පිය සෙනෙහසක නිමාව...

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පිය සෙනෙහසක නිමාව...

    පිය සෙනෙහසක නිමාව...
    50914579_585111938580566_922966790915489792_o.jpg

    තාත්තා අප්පච්චී කියන වචන අපේ කන් වලට ඇහුනාම අපේ අතීත මතක ආවර්ජනයක් එක්ක ගොඩනැගෙන්නේ පුදුමාකාර බැදීමක්..... ප්‍රේමනීය අතීතයක්... අපේ ජීවිත වල අනාගත මාර්ගයේ නියමුවා වූ ඔහු පිලිබද නිර්මාණය වූ කතා බොහොමයි... හැබැයි මේ ඔබ දකින්නේ පිය සෙනෙහසක වේදනාත්මක අවස්ථාවක්...

    ජයාරූපය කාච ගත වෙන්නේ ජේන් මාර්ක් කියන ප්‍රංශ කැමරාශිල්පියා ගේ ඇසින්... ඒ 2003 වසරේ මාර්තු 13 වෙනදා... වැලිකැට පුපුරන මැද පෙරදිග ඉරාකයේ ඇමෙරිකානු රැදවුම් කදවුරකදී.....

    ඉරාක සටන් කාමීන් සහ ඇමෙරිකානු හමුදා අතර සිදුවන ගැටුමකදි අත්තඩංගුවට පත්ව මරණ දඩුවම හිමි වන මේ එක්දරු පියාට සිය අවසන් කැමැත්ත මත විනාඩි පහක් තම ආදරණීය පුතාව දැක බලාගන්න අවස්ථාව ලැබෙනවා..හැබැයි ඒ කුඩා දරුවට තමන්ගේ තාත්තගේ මුහුණ දකින්න වාසනාවක් නොලැබෙන්නේ නීතිය අනුව මරණ දඩුවම නියම වූ ත්‍රස්තවාදියෙකු යැයි සැලකෙන්නෙකුට හිස ආවරණය කිරීමට අවසර නොමැති නිසා..සිය ජීවිතේ අවසාන හුස්ම පිටකරලීමට පැයකට පෙරාතුව තමන්ගේ ආදරණීය දරුවා ලගට ගැනීමට අවසර පතන මේ පියාට ඒ අවසරය හිමි වන්නේ විවෘත භූමියක් තුල...

    වයස අවුරුදු හතරක් වුන මේ දරුවා පියාව හදුනා ගන්නේ කටහඩින්... මේ සිදූවීම පුරාවටම ඇසට වේදනා කදුලක් ගෙනෙන අවස්ථාව වෙන්නේ අවසර ලැබෙන විනාඩි පහෙන් තුනක් ගත වෙනකොට දරුවට තමන්ගේ තාත්තගේ උනුසුමේ නින්ද යනවා.... ගිනි කාශ්ටක අව්ව මැද ගිනි ගැහෙන වැලි උඩ තමන්ගේ ආදරණීය පියාගේ සෙවන දරුවෙක්ට මොනතරම් වටිනවද... මේ මොහොතෙම ජේන් මාර්ක්ගේ ඩිජිටල් කැමරාවෙන් මේ සංවේදිත්වය කාච ගත වෙනවා... මේ සිදුවීම ලෝකයාගේ විතරක්ම නෙමෙයි ඇමෙරිකානු ආරක්ෂක අංශවලද සංවේදිත්වයට හේතු වෙනවා.. විනාඩි විස්සක ලැබුනු අතිරේක කාලය පුරාවට පිය උනුසුමේ ලබන අවසාන නිදි සුවය විදින දරුවා අවසාන විනාඩිය තුල ඇහැරවා පියා ඔහුගෙන් සදහටම සමුගන්නවා... එතනින් පස්සේ ජේන් මාර්ක් ට මේ පියා වත් අසරණ දරුව වත් කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ...

    " මම ඒ මානුශිකත්වය දැක්කා..මටත් ඉන්නවා ඒ වයසෙම දුවෙක් මගේ රටේ... මම දැක්කේ ත්‍රස්තවාදියෙක් නෙමෙයි..තාත්තෙක්ව..මම ජායාරූප ගත කලේ තාත්තෙක්ව... හැබැයි ඒක ලෝකේ හොදම සිදුවීමක් නෙමෙයි...කෙනෙක් නොදැකිය යුතු තාත්තෙක්ට නොවිය යුතු දරුවෙකුට නොලැබිය යුතු වේදනාත්මක අත්දැකීමක්...

    ජේන් මාර්ක් සිය ජායාරූපය ගැන එසේ පැහැදිලි කරනවා..

    2004 වසරේ ලෝකයේ රටවල් 124 ක ශිල්පීන් 4330 දෙනෙකු ඉදිරිපත් කල ජායාරූප 63.000ක් අතරින් හොදම ජායාරූපය ලෙස සම්මාන ලබන ජෙන් මාර්ක් ගේ පියසෙනෙහසක නිමාව... පුලිස්ටර් සම්මානයෙන් පිදුම් ලබනවා......

    ඉතින්.. සිතුවිල්ල ඔබට බාරයි

    සටහන් කලේ චරිත් ජනප්‍රිය
     
    • Like
    Reactions: dilshan87

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    කෙනෙක් නොදැකිය යුතු තාත්තෙක්ට නොවිය යුතු දරුවෙකුට නොලැබිය යුතු වේදනාත්මක අත්දැකීමක්...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කෙනෙක් නොදැකිය යුතු තාත්තෙක්ට නොවිය යුතු දරුවෙකුට නොලැබිය යුතු වේදනාත්මක අත්දැකීමක්... :sorry::sorry::sorry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේ සිදූවීම පුරාවටම ඇසට වේදනා කදුලක් ගෙනෙන අවස්ථාව වෙන්නේ අවසර ලැබෙන විනාඩි පහෙන් තුනක් ගත වෙනකොට දරුවට තමන්ගේ තාත්තගේ උනුසුමේ නින්ද යනවා....
    :(:(:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,893
    40,670
    113
    ඔබ සංවේදී පුද්ගලයෙක් වූවාට කම් නැත. එනමුත් සංවේදී ගොනෙක් නොවන්න වගබලා ගන්න.
    මේ ත්‍රස්ථවාදියා ඔහුගේ ලේ වලින් ජාතක නොවුන මෙවැනි දූ දරුවන් මරා දමපු කෙනෙක් වෙන්නත් පුළුවන්.
    මෙවැනි දූ දරුවන්ගේ ආදරණීය තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඒ දරුවන්ගෙන් සදහටම වෙන් කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්.
    මොහු ත්‍රස්ථවාදය අතහැර හමුදාවට බාර වෙච්ච කෙනෙක් නෙවේ. ත්‍රස්ථවාදය හිතෙන් අතහැරපු කෙනෙකුත් නෙවේ.
    මෙහුට ත්‍රස්ථයකු වීමට ඇති එකම බාදකය තුවක්කුවකට හෝ බෝම්බයකට ඇති දුර පමණයි.
    මරණ දඬුවමට මම එකඟ නැත. ත්‍රස්ථවාදියෙකුට අනුකම්පාවකුත් නැත.
    මෙතෙන ඇත්තේ, මිලේඡ්ඡ ත්‍රස්ථවාදියෙකුගේ ආත්මාර්ථකාමි පිය සෙනහසක් පමණි.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    uba kiyana eka hari, eet me photo eka gatta kena kiyala tiyenne wena katawak. e katawa atta.
    Lankawet one taram owata udaharana tiyenawa. deshapaluwo kochchara horakam karanawada,
    rate inna lamay gana hituwe nati unata tamange lamay gana hitanawane. e wage deyak tamai okat mata hitena widiyata.
    Piya senehasa kiyanne kohomat athmarthakamee deyak tamai, eka athi wenne tamange lamay gana witarai.

    PS. thrastawadiya hari kiwwa nevei mama
     
    උබ කියන්න හදන දේ මට තේරෙනවා. පිය සෙනෙහස කියන දේ ආත්මාර්ථකාමී පරාර්ථකාමී දෙවිදිහටම තියෙන්න පුළුවන්. ඒක පුද්ගලයා මත වෙනස් වෙනවා. ඔව් බහුතරය ආත්මාර්ථකාමි වෙන්න පුළුවන්. ඒත් තවත් දරුවෙක්ව මරලා තමන්ගෙ දරුවට ආදරය කරන කෙනෙක්ට ආත්මාර්ථකාමී කියන වචනය සුදුසු නෑ. ඒක මහ තුප්පහි ආත්මාර්ථකාමිත්වයක්.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඔබ සංවේදී පුද්ගලයෙක් වූවාට කම් නැත. එනමුත් සංවේදී ගොනෙක් නොවන්න වගබලා ගන්න.
    මේ ත්‍රස්ථවාදියා ඔහුගේ ලේ වලින් ජාතක නොවුන මෙවැනි දූ දරුවන් මරා දමපු කෙනෙක් වෙන්නත් පුළුවන්.
    මෙවැනි දූ දරුවන්ගේ ආදරණීය තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඒ දරුවන්ගෙන් සදහටම වෙන් කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්.
    මොහු ත්‍රස්ථවාදය අතහැර හමුදාවට බාර වෙච්ච කෙනෙක් නෙවේ. ත්‍රස්ථවාදය හිතෙන් අතහැරපු කෙනෙකුත් නෙවේ.
    මෙහුට ත්‍රස්ථයකු වීමට ඇති එකම බාදකය තුවක්කුවකට හෝ බෝම්බයකට ඇති දුර පමණයි.
    මරණ දඬුවමට මම එකඟ නැත. ත්‍රස්ථවාදියෙකුට අනුකම්පාවකුත් නැත.
    මෙතෙන ඇත්තේ, මිලේඡ්ඡ ත්‍රස්ථවාදියෙකුගේ ආත්මාර්ථකාමි පිය සෙනහසක් පමණි.

    :yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ත්‍රස්තවාදියෙකු වුනත් කතාව කියවන් යද්දී ඇසට කදුළු ඉනුවා .:baffled:

    හැබැයි ත්‍රස්තවාදින් ව බබා කරන්නත් බැහැ