ඉන්ටවීව් ගියපු ජොබට වෙන එකෙක් අරන්. තිබ්බ ජොබෙනුත් අයින් උණා. දැන් ජොබ්ලස්. වලට ම වැටිල වගේ බන්. තාම මෙහෙ ඉකොනොමි ප්‍රශ්නෙ විසදෙන පාටක් නැද්ද?
අර කිව්ව වගෙ කරන්ට් එක නැතුව කළුවරෙ ඉන්න වෙයි ද බන්?
යකූ හරියට කියපන්. රිසයින් උනාද? නොටිස් දුන්නාද? සමාන්‍යයෙන් මොන ජොබ් එකෙත් මාස 2,3 ක නොටිස් පීරියඩ් එකක් තියෙනවා නෙහ්.
නොටිස් දීල නම් ඉන්නෙ, අවුලක් නෑ, අයේ HR එකට ගිහිල්ල දිගටම ඉන්න කැමති කියපන්.
නොටිස් පීරියඩ් එක ඉවර උනත් අවුලක් නෑ. ආයෙ ඉන්න එකටම ජොයින් වෙයන්. උන්ට තව එකෙක් අරන් ට්‍රේන් කරලා ගන්නවාට වඩා උබවම ආයෙ ගන්න එක ලාබයි.
(මන් ITෆීල්ඩ් එකේ. මන් දෙතුන් දෙනෙක්වම දැකලා තියෙනවා නොටිස් ඉවර වෙලා අලුත් එකට ගිහිල්ලා ඒක හරි නැත්නම් ආයෙ සතියකින් වගෙ පරන එකටම ජොයින් වෙනවා. කිසි අවුලක් නෑ. පොඩ්ඩක් නෝන්ඩි වැඩක් ඉතින්. එච්චරයි. ඒ උනාට ජොබ් එක නැතුව ඩිප්‍රෙස් වෙනවාට වඩා පරන එකට යන එක හොඳයි.)
Emergency fund
මේ වගේ එක පාර නොහිතපු විදියට ජොබ් එකක් නැතුව ගියොත් ආර්ථිකමය වශයෙන් අපිව ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා තමන්ට හදිස්සියට ගන්න පුලුවන් ෆන්ඩ් එකක් තියාගන්න එක වටිනවා.
ඒකට කරන්න කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගෙ මාස 6ක සැලරි එක වගේ කොහෙවත් හිර කරන්නෙ නැතුව ලේසියෙන් ගන්න පුලුවන් තැනක (බැන්කුවක , ඉතිරි කිරීමේ ගිනුමක වගේ) තියාගන්න කියලා.