#1.
සිත ය, කය ය කියා සත්ත්වයකුගේ කොටස් දෙකකි. එයින් සිත, කය ඇසුරු කොට කයෙහි පිහිටා පවත්නකි. කය, සිත නිසා සිතට අනුව පවත්නකි. ඒ දෙකින් සිත යම් කිසි වස්තුවක් නොව ක්‍රියාවකි. එබැවින් සෑම සිතක් ම ඇසිපිය හෙලන්නට ගතවන කාලය පමණ වත් නො පැවතී උපන් සැටියේ ම බිඳෙන්නේ ය. බිඳීමය යි කියනුයේ එහි නැති වී යාමට ය. උපන්නා වූ සිත බිඳෙනු සමග ම “ගලා බස්නා ගංගාවක එක තැනක ජලය පහළට බසිනු සමඟ ම සිස් බවක් - අතරක් නො පෙනෙන ලෙස එ තැනට උඩිත් තුබූ ජලය පැමිණෙන්නාක් මෙන්” එ තැනට අලුත් සිතක් පහළ වේ. මෙසේ එකක් බිඳෙනු සමග ම පරතරයක් හෙවත් සිස් කාලයක් නො පෙනෙන ලෙස නැවත සිතක් පහළවීම සිතෙහි ඇති එක්තරා සෘද්ධි විශේෂයකි. එබැවින් සිත් පරම්පරාව දීර්ඝ වූ වැලක් සේ නො සිඳී නිවනට පැමිණෙන තුරු පවතී.
එක් සිතක් නිරුද්ධ වූ පසු එකවර සිත් කීපයක් ඇතිවී අතු බෙදී යන ස්වභාවයක් ද එහි නැත. එබැවින් එක් සත්ත්වයෙක් එක් සත්ත්වයෙක් ලෙස ම සිටිනු මිස කිසි කලෙක බෙදී දෙදෙනෙක් නො වන්නේ ය. නැවත නැවත ජාතියෙන් ජාතිය උපදනා සත්ත්වයා ගේ ශරීරවල එකිනෙකට සම්බන්ධයක් නැත. සිත් පරම්පරාව පමණක් එකක් වේ. මිනිසකු මැරී දෙව්ලොව උපන් කල්හි දෙව්ලොව උපන්නේ ඒ මිනිසා ය කියනුයේ, දැන් ඒ දෙවියා ගේ ශරීරය ඇසුරු කොට පවත්නේ මිනිසා ගේ ශරීරයෙහි පැවති චිත්ත පරම්පරාව ම නිසා ය.
වර්තමාන ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නො පැමිණ ඉපදීමේ ක්‍රමය මෙසේය. සත්ත්ව ශරීරයේ හෘදය කෝෂය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට පවත්නා වූ විඥාන ධාතුවට ආධාරස්ථානය වන එක්තරා ධාතු කොටසක් ඇත්තේ ය. එයට අභිධර්ම ප්‍රකරණවල වස්තුරූපය යන නම හා හෘදයවස්තුව යන නම ද ව්‍යවහාර කොට තිබේ. ඒ වස්තුරූපය විඥාන ධාතුව සේ ම බිඳි බිඳී නැවත නැවත උපදමින් පරම්පරා වශයෙන් පවත්නකි. හෘදය කෝෂය තුළ නිතර පවත්නා ලෙයක් නැත. නිතර ම එක් තැනකින් ලෙය එයට ඇතුළු ව තවත් තැනකින් බැහැර ව යන්නේ ය. එහෙත් හෘදය රූපය යි කියන ලද ධාතු විශේෂය හෘදය කෝෂයෙහි වූ ලෙය සමඟ ම පවතිනවා මිස ඉන් බැහැර වන ලෙය හා එක් වී පිට වී නොයයි. එබැවින් වස්තුරූපය හෘදය කෝෂය තුළ ම පවත්නේ ය යි කියනු ලැබේ. සත්ත්වයා ගේ සිත් පරම්පරාව පවත්නේ ඒ වස්තුරූපයෙහි ය.
හෘදය කෝෂය වනාහි පරණ ලෙය බැහැර කරනු පිණිස හා අලුත් ලේ ගැනීම පිණිස ද නිතර ක්‍රියා කරන්නේ ය. යම් කිසි හේතුවකින් හෘදය වස්තුව ක්‍රියා විරහිත වුව හොත් එහි ලෙය විකෘතියට පැමිණේ. ඉන් පසු ඒ ලෙයෙහි විඥාන ධාතුවට නිඃශ්‍රය වන හෘදය රූප නම් වූ ධාතු කොටසට නො පැවතිය හැකි වේ. එය අනුක්රමයෙන් හීන වී ගොස් අන්තිමට කිසිවක් ඉතිරි නොවී අභාවප්‍රාප්ත වේ. ඉන් පසු ශරීරයේ සිත් ඉපදීමට සුදුසු තැනක් නැති වේ. ඒ ශරීරයෙහි උපදනා අන්තිම සිත නිරුද්ධ වූ කල්හි සත්ත්වයා මළේ ය යි කියනු ලැබේ. හෘදය ක්‍රියා කිරීම නැවතී කොපමණ වේලාවකින් අන්තිම සිතේ නිරෝධය වූ මේ මරණය සිදුවේ ද යන්න නිශ්චය වශයෙන් නො කිය හැකිය. එහෙත් එයට වැඩි කලක් ගත නො වන බව කිය හැකි ය.
හෘදය රූපය ඇසට නො පෙනෙන සියුම් ධාතු විශේෂයකි. එහි ඇති නැති බව නිසා ලෙයෙහි අමුත්තක් ද නො පෙනේ. විඥානයට නිඃශ්‍රය වන දෙයක් මේ ශරීරයෙහි නැති වුව ද, විඥාන පරම්පරාවෙහි එක් විඥානයක් නිරුද්ධවීම සමග ම, අතරක් නො දක්වා තවත් විඥානයක් ඉපදීමේ ශරක්තිය නො නැසුණු බැවින්, එක් ශරීරයක් ඇසුරු කොට උපදනා අන්තිම විඥානය නිරුද්ධ වනු සමග ම, ඒ පරම්පරාවෙහි ඒ විඥානයට අනතුරු ව ඉපදිය යුතු විඥානය කොහි හෝ යම්කිසි අන් තැනක උපදනේ ය. එක් ශරීරයක අන්තිමට නිරුද්ධ වන විඥානයට ච්‍යුති චිත්තය යි ද එයට අනතුරු ව අන් තැනක උපදනා ඒ පරම්පරාවට අයත් චිත්තයට ප්රතිසන්ධි චිත්තය යි ද කියනු ලැබේ.
සිතක් යම් තැනක උපන හොත් එය එ තැන ම අතුරු දහන් වනු මිස අන් තැනකට නො යේ. මේ ශරීරය ඇසුරු කොට මෙහි පහළ වූ සිත් සියල්ල මෙහි ම නිරුද්ධ ය. ප්රතිසන්ධි චිත්තය යි කියනු ලබන අනාගත භවයා ගේ පළමු වන සිත මෙහෙන් නො ගොස් එහි ම පහළ වූවකි. එහෙත් එය මේ භවයේ සිත් පරම්පරාවට ම අයත් ය. සත්ත්වයකු ගේ එක් භවයක සිට අනෙක් භවයකට යාමක් සත්‍ය වශයෙන් නැත ද මේ පරම්පරා සම්බන්ධය නිසා ලෝකව්‍යවහාරයේ සැටියට මේ සත්ත්වයා ම අපායට ගියේය යි ද, දෙව්ලොවට ගියේය යි ද කියනු ලැබේ.
සිත පරම්පරා වශයෙන් නො සිඳී ඇති වන්නේ ය යි කියන ලද නමුත්, සෑම සිතක් ම උපදිනුයේ ඒ ඒ සිත ඇතිවීමට සුදුසු වූ හේතූන්ගෙනි. හේතුවකින් තොර ව ඉබේ ම උපදනා එක සිතකුදු සිත් පරම්පරාවෙහි නැත. ප්රතිසන්ධි චිත්තය යි කියනු ලබන භවයක ප්‍රථමයෙන් උපදනා විඤ්ඤාණය, සංස්කාරය යි කියන ලද කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසිවක් නිසා උපදින්නකි. එහි පිළිවෙළ මෙසේ ය.
මරණාසන්න සත්ත්වයා ගේ චිත්තසන්තානයට කර්මය, කර්මනිමිත්තය, ගතිනිමිත්තය යන තුනෙන් එකක් එළඹ සිටින්නේ ය. එහි කර්මය යනු මැරෙන්නා වූ සත්ත්වයා විසින් ඒ භවයෙහි කළා වූ ද එයට පෙර භවවල දී කළා වූ ද කුශලාකුශල කර්මයෝ ය. මරණාසන්න සත්ත්වයා හට තමා කරන ලද කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසිවක් ඒ අවස්ථාවේ දී සිහි වේ. එය කර්මය එළඹ සිටීම ය.
කර්මනිමිත්තය යනු කර්මය සිදු කිරීමට උපකරණ වූ වස්තූන් හා පුද්ගලයෝ ය. සමහර විට මරණාසන්න සත්ත්වයා ගේ සිතට කර්මය එළඹ නො සිට කර්මනිමිත්ත එළඹ සිටින්නේ ය. ප්‍රාණඝාතය කළවුන්ට මරනු ලැබූ සත්තු හෝ ඔවුන් ගේ මස් හෝ ප්‍රාණඝාතයට වුවමනා උපකරණ හෝ එයට සහාය වූ පුද්ගලයෝ හෝ පෙනෙත්. දන්දුන් තැනැත්තා හට ආහාරපානාදි දාන වස්තු හෝ ප්‍රතිග්‍රාහකයෝ හෝ සහාය වූ පුද්ගලයෝ හෝ පෙනෙත්. වන්දනා කළ තැනැත්තා හට, විහාර චෛත්‍ය-මල්-පහන් ආදි වස්තු පෙනෙන්නේ ය. ඒවා තමා ගේ සමීපයේ ම තිබීනම් කර්ම නිමිත්ත වශයෙන් ඇසට ම පෙනෙන්නේ ය. පුරාණ කර්මයන් ගේ නිමිති සිහින පෙනෙන්නාක් මෙන් සිතට ම පෙනෙන්නේ ය.
ගතිනිමිත්තය යනු කර්මය හේතු කොට මතු උපදින ස්ථානයේ ඇති දෙයකි. සමහර කෙනකුට මරණාසන්නයේ දී ගතිනිමිත්ත පෙනේනේ ය. නරකයේ උපදනා සත්ත්වයනට ගිනිජාලා යමපල්ලු ආදි භයංකර දේ ගතිනිමිත්ත වශයෙන් දර්ශනය වේ. ප්‍රේත ව උපදිනුවන්ට ප්‍රේතයන් ගේ වාසස්ථානාදිය දර්ශනය වේ. මවු කුසයක උපදිනුවන්ට රතුරෙද්දක් සේ ඒ මවු කුසයම දර්ශනය වේ. මේවා දර්ශනය වන්නේ ද සිහින පෙනෙන්නාක් සේ සිතට ය. කලාතුරකින් කෙනකුට ගතිනිමිත්ත ඇසට නො පෙනෙන්නේ නො වේ. මරණාසන්නයෙහි මේ තුන අතුරෙන් එළඹ සිටි දෙයක් අරමුණු කරමින් මැරෙන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය පවත්නේ ය.
මේ අවස්ථාවේ අනුශය වශයෙන් පවත්නා වූ අවිද්‍යාව නිසා සත්ත්වයා හට යා යුතු භවයේ ආදීනවය වැසේ. අනුශය වශයෙන් පවත්නා තෘෂ්ණාව නිසා චිත්තසන්තතිය කර්මයට අනුරූප පරිදි පැමිණිය යුතු අභිනව භවය දෙසට බර වේ, හෙවත් නැමේ. මෙසේ මැරෙන සත්ත්වයාගේ චිත්තසන්තතිය (සිත්පෙළ) අභිනව භවයට නැමී බර වී පවත්නා කල්හි, වර්තමාන ශරීරය ඇසුරු කොට උපදනා අවසාන සිත ඉපද නිරුද්ධ වූ පසු ඒ සිත් වැලෙහි එයට අනතුරුව ඉපදිය යුතු සිත, එළඹ සිටියා වූ කර්මාදි ආරම්මණය ම අරමුණු කොට කර්මානුරූප පරිදි ඉපදිය යුතු ස්ථානයේ ඒ කර්මය ම විපාකත්වයට පැමිණීම් වශයෙන් උපදනේ ය. ඒ සිත උපන් පසු සත්ත්වයා අභිනව භවයට පැමිණියේ ය යි කියනු ලැබේ.
සත්ත්වයා ගේ සිත් වැලෙහි අතීත භවයට අයත් ශරීරයේ අවසාන වශයෙන් පහළ වූ සිතට ච්‍යුතිචිත්තය යි ද, අභිනව භවයේ ආදියෙහි ම පහළ වූ සිතට ප්රතිසන්ධිචිත්තය යි ද කියනු ලැබේ. ප්රතිසන්ධිචිත්තය පහළවීම සමග ම හෝ පහළවීමෙන් පසු ක්‍රමයෙන් හෝ කර්මයට හා ඒ ඒ සත්ත්වජාතියට ද අනුරූප වන පරිදි ශරීරයක් ද ඇති වේ. ඒ ශරීරය අතීත ජාතියේ ශරීරය හා සම්බන්ධයක් නැත. සිත පමණක් අතීත ජාතියේ සිත් පරම්පරාවට සම්බන්ධය. ප්රතිසන්ධි චිත්තය යි කියන ලද භවයෙහි ප්‍රථමයෙන් පහළවන්නා වූ සිත අන් සිතක් නැති සෑම අවස්ථාවේ ම නැවත නැවත ඉපදීම් වශයෙන් ඒ භවය මුළුල්ලෙහි ම පවත්නේ ය. චිත්ත පරම්පරාව නො සිඳී පැවැත්මට එය හේතු වේ. එබැවින් නැවත නැවතත් පහළ වන්නා වූ ඒ සිතට භවංග චිත්තය යි කියනු ලැබේ. සත්ත්වයාගේ ප්‍රකෘති සිත එය ය. ඒ සිත ඇති බව දැනගැනීම නම් අපහසු ය.
#දෙවන කොටසට