වසර 20ක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පෙලුණු පුද්ගලයෙකු ඊයේ (13දා) සිය නිවස තුළදී සියදිවි නසාගෙන ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.
යෝධකණ්ඩිය, කිරින්ද පදිංචි 66 හැවිරිදි අයකු මෙසේ සියදිවි හානිකර ගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ බිරිද මිට වසර 15කට පමණ පෙර ඔහු අතහැර ගොස් ඇති බවත්,
මියගිය පුද්ගලයා පමණක් නිවසේ හුදෙකලාව ජීවත්ව සිට ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයා වකුගඩු පිළිකා රෝගයට ගොදුරුව දැනට වසර 20ක පමණ කාලයක සිට ප්රතිකාර ලබාගනිමින් සිට තිබේ. දෛනිකව කුලී වැඩක් කරගෙන ජීවත්ව ඇති මෙම පුද්ගලයාට සිය රෝගී තත්ත්වයට නිතර ප්රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමටද සිදුව තිබේ.
කෙසේ නමුත් සිය රෝගයට සදහා නිසි ප්රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමට ඒමට තරම් මෙන්ම ජීවත් වීමට තරම් නිසි ආර්ථික තත්ත්වයක්ද මෙම පුද්ගලයාට නොතිබූ බවයි ගම්මු පැවසූහ.
- Gossip Lanka News