පිහිණුම් තටාකවල පිහිණීමෙන් පසු ඇස් දැවිල

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,868
    8,099
    113
    මෙන්න මෙතන...
    පිහිණුම් තටාකවල පිහිණීමෙන් පසු ඇස් දැවිල

    පිහිණුම් තටාකවල පිහිණීමෙන් හෝ ස්නානය කිරීමෙන් පස්සේ ඇස් රතුවීම, දැවිල්ල ඇතිවීම අපි හැමෝම අත්දැකලා තියෙන දෙයක්. මේ ඇස් රතුවීමට හේතුව විධියට බොහෝ දෙනා සිතා සිටියේ පිහිණුම් තටාකයේ ජලය පවිත්‍රකිරීමට යොදන ක්ලෝරීන් නිසා මෙම දැවිල්ල හා රතුවීම හටගන්නවා කියලයි.

    ක්ලෝරීන්, ඉතා වේගයෙන් ප්‍රතික්‍රියාකරණ, ඛාදන හැකියාවෙන් ඉහල (highly corrosive) රසායන අවියක් ලෙසටත් කලක් භාවිතාකරපු ද්‍රව්‍යයක් නිසා මෙම නිගමය හරියි කියලා බොහෝ විද්‍යාඥයින් පවා සිතා සිටියා. ඒත් මේ ගැන පර්යේෂණයක් කරපු අමෙරිකානු ව්‍යාධි පාලන මධ්‍යස්ථානය (Centers for Disease Control, CDC-USA) සොයාගෙන තිබෙනවා මේ ඇස් අමාරුවලට හේතුව ක්ලෝරීන් නොවේ, පිහිණුම් තටාකය භාවිතා කරන්නන් එතුලදී පහකරන මුත්‍රා හා ඔවුන්ගේ හමෙන් පිටවන දහඩියේ ඇති යූරියා පිහිණුම් තටාකයේ ඇති ක්ලෝරීන් සමග ප්‍රතික්‍රියාකිරීමෙන් හැදෙන රසායනික සංයෝග කියලා. ඒවගේම පිහිණුම් තටාකයක ජලයෙන් එන ක්ලෝරීන් ග්ඳ කියලා අපි හඳුන්වන ගඳට හේතුවත් ක්ලෝරීන් නොව, මෙම යූරියා හා ක්ලෝරීන් බද්ධව හැදෙන සංයෝග කියලා හොයාගෙන තියෙනවා.

    ඒවගේම ඔවුන් පිහුණුම් තටාක භාවිතාකරන්නන්ට අවවාදයක් විධියට මේ ක්ලෝරීන් ගඳ වැඩිපුර එන පිහිණුම් තටාක භාවිතාකරන්න එපා කියලා කියනවා. ඔවුන් කියන විධියට ක්ලෝරීන් ගඳ වැඩි පිහිණුම් තටාක මුත්‍රා, දහදිය වැනි යූරියා අපද්‍රව්‍ය බහුල ඒවා. යූරියා ගඳ වැඩියෙන් එන්නේ ඒ නිසා බව ඔවුන් කියනවා. ඒ අනුව පිරිසිදු ජලය තියෙන පිහිණුම් තටාකයක යූරියා ගඳ වැනි රසායණික ගන්ධයන්ගෙන් තොර විය යුතු බවත්, පිහිණුම් තටාක භාවිතාකිරිමේදී මේ ගැන සැළකිලිමත්වන ලෙසත් ඔවුන් අවවාද කරනවා.

    ඒවගේම CDC ආයතනය කියනවා, මේ පර්යේෂණ ප්‍රතිපලවලට අනුව පිහිණුම් තටාක භාවිතාකරන්න මැලිවෙන්නත් එපා කියලා. පිහිණුම කියන්නේ ඉතා අධික ලෙස කැලරි දහණයවන, ඉතා හොඳින් පෙනහලු හා හෘදයවස්තුව මෙන්ම මාංශපේෂී විශාල ප්‍රමාණයක් හොඳින් වෙහෙසවන හොඳ ව්‍යායාමයක්.

    පිහිණුම් තටාකයකදී පහවෙන මුත්‍රා, එහි ජලයට මුසුකරලා තියෙන යූරියාමගින් වෙනත් සංයෝගවලට හරවන නිසා මුත්‍රා මිශ්‍රවතුරේ පීනන්නවෙයි කියලා බයක් ඇතිකරගන්න එපා කියලා ඔවුන් කියනවා. ඒත් තමන් භාවිතාකරන පිහිණුම් තටාකයේ පිරිසිදුකම ගැන උනන්දුවෙන්න කියලා තමයි ඔවුන් කියන්නේ.

    ඒවගේම පිහිණුම් තටාකයට බහින්න ඉස්සෙල්ලා වැසිකිලි-කැසිකිලි රාජකාරි අවසන් කරලා, ස්නානය කරලා පිරිසිදු වෙලා තටාකයට බහින්න උනන්දු වෙනවානම් තටාකය භාවිතාකරන හැමෝගෙම සෞඛ්‍යයට ආරක්ශාවක් කියලා ඔවුන් කියනවා. ඒවගේම පිහිණුම් තටාකයේ ජලය කිසිවිටකත් ගිලින්නට එපා කියලා ඔවුන් අවවාද කරනවා.


    Source : http://vidya-gaweshana.blogspot.com/2015/07/blog-post_84.html
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කොහෙද ඉතින් කට්ටිය ඕකට බහින්නේ තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න බලාගේනමනේ...
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    UrineIndicatorDye-copy-300x267.jpg