Hari Den Ehemath hithamuko ube demaupiyo ubata ohoma namak dunna kiyala... prashnayak ne.... Nama ehema unata Ube profile pic eka balapan mama namika bauddayek nemei anika mama sowan welath ne... kiyapu wachana wala weredda mama piligannawa... namuth uba oya dala thiyena name weredda uba piliganna one budunwahansege dharmaya gena ochara awabodyak thiyenawanam....
5. “පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුණත් අපහාස කරනවා නම්, ධර්මයට වුණත් අපහාස කරනවා නම්, සංඝයාට වුණත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එයින් ඔබටමයි අන්තරායක් වන්නේ. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එතකොට පිටස්තර උදවිය කියන දේවල් යහපත්ව කියනවාද අයහපත්ව කියනවාද යන්න ඔබ තේරුම් ගන්නේ කොහොමද?” “ස්වාමීනී, එය නොවේමයි.”
“පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් නැති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් අසත්‍යයක්මයි. ඔය කියන දෝෂය අප තුළ නැති දෙයක්. ඔය දෝෂය අප අතර දකින්න නෑ’ කියලා අසත්‍යය අසත්‍යය වශයෙන්ම තේරුම් ගෙන ලිහා ඉවත් කිරීම.
6. පින්වත් මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරනවා නම්, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, ඒ ගැන ඔබ විසින් අමුතුවෙන් සතුටු විය යුතු නෑ. සොම්නස් විය යුතු නෑ. සිතෙහි උද්දාමයකට පත්විය යුතු නෑ. පින්වත් මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, ඒ ගැන ඔබ විසින් අමුතු සතුටක් ඇති කරගන්න ගියොත් සිත සතුටු කරගෙන උද්දාම වෙන්න ගියොත් ඒකෙන් අන්තරායක් වන්නේ ඔබටමයි. පින්වත් මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරනවිට, ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් ඇති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් සත්‍යයක්මයි. ඔය කියන ගුණය අප තුළ තියෙනවා. ඔය ගුණය අප අතර දකින්නට ලැබෙනවා’ කියලා සත්‍යය සත්‍යය වශයෙන්ම තේරුම් ගැනීමයි. 1. බ‍්‍රහ්මජාල සූත‍්‍රය
දෘෂ්ටි ජාලය ගැන වදාළ දෙසුම
උඹම කියවන්න ඕන එකක් නෙ මේ දාල තියෙන්නෙ.







