මගේ එකාට වයස 10 යි. මේ පාර ශිෂ්යත්වේ ලිව්වේ. මූ කියනවා මූ පාස්ලු කොහොමත්. උබේ එකා තව පාස් වෙලා ඉවර වෙලා තෑගි ඉල්ලනවා මගෙ එකා පොරොන්දු වෙච්ච තෑගි වලින් ඇඩ්වාන්ස් ඉල්ලනවා පාස් වෙන්නත් කලින්. මම පරන ලැප් කටුවක් අරන් දීල තියෙන්නේ (Acer dual core 2.4GHz), අපරාදේ කියන්න බෑ router එක configure කරගෙන නෙට් හදාගන්නත් පුලුවන් මේ වෙනකොට.win 7 දැම්මා දෙපාරක්. keypad එක සවුත්තු වෙලා ඌ එක්කම නෙට් එකෙන් හොයල ගෙනැල්ලා දුන්නාම housing එකෙන් පන්නලා අගේට දාගත්තා අවුලක් නැතුව. මටනම් ඌ ඒකෙන් ඉගෙනගෙන තියෙන ටික කෝටියක් වටිනවා මේ වෙනකොට. මම ගේම් ගහන්න තහනම් කරල නෑ හැබැයි දවසට පැයයි උපරිම. හැබැයි දැන් දැන් ගේම් ගහන්න ආසාවක් නෑ බුවාට. එපා වෙලාද කොහෙද. Word දාගෙන letter එකක් එහෙම type කරන්න print කරන්න පුලුවන්.
මමත් ඔය තෑගි අරන් දෙනව කියලා කට වරද්දගෙන කෙලවගත්ත ලෙල්ලටම. මූ මගෙ බයික් එකත් පදිනව පොඩි උනාට. හොදට බයික් අමාරුව තියෙනවා. ශිෂ්යත්වේ පාස් උනොත් ATV එකක් අරන් දෙන්න කිව්වා. අක්කත් එක්ක එකතු වෙලා ikman එකේ 17,000/= ට තිබ්බ එකකුත් හොයල පෙන්නුවා. මමත් හා කිව්වා හොයන්නේ බලන්නෙ නැතුව. මෙන්න මූ විභාගේ ලියලා ආපු වෙලාවෙ ඉදන් නහයෙන් අඩනවා ATV එක අරන් දෙන්න කියලා. මාර ආතල් ටෝක් දෙන්නේ. විභාගෙ කොහොමත් පාස්ලු. විභාගෙ රිසල්ට් ආවහම අලුත් ඉස්කෝලෙ වැඩ මුල ඉදන් හරියට කරන්න වෙන නිසා මේව පදින්න වෙලාවක් නැති වෙයිලූ.. නයි කයිද රෝස් පාං කිව්වලු. අපි නොදන්න මුන්ගේ පිලිවෙලට වැඩ කිරිලි.
ඔන්න ඔහේ ඕන බිබික්කමක් කියලා කතා කරල බැලුව අර ඇඩ් එකට. ඒ මගුල වැඩ කරන එකක් නෙමෙයිලු. ඒක අල්ලලා දැම්ම. මම hornet එක ගත්ත තැන ATV තිබ්බ මතක්වෙලා ගියා එතනට. අම්ම ගහයි. 110CC Yamaha, Auto එකක් තිබ්බා 85k කිව්වා. දැන් හරී සනීපයි මට ඉතින් මොනව කොරන්නද ගෙනත් දුන්නා.
කෙල්ලත් ඒකට ආසයි. දැන් අක්කයි මල්ලියි දෙන්නම ඒක පදිනවා. මට sure කොල්ලා ඕකෙන් සෑහෙන්න දෙයක් ඉගෙන ගන්නවා. මගෙ බයික් කෑලි නොකලොත් මට ඇති. මට wife ගෙන් කුණු බැනුම් ඇයි දැන් පෙට්රල් ගෙනත් දෙන්නත් එපෑ. මෛත්රී තෙල් අඩු කරයි නේද බං??![]()
අඩේ අයියේ advance කරන්න එපා බං
ඔව්ව අනිත් උන්ටත් පුරුදු කරලා මල කෙලියක් වෙන්නේ ! අරුගේ තාත්ත රිසාල්ට් එන්නත් කලින් තෑගි දෙනවා අපේ තාත්ත එහෙම නෑ කියයි. අඩො my3 පෙට්රල් 60 ට අඩු කරනවා කියනවා අපි බලමුකෝ සුවර් නෑ ඒ උනත්. මේ අඩේ සිස්සත්වේ කොට උඩ ගියොත් මාර අවුල වෙන්නේ. මූනට මූන බලන්න වෙන් නෑ! පොඩි නිසා මුකුත් කියන්නත් බෑ 
win 7 දැම්මා දෙපාරක්. keypad එක සවුත්තු වෙලා ඌ එක්කම නෙට් එකෙන් හොයල ගෙනැල්ලා දුන්නාම housing එකෙන් පන්නලා අගේට දාගත්තා අවුලක් නැතුව. මටනම් ඌ ඒකෙන් ඉගෙනගෙන තියෙන ටික කෝටියක් වටිනවා මේ වෙනකොට. මම ගේම් ගහන්න තහනම් කරල නෑ හැබැයි දවසට පැයයි උපරිම. හැබැයි දැන් දැන් ගේම් ගහන්න ආසාවක් නෑ බුවාට. එපා වෙලාද කොහෙද. Word දාගෙන letter එකක් එහෙම type කරන්න print කරන්න පුලුවන්.


දැන් ලොකු ලොකු ඇග මහත කලු අයියලටනෙ ආස...

