පුද්ගලික_දේපල_අස්ථානගත_වීමක් :P

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    BUmp!

    Sihiyak nene itn

    Geniyek bala bala givin bus eke serama amathaka karana Eki passe ganna athi

    :P:P:P
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22537416 said:
    kwuda issuwe
    උස්සපු එකා දන්නවනම් ඌ ත්‍රේඩ් දානවද සිම් එකගන්න විදිය අහලා. උබ පොලිසිය්ද බන් වැඩ. උනුත් ඔහොමයි..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ජාතික හැදුනුම්පත සදහා

    උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
    පාට ජායා රූප 03 ක් ( රජයේ අනුමත පොටෝ ශාලාවකින් ගන්න ඕන. ඔයාලගේ පැත්තට අදාල අනුමත ඒවා ගැන බලන්න එන්.අයි.සි වෙබ් සයිට් එකට යන්න )

    පොලිස් පැමිනිල්ලේ පිටපත ( රු.25 ක් දීලා ගන්න ඕන ඇන්ට්‍රිය දාලා )

    හැදුනුම්පත බාවිත කල බවට සාක්ෂී ( බැංකු පොතේ මුල් පිටුවේ පොටෝ කොපියක්)

    මුද්දර රු.15 එකක්
    වන් ඩේ සර්විස් යනවනම් රු.35 මුද්දරේ අවශ්‍ය නැහැ. නැත්තම් ඒක අවශ්‍යයි.
    දිග ලියුම් කවර 01

    ඔය ටික අරන් ග්‍රාම නිලධාරී වෙත යන්න. දැන් දෙන අයි.ඩී එක පට්ට. වීසා කාඩ් එක වගේ.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මුලින්ම පොලිස් entry එකක් දාගන්න නැති උන NIC, Driving licence නම්බර් එහෙම දාලා. ගොඩක් වටිනවා නම්බර් ටික මතක නම්.. පස්සේ ඒකේ කොපියක් අරන් ඒක සනාථ කරගන්න true copy කියලා police station එකේදිම. Certify කරන්න රු.25/=ක් යනවා. මාරු සල්ලි ගෙනියපන් හරියටම 25ක් නැත්නම් කූඩුවේ දායි. :rofl:

    දැන් ඔය කොපියයි, ඔරිජනල් එකයි, උප්පැන්නේ ඔරිජිනල්, ඒකෙ කොපි එකයි අරන් ග්‍රාමසේවක හම්බෙලා කියන්න සිද්දිය. එයා form එකක් දෙයි NIC එක ගන්න ප්‍රාදේශීය සභාවට ගිහින් බාරදෙන්න කියලා. ග්‍රාමසේවක හම්බෙන්න යද්දී NIC photo ටික අරන් යන්න. 4ක් ඕනා වැඩේට. තව long envelope දෙකක් අරන් යන්න.

    දැන් මුද්දරත් ඕනා රු. 50/=ක වගේ. හරියටම මුදල මතක නෑ මට මචන්. :sorry: ප්‍රාදේශීය සභාවෙන් ඕක certify කරගත්තට පස්සේ උදෙන්ම දුවන්න බත්තරමුල්ලේ තියෙන NIC Office එකට. පහලම තට්ටුවේ ඇති One day/ normal line එක. කැමති එකකට යන්න. මෙතැනදී එයාලා ඔයාගේ documents ටික check කරනවා. ඊට පස්සේ උබට 9 තට්ටුවට යන්න පාස් එකක් දෙනවා ටිකට් එකක් එක්ක.. මේක උබ ගෙදර එනකන්ම නැති කරගන්න එපා. ඒකත් අරන් 9 තට්ටුවේ reception counter එකෙන් ටක් ගාලා one day service ticket එකක් ගන්න.

    අදාළ department එකට යද්දි security එකෙන් entrance එකේදී ticket number & documents check කරලා තමා ඇතුලට ගන්නේ. දැන් සුටුස් ගාලා පුටුවක් අල්ලන් වාඩි වෙලා ඉන්න තියෙන්නේ. මතක ඇතුව original documents with certified copies 1ක් වත් ගෙනියන්න. නැත්නම් උබට තවත් දවසක් රස්තියාදු වෙන්න වෙයි.
    One day Rs. 1000/= ගන්නේ. මතක ඇතුව වතුර බෝතලයක්, 100% charged phone එක, හොද headset එකක් එහෙම ගෙනියන්න. මොකද ඇතුලේ පැය 3ක් වගේ බලන් ඉන්න ඕනා NIC එක ගන්න. මතක් කරලා pen එකක් එහෙම අරන් යන්න. ඕකකට අම්බානකට demand ඇතුළේදී. :D:D

    මෙච්චරයි මට මතක මචන්. පොඩි පොඩි අඩු පාඩු ටිකක් ඇති.. ඒ Application form එක ග්‍රාමසේවක දෙනවද කියන එක විතරයි... මේවා අනික් අයගේ අත්දැකීම් එක්ක හදලා කියයි නේ.
     
    Last edited:
    උස්සපු එකා දන්නවනම් ඌ ත්‍රේඩ් දානවද සිම් එකගන්න විදිය අහලා. උබ පොලිසිය්ද බන් වැඩ. උනුත් ඔහොමයි..

    ඔයාලට ෂැක කවුරු හරි ඉන්නව ද :P :P
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    oyata ID eka natuwa sim ganna puluwa.... සෙනසුරාද දවසට එනව නේද සිම් විකුණන අය

    ඔයාගෙ නැතිවෙච්ච බඩු ඒආකාරයෙන්ම හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා:love:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිංහලු, මගේ ෆෝන් එකක් සහ පර්ස් එක නැති උනා...මට උදව්වක් ඕනේ..:yes:

    මට හිතෙන්නේ මගේ පර්ස් එක ආයේ හම්බෙන එකක් නැහැ :no::( ෆෝන් එක නම් පොලිස් එන්ටරි එකක් දාල TRC එකට දාල තියෙන්නේ :yes: එකත් හම්බෙන එකක් නැහැ...කමක් නැහැ...

    දැන් මගේ ප්‍රශ්නේ මේක..මගේ ෆෝන් එකේ තිබ්බේ මොබිටෙල් සිම් දෙකක්...මට ඒ නම්බර් එකටම අලුත් සිම් එකක් ගන්න පුළුවන් ද? :) ගන්නවානම් කොහොමද ගන්නේ? :P

    අලුතෙන් ID එකක් හදන්න මොනාද අවශ්‍ය ඩොකියුමන්ට්ස්? ලයිසන් එකත් අලුතෙන් හදන්න ඕනේ..මේකට මොනාද ඕනේ? මේවා එක දවසෙන් කරගන්න පුළුවන් වෙයිද? :baffled: එහෙම නැති වෙලා හදාගත්තු උන් ඉන්නවද? :D

    මේක බලල බම්ප් එකක් වත් දාල යන්න :(
    1. ඔව් ගන්න පුලුවන්, සිම් දෙකම උඹේ නමට තිබ්බ නම් වැඩේ තව ලේසියි, හැබැයි ඒකටත් ID එක ඕන වෙනවා, ඒ නිසා මුලින් සිම් දෙක ඩිස්කනෙක්ට් කරල දාපං හොට්ලයින් කතා කරලා, පස්සෙ ඒ දෙක ගැන බලපං,

    2. අලුතෙන් අයි.ඩී එක හදන එක ගැන නම් මට අයිඩියා එකක් නෑ වැඩිය. මම හිතන්නේ ග්‍රාම සේවක හෝ ප්‍රාදේශීය ලේකම් එකෙන් තමයි වැඩේ කරගන්න වෙන්නේ

    3. ලයිසන් එකනම් පුලුවන්, පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා උඹට ඒ පොලිස් රිපෝට් එකෙන් දුවන්න පුලුවන්, ඒ අතරෙ ටෙම්පරි ලයිසන් එකක් හදාගන්න පුලුවන් දවසින්