පුංචි මල් කුමාරි
පුංචි මල් කුමාරි
දරන්නට බැරි තරම් හොවා ගෙන දෝතේ මල්
ඒ නමුදු සිඟිති වත තවරගෙන සිනහ මල්
යනෙ'න දන දකින මුත් නුඹේ මුවේ සිනා මල්
දකින්නේ කවුරුන්ද නුඹෙ සිතේ කඳුලු මල්
නෙලා මල් උදෑසන ගොසින් බැස කළල් දිය
ගෙනා මල් පුද උන් නිවන් සුව පතන්නෙය
පතා නොව නිවන් සුව රැක ගන්න තම දිවිය
සිතා විය යුතුයි ඇය දරන්නේ මේ දිරිය
පුංචි මල් කුමාරි
දරන්නට බැරි තරම් හොවා ගෙන දෝතේ මල්
ඒ නමුදු සිඟිති වත තවරගෙන සිනහ මල්
යනෙ'න දන දකින මුත් නුඹේ මුවේ සිනා මල්
දකින්නේ කවුරුන්ද නුඹෙ සිතේ කඳුලු මල්
නෙලා මල් උදෑසන ගොසින් බැස කළල් දිය
ගෙනා මල් පුද උන් නිවන් සුව පතන්නෙය
පතා නොව නිවන් සුව රැක ගන්න තම දිවිය
සිතා විය යුතුයි ඇය දරන්නේ මේ දිරිය

