බුදු දහම කියන්නේ ලෝකෙ ස්වභාව ධර්මය අපිට තේරෙන විදිහට කියා දෙන එකයි. නැතිව ඒක බුදු කෙනෙක්ගෙ නිර්මාණයක් නෙවෙයි. උදාහරණයක් විදිහට චලිතය පිළිබඳ නැත්නම් ගුරුත්වය ගැන ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් මහත්තයා කියන්න කලින් ඒ දේවල් ලෝකයේ පැවතුනානෙ. නැතුව කවුරුත් කාටුන්වල වගේ අහසෙ පාවෙමින් ගියෙ නැහැනෙ. අන්න ඒ වගේ බුදු දහම කියන්නේ ලෝකේ පවතින ධර්මතාවය අපේ ගොන් මොලවලට තේරෙන විදිහට කියා දෙන එක.
බුදු දහමේ විදිහට සදාකාලික අපායවල් නැහැ ඔය දේවවාදී ආගම්වල කියනවා වගේ. එතකොට සරළවම කිව්වොත් ලෝකය දෙවියන් වහන්සේ කෙනෙක් මැවුවා කියන්නෙ නැහැ. මොකද ඒක ප්‍රාථමික කතාවක්. ලෝකය හැදුනෙ කොහොමද කියන දේට උත්තරයක් දීගන්න බැරි නිසා මනුෂ්‍ය මනසට දරාගන්න පුලුවන් විදිහට දීපු උත්තරයක් ඒක. එහෙම දෙවි කෙනෙක් ලෝකය මැවුවා කියන අයගෙන් කෙනෙක්ට අහන්න පුලුවන් දෙවියන් වහන්සේ මැවුවෙ කවුද කියලා. ඒවාට උත්තර නැහැනෙ එතකොට... මොක උනත්,
බුදු දහමෙ කියන්නේ අනුරුද්ද ඔයා ඉඳගෙන ඉන්න පුටුව, ඔයාගේ තාත්තා, ඔයා මම වගේ මේ හැම දෙයක්ම හේතු ටිකක් ගානට සෙට් වෙලා සැකසිලා තියෙන නිසා විද්‍යාමාන වෙන ඵලයන් කියලා. උදාහරණයක් විදිහට ඔය ඉඳන් ඉන්න පුටුවෙ ඇණ ටික ගලවලා, ඕක කෑලි කරලා දැම්මොත් තවදුරටත් ඒක පුටුවක් ද ? නෑ.. එහෙම නැත්තං ඔය පුටුව අරන් ගිහින් අප්‍රිකාවේ ඉන්න තාමත් ශිෂ්ඨාචාර නොවුනු ගෝත්‍රිකයො පිරිසක් මැදට අතඇරියොත් උන්ට ඒක පුටුවක් ද? නෑ.. උන්ට ඒක අමුතු නුහුරු වස්තුවක්.. අල්ලලා අතගාලා තට්ටු කරලා ලෙවකාලා බලයි.. එතකොට කෝ පුටුව ? අන්න ඒ පුටුව කියන දේ තියෙන්නේ අනුරුද්ධ ඔයාගෙ මගෙ ඔලුව ඇතුලෙ. අන්න ඒකයි.. අම්මා කියන ඔයාගෙ අම්මාගෙ රූපය ඇවිත් ලේ, මස්, ඇට නහර වලින් හැදුනු එකක්, ඔයා ඒකට අම්මා කියන ගතිය හිතින් ගැටගහලා අල්ලන් ඉන්නවා, දැන් පාරෙ යන මිනිහෙක්ට ඔයාගෙ අම්මා අම්මා විදිහට ද පේන්නෙ? නෑ.. වයසක ගැහැණියක් විදිහට.. නැත්තං නොදන්න ගැහැණියක් විදිහට.. ඕක තමයි මේ ඇහැට පේන හරිය ගැන බුදු දහමේ තියරිය..
එතකොට.. මේ පව් පින් ගත්තාම අනුරුද්ධ උඩ ගහන ගල් වගේ අපි මේ සංසාරය නැමැති පාරේ දිගට දිගට යනවා උඩට ගල් ගගහා ඒවා උඩ යමින් තිබිලා මොන වෙලාවෙ ඔලුවට පාත් වෙයි ද දන්නෙ නැහැ. අන්න ඒ දේ තමයි ඔය කියන්නේ. පියා මව මැරුවා කියලා කතෝලික ආගමේ වගේ සදාකාලික නිරයක යන්නේ නැහැ. නමුත් ඒක පුදුම පාපයක්, සෑහෙන දුකක් විඳින්න වෙනවා.
මුගලන් හාමුදුරුවො බුදුවරු සෑහෙන ගානකට කලින් ගෑණිගෙ කීමට වයසක මවගෙන් හා පියාගෙන් බේරෙන්න අන්ධ අම්මා තාත්තා කැලේට ගෙනිහින් අනේ අපිට හොරු ගහනවෝ කියලා පොලුවලින් ගහල මැරුවා. පස්සේ කැලේ මැදින් යන මිනිස්සු රැළක් මේක දැකලා මේක කරපු උන්ට අහු වුනොත් කරන දේ මෙහෙමයි කියලා වෛරී සිතින් සංකාර වඩනවා, ඕකේ ඵලයක් විදිහට නරකාදි වල පැසෙමින් ඉඳලා නිවන ලබන භවයේදිත් ඇට කුඩු වෙන්නට පහර කාලා නිවන් දකින්නෙ, ඒ වගේම ඇට කුඩු වෙන්න පහර ගහන්නේ අර මවගෙයි පියාගෙයි කුණප දෙක දැකලා වෛරී සංකාර වඩපු අය.. ඔන්න ඕකයි බේසික් කතාව බුදු දහමෙ.. ගෙවලා ඉවර කරන්න පුලුවන්.. ලේසි නැහැ.. ඉක්මන් වැඩේ තමා සේරම දාලා මහණ වෙලා තමන් ගොඩ යන එක.