පිළියන්දල බෙලෙක් බාස්ගේ පිහිටෙන් ඇරඹූ ලං

DaraGarege

Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    පිළියන්දල බෙලෙක් බාස්ගේ පිහිටෙන් ඇරඹූ ලං

    පිළියන්දල බෙලෙක් බාස්ගේ පිහිටෙන් ඇරඹූ ලංකාවේ ප‍්‍ර‍්‍රථම රූපවාහිනී සේවය
    2014 අපේ‍්‍රල් මස 28 16:21:09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය






    ශ්‍රී ලංකාවේ අද සෑම නිවෙසකම ආලින්දය බදුගෙන ඇති මෙවලමක් නම් ටෙලිවිෂනයයි. එයට සිංහලයෙන් ‘‘රූපවාහිනිය’’ කියාත් සාමාන්‍ය කට වහරේ ‘රූප පෙට්ටිය’ කියාත් පවසනු ලැබේ.
    රූපවාහිනිය එන්නට පෙර යුගයේ නිවෙසට අමුත්තන් පිරිසක් ආ විට තේ පැනින් සංග‍්‍රහ කොට ආගිය තොරතුරු විචාලීම සිරිතයි. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. පැමිණි අමුත්තාද තෑගි බෝග ද තැන්තැන්වල තිබෙද්දී අමුත්තාත් ගෙදර කට්ටියත් හැලහොල්මනක් නැතිව රූපවාහිනිය බැලීම අද ප‍්‍රවනතාව වී ඇත.
    මේ වසරට ලංකාවේ රූපවාහිනි සේවයක් ආරම්භ කොට වසර 35ක් සම්පූර්ණ වුවද ලංකාවේ රූපවාහිනි සේවයක් ආරම්භ කිරීමේ මුල්ම ආරංචිය හැටේ දශකයේ ඩඞ්ලි සේනානායක යුගය තෙක් දිව යන්නකි.
    19වැනි සියවස අගභාගයේදී ‘විද්‍යුත් චුම්භක තරංග’ සොයාගැනීමට ඉතාලි ජාතික විද්‍යාඥ ගුග්ලි එල්මෝ මාර්කෝනි සමත් විය. අපරදිග විද්වතුන් ඉන්පසු රේඩියෝවත් ඉන් අනතුරුව ටෙලිවිෂනයත් නිර්මාණය කරන්නට විය.
    ඩඞ්ලි යුගයේ ජර්මනියෙන් ලංකාවට ‘ටැලිවිෂන් සේවයක්’ ලැබෙන්නට යන බව එදා සිංහල පුවත්පත් වාර්තා කරද්දී සිංහල පාඨකයන්ට ‘ටැලිවිෂනය’ යනු කුමක්දැයි ප‍්‍රශ්නාර්ථයක් විය. ‘කොළඹින් කතාකළ’ කොළඹගේ මහතාගේ රේඩියෝ සිලොන් ගැන පොදු ජනයා දැන සිටියත් ‘ටෙලිවිෂනය’ ඔවුනට ආගන්තුක විය.
    ඞී.බී ධනපාල මහතා මගේ පියාවූ ගුණදාස ලියනගේ තම කාමරයට කැඳවා තමන් සමග සාකච්ඡුාවක් කොට ‘ටැලිවිෂනය’ ගැන ලිපියක් පල කරන මෙන් වගකීමක් පවරන්නට විය. ‘ටැලිවිෂනය යනු කුමක්දැයි’ ඞී.බී ධනපාලයන් සමග සාකච්ඡුාකොට හැටේ දශකයේ පළකොට ඇති ලිපිය ‘රූපවාහිනී’ මාධ්‍ය ගැන ලංකාවේ පළවී ඇති මුුල්ම ලිපිය ලෙස ඉතිහාස ගත වී ඇත. ටැලිවිෂනය යන සිංහල වචනය ‘රූපවාහිනිය’ ලෙස සිංහලෙන් හැඳින්වීමට මුල්වූයේ ප‍්‍රකට භාෂා ශාස්ත‍්‍රඥයකු මෙන්ම පසුව ලංකාදීප කර්තෘවරයකු වූ මහානාම දිසානායක බව බොහෝ දෙනාගේ මතයයි.
    ජර්මන් - ලංකා රූපවාහිනිය සිහිනයක් පමණක්ව ඉතිහාසයට එක් වෙද්දී බණ්ඩාරනායක මැතිනිය යුගෝස්ලාවියාව සමග රූපවාහිනි සේවයක් අරඹන්නට උත්සාහ ගත්තාය. එහෙත් එවකට පැවති රටේ ආර්ථික තත්ත්වය රූපවාහිනිය වැනි සුඛෝපභෝගී විනෝදාංශයකට මුදල් විසි කිරීමට ප‍්‍රමාණවත් නොවූ තැන යුගෝස්ලාවියානු පිරිස නැවත ගොස් ඇත්තේ රූපවාහිනියක් පටන් ගන්නට පෙර තියෙන ‘රේඩියෝ සිලෝන්’ එක ක‍්‍රමවත්ව වැඩි දියුණු කරගන්න ලෙස උපදෙස් දෙමිනි.



    ලංකාවේ රූපවාහිනි සේවාවක් ආරම්භය විවිධ මත ගැටුම් මත පසු බසිත්දී ඩඞ්ලිxසිරිමා යන දෙදෙනාගෙන්ම නියම දේශීය රූපවාහිනි සේවාවක් ඇරඹීමට ‘ඉල්ලා සිටි’ මේ ගැන උනන්දුවක් ඇති තරුණයෙක්ද විය. ඔහු ෂාන් වික‍්‍රමසිංහයි. ඔහුගේ පියා ‘රන්පැන’ සම්මානයෙන් පිදුම් ලත් ප‍්‍රවීණතම පුවත්පත් කලාවේදියකු හා ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ එස්මන්ඞ් වික‍්‍රමසිංහය. ලංකාවට මුලින්ම පරිගණකයක් රැගෙන ආවේ ඔහුය.
    ශාන් වික‍්‍රමසිංහ මේ වනවිට ලන්ඩන් පොලිටෙක්නික් ආයතනයෙන් රූපවාහිනි ශිල්පය හදාරා උපාධියද දිනා තිබුණි.
    අවසර නොලැබුණත් විවිධ රූපවාහිනි විකාශන අත්හදා බලන්නට නම් ෂාන් වික‍්‍රමසිංහත් අනිල් විජේවර්ධනත් පසුබට වූයේ නැත. තම නිවෙස් අතර රූපවාහිනිය කරගනිමින් මේ තරුණ පිරිස විනෝද වූහ.
    1976 අගෝස්තුවේ නොබැඳි ජාතීන්ගේ සමුළුව ඇරඹෙන්නේ මේ අතරය. මෙම සමුළුව අවස්ථාවේ කොළඹ අවට සැතපුම් දහයක් ආවරණය වන පරිදි වැඩසටහන් විකාශයට ශාන් වික‍්‍රමසිංහ ඇතුළු පිරිස සමත් වූහ.
    ලංකාවේ ප‍්‍රථම රූපවාහිනි විකාශය ලෙස එය ඉතිහාසගතවුවද ‘රූපවාහිනි’ සේවාවක් නැති රටක මිනිස්සු මේ විකාශනය නැරඹුවේ කෙසේදැයි ඔබට ප‍්‍රශ්නයක් නැගිය හැකිය.
    මෙම අලූත් අත්දැකීම ලබා ගත හැකි වූයේ යුරෝපයේ සංචාරවලදී ‘විහිළුවට මෙන් ටෙලිවිෂනය’ක් රැුගෙන ආ පිරිසට පමණක් මේ විකාශය දැක ගත හැකි වී ඇති අතර ඒ ප‍්‍රමාණය පනහකට ආසන්න ඉතා සුළු පිරිසකි.
    1977 එජාපය බලයට පත්වීමත් සමඟම ශාන් තම යෝජනාව අග‍්‍රාමාත්‍ය ජේ.ආර් ජයවර්ධනට යොමු කරන්නට විය. ලංකාවට ජපානයෙන් රූපවාහිනි සේවාවක් ලබා දීමට ප‍්‍රතිඥා දී ඇති බැව් කියූ අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලීම ගැන සලකා බැලීමට පමණක් එකඟ විය.
    ජේ. ආර් කියූ පරිදිම ජපන් ප‍්‍රතිඥාව පලදරන්නට විය. ඒ අතර ශාන්ගේ ඉල්ලීමද පල දරන්නට විය.
    සිදුවූයේ කුමක්ද ලංකාවේ රූපවාහිනී සේවාවක් ඇරඹීමට කැමති පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට ඉල්ලූම් කරන ලෙස ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමය. ඉල්ලූම්පත් හතළිහකින් තෝරාගෙන ඇත්තේ ශාන් වික‍්‍රමසිංහ සහ මොරිස් රොච් නම් සමාගමත් පමණය.
    1979 ජනවාරි 15දාට පෙර බලපත‍්‍ර ගාස්තුව වූ රුපියල් ලක්ෂය ගෙවීමට තෝරාගත් අයට සිදුවිය.


    ශාන් වික‍්‍රමසිංහ, අනිල් විජේවර්ධන, සහ බොබ් ක‍්‍රිස්ටි නව රූපවාහිනි සේවාවේ කොටස්කරුවන් විය. මෙයින් බොබ් ක‍්‍රිස්ටි ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි ‘පැසිපික් කොමියුනිකේෂන්’ නමැති ආයතනයේ නියෝජිතයකු විය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ ජපනුන් අලූතින් ලංකාවේ අරඹන රූපවාහිනි සේවාවට වැඩසටහන් විකිණීමේ සාකච්ඡුාවකටය.
    තුන්දෙනෙකු එකතුව හැදු මේ නව ව්‍යාපාරයේ නාමය I.T.N නම් විය. (ස්වාධීන රූපවාහිනි සේවය) ස්වාධීන රූපවාහියට වසර තුනක් පිරුණු වෙලාවේ ශාන් වික‍්‍රමසිංහ මහතා, සඟරාවකට ප‍්‍රකාශයක් කොට ඇත්තේ තමන් තනිවම මේ සේවය ආරම්භ කළානම් මේ නම වෙනස් කරන බවය. ස්වාධීන රූපවාහි සේවය ආරම්භයට අවශ්‍ය ඉදිරිකිරීම් සහ ආනයනය කළ යුතු උපාංග ඇනවුම් කෙරෙන්නේ මේ අතරය. ලෝකයේ ඒවන විට භාවිත කළ රූපවාහිනි ක‍්‍රම 14 අතරින් ජර්මනියේ ‘වැල්’ විකාශන ක‍්‍රමය ස්වාධීන රූපවාහිය අනුගමනයට ඒවන විටත් තීරණය කොට හමාරය.
    ස්වාධීන රූපවාහිය ඇරඹීමට වූ බාධා එකින් එක ජයගනිද්දී හිතා ගත නොහැකි නිවේදනයක් රජයෙන් නිකුත් කරන්නට විය. රාජ්‍ය අමාත්‍යංශය මහජනතාවට නිවේදනයක් නිකුත් කිරමින් කීවේ ලංකාවේ ප‍්‍රථම රූපවාහිනි වැඩසටහන 1979 අපේ‍්‍රල් 13 වැනි දින විකාශන කටයුතු ආරම්භ කරන බවය. නමුත් ඒවන විට විකාශන කුලූණ සවි කරන තැනවත් ගැන එකඟතාවට ඒමට ස්වාධින රූපවාහිනි බලධාරින් සමත්වී සිටියේ නැත. කොටුවේ සෙලින්කෝ මන්දිරය, මහජන බැංකු ගොඩනැගිල්ල සහ තවත් තැන් බැලූ පාලනාධිකාරය පන්නිපිටියේ ඉඩමක් මේ සඳහා තෝරාගන්නා ලදී. පෞද්ගලික සමාගමකට විකාශන කුලූන හැදීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදෙන ලදී.
    නව රූපවාහිනි සේවාවට අවශ්‍ය ආනයනික උපකරණ ලැබෙන්නට පටන්ගත්තේ ප‍්‍රමාදවය. සිංගප්පූරු ගුවන් තොටුපළේ පමාවක් නිසා එය අපේ‍්‍රල් 1 වැනිදා පමණ වන්නට විය. මෙහිදී බොහෝ උපකරණ හානියට පත්ව තිබුණි. උපකරණ පන්නිපිටියට ගෙනවිත් නිදිවරාගෙන ඒවා අලූත්වැඩියා කරන්නට සිදු විය.
    1979 අපේ‍්‍රල් 13 වැනිදාට එළිවිය. සවස තුන වන තුරුත් විකාශන කුලූනේ වැඩ නිමවා නොතිබුණි. සවස තුනට විකාශන ඇන්ටනාව සවිකර බලනවිට විකාශනය හැතැම්ම භාගයක් වත් ගෙන යා නොහැකි ලෙස ආනයනික උපකරණවලට අලාභහානි වී ඇති බව පෙනෙන්නට විය.
    මේ අවස්ථාව ශාන් වික‍්‍රමසිංහ මහතාගේ වචනයෙන්ම සඳහන් කොට ඇත්තේ මෙසේය.
    ‘‘මම විකාශන ඇන්ටෙනාව ගැලෙව්වා ඉක්මනට. ඒකේ දෝෂයක් තිබුණා. ඒත් අලූත් වැඩියා කරන්න උපකරණ නැහැ. මට කල්පනා වුණා පිළියන්දල පැත්තේ සිටින මා අඳුනන බෙලෙක් කඩකරුවෙක්. මම ඔහු සොයාගෙන ගියා එවේලෙම. යනකොට ඔහු අඩියක් එහෙම ගහලා හිටියෙ. මං කිව්වා පුළුවන් නං මේ වැඬේට අත ගහන්න කියලා. මිනිහ ‘හා’ කියලා බාර ගත්ත වාගේම මට වුවමනා විදියට ඉතා හොඳට එම විකාශන ඇන්ටනාව අලූත් වැඩියා කර දුන්නා. ඔහු මට පිළිසරණ වූ නිසාම නෙවී, ඔහුගේ දක්ෂතාවට මා තාමත් හිස නමනවා.
    පිළියන්දල බෙලෙක් බාස් ‘අඩියක් හෙම ගසා’ බෞතිස්ම කළ ඇන්ටෙනාවට පිංසිදුවන්නට 1979 අපේ‍්‍රල් 13 වැනි දින සවස 6.35 ට ශ්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනි වැඩ සටහන ගුවන්ගත වූයේ එය ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී සේවය’ ලෙස ඉතිහාසයට එක් කරමිනි.
    මේ ලිපිය කියවන විට වසර ගණනාවක් රජයට පවරාගන්නාතුරු මේ ෂගඔගභ එක දැහැමින් සෙමින් කරන්න ඇතැයි ඔබටද සිතෙන්නට ඇත.
    පන්නිපිටියේ මහල්වරාවත්තේ මුරගෙයක් වැනි තැනක කිලෝවොට් එකක ධාරිතාවයෙන් යුත් සම්පේ‍්‍රෂණ යන්ත‍්‍රයක් සමඟ පවත්වාගෙන ගිය මේ ස්වාධින රූපවාහිනියට ආයුෂ තිබුණේ දින 52 කි. කොටස් කරුවන් අතර වූ ආරවුල් හා කාර්මික දෝෂයක් බැවින් විකාශන කටයුතු අත්හිටුවීම හේතුවෙන් 1979 ජුනි 5 වැනි දින රාත‍්‍රී ගැසට් නිවේදයක් මඟින් ස්වාධින රූපවාහිනි සේවය රජයට පවරාගන්නා ලදී.
    ගුවන්විදුලි සංස්ථා පනත යටතේ ගුවන් විදුලි හෝ රූපවාහිනි බලපත‍්‍රයක් ලබාදීමේදී අඛණ්ඩව එය පවත්වාගෙන යායුතු අතර පැය විසි හතරක් නිහඬව සිටීම තහනම්ය. ස්වාධින රූපවාහිනිය රජයෙට පවරා ගත්තේ ඉහත කොන්දේසිය උල්ලංගනය කළ නිසාය.
    රජයට පවරාගත් ස්වාධින රූපවාහිනියෙට බලධරයින් දෙදෙනකු පත් කිරීමට රජය විසින් පියවර ගන්නා ලදී. ඉන් එක් අයකු වූයේ 1923 මාර්තු 22 දා උපන් ප‍්‍රවීණ ගුවන් විදුලි පරිපාලකයකු වූ දොන් තේවිස් ලෙලිවල ගුරුගේ නොහොත් තේවිස් ගුරුගේ මහතාය. අනෙක් නිසි බලධරයා රාජ්‍ය අමාත්‍යංශයේ උපදේශක සුනිල් අබේසුන්දර මහතාය.
    තේවිස් ගුරුගේ ස්වාධින රූපවාහිනිය භාරගත්නාවිට එහි සිටි මුළු සේවක ගණන තුනකි. අද නම් එය සිතාගත නොහැකි සංඛ්‍යාවකි. ගුරුගේ මහතා විමතියට පත්ව ඇත්තේ මේ සුළු පිරිස මාස 3කට තරම් ප‍්‍රමාණවත් වැඩසටහන් සූදානම් කර තිබීමය.
    ගුවන්විදුලියේ ෙඩිවිඞ් බුවල් David Buwal ප‍්‍රධාන ඉංජිනේරු ලෙස පත්කළ ගුරුගේ ඔහුගේ සහායට රුක්මින් විජේමාන්න එක්කළේය. ගුවන්විදුලියේම ඒච්.එම්. ගුණසේකර සහ ෂර්ලි පෙරේරා ද ස්වාධින රූපවාහිනියට එක්වන්නේ ඉන් පසුවයි. තේවිස් ගුරුගේ පරිපාලනය යටතේ මුලින්ම විකාශනය කොට ඇත්තේ ‘සෙසමි ස්ටි‍්‍රට්’ නම් ඇමෙරිකානු ළමා වැඩසටහනයි.


    http://www.lankadeepa.lk/index.php/articles/228668
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;16602279 said:
    තමුන්ගේ සහෝදරයා ආණ්ඩු කරන කාලෙදිවත් විශේෂ වරප්‍රසාද නොගත් වැදගත් මහත්මයෙක් තමයි ශාන් වික්‍රමසිංහ කියන්නේ

    :yes:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    tfs mcn


    තමුන්ගේ සහෝදරයා ආණ්ඩු කරන කාලෙදිවත් විශේෂ වරප්‍රසාද නොගත් වැදගත් මහත්මයෙක් තමයි ශාන් වික්‍රමසිංහ කියන්නේ
    11.gif
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    පිස්සු පුසා;16602279 said:
    තමුන්ගේ සහෝදරයා ආණ්ඩු කරන කාලෙදිවත් විශේෂ වරප්‍රසාද නොගත් වැදගත් මහත්මයෙක් තමයි ශාන් වික්‍රමසිංහ කියන්නේ
    :yes::yes::yes::yes::yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පිස්සු පුසා;16602279 said:
    තමුන්ගේ සහෝදරයා ආණ්ඩු කරන කාලෙදිවත් විශේෂ වරප්‍රසාද නොගත් වැදගත් මහත්මයෙක් තමයි ශාන් වික්‍රමසිංහ කියන්නේ
    ඒකට අර ජිල්පිට් ලන්තෙ කට්ටිය. නෑයොන්ගෙ ගෙවල්වල බල්ලො පූසොත් සභාපතිලා.:D
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    පිස්සු පුසා;16602279 said:
    තමුන්ගේ සහෝදරයා ආණ්ඩු කරන කාලෙදිවත් විශේෂ වරප්‍රසාද නොගත් වැදගත් මහත්මයෙක් තමයි ශාන් වික්‍රමසිංහ කියන්නේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Similar threads