පීසීආර් 5000 ක්‌ කරාපිටියේ හිරවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන වෛරසවේදී රසායනාගාරයේ පී.සී.ආර්. සාම්පල් 5000ක් පමණ ගොඩගැසී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙකී වෛරසවේදී රසායනාගාරයේ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත‍්‍ර ඇත්තේ දෙකක් පමණක් වන අතර දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1000ක් පමණක් සිදුකරයි. දකුණු පළාතේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන එකම රෝහල වන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලයි. මේ නිසා දකුණු පළාතේ ආශ‍්‍රිතයන්ගෙන් ගන්නා පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් යොමුකරනු ලබන්නේ මෙම කරාපිටිය ශික්ෂණ රෝහල වෙතය. මෙම තත්ත්වය නිසා පී.සී.ආර්. පරීක්ෂණවල ප‍්‍රතිඵල ලැබීමේ ප‍්‍රමාදයක් ද ඇති වී තිබේ.

    මෙම තදබදය මගහැරෙන තෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය වෙත පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් භාර ගැනීම තාවකාලිකව නතර කර ඇත. මේ පිළිබඳව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී.එච්.එස්. ජීවරත්න මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.

    පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් ගොඩගැසී තියෙන කතාව ඇත්ත. මෙකී තදබදය මගහැරෙන තෙක් දැනට ලබා ගන්නා පී.සී.ආර්. සාම්පල් කොළඹ නගරයේ පිහිටි රෝහල් දෙකක රසායනාගාර වෙත යොමුකිරීමට කටයුතු කරනවා. තව දින දෙක තුනක් යන විට මෙම ගැටලූවට විසඳුමක් ලැබේවි. කරාපිටිය රෝහලේ රාසායනාගාරයේ පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවය දිනකට 1500 දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. අවශ්‍ය අනිකුත් සම්පත් රාසායනාගාර වෙත ලබා දීමට කටයුතු කරනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    පකේ ටෝක්ස් vs යථාර්ථය

    FB_IMG_1620428841690.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අඩෝ දැන් කොරෝනා අමතක කරපල්ලා.

    චීනගේ රොකට් එක ඔලුව උඩ.

    හෙටද වැටෙන්න තියෙන්නේ?


    ekath oya corona wedi wena eka wahaganna adala arapu guliyak wenna athi kiyala hithenne nedda?

    foreign sources wala thibunanam sure karanna puluwan
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Hadissiyak na anith wada karagena wela thibboth pcr gana balanna. Eelanga pilisandara kawadda enne.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් සාම්පල් එකක් අරන් ගොඩක් වෙලා ගියොත් එකේ තියෙන කොවිඩ් වයිරස් විනාශ වෙන්නේ නෑද්ද? ඉක්මනට චෙක් කරන්න ඕනේ ඈතිනේ?