බල්ලොන්ට ආස ගතිය මැකිලා ගිහින් පූසෝ ඒක ආක්‍රමණය කරන බවක් පෙනී යනවා elakiri බලුවනි.
බළල් තුමී අතට ගත්ත ම ඤාව් කියන එක ඇරෙන්න විවිධාකාර ශබ්ද දානවා. sometimes like a bird.
දැන් මෙයාට එපා කියන ටෝන් එක පුරුදුයි. ඒයි කිව්ව ගමන් කරන වැඩෙ නවත්තලා දුවන්න ලේස්ති වෙනවා. මෙයා නිසා ගොඩක් දේවල් මගෙත් වෙනස් වේගෙන එනවා.
ජොකා විතරක් ඇද බෙඩ් රූම් එකේ හිටපු එක නවත්තන්න උනා. බිම ඉදලා උකුලට පනිනවා. හරියට පැනගන්න බැරි උනා ම ඉස්සරහා අඩු දෙකෙන් විතරක් මගේ කලවෙ එල්ලෙනවා. තරු විසි වෙනවා. එතකොට නම් අල්ලපු වත්තට විසික් කරන්න හිතෙනවා.
බෙඩ් රූම් එකේ ටේබල් එක තියන පැත්ත වෙනස් කරාට පස්සෙ ලිටර් බොක්ස් එකට නැතුව කාමරේ පුරා ජරා කරන්න පටන් ගත්තා. වයිෆ් ඉන්නකොට අස් කරනවා. ඒත් එයා නැති වෙලාවට එයා එනකම් ඉන්න බැරි නිසා මම ම අස් කරලා දානවා. ඒක තමයි එපා ම කරපු වැඩේ. පුක පිරෙන්න එකක් ගැහුවට හරි ගියේ නෑ. පස්සෙ දුක හිතුනා මාස 3ක පොඩි එකෙකුට ගහන එක හොද නෑ කියලා හිතිලා දැන පූස් treat පැකට් එකක් අරන් ඇවිත් ලිටර් එකට train කරන්න පටන් අරන් තියෙන්නෙ. ගෙනාවෙ ගෙදර උන්දෑ උනාට අන්තිමට පූසා බලාගන්නෙ මම වෙලා ඉතින්.

මම එක එක හුරතල් නම් කියලා වයිෆ් දාපු නම ඌට මතක නැති කරා.
දැන් නම් මට බයක් දැනෙනවා මීට පස්සෙ මම බල්ලොන්ට ආස නැති වෙයි ද කියලා.
