පුංචි ළමයි අන්ධ කරන බිටෝ ලප

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පුංචි ළමයි අන්ධ කරන බිටෝ ලප

    71182364_671856376643738_2819780153062719488_n.png


    මගේ රෝගියෙක් සම්බන්ද වෙන අත්දැකීමක් බෙදා ගන්න හිතුවා.රෝගියා නම් අවුරුදු 5ක් වයස පුංචි පුතෙක්.අපි මෙයට බිනුර කියල කියමුකෝ.
    පුංචි බිනුර මගේ පුද්ගලික සායනයට අරගෙන අවේ බිනුරගේ අම්මයි තාත්තයි.ඒ දෙන්නත් මම තරමක් අදුරන යුවලක්.ගමේ පන්සලේ ඕන වැඩකදී මුලික වෙලා කරන බොහොම වැදගත් පවුලක්.
    පුංචි බිනුරගේ වම් ඇහේ ලපයක් එයාගේ අම්මා දැකල තියනවා.දවස් ගණනාවක් තිස්සේ මේ ලපය මේ විදියටම තිබිලා තියනවා.පුතාට කිසිම වේදනාවක්,පෙනීමේ වෙනසක් වත් නෑලු.ඒ වගේම වෙනද වගේම සෙල්ලම් කරනවා,මොන්ටිසෝරි යනවා.ප්‍රශ්නයක් නෑලු.
    හැබැයි බිනුර එයාගේ වයසේ අනික් ළමයින්ට සාපේක්ෂව වැදිලා මදි වගේ කියල මට හිතුනා.දරුවාගේ වර්ධන සටහන් අම්මලා අරගෙන ඇවිත් තිබ්බේ හොද වෙලාවට.
    මම හිතුවා හරි.පුතාගේ වයසට ගැලපෙන බරක් නම් නැ.දැන් කාලයක් ඉදන්ම බර රතු පාට තීරුවේ.

    "කෑමට හොරයි මහත්තයෝ".ඒ බිනුරගේ තාත්තා කිව්වා කතාව.
    "මස් මලු එහෙම දෙන්නේ නැද්ද දරුවට"
    "අපේ ගෙවල් වල වැඩිය මස් මලු පිහන්නේ නැනේ"

    පෝෂණ උනතා තියෙන දරුවෙක් ඇහේ ලපයක් එක්ක එනවා නම් බිටෝ ලපය(bitot spot) සැක කරන්න කියලා අපිට කියල දුන්නේ වෛද්‍ය විද්‍යාලයේ තුන් වෙනි අවුරුද්දේ ඉගෙන ගන්නකොටයි.

    බිටෝ ලප ඇති වෙන්නේ විටමින් A උනනතවයකදී.මස්,මලු,බිත්තර,නැවුම් එළවලු පලතුරු ගන්නවා නම් විටමින් A යහමින් ලැබෙනවා.විටමින් A නැති උනාම ඇහේ පිටතින් පෙන්න තියන පටක කොටස් කාලයක් එක්ක ස්වභාවිකව ඉවත් වෙලා යනකොට අලුතින් පටක එකතු වෙන්නේ නැ.ඒ වෙනුවට අර මරුන සෛල කොටස් ඇහැ මතුපිට එකතු වෙලා තියනවා.සරලවම කිව්වොත් හරියට නාල ඉවර වෙලා හම අතිල්ලුවම පහසුවෙන් ගැලවිලා එන හමේ පටක කොටස් කුණු රැදිලා තියනවා වගේ හමේ රැදිලා තියෙන්නේ,අන්න ඒ වගේ.මුලදී කිසිම වෙනසක් නොතේරුණත් නිසි ප්‍රතිකාර නොලැබුනොත් අන්ධ වෙන්නත් පුළුවන්.
    ප්‍රතිකාර කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ආහාර පුරුදු වෙනස් කරන එක තමයි.ඊට අමතරව විටමින් A එන්නත් පවා ලබා දෙනවා අවශ්‍ය උනොත්.
    පොඩි ළමයින්ට විතරක් නෙමේ වැඩිහිටි කෙනෙක්ට උනත් බිටෝ ලප ඇතිවෙන්න පුළුවන් පෝෂණ උනතාවයක් තියනවා නම්.විශේෂයෙන්ම අධික ලෙස මත්පැන් පානය කරන අයට,සිරෝසිස් රෝගය තියන අයට අධික අවධානමක් තියනවා බිටෝ ලප ඇති වෙන්න.

    ඉතින් මම පුංචි බිනුරගේ දෙමාපියන්ට ආහාර පුරුදු ගැන පොඩි දැනුවත් කිරීමක් කරලා ළමා රෝග පිලිබදව වෛද්යවරයෙක්ටත් යොමු කළා.

    මේ කතාව කියන්න හේතු උනේ මට පුංචි බිනුරවයි එයාගේ අම්මයි තාත්තයි මුණ ගැහුනා පන්සලේ පින්කමකදී.හරියටම කිව්වොත් මුලින්ම මගේ වෛද්‍ය උපදෙස් ගත්තට පස්සේ මාස තුනකින් විතර.පොඩ්ඩක් බැලුව බිටෝ ලපය පෙන්න තියනවද කියල.
    නැ.ලපේ අතුරුදහන් වෙලා
    ඒ කියන්නේ හරි ප්‍රතිකාර වැටිලා තියනවා.

    copied
     
    • Like
    Reactions: Sri_Sampath