පියුමි දුවගෙ අලුත් ඒවා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    sirada bn :shocked: :shocked:

    sira kiyanne.. man nam okita gahanna 15k denna giye na.. mage yaluwek katha kala. wade confirm kalama insta, fb hari mekige profile ekakin msg ekak ewanawa ita passe yanna thiyenne.. mulin habai salli gewanna one ekai risk eka..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    11.gif



    මොකෝ බං නැත්තෙ.. අම්මා ලංකාවෙම දන්න බඩුවක් උනාම අරූට කටක් ඇරලා කියන්න ඇහැකිද ඒ මගේ අම්මා කියලා..

    Oya prashna enne salli nathi unta bn...
    Wesa kame gihilla hari uwa goda dammoth uta ammawa wativi...
    Anika issatahata ena samaje sex kiyana eka sahenna normal deyak wenawa..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    sira kiyanne.. man nam okita gahanna 15k denna giye na.. mage yaluwek katha kala. wade confirm kalama insta, fb hari mekige profile ekakin msg ekak ewanawa ita passe yanna thiyenne.. mulin habai salli gewanna one ekai risk eka..

    :dull::dull::rofl::rofl::rofl:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    බ්ලීචිං ගානවා බං ගොඩක් උන්.. බලපං සමහර කෙල්ලො මූණයි බෙල්ලයි එක පාටක් කකුල් දෙකයි අත් දෙකයි තව පාටක්.. :rofl: ඕවයෙ ඉක්මනට සුදු වෙනවා වගේම පට්ට සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් තියෙන්නෙ.. ස්කින් එක පිච්චෙන එක වෙන්නෙ බ්ලීචිං වලට.. බලපං කොණ්ඩෙ පාට කරද්දි එහෙම මුලින් බ්ලීචිං පවුඩර් දාලා කොණ්ඩෙ පාට වෙනස් කරල තමා හෙයාර් ඩයි එක ගාන්නෙ.. ඒ තරම්ම විසයි ඕක.. අනික නවත්තපු ගමන් තිබ්බට වඩා හම කලු වෙලා තැනින් තැන ලප හැදෙනවා.. තාවකාලික ආතල් තමා.. :yes:

    kellone bn. unta hamadema thawakalikai. :baffled:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මක්කෙයි මේ කියන්නෙ
    මේ දරුවට මම නම් ආසයි... මට වඩා මගේකුරුං ගොයියා ආසයි.
    මේ දැනුත් නැගිටල එහෙට මෙහෙට ඔලුව දානව
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අර ඒකි නෙමේ කියපු පිංතූරෙනේ.. ඒ බ්ලීචිං තමා බං.. ඒව ගාලා වේලුනාම පව්ඩර් වගේ වෙනවා.. ඒපාර හෝදල දාන්න තියෙන්නෙ.. නිකන්ම පවුඩර් එක තමා ඔය හෙයාර් කලරිං කරද්දි ගන්නෙ.. ස්ක්‍රින් ක්‍රීම් වලට කෙමිකල් දාලා ක්‍රීම් විදියට හදනවා.. බලපං කෙලවෙන කෙලවිල්ල කාලයක් යද්දි..


    ඉස්සර තායි රෝස් කියලා ක්‍රීම් එකක් තිබ්බා ලංකාවෙ.. බ්ලීචිං නම් නෙමේ.. ඒත් ඒවා ගාන තැන සුදු වෙනවා.. පස්සෙ ඒක තහනම් කලා.. ඒකෙ රසදිය නිසා ස්කින් කැන්සර් එනවා..


    සුදු වෙන්න ක්‍රීම් ගාන්න හොද නෑ.. අන්තිමේ තියෙන පාටත් නැති වෙලා නැති ලෙඩත් හදාගෙන තමා නවතින්න වෙන්නෙ.. ඔය හැම ක්‍රීම් එකකින්ම කරන්නෙ මෙලනින් වර්ණකය වෙනස් කරන එකයි හම පුච්චන එකයි.. :yes:


    ආණ්ඩුවත් නොදන්නා කොහෙන් එනවද දන්නෙත් නැති කට්ටිය සුදු කරන වයිට්නිං ක්‍රීම්වල කවුරුත් නොදන්නා තිත්ත ඇත්ත මෙන්න

    ගෑවොත් බේරෙන්නට බැරි… ‘රසදිය සුදිය,
    ආණ්‌ඩුවත් නොදන්නා, ‘සුදු මුහුණේ’ සැඟවූ මරණීය අවදානම
    වයිට්‌නිං ක්‍රීම්’ ගැන කාගේත් දැනගැනීම පිණිසයි

    මේ කියන්නට යන්නේ තවත් එක්‌ පුවතක්‌ නොවේ. මේ ලියෑවෙන්නේ තවත් එක්‌ ගවේශනාත්මක ප්‍රවෘත්තියක්‌ පමණක්‌ නොවේ. මේ කරනුයේ, නුදුරු
    අනාගතයේදීම ජාතියේ කාන්තාවන්, දරුවන් සහ ඔබද බරපතළ ලෙසින් රෝගී විය හැකි බවට වන රතු නිවේදනයයි. මෙවැනි ව්‍යසනයක්‌ ගැන කියන්නට සිදුවීම පවා එක අතකින් අවාසනාවකි. ජාතියේ අවාසනාවකි. නමුත් ජාතිය මළබෙරය වැයෙන්නට පෙර මෙය ලිවීම මනුෂ්‍යත්වයේ යුතුකම යෑයි සිතමු. ඔබේ මව, බිරිඳ, හිතවතිය, දියණිය උදෙසා මේ අති භයංකර යථාර්ථය හෙළිකරමු. ඔබේ කුසේ සිටින දරුවා වෙනුවෙන් මේ කටුක ඇත්ත හෙළිකරමු. ඔබේ නූපන් දරුවා වෙනුවෙන් මේ සටහන තබමු. හෙට ඔබ රෝගියකු ලෙසින් නොව ‘කෙළින් කටින්’ ජීවත්විය යුතු නිසාම කාන්තා, පිරිමි බේදයකින් තොරව ඔබ සියලුදෙනාට මෙම ලිපියෙන් ආමන්ත්‍රණය කරමු. රටේ වගකිවයුත්තන් හොරට නිදන නිසාම, හොරට නිදන එකා අවදි කිරීමට බැරි නිසාම, අපි ඔබව අවදි කිරීමට, ඔබේ ඇස්‌ ඇරවීමට මෙය මෙසේ හෙළිකරමු.

    අද වන විට රජරටම ගොදුරු කරගෙන සිටින අද්භූත වකුගඩු රෝගයට වඩා මෙය භයානක විය හැකිය. මේ වන විට නිවසක්‌ නිවසක්‌ පසා ත්‍රස්‌තව සිටින ඩෙංගු වසංගතයට වඩා මෙය වසංගතයක්‌ විය හැක. එදා පැවති ත්‍රස්‌තවාදී යුද්ධයට වඩා මේ ප්‍රහාරය දරුණු විය හැක. මේ කියන්නට යන්නේ, සුදු හමක සිහිනය මත ඔබව සතපා සමස්‌ත ජාතියකට විස ශරීරගත කරමින්, කිසිදු නියාමනයකින් තොරව පිටරටින් මෙරටට ඇදී එන ‘වයිට්‌නිං ක්‍රීම්’ ගැනය. අහසින් වැටුණු රූපලාවන්‍ය ආලේපන ගැනය. මේවායින් බහුතරයක නිෂ්පාදකයා හෝ දේශීය බෙදාහරින්නා හෙවත් එම නිෂ්පාදනය සම්බන්ධයෙන් වගකීම දරන මෙරට නියෝජිතයකු නොමැත. එබැවින් ඒaවා ජාතියක්‌ ජන්මයක්‌ නොමැති ‘අවජාතක’ නිෂ්පාදනයන්ය. මේ අවජාතක නිෂ්පාදනයන්, විචාරශීලිත්වයක්‌ නොමැති, හෙටක්‌ ගැන අවබෝධයක්‌ නොමැති ජාතියක, කාන්තාවන්ගේ සිරුරු මත වෙලී ජාතිය වළපල්ලට රැගෙන යන ආකාරය ලිපියේ මතුවට අපි සවිස්‌තරව දක්‌වන්නෙමු.

    makeup

    එයට ප්‍රථම, රුපලාවන්‍ය නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට ඒමේදී ඒ සම්බන්ධයෙන් පැවැති නියාමනයට කුමක්‌ වූයේ දැයි විමසා බලමු. එදා මේ සම්බන්ධයෙන් නිසි ප්‍රමිතියක්‌ සහ නියාමනයක්‌ තිබූ අතර CDDA හෙවත් රූපලාවන්‍ය සහ ඖෂධ නියාමන අධිකාරිය හරහා මෙය සිදු විය. නමුත් මෙම රජය බලයට පත්වූ පසු 2015 ජුලි මස 01 වැනිදා CDDA අහෝසි කර ඒ වෙනුවට NRMA හෙවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවන්නේය. එසැණින් රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් වූ වෙළෙඳපොළ ප්‍රමිතිය නොහොත් නියාමනය හැලී ගියේය. (නැතහොත් හලා දැමුවේය) වෛද්‍යවරයකු යටතේ ඇති සෞඛ්‍ය අමාත්‍යංශය එසේ කරද්දී, පාරිභෝගික අධිකාරිය පිළිබඳ වගකිවයුතු, වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් පනින රිළවුන්ට ඉනිමං බැන්දේය. ඒ සමගින් සිය රටේ භාවිතයට ගන්නා රූපලාවන්‍ය නිෂ්පාදන ගැන නියාමනයක්‌ නැති ලෝකයේ ඇති එකම රට ඔබ මා ජීවත්වන මේ ශ්‍රී ලංකාව බවට පත්විය. (අපේ කලාපයේ ඇති කුඩාම රටක්‌ වන භූටානයට පවා ඒ සම්බන්ධයෙන් නියාමනයක්‌ ඇත) එතැන් පටන් ඉවක්‌ බවක්‌ නොමැතිව පෙර සඳහන් කළ ‘අවජාතක’ ආලේපන මෙරටට ගලා එන්නට වූ අතර මෙහිලා පෙරමුණ ගෙන සිටිනුයේ කූට ව්‍යාපාරිකයන් පිරිසකි. රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් වූ දොරටු මෙසේ ‘හායි’ ගා හැරදැමීම සහ එම ඉඩෙන් ඒ කූට ව්‍යාපාරිකයන් රිංගා ගැනීම අතර ඇති සම්බන්ධය බුද්ධිමත් පාඨකයා විසින් වටහාගනු නියතය.

    ප්‍රශ්නය, කවුරු මේ ව්‍යාපාරය කරන්නේද? එලෙස එතෙක්‌ පැවැති නියාමනයන් හිටි අඩියේ අහෝසි කර දැමුවේ මන්ද? යන කරුණ ද නොවේ. ගැටලුව නම් මේ නියාමනයන් ඉවත් කිරීම හරහා මෙරටට එන වගකිවයුත්තෙක්‌ නොමැති එම ආලේපනවල සැඟව ඇති රසදිය අධිමාත්‍රාව හේතුවෙන් පැනනැගිය හැකි බරපතළ සෞඛ්‍ය තර්ජනයයි. රසදිය යනු ශරීරයට තියුණු ලෙස කාවදින සහ බොහෝ කාලයක්‌ සිරුරේ රැඳී පවතින, බරපතළ ශාරීරික උපද්‍රව ඇතිකරන අධිවිෂකි. එය සෘජුවම මොළයට හානි සිදුකර මානසික ව්‍යාකූලතා ඇතිකර මතක ශක්‌තිය හීන කරන්නකි. මධ්‍ය ස්‌නායු පද්ධතියට හානිකර ශරීරයේ කොටස්‌ අඩපණ කරන්නකි. ඇසට හානිකර පෙනීම දුර්වල කරන්නකි, වකුගඩු සංකූලතා ඇතිකරවන්නකි. ගැබිණි මවක්‌ ඒවා භාවිත කළහොත් කළලය තෙක්‌ ගොස්‌ කුසේ සිටින දරුවාගේ මොළයට හානි කරයි. එනම් මන්ද බුද්ධික දරුවන් බිහිවීමට හේතුවකි. ශුක්‍රාණුවල ජීවී ස්‌වභාවය 80%කිනුත් ඒවායේ චාලක ස්‌වභාවය 90%කින් අඩුකර පිරිමින් වඳභාවයට පත්කරවන්නකි. ලෝකයම ප්‍රතික්‍ෂේප කරමින් සිටින්නකි. 1970 දී ඇමරිකානු රජය විසින් එරට තරුණ පරම්පරාවට ජලාශවල සිටින මාළුන් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසින් අවවාද කළේ කාර්මීකරණය හේතුවෙන් ජලයට එක්‌වන රසදිය, මාළුවන්ගේ සිරුර තුළ මෙතිල් මර්කරි ලෙසින් පැවතීම, එම මාළු ආහාරයට ගනු ලබන පුද්ගලයන් වඳභාවයට පත්කරවන බැවිනි. රසදිය හෙවත් මර්කරි නම් මූලද්‍රව්‍යය පරිසරය සමඟ එක්‌ව සංඝටක සෑදීමේදී ඒවා මර්කරිවල මූලික තත්ත්වයටද වඩා විසෙන් වැඩිය. ඒවා ගසකින් අවශෝෂණය කරගත්විට ගසේ එම අධිවිස තැන්පත් වේ. 1956 දී රසදිය ජලයට එක්‌වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින්, මෙතිල් මර්කරි ශරීරයේ තැන්පත්වූ මාළු ආහාරයට ගත් ජපානයේ 10000 ක්‌ දෙනා ‘මිනමාටා’ රෝගයට ගොදුරුවූ අතර 1784 දෙනෙක්‌ මියගියහ.

    රසදිය හෙවත් මර්කරි සමඟ සෙල්ලම් නැත

    whitening-cream2
    මෙහි ඇති උග්‍ර විෂ තත්ත්වය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශීය වන්නේ යම් රූපලාවන්‍ය නිෂ්පාදනයක මර්කරි අඩංගු විය යුතු උපරිමය, කොටස්‌ මිලියනයකට, එක්‌ මර්කරි කොටසකි. එනම් අදාළ නිෂ්පාදනයේ කිලෝග්‍රෑමයක රසදිය අඩංගු විය යුතු උපරිමය මිලිග්‍රෑම් එකකි. නමුත් අද මෙරට නිදහසේ අලෙවි වන යම් කිසි වයිට්‌නිං ක්‍රීම් වර්ගයක රසදිය අඩංගු ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 9870 ක්‌ හෙවත් තිබිය යුතු ප්‍රමාණයට සාපේක්‍ෂව 10,000 ගුණයකින් පමණ වැඩිය. 2013 දී යුරෝපා කොමිසම විසින් ‘බරපතළ අවදානම් සහිත නිෂ්පාදන ලැයිස්‌තුවට’ දමා තහංචි දැමූ මේ නිෂ්පාදනය මෙරටට රැගෙන එන සමාගම කවරක්‌ද? ඒ ගැන වගකියන මෙරට ආයතනය කුමක්‌ද? එසේම අධික සෞඛ්‍ය අවදානම නිසාම, එක්‌සත් රාජධානිය තුළ විකිණීමක්‌ කළ හොත් එම විකුණන පුද්ගලයාට පවුම් 11,000 ක දඩයක්‌ හෝ හිර දඬුවම් නියම කළ හැකි Faiza නමැති ආලේපනයද (මේ පිළිබඳ සවිස්‌තර බී.බී.සී පුවතක්‌ අන්තර්ජාලයේ ඇත. http://www.brandsynario.com/pakistani-beauty-brands-exposed-bbc-complete-list-toxic-fairness-creams/)
    අපි ඉකුත් 29 වැනිදා කිරිබත්ගොඩින් මිලට ගත්තෙමු. එයද ලංකාවේ සුලබය. එය ගෙන්වන ආයතනයක්‌ මෙහි නැත. ලොව තහනම් ආලේපන මෙරට ගජරාමෙට විකිණේ නම් පාරිභෝගික අධිකාරියක්‌ හෝ සෞඛ්‍ය අමාත්‍යංශයක්‌ ඇත්තේ ඇයි දැයි අපි ජනපතිගෙන් අසනු කැමැත්තෙමු. එපමණක්‌ නොව මෙරටේ වගකිවයුතු දේශීය නියෝජිතයෙක්‌ නොමැති හෙවත් ‘අවජාතක’ ආලේපන වර්ග සමහරක රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 30,000 ක්‌ හෙවත් තිස්‌දහස්‌ ගුණයක්‌ බව පරිසරයට ආදරය කරන ජනපතිතුමන් මේ පත්තරෙන්ම දැනගනිත්වා…·

    අප සොයාගත් තොරතුරුවලට අනුව මේවා හොර බඩු ලෙසින් රේගුව හරහා ද, කිරිමැටි ගෝනි අයුරින් කන්ටේනර්වල පටවාද මෙරටට එන අතර ඒවා ඩප්පිවල අසුරා, පෙට්‌ටිවලට දමා පෙනුම ගන්නේ පිටකොටුවේ සංවිධානාත්මක වෙළෙඳ ජාවාරමක්‌ මගිනි. ඒවායේ ‘අඩංගු දෑ’ ලෙසින් ඇති කිසිවක්‌ එහි තිබේද, නැතහොත් එහි ඇත්තේ වෙනම දෙයකින් සැදූ දෙයක්‌ දැයි සහතික කර දැනගැනීමට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට කිසිදු අවස්‌ථාවක්‌ නැත. අවසානයේ මේ අධි විෂ, අධික මිලගණන්වලට විකිණේ. කඩකාරයා හෝ රූපලාවන්‍ය ආයතනයට ඉහළ ලාභයක්‌ ඇති බැවින් සහ වෙනත් සුවිශේෂී ‘ගරිල්ලා මාර්කටිං’ ක්‍රමවේදයන් ඔස්‌සේ මේවා ‘සුපිරි බඩු’ ලෙසින්, විචාරයක්‌ නැති පාරිභෝගිකයාගේ මල්ලට දැමෙයි. මේවායේ රසදිය හම විදගෙන ගොස්‌ එහි වර්ණක මරා දමන බැවින් සැබැවින්ම කෙටි කලකින් සම සුදු වේ. එනිසා මේවා නැවත නැවත විකිණේ. පැහැය අත්දුටු කෙනා තවකෙනකුට මෙහි වරුණ කියයි. නමුත් මේ සුද පසුපස සැඟව ඇති ‘ගඳ’ කථාව ගැන කිසිවක්‌ අසරණ පාරිභෝගිකයා නොදනී.

    මේවා බොහොමයක්‌ නිපදවන්නේ මුස්‌ලිම් රටවලය. ඒවායේ බොහොමයක අරාබි අකුරුද ඇත. එහෙත් මේවායේ හලාල් ලකුණ නම් නැත. එබැවින් මුස්‌ලිම් ප්‍රජාව මේවා මිලට නොගනී. ඔවුහු මේ ව්‍යසනයට සෘජුව ලක්‌වීමේ අවදානමෙන් ගැලවීමට භාග්‍යවන්ත වී සිටිති.

    නමුත්, මේ ලක්‌පොළොව මත සිටින කිසිවකුට මෙහි බලපෑමෙන් මිදිය නොහැකි වනු ඇති බව සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේ දැනගැනීම පිණිස හඬගා කියන්නෙමු. මන්ද මේ අයුරින් තොග පිටින් එන රසදිය විස අවසානයේ පොළොව මතට, ජලය තුළට ඇතුළුවී ‘මිනමාටා’ ව්‍යසනය වැනි දෙයක්‌ මේ රටට හෙට සිදුවුවහොත් එය ජාති, ආගම්, පක්‍ෂ බේදයකින් තොරව සියලු දෙනා අක්‍රිය කර දමනු ඇත.

    මේ පිළිබඳ තවදුරටත් සොයා බැලීම සඳහා අප කිහිප දෙනෙක්‌ එක්‌ව ඉකුත්දා මෙම නිෂ්පාදන කිහිපයක්‌ පරීක්‍ෂාකර බැලීමේදී ඒවා ශරීරයේ ගෑවුණු විට, සබන් දමා සෝදා හැරියද සේදී නොගිය කොටස්‌ සම මත තැන්පත්ව ඇති බව පෙනුණි. මෙය ප්‍රමිතියෙන් යුත් ආලේපනයක ස්‌වභාවය නොවේ. මෙම ආලේපනයක්‌ තවරාගත් අයකු විසින් දරුවෙක්‌ සිපගත්තද එය දරුවාගේ හමේ තැවරී එකී හානිය කරනු ඇත. තව කෙනකුට අතට අත දුන්නද තත්ත්වය එසේමය. මේ විමර්ශනයේදී අපට කරුණු දැක්‌වූ රසායන විද්‍යාව මනාව දත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු පැවසුවේ, මෙයට වසර කිහිපයකට පෙර ඔවුන් සමඟ ඇමරිකාවේදී රසදිය සම්බන්ධ පරීක්‍ෂණයක යෙදුණු ශ්‍රී ලාංකික ආචාර්යවරියක්‌ හමේ තිබූ සුළු සීරීමක්‌ මත රසදිය තැවරීම නිසා එරටෙහිදී මියගිය බවයි. එය එසේ නම්, නොදන්නා තැනක නිපදවා මෙරටට ගෙනැවිත් විකුණන මේ ක්‍රීම් වර්ග කුරුළෑ ඇති සමක ආලේප කළහොත් එකී එක්‌ අංශුවකට සෘජුවම ශරීරය ආක්‍රමණය කිරීමට ඇති හැකියාව ඒ විද්වතා අපට පැහැදිළි කර දුන්නේ ඇඟ හිරිවට්‌ටමිනි.

    අපි එදා සුදු වන්නට ‘වදකහ සුදිය’ බිව් ජාතිය වෙමු. නමුත් පිටරටින් ගෙන්වා අපගේ වෙළෙඳපොළ මතට අතහරින මේ ‘රසදිය සුදිය’ වදකහ සුදිය මෙන් අහිංසක නොමැති බව අපි ඔබට අවධාරණයෙන් පවසන්නෙමු. රටට වගකිවයුතු මහතැන්වලට අපි කියනුයේ ජාතිය ‘මහ නින්දට’ යැමට පෙර ඔය හොර නින්දෙන් වහාම ඇහැරී මේ සඳහා නිසි නියාමනයක්‌ පත් කරන ලෙසය. පොලිතීන් බෑගයට වෛර කරන ආණ්‌ඩුවක්‌, රසදිය විසට පෙම් කරනු ඇතැයි අපි කෙසේ සිතමුද? 2015 නොවැම්බර් මස අයවැය ඉදිරිපත් කිරීමේදී, මෙම තත්ත්වය පෙන්වා දෙමින්, මේ පිළිබඳ නිසි නියාමන ක්‍රමවේදයක්‌ ගැසට්‌ කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළ යුතු බවට රවි කරුණානයක මහතා පැවසුවද, පාරිභෝගික අධිකාරිය මෙතෙක්‌ ඒ සම්බන්ධයෙන් මුණිවත රකින්නේ මන්දැයි අපි ප්‍රශ්න කර සිටිමු. 2017.03.09 දාතමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත, දැනට පවතින නීති ප්‍රතිපාදනවලට යටත්ව අදාළ නියාමනය කළ හැකි බවට උපදෙස්‌ නිකුත් කළ ද මේ දක්‌වා සෞඛ්‍ය අමාත්‍යංශයද මුණිවත රකිමින් සිටී. ජාතිය විසක ගිලෙද්දී නිහඬව සිටින මේ හැසිරීම් මුණිවත් නොව ‘සුනඛ වත්’ බව කන හරහා ප්‍රකාශ කරමු. කිසිදු වගකීමක්‌ නොමැති මේ වස විස විකුණා ජාතිය මරාගෙන කන මස්‌ වැද්දන්ගේ තැනට නොවැටෙන ලෙස කඩ හිමියන්ගෙන්, රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිමු. ඔබගේ ජීවිතයේ ආරක්‍ෂාව වෙනුවෙනුත්, සමාජයේ සෞඛ්‍ය සුරක්‍ෂාව පිණිසත් මේ කරුණ ගැන ඔබද සිහියේ රඳවා ගනිමින්, අනෙකාද දැනුවත් කිරීමෙන් ආණ්‌ඩුවකට නොහැකි වූ දේ කිරීමට ඔබට හැකිවනු ඇත.

    ඉන්ද්‍රජිත් සුභසිංහ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මේක්අප් වලට පිං සිද්ධ වෙන්න මුන් මෙහෙම මූනු පෙන්නගෙන ඉන්නේ. මේක්අප් නැතුව උදේ පාන්දර දැක්කොත් දවසම මුස්පේන්තු වෙයි. බලපන්කෝ මූනේ හැටි විතරක්. හම ගහපු කුකුලෙක් වගේ :sorry:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    බුදු අම්මෝ, ............. බය උනා කියහංකො, හරියට ඉංග්ලිෂ් ෆිල්ම් එකක සොම්බියෙක් වගේ.

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    ඇයි බන් එහෙම

    36938628151_c3a2a15e0e_o.jpg
    36938625891_c35404f497_o.jpg


    මේ පොටෝ දෙකේ වෙනසක් පෙන්නේ මට විතරද බන්
    :shocked::shocked:

    බලපන් යකෝ අත් දෙක දිහා ...........ඔවු ඔවු නියපොතු තමයි:shocked::shocked:
     
    Last edited: