පුනරුත්පත්තිය සිදුවන හැටි

Answer

Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    #1.
    සිත ය, කය ය කියා සත්ත්වයකුගේ කොටස් දෙකකි. එයින් සිත, කය ඇසුරු කොට කයෙහි පිහිටා පවත්නකි. කය, සිත නිසා සිතට අනුව පවත්නකි. ඒ දෙකින් සිත යම් කිසි වස්තුවක් නොව ක්‍රියාවකි. එබැවින් සෑම සිතක් ම ඇසිපිය හෙලන්නට ගතවන කාලය පමණ වත් නො පැවතී උපන් සැටියේ ම බිඳෙන්නේ ය. බිඳීමය යි කියනුයේ එහි නැති වී යාමට ය. උපන්නා වූ සිත බිඳෙනු සමග ම “ගලා බස්නා ගංගාවක එක තැනක ජලය පහළට බසිනු සමඟ ම සිස් බවක් - අතරක් නො පෙනෙන ලෙස එ තැනට උඩිත් තුබූ ජලය පැමිණෙන්නාක් මෙන්” එ තැනට අලුත් සිතක් පහළ වේ. මෙසේ එකක් බිඳෙනු සමග ම පරතරයක් හෙවත් සිස් කාලයක් නො පෙනෙන ලෙස නැවත සිතක් පහළවීම සිතෙහි ඇති එක්තරා සෘද්ධි විශේෂයකි. එබැවින් සිත් පරම්පරාව දීර්ඝ වූ වැලක් සේ නො සිඳී නිවනට පැමිණෙන තුරු පවතී.

    එක් සිතක් නිරුද්ධ වූ පසු එකවර සිත් කීපයක් ඇතිවී අතු බෙදී යන ස්වභාවයක් ද එහි නැත. එබැවින් එක් සත්ත්වයෙක් එක් සත්ත්වයෙක් ලෙස ම සිටිනු මිස කිසි කලෙක බෙදී දෙදෙනෙක් නො වන්නේ ය. නැවත නැවත ජාතියෙන් ජාතිය උපදනා සත්ත්වයා ගේ ශරීරවල එකිනෙකට සම්බන්ධයක් නැත. සිත් පරම්පරාව පමණක් එකක් වේ. මිනිසකු මැරී දෙව්ලොව උපන් කල්හි දෙව්ලොව උපන්නේ ඒ මිනිසා ය කියනුයේ, දැන් ඒ දෙවියා ගේ ශරීරය ඇසුරු කොට පවත්නේ මිනිසා ගේ ශරීරයෙහි පැවති චිත්ත පරම්පරාව ම නිසා ය.

    වර්තමාන ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නො පැමිණ ඉපදීමේ ක්‍ර‍මය මෙසේය. සත්ත්ව ශරීරයේ හෘදය කෝෂය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට පවත්නා වූ විඥාන ධාතුවට ආධාරස්ථානය වන එක්තරා ධාතු කොටසක් ඇත්තේ ය. එයට අභිධර්ම ප්‍ර‍කරණවල වස්තුරූපය යන නම හා හෘදයවස්තුව යන නම ද ව්‍යවහාර කොට තිබේ. ඒ වස්තුරූපය විඥාන ධාතුව සේ ම බිඳි බිඳී නැවත නැවත උපදමින් පරම්පරා වශයෙන් පවත්නකි. හෘදය කෝෂය තුළ නිතර පවත්නා ලෙයක් නැත. නිතර ම එක් තැනකින් ලෙය එයට ඇතුළු ව තවත් තැනකින් බැහැර ව යන්නේ ය. එහෙත් හෘදය රූපය යි කියන ලද ධාතු විශේෂය හෘදය කෝෂයෙහි වූ ලෙය සමඟ ම පවතිනවා මිස ඉන් බැහැර වන ලෙය හා එක් වී පිට වී නොයයි. එබැවින් වස්තුරූපය හෘදය කෝෂය තුළ ම පවත්නේ ය යි කියනු ලැබේ. සත්ත්වයා ගේ සිත් පරම්පරාව පවත්නේ ඒ වස්තුරූපයෙහි ය.

    හෘදය කෝෂය වනාහි පරණ ලෙය බැහැර කරනු පිණිස හා අලුත් ලේ ගැනීම පිණිස ද නිතර ක්‍රියා කරන්නේ ය. යම් කිසි හේතුවකින් හෘදය වස්තුව ක්‍රියා විරහිත වුව හොත් එහි ලෙය විකෘතියට පැමිණේ. ඉන් පසු ඒ ලෙයෙහි විඥාන ධාතුවට නිඃශ්‍ර‍ය වන හෘදය රූප නම් වූ ධාතු කොටසට නො පැවතිය හැකි වේ. එය අනුක්‍ර‍මයෙන් හීන වී ගොස් අන්තිමට කිසිවක් ඉතිරි නොවී අභාවප්‍රාප්ත වේ. ඉන් පසු ශරීරයේ සිත් ඉපදීමට සුදුසු තැනක් නැති වේ. ඒ ශරීරයෙහි උපදනා අන්තිම සිත නිරුද්ධ වූ කල්හි සත්ත්වයා මළේ ය යි කියනු ලැබේ. හෘදය ක්‍රියා කිරීම නැවතී කොපමණ වේලාවකින් අන්තිම සිතේ නිරෝධය වූ මේ මරණය සිදුවේ ද යන්න නිශ්චය වශයෙන් නො කිය හැකිය. එහෙත් එයට වැඩි කලක් ගත නො වන බව කිය හැකි ය.

    හෘදය රූපය ඇසට නො පෙනෙන සියුම් ධාතු විශේෂයකි. එහි ඇති නැති බව නිසා ලෙයෙහි අමුත්තක් ද නො පෙනේ. විඥානයට නිඃශ්‍ර‍ය වන දෙයක් මේ ශරීරයෙහි නැති වුව ද, විඥාන පරම්පරාවෙහි එක් විඥානයක් නිරුද්ධවීම සමග ම, අතරක් නො දක්වා තවත් විඥානයක් ඉපදීමේ ශරක්තිය නො නැසුණු බැවින්, එක් ශරීරයක් ඇසුරු කොට උපදනා අන්තිම විඥානය නිරුද්ධ වනු සමග ම, ඒ පරම්පරාවෙහි ඒ විඥානයට අනතුරු ව ඉපදිය යුතු විඥානය කොහි හෝ යම්කිසි අන් තැනක උපදනේ ය. එක් ශරීරයක අන්තිමට නිරුද්ධ වන විඥානයට ච්‍යුති චිත්තය යි ද එයට අනතුරු ව අන් තැනක උපදනා ඒ පරම්පරාවට අයත් චිත්තයට ප්‍ර‍තිසන්ධි චිත්තය යි ද කියනු ලැබේ.

    සිතක් යම් තැනක උපන හොත් එය එ තැන ම අතුරු දහන් වනු මිස අන් තැනකට නො යේ. මේ ශරීරය ඇසුරු කොට මෙහි පහළ වූ සිත් සියල්ල මෙහි ම නිරුද්ධ ය. ප්‍ර‍තිසන්ධි චිත්තය යි කියනු ලබන අනාගත භවයා ගේ පළමු වන සිත මෙහෙන් නො ගොස් එහි ම පහළ වූවකි. එහෙත් එය මේ භවයේ සිත් පරම්පරාවට ම අයත් ය. සත්ත්වයකු ගේ එක් භවයක සිට අනෙක් භවයකට යාමක් සත්‍ය වශයෙන් නැත ද මේ පරම්පරා සම්බන්ධය නිසා ලෝකව්‍යවහාරයේ සැටියට මේ සත්ත්වයා ම අපායට ගියේය යි ද, දෙව්ලොවට ගියේය යි ද කියනු ලැබේ.

    සිත පරම්පරා වශයෙන් නො සිඳී ඇති වන්නේ ය යි කියන ලද නමුත්, සෑම සිතක් ම උපදිනුයේ ඒ ඒ සිත ඇතිවීමට සුදුසු වූ හේතූන්ගෙනි. හේතුවකින් තොර ව ඉබේ ම උපදනා එක සිතකුදු සිත් පරම්පරාවෙහි නැත. ප්‍ර‍තිසන්ධි චිත්තය යි කියනු ලබන භවයක ප්‍ර‍ථමයෙන් උපදනා විඤ්ඤාණය, සංස්කාරය යි කියන ලද කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසිවක් නිසා උපදින්නකි. එහි පිළිවෙළ මෙසේ ය.

    මරණාසන්න සත්ත්වයා ගේ චිත්තසන්තානයට කර්මය, කර්මනිමිත්තය, ගතිනිමිත්තය යන තුනෙන් එකක් එළඹ සිටින්නේ ය. එහි කර්මය යනු මැරෙන්නා වූ සත්ත්වයා විසින් ඒ භවයෙහි කළා වූ ද එයට පෙර භවවල දී කළා වූ ද කුශලාකුශල කර්මයෝ ය. මරණාසන්න සත්ත්වයා හට තමා කරන ලද කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසිවක් ඒ අවස්ථාවේ දී සිහි වේ. එය කර්මය එළඹ සිටීම ය.

    කර්මනිමිත්තය යනු කර්මය සිදු කිරීමට උපකරණ වූ වස්තූන් හා පුද්ගලයෝ ය. සමහර විට මරණාසන්න සත්ත්වයා ගේ සිතට කර්මය එළඹ නො සිට කර්මනිමිත්ත එළඹ සිටින්නේ ය. ප්‍රාණඝාතය කළවුන්ට මරනු ලැබූ සත්තු හෝ ඔවුන් ගේ මස් හෝ ප්‍රාණඝාතයට වුවමනා උපකරණ හෝ එයට සහාය වූ පුද්ගලයෝ හෝ පෙනෙත්. දන්දුන් තැනැත්තා හට ආහාරපානාදි දාන වස්තු හෝ ප්‍රතිග්‍රාහකයෝ හෝ සහාය වූ පුද්ගලයෝ හෝ පෙනෙත්. වන්දනා කළ තැනැත්තා හට, විහාර චෛත්‍ය-මල්-පහන් ආදි වස්තු පෙනෙන්නේ ය. ඒවා තමා ගේ සමීපයේ ම තිබීනම් කර්ම නිමිත්ත වශයෙන් ඇසට ම පෙනෙන්නේ ය. පුරාණ කර්මයන් ගේ නිමිති සිහින පෙනෙන්නාක් මෙන් සිතට ම පෙනෙන්නේ ය.

    ගතිනිමිත්තය යනු කර්මය හේතු කොට මතු උපදින ස්ථානයේ ඇති දෙයකි. සමහර කෙනකුට මරණාසන්නයේ දී ගතිනිමිත්ත පෙනේනේ ය. නරකයේ උපදනා සත්ත්වයනට ගිනිජාලා යමපල්ලු ආදි භයංකර දේ ගතිනිමිත්ත වශයෙන් දර්ශනය වේ. ප්‍රේත ව උපදිනුවන්ට ප්‍රේතයන් ගේ වාසස්ථානාදිය දර්ශනය වේ. මවු කුසයක උපදිනුවන්ට රතුරෙද්දක් සේ ඒ මවු කුසයම දර්ශනය වේ. මේවා දර්ශනය වන්නේ ද සිහින පෙනෙන්නාක් සේ සිතට ය. කලාතුරකින් කෙනකුට ගතිනිමිත්ත ඇසට නො පෙනෙන්නේ නො වේ. මරණාසන්නයෙහි මේ තුන අතුරෙන් එළඹ සිටි දෙයක් අරමුණු කරමින් මැරෙන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය පවත්නේ ය.

    මේ අවස්ථාවේ අනුශය වශයෙන් පවත්නා වූ අවිද්‍යාව නිසා සත්ත්වයා හට යා යුතු භවයේ ආදීනවය වැසේ. අනුශය වශයෙන් පවත්නා තෘෂ්ණාව නිසා චිත්තසන්තතිය කර්මයට අනුරූප පරිදි පැමිණිය යුතු අභිනව භවය දෙසට බර වේ, හෙවත් නැමේ. මෙසේ මැරෙන සත්ත්වයාගේ චිත්තසන්තතිය (සිත්පෙළ) අභිනව භවයට නැමී බර වී පවත්නා කල්හි, වර්තමාන ශරීරය ඇසුරු කොට උපදනා අවසාන සිත ඉපද නිරුද්ධ වූ පසු ඒ සිත් වැලෙහි එයට අනතුරුව ඉපදිය යුතු සිත, එළඹ සිටියා වූ කර්මාදි ආරම්මණය ම අරමුණු කොට කර්මානුරූප පරිදි ඉපදිය යුතු ස්ථානයේ ඒ කර්මය ම විපාකත්වයට පැමිණීම් වශයෙන් උපදනේ ය. ඒ සිත උපන් පසු සත්ත්වයා අභිනව භවයට පැමිණියේ ය යි කියනු ලැබේ.

    සත්ත්වයා ගේ සිත් වැලෙහි අතීත භවයට අයත් ශරීරයේ අවසාන වශයෙන් පහළ වූ සිතට ච්‍යුතිචිත්තය යි ද, අභිනව භවයේ ආදියෙහි ම පහළ වූ සිතට ප්‍ර‍තිසන්ධිචිත්තය යි ද කියනු ලැබේ. ප්‍ර‍තිසන්ධිචිත්තය පහළවීම සමග ම හෝ පහළවීමෙන් පසු ක්‍ර‍මයෙන් හෝ කර්මයට හා ඒ ඒ සත්ත්වජාතියට ද අනුරූප වන පරිදි ශරීරයක් ද ඇති වේ. ඒ ශරීරය අතීත ජාතියේ ශරීරය හා සම්බන්ධයක් නැත. සිත පමණක් අතීත ජාතියේ සිත් පරම්පරාවට සම්බන්ධය. ප්‍ර‍තිසන්ධි චිත්තය යි කියන ලද භවයෙහි ප්‍ර‍ථමයෙන් පහළවන්නා වූ සිත අන් සිතක් නැති සෑම අවස්ථාවේ ම නැවත නැවත ඉපදීම් වශයෙන් ඒ භවය මුළුල්ලෙහි ම පවත්නේ ය. චිත්ත පරම්පරාව නො සිඳී පැවැත්මට එය හේතු වේ. එබැවින් නැවත නැවතත් පහළ වන්නා වූ ඒ සිතට භවංග චිත්තය යි කියනු ලැබේ. සත්ත්වයාගේ ප්‍ර‍කෘති සිත එය ය. ඒ සිත ඇති බව දැනගැනීම නම් අපහසු ය.

    #දෙවන කොටසට
    👇
     

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    දෙවන කොටසට
    #2
    ශරීරය පහළ වී චක්ෂුරාදි ඉන්ද්‍රියයන් හා රූපාදීන් ගැටුණු කල්හි කුශලාකුශල සංඛ්‍යාත සංස්කාර හේතුවෙන් චක්ෂුර්විඥානාදි විඥානයෝ පහළ වෙති. කුශලාකුශල සංඛ්‍යාත සංස්කාරය නැතහොත් සත්ත්වයාගේ චිත්ත පරම්පරාව මරණයෙන් සිඳෙනු මිස අනාගත භවයට නො පැමිණෙන්නේ ය. එබැවින් කර්මයෙන් සත්ත්වයා ඒ ඒ ජාතිවලට පමුණුවනු ලැබේය යි කියනු ලැබේ. කර්මය ඇත ද අවිද්‍යා තෘෂ්ණා දෙක නැතහොත් ඒ කර්මය සත්ත්වයා ඒ ඒ භවයන්ට යැවීමට සමත් නො වේ. අවිද්‍යා තෘෂ්ණාවෝ ද කර්මය නැති කල්හි සත්ත්වයා ඒ ඒ භවයට පැමිණවීමට අපොහොසත් වෙති. එබැවින් කර්ම ඇතත් අවිද්‍යා තෘෂ්ණාවන් ප්‍ර‍හාණය කළ රහත්හු නැවත නූපදිති.

    නැවත නැවත උත්පත්තියට අවිද්‍යා - තෘෂ්ණා - කර්ම යන තුන ම බලවත් හේතු ය. එයිනුදු තෘෂ්ණා කර්ම දෙක වඩාත් ප්‍ර‍ධාන ය. විඥානයට තෘෂ්ණාව බලවත් හේතුවක් වතුදු, හේතුඵල පරම්පරා ක්‍ර‍මයක් දක්වන මේ ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනයෙහි තෘෂ්ණාවේ විඥාන හේතුත්වය දක්වන්නට ගිය හොත් දේශනා ක්‍ර‍මය අවුල් වන බැවින් මෙහි විඥාන හේතුත්වයෙන් තෘෂ්ණාව නො ගන්නා ලදී. මේ එක් දේශනා ක්‍ර‍මයකි. ආර්‍ය්‍යසත්‍ය දේශනාවෙහි වනාහි සත්ත්වයා ගේ නැවත නැවත ඉපදීමේ හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ කර්මය නොව තෘෂ්ණාව ය. ඒ එක දේශනා ක්‍ර‍මයකි. ක්‍ර‍ම දෙක අවුල් කර නො ගෙන වෙන් වෙන් වූ ක්‍ර‍ම දෙකක් සැටියට සලකා ගත යුතු ය.

    මිනිසෙක් මැරී දෙවියෙක් ව උපන්නේය යි කියන කල්හි මනුෂ්‍ය ශරීරයෙන් කිසිවක් නො ගොස් දෙව්ලොව උපන් දෙවියා ඒ මිනිසාම ද? නැතහොත් අනෙකෙක් ද? යන මෙහිදී නැගිය හැකි ප්‍ර‍ශ්නයකි. මිනිසා ගේ ශරීරයෙන් පැමිණි කිසිවක් ඒ දෙවියා ගේ සන්තානයෙහි නැති බැවින් දෙවියා මිනිසා ද නො වේ. දෙවියා ගේ ශරීරය ඇසුරු කරමින් පවත්නේ මිනිසා ගේ ශරීරය ඇසුරු කරමින් පෙර පැවති සිත් පරම්පරාව ම බැවින් දෙවියා ඒ මිනිසාගෙන් අනෙකෙක් ද නොවේ.

    සත්‍ය වශයෙන් ලැබෙන සත්ත්වයාය කියා දෙයක් නැත. එය නාමරූප පරම්පරාවන්ට ම ව්‍යවහාර කරන නමකි. මනුෂ්‍යයකු ගේ සන්තානයෙහි ඉපදීමේ පටන් මරණය දක්වා නො නැසී පවත්නා කිසිම දෙයක් නැත. ඇත්තේ චිත්ත චෛතසික පරම්පරාවක් හා රූප පරම්පරාවෙකි. ඒ පරම්පරාව පරම්පරාවක් බව නො පෙනෙන නිසා සිතින් එකක් කොට වරදවා ගෙන කලක් ජීවත් වන මනුෂ්‍යයෙක් හෙවත් සත්ත්වයෙක් ඇතය යි සලකනු ලැබේ. චිත්ත චෛතසික පරම්පරාව හා රූප පරම්පරාවක් මිස සත්ත්වයෙක් කියා කලක් පවත්නා දෙයක් නැති බව තේරුම් ගතහොත් මේ සත්ත්වයා ම ජාතියෙන් ජාතියට යන්නේ ද? නො යන්නේ ද? වර්තමාන භවයෙන් කිසිවක් නො ගොස් අනාගත භවයෙහි අලුතෙන් ම උපන් සත්ත්වයා අතීත ජාතියේ විසූ සත්ත්වයා ද? අනෙකෙක් ද? යන මේ ප්‍ර‍ශ්න ලෙහෙසියෙන් ම විසඳෙන්නේ ය. මෙය පිළිබඳව අවුල ඇති වන්නේ සත්‍ය වශයෙන් නැති සත්ත්වයකු මේ නාමරූප පරම්පරාවට ආරූඪ කරගෙන එයට අනුව සිතීම නිසා ය.

    එක් මිනිස් ජීවිතයක අවස්ථා බොහෝ ගණනක් ඇත්තේ ය. එයින් ළදරු අවස්ථාවය, තරුණ අවස්ථාවය, මහලු අවස්ථාවය යන තුන ප්‍ර‍ධාන අවස්ථාවෝ ය. ළදරුවකු තරුණයකු වූ කල්හි තරුණයාට ඇත්තේ ළදරු ශරීරයට වඩා සර්වප්‍ර‍කාරයෙන් වෙනස් වූ ශරීරයකි. දැන් ඔහුට ළදරු ශරීරයක් නැත. ඔහුගේ සිතුම් පැතුම් ඕනෑ එපා කම් ළදරු සිතුම් පැතුම් ඕනෑ එපාකම් වලට සර්වප්‍ර‍කාරයෙන් වෙනස් ය. ඔහුට දැන් ළදරු සිතුම් පැතුම් ඕනෑ එපාකම් ඇත්තේ ම නැත. වයස අවුරුදු අසූවක් අනූවක් වී තරුණයා මහලු වූ කල්හි ඔහුට ඇත්තේ තරුණ ශරීරයට සර්වප්‍ර‍කාරයෙන් වෙනස් ශරීරයකි. ඔහුට ඇත්තේ ළදරුවාගේ ද තරුණයාගේ ද සිතුම් පැතුම් ඕනෑ එපාකම් වලට සර්වප්‍ර‍කාරයෙන් වෙනස් වූ සිතුම් පැතුම් ඕනෑ එපාකම් ය.

    ශරීරයෙන් හා සිතුම් පැතුම්වලින් ඔවුනොවුන්ට සර්වප්‍ර‍කාරයෙන් වෙනස් වූ බාලයාය - තරුණයාය - මහල්ලාය යන මේ තිදෙනා එක්කෙනෙකැ යි කියත හොත් ළදරුවාට ම තරුණයාය යි ද, මහල්ලාය යි ද, කියන්නට වීමෙන් මහ අවුලක් ද වනු ඇත. ළදරුවාය තරුණයාය මහල්ලාය යන තිදෙනා එක් කෙනකු නොව තිදෙනෙකැ යි කියතහොත් ළදරුවා ගේ අයිතිවාසිකම් හා නෑකම් තරුණයාට අහිමි වන්නේ ය. තරුණයා ගේ අයිතිවාසිකම් නෑකම් මහල්ලාට අහිමි වන්නේ ය. එයින් ද වන්නේ මහ අවුලකි.

    බාලයා ගේ ශරීරයේ රූපකලාප (කුඩා කොටස්) නැති වෙවී ඒවා වෙනුවට මඳක් මේරූ රූප පහළ වන්නේ ය. ඒවා ද නැති වී, ඒවාට වඩා මඳක් මේරූ රූප පහළ වන්නේ ය. මෙසේ වාර බොහෝ ගණනක් වූ පසු බාලයා තරුණයෙක් වෙයි. බාල කල පැවති රූපයන් ගෙන් අල්පමාත්‍ර‍යකුදු තරුණ ශරීරයේ නැත. සිතුම් පැතුම් නැති බව ගැන කියනු ම කිම? බාලයා ගේ බාල ශරීරය තිබිය දී නම් ඔහුට කිසි කලෙක තරුණයකු නො විය හැකි ය. තරුණ ශරීරය පසු කලකදී ඇති වූවක් බැවින් ද බාලයා ගේ ශරීරයෙන් කිසිවක් ඉතිරි ව තරුණ ශරීරයට එකතු වී නැති බැවින් ද, තරුණයා බාලයා ගෙන් අනෙකෙකැ යි ද, තරුණ ශරීරයේ රූප බාල ශරීරයේ රූපයන් ගෙන් පරම්පරාවට අයත් වන බැවින් තරුණයා බාලයාගෙන් අනෙකෙක් නො වේ ය යි ද කිය යුතු ය. මෙසේ ගත් කල්හි බාලයා හා තරුණයා ඒකත්වයෙන් ගැනීමෙන් වන අවුල ද නො වන්නේ ය. අනේකත්වයෙන් ගැනීමෙන් වන අවුල ද නො වන්නේ ය.

    එසේ ම මිනිසා දෙවියකු වූ කල්හි මිනිසා ගේ සිරුරෙන් දෙව් ලොවට ගිය දෙයක් දෙවියා කෙරෙහි නැති දෙයක් දෙවියා මිනිසා ගෙන් අනෙකෙකැයි ද, දෙවියා ඇති වූයේ මිනිසා ගේ සිත් පරම්පරාවෙන් බැවින් ඔහු මිනිසා ගෙන් අනෙකෙක් නොවේ ය යි ද ගත් කල්හි කිසිදු අවුලක් නො වන්නේ ය. බාලයා ගේ අයිතිකම් නෑකම් තරුණයාට හිමි වන්නාක් මෙන් ද, තරුණයාගේ අයිතිකම් නෑකම් මහල්ලාට හිමි වන්නාක් මෙන් ද, මිනිසා ගේ පින් පව් දෙවියාට හිමි වන්නේ ය. අනෙකකු ගේ පින් පව් වල ඵලය අනෙකකුට වන්නේ ය යන්නක් කිය යුතු නො වන්නේ ය.

    -රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් සම්පාදිත පටිච්ච සමුප්පාද විවරණය' ධර්ම ග්‍රන්ථය ඇසුරිණි-

    මේ ධර්ම දාන කුසලය මෙය කියවන සියල්ලන්ටම එක සේ සම්මෝහය දුරුවීම පිණිසම උපනිශ්‍රය වේවා !!
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    How do you mean? Like less Abhidhamic terms?
    yes with normal Sinhala words.

    eg

    වර්තමාන ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නො පැමිණ ඉපදීමේ ක්‍ර‍මය මෙසේය. සත්ත්ව ශරීරයේ හෘදය කෝෂය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට පවත්නා වූ විඥාන ධාතුවට ආධාරස්ථානය වන එක්තරා ධාතු කොටසක් ඇත්තේ ය. එයට අභිධර්ම ප්‍ර‍කරණවල වස්තුරූපය යන නම හා හෘදයවස්තුව යන නම ද ව්‍යවහාර කොට තිබේ. ඒ වස්තුරූපය විඥාන ධාතුව සේ ම බිඳි බිඳී නැවත නැවත උපදමින් පරම්පරා වශයෙන් පවත්නකි. හෘදය කෝෂය තුළ නිතර පවත්නා ලෙයක් නැත. නිතර ම එක් තැනකින් ලෙය එයට ඇතුළු ව තවත් තැනකින් බැහැර ව යන්නේ ය. එහෙත් හෘදය රූපය යි කියන ලද ධාතු විශේෂය හෘදය කෝෂයෙහි වූ ලෙය සමඟ ම පවතිනවා මිස ඉන් බැහැර වන ලෙය හා එක් වී පිට වී නොයයි. එබැවින් වස්තුරූපය හෘදය කෝෂය තුළ ම පවත්නේ ය යි කියනු ලැබේ. සත්ත්වයා ගේ සිත් පරම්පරාව පවත්නේ ඒ වස්තුරූපයෙහි ය.


    it's better if anyone can translate to the current Sinhala language for all of us to understand. otherwise, very few people will read/understand this and others just type only BUMP. and we all like to learn the mechanism behind
    this.
     

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    yes with normal Sinhala words.

    eg

    වර්තමාන ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නො පැමිණ ඉපදීමේ ක්‍ර‍මය මෙසේය. සත්ත්ව ශරීරයේ හෘදය කෝෂය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට පවත්නා වූ විඥාන ධාතුවට ආධාරස්ථානය වන එක්තරා ධාතු කොටසක් ඇත්තේ ය. එයට අභිධර්ම ප්‍ර‍කරණවල වස්තුරූපය යන නම හා හෘදයවස්තුව යන නම ද ව්‍යවහාර කොට තිබේ. ඒ වස්තුරූපය විඥාන ධාතුව සේ ම බිඳි බිඳී නැවත නැවත උපදමින් පරම්පරා වශයෙන් පවත්නකි. හෘදය කෝෂය තුළ නිතර පවත්නා ලෙයක් නැත. නිතර ම එක් තැනකින් ලෙය එයට ඇතුළු ව තවත් තැනකින් බැහැර ව යන්නේ ය. එහෙත් හෘදය රූපය යි කියන ලද ධාතු විශේෂය හෘදය කෝෂයෙහි වූ ලෙය සමඟ ම පවතිනවා මිස ඉන් බැහැර වන ලෙය හා එක් වී පිට වී නොයයි. එබැවින් වස්තුරූපය හෘදය කෝෂය තුළ ම පවත්නේ ය යි කියනු ලැබේ. සත්ත්වයා ගේ සිත් පරම්පරාව පවත්නේ ඒ වස්තුරූපයෙහි ය.


    it's better if anyone can translate to the current Sinhala language for all of us to understand. otherwise, very few people will read/understand this and others just type only BUMP. and we all like to learn the mechanism behind
    this.



    #
    ධාතු” යන වචනයෙහි තේරුම සත්ත්වයකු නොවන පුද්ගලයකු නොවන සත්ත්ව පුද්ගල ස්වභාවය නැති දෙය ය යනුයි

    #
    චිත්තය
    හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය, “චේත, මන, විඤ්ඤාණ, හදය, මානස,” යන මේවා ද චිත්තය ම දක්වන පාළි වචනයෝ ය. චක්ෂු, ශ්‍රෝත්‍ර‍, ඝ්‍රාණ, ජිහ්වා, කාය, මන, (ඇසය, කනය, නාසයය, දිවය, කයය, හෘදයය) යන මේ ස්ථානයන්හි සිත පහළ වේ

    හෘදය වස්තු රූපය

    මනුෂ්‍යයාගේ ශරීරයෙහි පපුවෙහි පෙණහැල්ලට යටින් හෘදය වස්තුව නම් වූ අඹ ගෙඩියක හැඩහුරුකම ඇති දෙයක් ඇත්තේය. එය ප්‍ර‍මාණයෙන් මනුෂ්‍යයාගේ මිට පමණ වේ. එයට හෘදය වස්තුව යයි කියනු ලැබේ. එය මනුෂ්‍යයාට වඩා මහත් වූ සත්ත්වයන් තුළ මනුෂ්‍යයාගේ හෘදය වස්තුවට වඩා මහත්ව ද කුඩා සතුන් තුළ කුඩාවට ද පිහිටා තිබේ. රූපස්කන්ධය හෙවත් අටවිසි රූපය දක්වන තැන්වල හෘදය වස්තු නාමයෙන් දක්වන්නේ මේ හෘදය වස්තුව නොවේ. හෘදය වස්තුව නම් වූ මේ මස්ගඩුව තුළ කුහරයන්හි අඩ පතක් පමණ ලේ ඇත්තේය. ඒ ලෙයෙහි චක්ෂුඃ ප්‍ර‍සාදාදිය සේ සිත් ඉපදීමට ආධාර වන එක්තරා දෙයක් තිබේ. රූප විසිඅට දක්වන තැන හෘදය වස්තුව යයි කියනු ලබන්නේ ඒ ලෙයෙහි පවත්නා වූ සිත්වලට ආධාර වන දෙයට ය.

    චක්ෂුඃ ප්‍ර‍සාදය

    ඇසෙහි කළු ඉංගිරියාව මැද ඇතුළෙහි මුං ඇටයක පමණ වූ හෝ උකුණු හිසක් පමණ වූ හෝ තට්ටු සතෙක් ඇති කුඩා ගුළියක් ඇත්තේ ය. පුළුන් පිඩක තැවරී තිබෙන තෙලක් මෙන් ඒ ගුළියෙහි ඇතුළත පිටත සැම තැන ම පැතිරී පවත්නා වූ එක්තරා ඔපයක් ඇත්තේය. කැඩපතක් ඉදිරියෙහි තිබෙන සියළු වස්තූන්ගේ ඡායා ඒ සැටියට ම කැඩපත තුළ පහළ වන්නාක් මෙන්, ඇස ඉදිරිපිට තිබෙන සියල්ලෙහි ඡායාවෝ, ඒ කුඩා ගුළියෙහි ඇති ඔපයෙහි ම පහළ වෙති. ගිනිපෙට්ටියත් ගිනිකූරත් එකට ඇතිල්ලුන කල්හි ගින්නක් හට ගන්නාක් මෙන් ඇසෙහි වූ ඔපය තුළ පහළ වූ ඡායා දැනෙන්නා වූ සිතක් පහළ වේ. එයට පෙනීමය යි කියනු ලැබේ. පෙනීමය යි කියනු ලබන ඒ රූප දක්නා සිතට ආධාර වන්නා වූ ඇසෙහි වූ ඒ ඔපයට චක්ෂුඃප්‍ර‍සාදය යි කියනු ලැබේ. ප්‍ර‍සාදය යන වචනයෙහි තේරුම ඔපය යනුයි

    #
    සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස,


    https://elakiri.com/threads/පරමාර්ථ-ප්‍ර‍ඥප්ති-භේදය.2012476/