනින් මුලින්ම. අදේ 7 - 8 වෙලා ගෙවල් ලග පංසලට ගිහින් මිදුල අතුගාලා බුදුන් වැදලා කැමතිනම් හාමුදුරැ කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා සතුටු සිතින් ගෙදර ඇවිත් උදේට කාලා නාලා පිරිසිදුව හිටහන් මුලින්ම. පස්සේ බලමු අපි කොහොමද ආදායමක් හදාගන්නේ කියලා. දැනට ඔය සරල ටික කරලා හිටපන්.

    තාත්තව මරන්න ඕන කියලා හිතුවිල්ලක් ආපු ගමන්ම හිතපන් මං ඊට පස්සේ කොහාටද යන්නේ කියලා. යන තැන හිතින් මවාගනින්. අම්මා තාත්තා නිසාවත් කිසිම කෙනෙක් අපාගත විය යුතු නැහැ. අපාය කියන දේ ඔලුවට එන්නේ නැත්තනම් ගිනි පෙලෙල්ලක් ඇගිල්ලෙන් ලාවට අල්ලලා බලපන් කොහොමද දැනෙන්නේ කියලා. ඊට පස්සේ හිතපන් ඒකෙන් දැනනු වේදනාවයි ගිනි ගොඩක් ඇතුලට වැටුනම දැනෙන වේදනාවයි කොහොමද කියලා. දැන් උඹ තෝරගනින් උඹ යන තැන මොකක්ද කියලා. ඔය පොඩි උදාහරණයක් විතරයි. අපාය ඔයිට දරැණුයි.
    මාත් ගෙදරට වෙලා ඉන්න කෙනෙක් බන්..මුගේ කතාවට සමාන සිද්දි තියනව මගෙත්.. වයස 26 දැන්..