විද්‍යාව ගැන අන්දෝ සංසරයක් දන්නේ නැති ගොබ්බයෝ පුනරුප්පත්තිය ගැන "විද්‍යාත්මක" පරීක්සන කියල ත්‍රෙඩ් දාලා ආයෙත් අර තෙල් බේත් වෙදා වගේ මිනිස්සු නොමග යවනවා. මෙතන එක රිසර්ච් පේපර් එකක් කියල එකක් දාල තියෙනවා. ඇත්තටම මේ දාපු පේපර් එක කේස් රිපෝර්ට් එකක්. මෙතනදි කරල තියෙන්නේ එක පුද්ගලයෙක්ගේ අත්දැකීමක් "රිපෝර්ට් කිරීමක් විතරයි. කේස් රිපොර්ට් ඇත්තටම සීරියස් රිසර්ච් විදියට ගනන් ගැනෙනෙනේ නෑ. මේ ආර්ටිකල් එකේ යොදාගත් සයන්ස් එක, විද්‍යාත්මක මතවාදය මොකද්ද කියල OP පෙන්වනවා නම් ලොකු දෙයක්. එහෙම විද්‍යාවක් මට නම් පේන්න නැහැ. මේ පේපර් එකේ කියන්නේ එම දරුවා කියපු දේවල් සහ ඓතිහාසික සිද්දිය අතර සමානකම් තිබීමක් ගැන විතරයි. මොන විද්‍යාවක්වත් යොදාගන්නවා මම නම් දැකලා නැහැ.