පුස්කොළ පොත්

chanaka

Well-known member
  • May 4, 2006
    3,219
    784
    113
    ශී‍්‍ර ලංකාවෙන් බි‍්‍රතාන්‍යයට ගෙනගිය පුස්කොළ පොත් ඇතුළු කෞතුක වස්තු ඉල්ලා බි‍්‍රතාන්‍යයට නඩු​

    බි‍්‍රතාන්‍යයන් විසින් ශ‍්‍රී ලංකාවෙන් රැගෙන ගිය වටිනා පුස්කොළ පොත් සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයට අයත් පුරාවස්තු ආපසු දෙන ලෙස ඉල්ලමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බි‍්‍රතාන්‍ය රජයට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වනවා.

    බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලාංකික නීතිවේදිනියක් හා රාජ නීතිඥවරු දෙදෙනෙක් මෙම නඩුව සඳහා පෙනී සිටින බව සඳහන් වන අතර රියර් අද්මිරාල්වරයකු බි‍්‍රතාන්‍යයට එරෙහිව නඩුවක් පැවරූ මුල්ම අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

    ශ‍්‍රී ලංකාවට අයත් පුරාවස්තු රැගෙන යෑම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය සමාව ගත යුතු බවද නඩුවේ සඳහන්ව ඇති අතර ශ‍්‍රී ලංකාවට අයත් මෙම කෞතුක වස්තු ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බවටයි කරුණු හෙළ වී තිබෙන්නේ.​
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,550
    3,905
    113
    Speed force
    Bump

    ඉල්ලන එක නම් හොඳයි ඕවා මෙහාට ගෙනාවට පස්සෙ මෙහෙ කට්ටිය මොනවා කරයි ද දන්නේ නෑ.