පිරිමින්ටත් පියයුරු පිළිකා ඇති විය හැකිය
කාන්තාවන්ට මෙන්ම පිරිමි පුද්ගලයන්ට ද පියයුරු පිළිකා ඇති වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය නීලමනී පරණගම මහත්මිය පවසයි.
පියයුරු පිළිකා පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය පරණගම පැවසුවේ, පියයුරුවල ඇති වන අසාමාන්‍ය ගැටිත්තක්, ශ්රාවයක් හෝ ඉදිමීමක් පියයුරු පිළිකාවක ලක්ෂණ ලෙස සැලකෙන අතර එවැනි තත්ත්වයක් දක්නට ලැබුණු වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.
පිළිකා රෝගයෙන් වැලකී සිටීම සඳහා මේදය අඩු ආහාර, එළවළු සහ පළතුරු වැඩිපුර ආහාරයට ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බවද සඳහන් කළ ඇය වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් පියයුරු පරීක්ෂණයකට භාජනය වීම ඉතා වැදගත් බවද අවධාරණය කළාය.
2005 වසරේදී ලෝකයේ පියයුරු පිළිකා ලක්ෂ 5ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් ලක්ෂයක් පමණ මියගොස් තිබෙන බවද එම වසරේ ශ්‍රී ලංකාවෙන් පියයුරු පිළිකා 1890 ක් වාර්තා වී තිබෙන බවද වෛද්‍ය පරණගම තවදුරටත් ප්‍රකාශ කළාය.
මේ අතර මානසික ආතතියද පියයුරු පිළිකා බහුල වීමට ප්‍රධාන හේතුවක් බව එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහරගම ජාතික පිළිකා ආයතනයේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රාණි අමරසිංහ මහත්මිය සඳහන් කළාය.
මහරගම ජාතික පිළිකා විද්‍යායතනයේ, පිළිකා රෝග පිළිබඳ වෛද්‍ය ඒ. බාලසූරිය මහතා අදහස් දක්වමින් පැවසුවේ, පියයුරු පිළිකාවට මෙරට කාන්තාවන් මෙන්ම පිරිමින්ද ගොදුරු වන බවත් මෙරටින් වාර්ෂිකව පියයුරු පිළිකාවට ගොදුරු වූ කාන්තාවන් 2000 ත් 2500 ත් අතර සංඛ්‍යාවක් හා පිරිමින් 50 දෙනකු පමණ වාර්තා වන බවත්ය. ශ්‍රී ලංකාවේ පිළිකා රෝග වලින් වැඩි ප්‍රමාණයක් පියයුරු පිළිකා වන බවත් රෝග ලක්ෂණ මතුවන මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් පියයුරු පිළිකාව සුවපත් කරගත හැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.
http://www.lankatruth.com/sin/index...-43-04&catid=35:2008-10-13-08-30-14&Itemid=63