මේ කතාවට මම දෙයක් එකතු කරේ නැත්තන් ඒක අඩුපාඩුවක් වෙනව. මෙතන මචන් වෙන රටවලදිනම් පිරිමින්ට මොන දුකක්ද කියන කතාව සහතික ඇත්ත. මොකද මචන් වෙන රටවල හැම දුකම විදින්නෙ ගෑනු. පවුල් ජීවිතේ ගත්තත්, රාජකාරියෙ ගත්තත් හැම බර වැඩේම කරන්නෙ ගෑනු. ඉතින් ප්රසූතියෙදිද් වේදනාව විදිනව හොදට. ඒත් මචන් ලංකාවෙදි ඒ කතාවෙ අනිත් පැත්ත. ලංකාවෙ ගෑනු කිසිම දුකක් විදින්නෙ නෑනෙ. ලංකාවෙ හැම බර වැඩේම කරන්නෙ පිරිමි. ලංකාවෙ ගෑනු කරන්නෙ ගෙදරට වෙලා කකා බිබී ටීවි බලන එක විතරයි. ලංකාවෙදිනම් අහන්න තියෙන්නෙ ගෑන්න්ට මොන දුකක්ද කියල තමා. දැන් උඹල මගෙන් අහන්න එන්න එපා ලංකාවෙ බබාල හම්බවෙන්නෙත් පිරිමින්ටද කියල වගේ මෝඩ ප්රශ්න. ලංකාවෙ ගෑනුන්ට ළමයි හම්බ වෙනව ඒත් ලංකාවෙ ගෑනුන්ට ප්රසූත වේදනාව දරන්න බෑ. ලංකාවෙ අනිවා සීසර්. ඒකත් ගෑනිගෙ ලේසියට තමා. රජයෙ ඉස්පිරිතාලවල අම්මලගෙ කැමැත්තට සීසර් කරන්න දෙන්නෙ නැති හින්ද තමා ඔය ගානට තියෙන්නෙ.