පිරිසක් ඉදිරියේ බය හිතෙනවා ද?
සමාජ භීතිකාව
එදිනෙදා ජීවිතයේ දී මිනිස් අවශ්‍යතා සපුරාගැනීම උදෙසා සමූහ වශයෙන් කටයුතු කිරීම මනුෂ්‍ය ස්වභාවයයි. පොදුවේ සැම පුද්ගලයකු ම උප්පත්තියේ සිට මරණය දක්වා විවිධ අයුරින් සමාජගත (Socialize) වන බව අපි දනිමු. මෙකී සමාජගත වීම (Socialzation) නමැති අඛණ්ඩ ක්‍රියාවලිය තුළ, බාහිර සමාජය හා මුසු වීමට අධික අකැමැත්තකින් පසු වන පිරිසක් ද අප අතර වෙසෙති. ඔවුහු පිටස්තර සමාජය කෙරෙහි දැඩි බියකින් පසු වෙති. සමාජ කාංසාව (Social anxiety) නැත හොත් සමාජ භීතිකාව (Social phobia) ලෙස හැඳින්වෙන මේ මානසික රෝගී තත්ත්වයට ගොදුරු වූවන් වර්තමානයේ සුලබව දැකිය හැකි ය.
තමා අතින් වැරැදි සිදු වේ ය, අන් අය තමාට සිනා වේ ය, අන් අය තමාව විවේචනය කරනු ඇති ය ආදී වශයෙන් ගලා එන විවිධ සිතිවිලි හේතු කොටගෙන මිනිසුන් ගැවසෙන ස්ථාන මඟහැරීමත්, සැම විට ම තනි වී සිටීමත් සමාජ භීතිකාවට ගොදුරු වූවන් ගේ සාමාන්‍ය ස්වභාවයයි. එපමණක් නො ව පිරිසක් ඉදිරියෙහි ආහාර ගැනීම, ලිවීම, වැඩ කිරීම, පොදු වැසිකිළි භාවිත කිරීම, දුරකථනයෙන් කතා කිරීම ආදිය ද මෙකී පුද්ගලයන් දැඩි අපහසුතාවට පත් වීම කෙරෙහි බලපාන අවස්ථා ලෙස දැක්විය හැකි ය.
කායික වශයෙන් ගත හොත් නිතර දැඩි කලබලයකින් ක්‍රියා කිරීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම, අධික ලෙස දහදිය දැමීම, පාලනය කර ගත නොහැකි වෙව්ලීමක් මතු වීම, දැඩි ලැඡ්ජාශීලීභාවය හා නිතර ඇති වන උදරාබාධ සමාජ භීතිකාවට ගොදුරු වූ රෝගීන් තුළ දැකිය හැකි ය.
සමාජ භීතිකාව ඇති වීම කෙරෙහි බලපාන හේතු සාධක ප්‍රධාන වශයෙන් කොටස් ත්‍රිත්වයකට වර්ග කොට දැක්විය හැකි ය. එනම් ජීව විද්‍යාත්මක සාධක, මනෝවිද්‍යාත්මක සාධක හා පාරිසරික සාධක වශයෙනි.
ජීව විද්‍යාත්මක වශයෙන්, මිනිස් මොළය තුළ පණිවිඩ රැගෙන යැමේ ක්‍රියාවලියට දායක වන ස්නායු සම්ප්‍රේෂක (Neurotransmitters) අසමබර ව පැවතීම මෙවන් භීතිකා ඇති කරලීම කෙරෙහි සෘජු ව ම බලපානු ලබයි.
මනෝ විද්‍යාත්මක වශයෙන්, යම් පුද්ගලයකු හට තමා අන් අය ඉදිරියෙහි අවමානයට ලක් වූ හෝ ලැඡ්ජාවට පත් වූ අවස්ථා පිළිබඳව පූර්ව අත්දැකීම් පැවතීම සමාජ භීතිකාවට ගොදුරු වීම කෙරෙහි බලපෑ හැකි ය.
පාරිසරික වශයෙන්, ඇතැම් පුද්ගලයන් තවත් පුද්ගලයන් විසින් සමච්චලයට ලක් වන ආකාරය, පුද්ගලයන් ලැඡ්ජාවට පත් වන ආකාරය හා දැඩි ලෙස විවේචනයට භාජන වන ආකාරය දැකීම තුළින් ද, තමාට ද එවන් දැ සිදු විය හැකි ය යන ආකල්පය හේතු කොටගෙන සමාජ භීතිකා තත්ත්වයකට පත් විය හැකි ය.
යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමේ දී ආත්ම ගෞරවය පවත්වාගෙන යැමට අපි සියලු දෙනා දැඩි උනන්දුවක් දක්වමු. එසේ ම ඇතැම් පුද්ගලයෝ අන් අය හට අපහාස කිරීමටත්, ඔවුන් අනවශ්‍ය ලෙස විවේචනය කිරීමටත් රුචියක් දක්වති. විශේෂයෙන් ම සමාජ භීතිකාව පිළිබඳව විග්රහ කිරීමේ දී, කුඩා දරුවන් ඇතැම් අවස්ථාවන්හි දී මාපියන් හා ගුරුවරුන් විසින් පිරිසක් ඉදිරිපිට දැඩි ලෙස විවේචනයටත්, අවමානයටත් පත් වන අවස්ථා පිළිබඳව සඳහන් කළ යුතු ම ය. කුඩා දරුවකු
ලැඡ්ජාවට පත් කොට අසරණ කිරීම කිසිසේත් නො කළ යුත්තකි. මන්ද ඒ ඔස්සේ ඔවුන් අනාගත සමාජ භීතිකා රෝගී තත්ත්වයට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකි බැවිනි.
ප්‍රතිකාර
සමාජ භීතිකාව නමැති අසහනකාරී මානසික තත්ත්වයට ප්‍රතිකාර වශයෙන් මනුෂ්‍ය හැසිරීම් හැඩගැසීමෙහි ලා මහෝපකාරී වන්නා වූ CBT හෙවත් Cognitiue Behavioral Therapy යොදාගත හැකි ය. මෙහි දී සිදු වන්නේ භීතිකාව සඳහා පාදක වූ සිතිවිලි, විශ්වාසයන් මනසින් ඉවත් කරගැනීම සඳහා යථාර්ථය අවබෝධ කර දීමයි. මෙය පියවර කිහිපයක් ඔස්සේ සිදු කෙරෙන අතර අවසානයේ දී බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව වටහා දීමෙන් අනතුරුව, අදාළ සේවාලාභියා හට පිරිසක් සමග කටයුතු කිරීමට හැකි අවකාශය සැලසීම මේ CBT ප්‍රතිකාරයේ අවසන් අභිමතාර්ථයයි.
එසේ ම සිතේ කලබලකාරී ස්වභාවය, අවිවේකීභාවය දුරු කිරීම සඳහා ශ්වසන අභ්‍යාස පුහුණු කිරීම ද ඉතා ම සුදුසු වන අතර, එමඟින් මනසට සුවයක් ලබා දීමට මනෝ උපදේශකවරු වගකීමෙන් ක්‍රියා කරති.
දැනට සොයාගෙන ඇති කරුණුවලට අනුව සමාජ භීතිකාව (Social phobia) යනු පවුල එනම් ජාන ඔස්සේ ද සම්ප්‍රේෂණය වන රෝගී තත්ත්වයකි. කෙසේ වෙතත්, සිත තුළ ඇති වන අසාමාන්‍ය බිය හේතු කොටගෙන සමාජයෙන් දුරස් ව ජීවත් වීම ප්‍රායෝගිකත්වයෙන් තොර ය. පෙර සඳහන් කළ රෝගී ලක්ෂණ පවතී නම් සුදුසු මනෝ චිකිත්සකවරයකු හෝ මනෝ උපදේශකවරයකු හෝ හමු වී මානසික ප්‍රතිකාර ලබාගැනීම ඉතා කාලෝචිත වන අතර, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා එය මනාව ඉවහල් වනු ඇත.
අමා රූසිරි සිත්මල් සුබසිංහ
(මානසික සෞඛ්‍ය උපදේශිකා)