පිළිකා ගැන

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    * පිළිකාව නිසා දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 20,000 කට අධිකයි.

    * පිළිකාව නිසා ලොව පුරා මියයන සංඛ්‍යාව AIDS , ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන හේතුවෙන් මියයන සංඛ්‍යාවේ එකතුවට ද වඩා වැඩිය.

    * ශරීරයේ ඕනෑම කොටසකට වැළඳිය හැකි ආකාරයේ පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් ඇති බව දැනගන්නට ලැබේ.

    * ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පිරිමි පුද්ගලයෙකුට තම ජිවිත කාලය පුරා පිළිකාවක් වැළඳීමේ අවදානම 50% කි.

    * සියලු පිළිකා වලින් 30% ක් දුම්කොළ සහ මද්‍යසාර භාවිතයෙන් ඈත්වීමෙන් වලක්වා ගත හැකි බවට සොයාගෙන තිබේ. මේ සඳහා පෝෂ්‍යදායි ආහාර මෙන්ම දිනපතා ව්‍යායාම් කිරීමද උපකාර වේ.

    * ලොව පුරා පිළිකාවෙන් සුවය ලද හා පිළිකාව සමඟ සටන් කරමින් ජීවත් වන පුද්ගලයින් මිලියන 28ක් ජීවත් වන බව වාර්තාවේ.

    * ඇවිදීම වැනි ව්‍යායාම් තුලින් පියයුරු පිළිකා (BREAST CANCERS) ඇති වීමේ අවධානම 25% කින් පමණ අවම කරන බව සොයාගෙන තිබේ.

    * මර්ජුවානා ශාකයෙන් ලබාගන්න ඖෂධයක් මඟින් පිළිකා සෛල වල වර්ධනය අඩාල කර එය ව්‍යාප්ත වීම වැළැක්වීමට භාවිතා කෙරේ.

    * දුම්වැටියක් තුල විවිධ රසායනික ද්‍රව්‍ය 4800ක් පමණ අඩංගු වන අතර ඉන් 69ක් පිළිකා කාරක ලෙස හඳුනා ගෙන තිබේ.

    * මෑතකදී සිදුකළ අධ්‍යනයක් තුලින් MULTI-VITAMIN භාවිතය නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවීමේ අවධානමක් පවතින බව සොයාගෙන තිබේ.

    * 1991 වසරට සාපේක්ෂව 2010 වසර වන විට පිළිකා මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.

    * ජනප්‍රිය සුපිරි නිලි ඇන්ජලිනා ජෝලිගේ පියයුරු පිළිකාව පිළිබඳව වාර්තාවීමත් සමගම පළමු මාස කිහිපය ඇතුලත ලොව පුරා පියයුරු පිළිකා පරික්ෂා සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ප්‍රමාණය දෙගුණ විය.

    * මුලික අදියරේ දියවැඩියාව පිළිකා අවධානම 15%කින් වැඩි කරයි.

    * පියයුරු පිළිකා වලින් ඇමෙරිකාවේ පිරිමින් 450ක් පමණ වසරකට මියයයි.

    * රතු වයින් වලින් පිළිකා සෛල විනාශ කරයි.
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    * ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පිරිමි පුද්ගලයෙකුට තම ජිවිත කාලය පුරා පිළිකාවක් වැළඳීමේ අවදානම 50% කි.


    උන් ඉතින් කන්නේ මේවමනේ.පිළිකා හැදෙන එක අහන්නත් දෙයක්ද.


    the-top-5-cancer-causing-foods.jpg