පුරාවිද්‍යා සේවකයාගෙන් මිහින්තලා පුදබිමේදී ජර්මන් කතට අතවරයක්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    ලොකු පුද බිමක් නෙහ්? Pakistan ඉන්දියා වගෙයි නෙහ්



    ඓතිහාසික මිහින්තලා පුදබිම නැරඹීමට පැමිණි ජර්මන් ජාතික සංචාරක කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුරාවිද්‍යා සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිසිය පවසන පරිදි, ඊයේ දිනයේදී ආගමික පෙරහැරක් පැවති අවස්ථාවක කන්ඨක චෛත්‍යය නැරඹීම සඳහා තිස් හැවිරිදි වියේ පසුවන මෙම විදේශීය කාන්තාව පැමිණ ඇත. එහිදී එම ස්ථානයට අනුයුක්තව සේවය කරන අදාළ සැකකාර සේවකයා විසින් ඇයව කන්ඨක චෛත්‍යය ආසන්නයේ සංචාරකයන්ට ඇතුළුවීම තහනම් කර ඇති ආරක්ෂිත කලාපයක් වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් මෙම අතවරය සිදු කිරීමට උත්සාහ කර තිබේ.

    මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් ප්‍රකාශ කළේ, පුදබිම වන්දනාමාන කිරීමට පැමිණි තරුණ බැතිමතුන් තිදෙනෙකු මෙම සිද්ධිය දැක වහාම ක්‍රියාත්මක වී අදාළ කාන්තාව බේරාගෙන ඇති බවයි

    https://www.gossiplankanews.com/2026/03/blog-post_679.html?m=1