පිළිකාවට එරෙහිව නිරුවත්වීම..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    පිළිකාවට එරෙහිව නිරුවත්වීම..

    අයර්ලන්තයේ Co Wicklow වෙරළ තීරයේදී කාන්තාවන් 2505 ක් නිරුවතින් දියනෑමෙන් ගිනීස් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව ඇතිබව අයර්ලන්ත ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මීට පෙර කාන්තාවන් 785 දෙනෙක් පර්ත් වෙරළේදී නිරුවතින් දියනාමින් තැබූ වාර්තාව ඉන් බිඳී ගොස් ඇත.

    වඩාත් වැදගත්ම කරුණ වන්නේ මෙම කාන්තාවන් 2505 දෙනා නිරුවතින් දියනෑම මගින් පිළිකාවට එරෙහි සටන් කිරීම සඳහා අරමුදලකට දායකවීමය. වාර්ෂිකව අයර්ලන්තයේ මෙන්ම ලොව පුරා කාන්තාවන් ඇතුලු විශාල ප්‍රමාණයක් පිළිකා රෝගී තත්වයන් නිසා අසරණභාවයට පත්වන අතර ඔවුන්ට සහනයක් වීම සඳහා අරමුදල පිහිටවීම මෙම කාන්තාවන්ගේ අරමුණවිය. මෙම නිරුවත් දියනෑම වැඩසටහනට විශාල ප්‍රචාරයක් ලබාදීම හේතුවෙන් බොහොමයක් ආයතන මෙම අරමුදලට දායකවීමට කැමැත්ත පලකර ඇත.

    පියයුරු පිළිකා හේතුවෙන් පියයුරු ඉවත්කල කාන්තාවන්ද මෙම වැඩසටහනට එක්වීම සංවේදී සිදුවීමක් විය. මෙහිදී කාන්තාවන් බොහෝ දෙනෙක් වෙරළේ නිරුවතින් හිරු එළියේ පහස විඳිමින් සිටින අතරතුර ඔවුන්ගේ ශරීරයේ පිටුපස පිළිකාවට එරෙහි උද්යෝගී වැකි ලියා තිබීම කැපී පෙනුන අංගයකි. මෙම වැඩසටහන වාර්ෂිකව පැවැත්වීම මෙම කාන්තාවන්ගේ අරමුණ වේ.

    උපුටා ගැනීම - www.her.lk
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    විශ්වාස කරන්න අමාරුයි

    ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි නැතුව විශ්වාස කරන්න අමාරුයි නේද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ මනුස්සයෝ පොටෝ :baffled: ප්‍රවෘත්තියක් හරියට වාර්තා කරන්න දන්නේ නෑනේ මේ මිනිස්සු :no:
     

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    Skinny%20Dip%204.jpg