පුංචි පවුල රත්තරං රටට ගැලපෙන්නක් නොවේ?

පුංචි පවුල රත්තරං රටට ගැලපෙන්නක් නොවේ?

250322_553165068028450_1471836378_n.jpg


පුංචි පවුල රත්තරං තවදුරටත් මේ රටට ගැලපෙන්නක් නොවේ. සීග්‍ර සංවර්ධනයකට යොමු වෙමින් පවතින මෙරටට නැණවත්, ගුණවත් දරු දැරියන් වඩ වඩාත් අවශ්‍යයි. මේ අවශ්‍යතාවය සපුරාලීම සදහා මෙරට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට පැවරී ඇත්තේ මහ වගකීමක්. මෙම පණිවිඩය අදාළ දෙමව්පියන් වෙත ගෙන යමින් පුංචි පවුල රත්තරං වැඩපිළිවෙලට තිත තැබීම සදහා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ හැකියැයි සබරගමු මහ ඇමති, මහීපාල හේරත් මහතා සදහන් කරයි.

ඔහු එසේ සදහන් කළේ, කෑගල්ල තැපැල් ශ්‍රවනාගාරයේ පැවැති රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ කෑගල්ල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

මෙහි දී සබරගමු මහ ඇමති මහිපාල හේරත් මහතා සදහන් කළේ, වත්මන් රජය සේම සබරගමුව පළාත් සභාව ද අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර දෙකට වඩාත් ප්‍රමුඛ ස්ථාන ලබාදෙන බවය.

විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ කිසියම් ගැටළුවක් පැන නගින්නේ නම්, එම ගැටළුව විසදනු මිස එය ඔඩු දිවීමට ඉඩ සලසා නිහඩව සිටීම වගකිවයුත්තන්ගේ යුතුකම නොවන බව ද මහ ඇමතිවරයා කිය.

ප්‍රශ්නයක් ඇත්නම් කල් දාන්න එපා. ප්‍රශ්න විසදීම සදහා හොදම පිළිවෙත සාකච්ඡා සහ අදහස් හුවමාරු කර ගැනීමයි. එවන් සාකච්ඡා හරහා තනි මත වෙනුවට, සාමූහික මත ඔස්සේ ප්‍රශ්න වලට නිවැරදි විසදුම් සොයා ගත හැකියි. වර්ජන වලට වඩා සාකච්ඡා වඩා වැදගත් බව කී මහ ඇමතිවරයා, අප අතර ඇති අනවබෝධ දුරු කර යහපත් අවබෝධයක් සදහා ද එවන් සාකච්ඡා උපකාරී වනු ඇතැයි කීය.

සබරගමු පළාතේ එක තැන පල් වුණු සෞඛ්‍ය ව්‍යාපෘති 17 ක් ඉදිරි කෙටි කාලය තුළ ආරම්භ කරන බව ද මහ ඇමතිවරයා සදහන් කළේය.

කලක් මේ රටේ පුංචි පවුල රත්තරං යැයි ඇගයුමක් තිබුණා. එහෙත්, එය අදට ගැලපෙන්නෙ නැහැ. මේ නිසා, වැඩි වැඩියෙන් දරු සම්පත දැයට දායාද කිරීමට ඒ සදහා යෝග්‍ය දෙමාපියන් පෙළඹවීම පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වගකීමක් යැයි ද මහ ඇමතිවරයා කීය.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අපේ ඇමතිවරුන්ට මේ ප්‍රශ්නයට ගෙයින් ගෙට ගිහින් තම තමන්ගෙ දායකත්වය දෙන්න පුලුවන්
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    nlm.png


    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ රෙදිපිලි වෙළඳ සැල් ජාලයක් වන නෝ ලිමිට් ආයතනය මහරගමදී මුළු මසහතා ජාතියෙන් සමාව ඉල්ලා තිබේ. ඊට හේතු වී ඇත්තේ සිංහල රාවය ජාතික සංවාධානයේ ජාතික සංවිධායක හිමියන්ට එරෙහිව ඔවුන් උසාවියේ පවරන ලද නඩුවක් ඔප්පු කර ගැනීමට නොහැකිව සමථයකට පත් වීමයි.

    අන්තර්ජාල සමාජ ජාලා සහ විවිධ මාධ්‍යයන් ඔස්සේ නෝ ලිමිටි සමූහයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් සිය සමාගමට මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවන බවත් ඒ සියල්ල මෙහෙයවන්නේ සිංහල රාවය ජාතික සංවිධානය බවත් පවසමින් පසුගිය දා එම සංවිංධානය විසින් නඩු පවරා තිබුනේ සිංහල රාවය ජාතික සංවිධානයෙන් එම මුදල් අයකර දෙන ලෙස ඉල්ලමිනි.

    කෙසේ වෙතත් උසාවියේදී දෙපාර්ශ්වය විසින් නඩුව සමථයකට පත් කරගෙන ඇති අතර පසුව සිංහල රාවය ජාතික සංවිධානය චෝදනා කර තිබුනේ සංඝ සමාජයට අපහාස කිරීමේ වරදට නෝ ලිමිට් ආයතනය ජාතියෙන් සමාව ගත යුතු බවයි.

    එම ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් ඊයේ පස්වරුවේ මහරගම නෝ ලිමිට් වෙළඳ සැල ඉදිරිපිටදී සිංහල රාවය ජාතික සංවිධානයේ විශාල පිරිසක් විසින් විරෝධතාවයක් පැවැත් වූ අතර එතැනට පැමිණි නෝ ලිමිට් සහකාර කළමණාකාරවරයා සමස්ථ සංඝ රත්නයෙන් සහ මුළු මහත් ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය.

    අවසානයේ විරෝධතාකරුවන් සවුදි ආරාබියේ මරණ දඩුවම් නියම කර ඇති තුංගසිරි වෙනුවෙන්ද සවුදි රජයට විරෝධය පාමින් අබ්දුල්ලා රජුගේ පිළිරුවක්ද ගිණිබත් කලහ.


    nlm-01.png


    nlm-02.png


    nlm-03.png


    nlm-04.png


    Source