පිරිමියා නැති ලොවක 
කාන්තාවට සම තැන දිය යුතුය කියන කරුණට කිසිම විවාදයක් නැහැ. ඒත් ඒක කවදා කොහොම කෙරෙයිද කියන එක තමයි ප්‍රශ්නෙ. කාන්තාවො නායිකාවන් වෙලා හිටපු රටවල වුනත් මොනතරම් දුරකට කාන්තාවන්ගෙ අභිවෘදිධියට කටයුතු කෙරිල තියෙන වග පෙනෙන්නෙ නැහැ. කොහොම වුනත් තමන්ගෙ භාරියාවට සම තැනට වඩා ඉහළ තැනක් තියෙන වග ඕනෑම විවාහකයෙකුගෙ හදවතට තට්ටු කරල බැලුවොත් තේරේවි. සමහරු ඒ කරුණ බය නමින් අර්ථකථනය කරන්නන් ඉඩ තියෙනව.
මෙහෙම කියනකොට මතක් වුනා කාලෙකට ඉස්සෙල්ලා ලෝකයේ පිළිගත් ජීව විද්‍යා මහාචාර්යවරයෙක් වූ ස්කයිස් මහත්තය කියපු කරුණක්. ඔහුගේ නිගමනය අනුව තව වසර මිලියන සියයක් යනකොට පිරිමින් මේ පොලෝතලයෙන් සදහටම තුරන්වෙලා යනව. ඔහු පවසන්නේ මේ වන්දාකරණය හෙවත් වඳවීම දැනටමත් ආරම්භවෙලා ඇති වගයි. ඔහුගේ විද්‍යාඥ කණ්ඩායමේ නිගමනය අනුව පිරිමි නොමැතිව ප්‍රජනනය සිදු නොවීම මත තවත් වසර මිලියන සියයකින් ගැහැණුන්ද මේලොවින් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති බවය. මේ පුවත අසා කාන්තාවන් මොනවා කියනවා ඇද්ද. සිතනවා ඇද්ද? ඇත්ත වශයෙන්ම පිරිමියා නැති ලෝකයේ කාන්තාව තනි වන්නීද?
නැතිවන පිරිමියා සමග ගැහැනියට නැතිවී යන බොහෝ දේ තිබේ. ඒ සමහර දේ ගැන නිගමනයකට පැමිණීම කාහට වුවද එතරම් අපහසු නොවන බව අපගේ හැඟීමයි.
ලයිට් බල්බයක් මාරු කිරීමේ පටන් නාන කාමරයේ මුල්ලකට වැදී සිටින මකුළුවා, කැරපොත්තා, මීයා එලවා දැමීම දක්වා නොයෙක් ආකාරයේ ගෘහස්ත කර්මාන්තයන්හි නිරතවී සිටින පිරිමියා නැතිදා එක එක නිවී යන බල්බ නැවත සවිකර ගැනීම කාන්තාවන් හතර පස්දෙනෙක් එක්ව කරගන්නවා ඇත. කෙනෙක් පුටුව ඇල්ලීමට කෙනෙක් පුටුවට නැගීමට, තවකෙනෙක් ටෝච්එක ඇල්ලීමට, ස්විච් එක දැමීමට, සුපවයිස් කිරීමට ආදී වශයෙනි.
පළමුවෙන්ම ගැහැනිය ඉමහත් අසහනයට පත් වන්නේ හැම දේකටම වරද පටවන්නට, දොස් නගන්නට, නෝක්කඩු කියන්නට පිරිමින් නැති බව තේරුම් ගිය විටය. නාන කාමරයේ මකුළුවන්, කැරපොත්තන් සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්තේ නිරත වන බැවින් කාන්තාවන් නාන කාමර පාවිච්චිය අතහැර දමනවා නිසැකය.
පිරිමියා නැති නිසා ලෝකයේ අපරාධ ප්‍රමාණය සීග්‍රයෙන් පහළ වැටෙනවා ඇත. ස්ත්‍රී දූෂණ, සොරකම්, මං කොල්ලකෑම්, මිනී මැරුම් සිදු නොවේ. එනිසාම ආයුධ වලින් කුමන ප්‍රයෝජනයක්ද? ආයුධ තැනීම සහ වෙළ¹ම නතර වනු ඇත. රටවල් අතර යුද්ධ නොකෙරේ. තරහ වූ රටවල් දෙකක නායිකාවන්ගෙන් එකියක් අනෙක් තැනැත්තියට මෙසේ කියනු ඇත. "අනේ ඔයා හරි නරකයි. මීට පස්සෙ ඔහොම කරන්න එපා හොඳේ". එසේත් නැත්නම් කෙහෙවලු අල්ලාගෙන දෙරටේ ප්‍රශ්න විසඳන්නට උත්සාහ කරනවා ඇත.
වාහන පැදවීම සියයට හැත්තෑ පහකින් පමණ අඩුවන අතර පදින වාහන වුවද කැඩුනහොත් හෝ ටයරයක හුලං ගියහොත් මහ මග අතහැර දමා යාම සිදුවන හෙයින් පයින්ම ගමන් බිමන් යැම ඇරඹෙනවා ඇත. පිරිමියා නැතිකමින් ටෙලිවිෂන් යන්ත්‍රයේ පූර්ණ බලධාරිකම ලබා ගත්තද විඩියෝ හෝ ඩීවීඩී යන්ත්‍ර ක්‍රියා කිරීමට නොදන්නා නිසා අවශ්‍ය වැඩ සටහන් පසුව බැලීමට පටිගත කිරීම නොකර ඒවා එවෙලෙහිම බැලීමට සිදුවනවා ඇත.
එහෙත් එසේවන අතරේ පිරිමි නැති නිසා ගැහැණුන්ට සිදුවන වාසි කීපයක්ද ඇත. ඉන් පළමුවැන්න නම් තම රූප ශෝභාව පිළිබඳ උනන්දුවක් දැක්වීමට කොහෙත්ම අවශ්‍ය නොවීමයි. අනේ ඉතින් අපි හැඩ පෙන්වන්නේ කාටදැයි සිතමින් කලින් මෙන් ලිප්ස්ටික් ගෑම්, පුයර වත්සුනු ඉලීම්, සුවඳ විලවුන් තැවරීම්, කෙස්වැටි සකස් කිරීම් ආදිය කිසිත් නොකොට යන්තම් වතුර ටිකක් මුහුණේ ගාගෙන උදේම වැඩට දුවනවා ඇත. එමෙන්ම මුහුණ රැළිවැටීමට, පියයුරු උස්සා තැබීමට සහ වෙනත් ලස්සන වීමට කරන ප්ලාස්ටික් සැත්කම්ද අවශ්‍ය වන්නේ නැත. දික්කසාද නඩු, දූෂණ නඩු වලට මුහුණ පා උසාවියේ ල-ජාවන්නට ද සිදුවන්නේ නැත. ඇඳුම් පැළඳුම් ගැනද විශේෂ සැලකිල්ලක් නැති නිසා සාප්පු සවාරි යැමට අවශ්‍ය වන්නේ ද නැත. ඒ නිසාම රටතුළ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරිවී රට සංවර්ධනය කරා සීග්‍රයෙන් ඇදෙනවා ඇත.
තවද ප්‍රේමගීත නොලියවෙන හෙයින් ගුවන් විදුලි චැනලයන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් වැසීයාමට ඉඩ ඇති අතර ගැයී ඇති ගීත නැවත නැවත අසමින් සිහින ලොවක තනිවී සිටින්නට කාන්තාවන්ට සිදුවන්නට ද ඉඩ ඇත.
මේ ආකාරයෙන් පිරිමියා නැති ලොවක තනිවූ ගැහැණිය පිළිබඳව දිගින් දිගටම ලිවීමට දහසකුත් එකක් කරුණු ඇතත්, මේ මොහොතේ "මෙන්න අනේ සීලිමේ මකුළුවෙක්" කියා මර ලතෝනි හඬක් ඇසෙන නිසා එහි ගොස් මකුළුවා අල්ලා ජනෙල් පියනෙන් එහාට විසිකිරීමට සිදුව ඇති බැවින් මෙය ලිවීම දැනට මෙතැනින් නතර කර දමන්නෙමි.
උපුටා ගැනීම : දිවයින ඉරිදා සංග්‍රහය

Last edited:
මම මට අද ආපු ඊමේල් එකකින් කොපි කරේ....