පුවත්පත් කලාවේදී එල්මෝ සහ පුතු දමිත පැය 24 ඇතුළත දිවියෙන් සමුගනී

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,679
    113
    මෙරට විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස සැලකෙන 83 හැවිරිදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද (28) පෙරවරුවේ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

    ඊට පෙර ඔහුගේ වැඩිමල් පුතු දමිත ගුණරත්න ද හෘදයාබාධයකින් ඊයේ සවස හදිසියේම අභාවප්‍රාප්ත විය.

    එල්මෝ ගුණරත්න මහතා සිය නිවසේදී මියගිය බව පැවසේ. ඔහු දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන පෙළේ මාධ්‍යවේදියෙකු විය.

    තායිලන්තයේ ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන්ද ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන්ද ‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම කර්තෘ ලෙසද ඔහු කටයුතු කළේය.

    කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ‘සිංහලයා’ පුවත්පතෙනි.

    ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදි එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ දමිත ගුණරත්න මහතා ඊයේ මියගියේය. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි. ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ මාධ්‍යවේදියකු වශයෙන් ඔහුද කලක් සේවය කළ අතර ඊයේ (27) දින ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී ඇත.

    එල්මෝ ගුණරත්න මහතාගේ බිරිය නන්දා ඩයස් ගුණරත්න මහත්මිය කලකට ඉහත මියගොස් තිබේ.එල්මෝ ගුණරත්න මහතාට මියගිය දමිත ගුණරත්නට අමතරව හර්ෂ , තුෂාර සහ රජීව් යන පුතුන්ද සිටී.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    fff
    fff
    fff