පිස්සෙකුගේ ප්‍රේමය

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    :(:(

    අපේ පලාතෙත් හිටියා මම ඉස්කෝලේ යන දවස් වල මෙහෙම මනුස්සයෙක්. මේ මනුස්සයාත් හොදට ඉගෙන ගත්ත කෙනෙක්. ඉස්සර මේ පලාතෙම ඉදලා තියෙනවා හදි හූනියම් වලට ප්‍රසිද්ධ වෙද මහත්තයෙක්. මේ කෙනාගේ දුවත් එක්ක මේ මනුස්සයා යාළුවෙලා ගෙදරට උගන්නන්න ගිය වෙලාවක. මේ සිද්ධිය ආරන්චි වෙච්ච වෙදා මොකක්දෝ කරලා මේ මනුස්සයාට. ඉතින් එදා ඉදලා මේ මනුස්සයා පිස්සෙක් වෙලා. මේ කෙල්ලගේ නම මාලී. මේ මනුස්සයා මාලී කිය කිය කාටවත් හිරිහැරයක් නැතුව ඉබා ගාතේ ඇවිදිනවා අර වගේම. කොහොමින් කොහොම හරි ඒ මනුස්සයාත් දැන් ආගිය අතක් නෑ. හොයලා බලපුවාම එක එක කට්ටිය එක එක කතා කියනවා. ක්‍රිස්තියානී සභාවකින් මේ මනුස්සයාව හොද කරන්න කොහේදෝ ඇරන් ගියාලු. ඒත් තවම මේ මනුස්සයාට මොනවද උනේ කියලා කව්රුත් දන්නේ නෑ. මේ මනුස්සයාගේ නම වර්ණකුලසූරිය. මේ නම ඇහුව ගමන් එලකිරියේ මේ පලාතේ ඉන්න අයට මතක් වෙයි සිද්ධිය
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    හපොයි..!! :(:(
    කෙල්ල ගැන කියල වාහනේ හැප්පුන එක ගැනයි කියවල ඒ මනුස්සයා කෝච්චියට අහු උනා කියනකොට අඟ හිරිවැටිලා ගියා වගේ...:no::no:
    පට්ටම දුක හිතෙන කතාවක්. හරියට ප්‍රබන්ධයක් වගේ... :sorry::sorry: හිතාගන්න බෑ ඇහුවම...
     
    • Like
    Reactions: Gmaduranga

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    ගාල්ල කියන්නෙ ඔය වගේ ගොඩක් දේ දරාගෙන ඉන්න නගරයක්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය කියන එක තේරුම් ගත්තනම් ඔය මනුස්සය අදටත් ඉන්නවනේ.. අට ලෝ දහමින් කම්පා නොවී ඉන්න උත්සහ කරන්න ඕනේ
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    කතාවේ හැටියට කෙල්ල අතවනවන පාර පැනලා තියෙන්නේ. මෙයා නිසා කෙල්ල වාහනේට හැප්පුනා කියල හැගීමක් මිනිහට තදින් දැනෙන්නැති. තමන් පනවගේ ආදරය කරපු කෙල්ල තමන්ගේම දෑස ඉදිරියේ මැරිල වැටෙනකොට? ඒ භිහිසුනු දර්ශනය කොහොම අමතක කරන්නද? හිත දුර්වල කෙනෙකුට කොහොමටවත් කල නොහැකි දෙයක්. ඔයවගේ දෙයක් වෙච්ච කෙනෙකුව තනිකරන්න හොඳ නෑ. පේනවිදිහට ඒ සිදුවීමෙන් මනස මුදවාගන්න මෙයාට උදව්කරන්න කාටවත්ම බැරිවෙලා තියෙනවා. :(