පුංචි නංගි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පුංචි නංගී

වැස්ස වහින් නෑ
හුළඟක්වත් නෑ
අද දෙන්නට කම්මැලියිද
අහන්නවත් බෑ

රස්නෙ හින්ද පුංචි නංගි නිදියන්නේ නෑ
පාඩම් වැඩ ගොඩගැහිලා කර ගන්නත් බෑ
ලාම්පුවේ තෙල් ඩිංගත් හිනාවෙන්නෙ නෑ
හෙටත් ඉතින් දණ ගහන්න වෙයිද දන්නෙ නෑ

හෙට හවසට කුලී මාමා දෙන්නෙ සල්ලි ටිකයි
පාඩම් පොත පිටු ඉවරයි කිරි නංගියෙ ඉවරයි
තාත්තවත් හිටියා නම් ‍මෙහෙම දුකක් නොදෙයි
අම්ම මාව දාල ගියේ නංගි හින්ද තමයි

- මාලන් විදානපතිරණ

(කාලෙකට පස්සේ මම ළමා ගීතයක් ලිව්වා.මේක මගේ දෙවැනි ළමා ගීතය.එලකිරියට දාන මුල්ම ළමා ගීතය)
 
ncbrando

Member
Jan 31, 2014
838
115
0
anthima pada 4 therun na machan.
nirmanaya nan lassanai :)

පොඩි එකා කුලී වැඩ කරන මනුස්සයෙක් ළඟ අත්උදව් දෙනවා.ඒකෙන් තමයි එයයි, නංගියි ජීවත්වෙන්නේ.ඒත් වැඩ අඩු දවස් වගේම වැඩ වැඩි අදවස් මේ කොල්ලා දන්නවා.හෙට වැඩ අඩු දවසක්.ඒ කියන්නේ සල්ලි ටිකක් මදි.ඒ වුණාට ලියන පාඩම් පොතේ පිටු ඉවරයි.ඒ මදිවට නංගිට අරන් දෙන්න දොස්තර මහත්තයා කියපු පිටිත් ඉවරයි. තාත්තා හදිසි අනතුරකින් නැති වුණා. අම්මා, නංගිව හම්බවෙන්න ගිහින් නැති වුණා.නංගි පොඩි නිසා කොහෙහරි ළඟ ගෙදරක නවත්තලා තමයි හැමදාම කොල්ලා ඉස්කෝලෙත් ගිහින් වැඩටත් ගිහින් එන්නේ.
 
  • Like
Reactions: LHasindu

ncbrando

Member
Jan 31, 2014
838
115
0
නියමයි මාලන් මචං.. හැමදාම වගේ ලස්සන නිර්මාණයක්.. ජය වේවා..!

බොහොම ස්තුතියි දිනූෂ. ඔයාගේ නිර්මාණත් විශිෂ්ට මට්ටමක තියෙනවා.හදවතින්ම සුභ පතනවා මම.
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0

පොඩි එකා කුලී වැඩ කරන මනුස්සයෙක් ළඟ අත්උදව් දෙනවා.ඒකෙන් තමයි එයයි, නංගියි ජීවත්වෙන්නේ.ඒත් වැඩ අඩු දවස් වගේම වැඩ වැඩි අදවස් මේ කොල්ලා දන්නවා.හෙට වැඩ අඩු දවසක්.ඒ කියන්නේ සල්ලි ටිකක් මදි.ඒ වුණාට ලියන පාඩම් පොතේ පිටු ඉවරයි.ඒ මදිවට නංගිට අරන් දෙන්න දොස්තර මහත්තයා කියපු පිටිත් ඉවරයි. තාත්තා හදිසි අනතුරකින් නැති වුණා. අම්මා, නංගිව හම්බවෙන්න ගිහින් නැති වුණා.නංගි පොඩි නිසා කොහෙහරි ළඟ ගෙදරක නවත්තලා තමයි හැමදාම කොල්ලා ඉස්කෝලෙත් ගිහින් වැඩටත් ගිහින් එන්නේ.
සංවෙදී වැඩියි :no: ඒත් ඕවා තමා ඇත්ත මේ ලෝකේ තියෙන . ස්තූතියි මචන් පැහැදිළි කිරීමට. උබේ නම නං මට හුරුයි වගේ. උඹේ මොනා හරි මන් කලින් කියවල ඇති.