පිරිසිදු දෑත කාගේද !

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
Pilleyange datha nam pirisudui wage
1130710062mahipilleyan.gif
 

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
2010-01-11 දිවයින පුවත්පතේ "හංසයා පිරිසිදුද?" මැයෙන් පළවූ ලිපියෙන් උපුටාගන්නා ලදී. සම්පූර්ණ ලිපිය සඳහා මෙතනට යන්න:
http://www.divaina.com/2010/01/11/feature02.html


ස්‌වර්ණවාහිනි විවාදය මගහැරීමෙන් ඔවුන් කළේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නැති කිරීම පමණක්‌ නොව දූෂණය හා වංචාව පිටුදැකීමටද වැටකඩොලු බැඳීමයි. දූෂණය හා වංචාව පිටු දැකීමෙන් ඉතිරි කර ගන්නා මුදල් වලින් ජනතාවගේ පඩි පවා වැඩි කරනවාය කී අපේක්‍ෂකයා ඇත්තටම දූෂණයෙන් තොරදැයි දැනගැනීමට ජනතාවට පැහැදිලිව අයිතියක්‌ ඇත.

සාමාන්‍යයෙන් ජනරාල් ෆොන්සේකා වෙනුවෙන් සෑම දෙයකටම ඉදිරිපත් වන ජනතා විමුක්‌ති පෙරමුණ මේ විවාදය මග හැරියේ මන්ද යන්න ගැනත් බොහෝ දෙනා තුළ කුතුහලයක්‌ ඇත. කලින් විවාදයට සූදානම් වී පසුව ලක්‍ෂ ගණනක්‌ බලා සිටියදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එයින් පලාගියේ ඇයිද යන්න ගැනත් මිනිසුන්ට ප්‍රශ්න ඇත. මේවාට පිළිතුරු දන්නේ ඔවුන් පමණි. නමුත් මේ පල්ලම් බැසීමට හේතුවූවා යෑයි සිතිය හැකි එක්‌ සාධකයක්‌ නම් අපට මෙහිදී සඳහන් කළ හැක. ස්‌වර්ණවාහිනි විවාදයට දිනකට හෝ දෙකකට කලින් පිටු 2 ක ලියවිල්ලක්‌ අපගේ මාධ්‍ය ආයතනයට ද ඇතුලුව වෙනත් අයටත් ලැබී තිබිණි. මෙකී ලියවිල්ලේ දූෂණය හෝ වංචාව ගැන එක වචනයක්‌වත් සඳහන්ව තිබුණේ නැත. ඉන් එක්‌ පිටුවක්‌ වූයේ ශ්‍රී ලාංකිකයන් පිරිසකට මහජන චීනයේ බෙයිජිං නගරයේ ෆුෂිට්‌සු රෝහල් හෝටලයේ කාමර අංක 1620, 1630, 1620 A. 1618, 1519, 1521, 1626, 1628 යන කාමර වෙන්කිරීම පිළිබඳ සටහනකි. මෙකී ශ්‍රී ලාංකික පිරිස අතර ඉතා වැදගත් පුද්ගලයෙක්‌ හා ඔහුගේ බිරිඳත්, දියණියන් දෙදෙනාත් බෑණාත් වූහ. ඔවුන්ට අමතරව එක්‌ මේජර් ජෙනරාල්වරයකු හා ඔහුගේ බිරිඳත් එක්‌ බ්‍රිගේඩියර්වරයකුත්, ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකුත් එක්‌ කැප්ටන්වරයකුත් හා එක්‌ ලුතිනන්වරයකුද වූහ.

අපට ලැබුණු එම පිටු දෙකේ ලියවිල්ලේ ඊළඟ පිටුවේ තිබුණේ නොරින්කෝ නමැති චීන සමාගමක්‌ විසින් ශ්‍රී ලාංකික පිරිසක්‌ සඳහා දින 7 ක කාලයක්‌ සඳහා සකසා තිබුණු දිනපතා වැඩසටහනකි. මේ 2009 මැයි 11 වනදායින් පටන් ගෙන මැයි 17 වනදා රාත්‍රියේ අවසන් වන ආකාරයට සකසා තිබුණු වැඩසටහනකි. මෙය යුද්ධයේ අවසන් දින කීපය විය. ප්‍රභාකරන්ගේ මිනිය සොයා ගන්නා ලද්දේත් මැයි 18 වනදා උදෑසනය. මෙකී ලියවිල්ලේ කිසිම දූෂණයක්‌ හෝ වංචාවක්‌ පිළිබඳ විස්‌තරයක්‌ නැත. එමෙන්ම නොරින්කෝ නමැති මෙම ආයතනයේ ගනුදෙනු මොනවාදැයි කියාවත් සඳහන් කොට නැත. නමුත් මෙම ලියවිල්ලෙන් පැහැදිලිවම පෙනෙන්නට තිබුණු කාරණය වූයේ මෙම සංචාරය සංවිධානය කර තිබුණේ චීන රජයෙන් නොව මෙම නොරින්කෝ නමැති ව්‍යාපාර ආයතනය විසින් බවයි.

මෙකී ලියවිල්ල කිසිවක්‌ ඔප්පු කිරීමට නොව මානසික බලපෑමක්‌ ඇති කිරීමට එවා ඇති දෙයක්‌ බව පැහැදිලිය. ලංකා ඛණිජ තෙල් සංස්‌ථාවේ හෙජින් ගිවිසුමේදී ප්‍රශ්නයකට පැන නැංගේද එම ගිවිසුමට සම්බන්ධ බැංකුවල වියදමින් ඇතැම් නිලධාරින් පවුල් පිටින් රට සවාරි යනාදිය ලබාගෙන තිබීමය. ගිය අවුරුද්දේ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව ඉදිරියට කැඳවූ විට එම කාරක සභාවේ කටයුතුවලට සාමාන්‍යයෙන් සහභාගි නොවන සාමාජිකයන් පවා ඉතා උනන්දුවෙන් පැමිණ සිටියේය. පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගේ දැඩි ප්‍රශ්න කිරීම යටතේ ඇතැම් නිලධාරීන් හෙජින් ගිවිසුමට සම්බන්ධ බැංකුවලින් විදේශ සංචාර ලබාගත් බව පිළිගෙන ඇත. හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට ඉන් ඔබ්බට විභාග කිරීමට අවශ්‍යතාවක්‌ නොවීය. මන්ද යත් තෙල් සංස්‌ථාව ගනුදෙනු කරන බැංකු වලින් තෑගි බෝග ලබාගැනීමට වඩා වෙන ඔප්පු කිරීමට දෙයක්‌ නොමැති වූ නිසාය. හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් ඇතිවී තිබූ මේ තත්ත්වය නිසා මේ රටේ ජනතාව රටේ උසස්‌ නිලධාරීන්ට ව්‍යාපාරික ආයතන විසින් පවුල් පිටින් රට සවාරි යැමට අවස්‌ථාව ලබාදීම දෙස බලන්නේ විශාල සැකයකිනි. මෙවැනි දෙයක්‌ ලබාගත්තා යෑයි සාක්‍ෂි ඉදිරිපත් කලහොත් දූෂණයක්‌ සිදුවී නොතිබුණත් ඕනෑම විවාදයක්‌ කනපිට හැරවිය හැක.

මේ නිසා බෙයිජින් නගරයේ ෆුජිට්‌සු රෝයල් හෝටලයේ කාමර වෙන් කිරීම පිළිබඳ මුල් පිටපතත් නොරින්කෝ නමැති ව්‍යාපාරික ආයතනය විසින් මෙකී ශ්‍රී ලාංකික පිරිස සඳහා සකසා තිබුණු දෛනික වැඩසටහනේ මුල් පිටපතත් දකින ඕනෑම කෙනෙක්‌ සසල වී යනු ඇත. සිකුරාදා පැවැති ස්‌වර්ණවාහිනී විවාදයට සහභාගි නොවී ජනතා විමුක්‌ති පෙරමුණත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් පලාගියේ මේ ලියවිල්ල නිසා විය හැක. විශේෂයෙන් ජනතා විමුක්‌ති පෙරමුණට මහත් ල-ජාවට හා අපහසුතාවට පත්වීමට වන කාරණය වන්නේ නොරින්කෝ සමාගම විසින් සකසා තිබුණු එම වැඩසටහනේ චීන මහා ප්‍රාකාරය නැරඹීම, ඔලිම්පික්‌ නගරය නැරඹීම, චීන අධිරාජ්‍යයන්ගේ මාලිගාව නැරඹීම වැනි විනෝදාත්මක ගමන්, සාප්පු සවාරි යනාදිය ද දිනපතාම යොදවා තිබීමයි. හමුදාවේ උසස්‌ නිලධාරීන් මෙසේ විනෝද ගමන් ගොස්‌ ඇත්තේ ලංකාවේ තිස්‌ අවුරුදු යුද්ධයේ අවසන් දින 7 ඇතුළතය. මේ දිනවල ප්‍රභාකරන් රඳවාගෙන සිටි දෙමළ ජාතිකයන් බේරා ගැනීම, අවසන් කොටි බලකඳවුරු බිඳීමට ගොස්‌ හමුදාවේ සොල්දාදුවන් බුරුතු පිටින් දිවි පිදීම සහ ප්‍රභාකරන් ද මියගිය අවසන් මහා සටන සිදුවීම යනාදී දේවල් සිදුවූ කාල පරිච්ඡේදයයි.

මෙකී නොරින්කෝ ආයතනය විසින් සකසා තිබුණු දෛනික වැඩසටහන් පත්‍රිකාව බොරුවක්‌ද නොවේ. ඒ මන්දයත් චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මෙම ශ්‍රී ලාංකික පිරිස සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ ද මෙකී වැඩසටහනේ යොදවා තිබිණි. මෙම හෝටල් කාමර වෙන් කිරීම පිළිබඳ පිටපතක්‌ වැඩසටහන් පිටපතත් දුටු ඕනම කෙනකුගේ පළමු ප්‍රතිචාරය වන්නේ පලායාමය. විවාදයට පෙර ජ.වි.පෙ. ත් එ.ජා.ප. යත් පල්ලම් බැස්‌සේ මේ නිසා විය යුතුය. එසේ නමුත් මෙකී ලියවිල්ලේ දූෂණ හා වංචා ගැන නිශ්චිත තොරතුරක්‌ සඳහන් නැත. එහෙයින් ස්‌වර්ණවාහිනී ආයතනය විසින් විවෘතව තබා ඇති ආරාධනය පිළිගෙන විපක්‍ෂය ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ඇති සැක දුරුකළ යුතුය. මෙකී විවාදයට දේශපාලන කරුණු ගැන කතා කිරීමට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එවීම සුදුසු වුවත් ඔහුත් සමග අවි ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් දැනුමක්‌ ඇති විශ්‍රාමික හමුදා නිලධාරියකු ද එවීම සුදුසු යෑයි මම සිතමි.

 

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Dayasiri, wimal, Sarath, Mahnda okkoma minissu rawattanna boruwata randu wela, ekata kaala beela innawa. ekekutawath attatama rata hadanna uwamanawak atte na. balayata aawama okkoma ekai. ape godak modayo mewa therum ganne nathuwa nikan gaha bana gannawa. thaman kemathi pakshekata chande deela inne nathuwa una wagey hora thakkadi ralak wenuwen kade yana eka maha mooda wadak.